සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි.
බාණ කුසුම්
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි.
Notify me when item is back in stock.
Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-656-604-8 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Be the first to review “බාණ කුසුම්” Cancel reply
Related Products
පේත
සාකච්ජා සමුළු – කටඋත්තර – ජායාරූප – කෙටි නට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්‍රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.
පරණ තොප්පිය
ළමා කතා බොහෝ ගණනක් ලියා ඇති පියල් උදය සමරවීර මහතා විසින් රචිත මෙය 2011 වසරේ දී හොඳම ළමා කෘතියට හිමි රාජ්‍ය සම්මානය ද දිනා ගන්නට සමත් විය. පරණ තොප්පියක් සහ මී යයළුවන් දෙදෙනෙකු වටා කතාව ගෙතී තිබේ. කතාව අවසානයේ දරුවන්ට කළ හැකි සරල ක්‍රියාකාරකමක් ද අන්තර්ගත ය.
BUY EBOOK VERSIONසන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
අව පෑලවිය
ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.
ස්වයංජාත
මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත් නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහු තුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද? නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද? එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද?
කන්ද උඩ ගින්දර
සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
කොමල මාණවක
දැන් මල්කදුවාට ගමේ තරුණ කල වන්ද්දර්ෆුටන් නිවසේ ගැහැණු ලාමයි හා නාට්‍ය පිටපතක් රගදක්වන්න පුහුණු වන්නේ ඒ අමාරු ප්‍රේමයේ සාක්ෂත් කර දෙන්නේය.
ධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
රජා මං වහළා
‘රජා මං වහලා‘ යනු, ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද ‘පඹයයි ළමයයි‘ සහ ‘මකරට‘ යන වේදිකා නාට්‍ය පිටපත් කෘති දෙක මෙන්ම ගුණසේන Q&A නාට්‍ය සහ රංගකලාව කෘතියෙහි කතුවරයා විසින් රචිත තවත් සුවිශේෂී නාට්‍ය පිටපත් කෘතියකි.
BUY EBOOK VERSIONTikiri’s Big Trip
This is a children’s story written in English and tells the story of a little girl named Tikiri who travels around Sri Lanka with her pet dog ‘Sulu’.
නන්ද හා සරණ
නන්ද හා සරණ සම වයසේ වූ පාසල් මිතුරෝය. නන්ද මහණ දම් පිරූ නමුදු සරණගේ මිතු දමින් ඈත් නොවිණි. පොඩි හාමුදුරුවන් නිසාවෙන් සරණ ද පන්සලේ ඇසුර නිරතුරු ලබයි. ඒ හේතුවෙන් ඔහුත්, වැරදි මාර්ගයේ ගිය ඔහුගේ පියාගේ දිවියත් යහමගට යොමුවෙයි.
BUY EBOOK VERSIONඅපූරු යාළුවෝ
1974 වර්ෂයේ විශිෂ්ටතම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානය දිනූ මේ කෘතිය ලාංකීය යොවුන් කතා අතර ඉතා දිගු කාලයක් සහෘද මනදොළ සපිරුවකි. දරුවන්ගේ චින්තනය අති ප්රබලය. ඔවුන් රටේ සංවර්ධනයට මනාව උර දෙයි.
Recently Viewed
මනෝවිද්‍යාවේ නූතන ප්රවනතා
මනෝවිද්‍යාව මනසේ හට ගැනෙන සිතුවිලි සහ චර්යාවන් පිළිබඳ විදඟාන්මක අධ්‍යයනයකි. 21 සියවසේ මනෝවිද්‍යාවේ වඩාත් ප්‍රචලින නූතන ප්රවණතා අනාවරණය කැරෙන අන්තර්ජාලයේ වෙබ් අඩෙවි මගින් තෝරාගන්නා ලද නූතන ප්රවණනා නවයක් මෙම පොත් පිංච මගින් හඳුන්වා දෙනු ලබයි. ඒවා නම්, ඉගෙනුම් මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව ධනාත්මක මනෝවිද්‍යාව, ප්රජානන මනෝවිද්‍යාව, වෝහාරික මනෝවිද්‍යාව, ව්යායහාරික මනෝවිද්‍යාව සහ පරිණාමි මනෝවිද්‍යාව නම් වෙයි.
මනෝවිද්‍යාව හදාරන සියලු විද්‍යාර්ථියන්ට මෙන්ම මානව ගති ලක්ෂණ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ විද්‍යාත්මක පැතිකඩ කියවීමට කැමති සාමාන්‍ය පාඨකයාද පිනවන මෙම කෘතිය අපූරු අර්ථාන්විත කියව්ල්ලකි.
There are no reviews yet.