‘විස්මිත දොස්තර’ කෘතිය තූලින් ඔබ කියවන්නේ අනේක වූ බාධකවලට එරෙහිව ගොස් ඒවා ජයගනිමින්, අවදානම ගැනීමට බියක් නොහැඟෙන සිතිවිලි ගොන්නකින් සන්නද්ධ එක්තරා මිනිසකුගේ සාර්ථකත්වය පසුපස ඇති අපූර්ව වූ කතාව ය. ඒ අපූරු මිනිසා ලොව ප්‍රකට ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වූ බෙන් කාර්සන් ය. දරුවන්ගේ ජිවිත මරණයෙන් ගලවාගැනීම සඳහා කිසිදු වෛද්‍යවරයකු නොකළ අන්දමේ ශල්‍යකර්ම කරන්නට ඔහු නිර්භීතව ඉදිරිපත් වූයේය. ජීවිතය ආලෝකවත් කරවන මේ චරිත කතාව, ලොව පුරා පුවත් මැවූ ඇදහිය නොහැකි ශල්‍යකර්ම සියැසින් නොව මනැසින් අත්දකිනු හැකි පරිදි ඔබ ව ශල්‍යාගාරයට කැඳවාගෙන යයි. දයාවෙන් පිරුණු, දෙවියන් කෙරෙහි අසීමිත භක්තියක් ඇති, සරණක් නැත්තන්ට සරණක් වන්නට ජීවිතය කැප කළ මිනිසකුගේ සිතිවිලි තුළට ඔබ කැඳවාගෙන යයි. නිහතමානීබව, ක්ෂණික බුද්ධිය සහ යථාර්ථය කැටි වූ මේ කතාව ඔබේ හදවතේ සදා නිදන්ගත වනු නිසැක ය.
විස්මිත දොස්තර
රු1,475.00
Price Summary
- රු1,475.00
- රු1,475.00
- රු1,475.00
වීදියක හැදුණු වැඩුණු දිළිඳු දරුවකුගේ සිට ලෝක ප්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු දක්වා ගමන් කළ වෛද්‍ය බෙන් කාර්සන්ගේ විස්මයජනක ජීවිත කතාව
Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978 – 955 – 21 – 3005 – 2 |
Language | Sinhala |
Publishers | |
Source | MDG |
Add a review Cancel reply
Related Products
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
ලෝක පුජීත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වු විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වුයේ සැත්කම්වලට බදුන් වන මිනිස්සු සැත්කමේ දි හා එයින් පසු විදින මහත් වු වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය. ඒ සදහා ඔහුට අවසානයේ දි සිය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වු නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයකු බවට පත් වීමට හැකි විය.
Stephen Hawking A Life Well Lived
In 1963 stephen hawking was given two years to live. Defying all the odds, he died in march 2018 at age seventy-six as the most celebrated scientist in the world. This carefully researched, and now newly updated, up-to-the-minute biography and tribute gives a rich picture of hawking’s remarkable life – his childhood, the heart-rending beginning of his struggle with motor neurone disease, his ever-increasing international fame, and his long personal battle for survival in pursuit of a scientific understanding of the universe. From more recent years,
අති උත්තම ආචාර්ය මන් භුරිදත්ත චරිතාපදානය
අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය – අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී. මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
Diana
After more than a decade interviewing those closest to the princess and her select circle, sarah bradford exposes the real diana: the blighted childhood, the old-fashioned courtship which saw her capture the prince of wales, the damage caused by the spectre of camilla parker bowles, through to the collapse of the royal marriage and diana’s final and complicated year as single woman.
අර්නස්ටෝ චේ ගුවේරා
අපි තබන සෑම පියවරක්ම අධ්රාජ්‍ය වාදයට එරෙහිව නැගෙන අරගලයේ ඉදිරියෙන් වයෙන රණ බෙර හඬයි.මනුෂ්‍ය වර්ගයාගේ ලොකුම සතුරාට විරුද්ධව ඒකමතිකව ගොඩ නැගෙන එකඟතාවට ගෞරව කිරීම සදහා ගැයෙන යුධ බිමේ ගීතයයි.
Long Walk To Freedom (Nelson Mandela)
Nelson mandela is one of the great moral and political leaders of our time: an international hero whose lifelong dedication to the fight against racial oppression in south africa won him the nobel peace prize and the presidency of his country. Since his triumphant release in 1990 from more than a quarter-century of imprisonment, mandela has been at the center of the most compelling and inspiring political drama in the world. As president of the african national congress and head of south africa’s antiapartheid movement, he was instrumental in moving the nation toward multiracial government and majority rule.
Diary of A Young Girl
In 1942, with the nazis occupying holland, a thirteen-year-old jewish girl and her family fled their home in amsterdam and went into hiding. For the next two years, until their whereabouts were betrayed to the gestapo, the franks and another family lived cloistered in the “secret annexe” of an old office building. Cut off from the outside world, they faced hunger, boredom, the constant cruelties of living in confined quarters, and the ever-present threat of discovery and death.
මාටින් ලූතර් කිං ජීවිතය සහ මරණය
“මම පෞද්ගලික අනතුර පිළිබද ගැටලුව විසදා ඇත්තෙමි” යි හේ වරක් පැවසීය. “සෑම දවසකම මම මරණයේ තර්ජනය සමග ජීවත් වෙමි.එසේම බියට මා යටත් කර ගැනීමට ඉඩ හැරියහොත් මට ක්‍රියා කළ නොහැකි බව අවුරුදු ගණනාවකට පෙර මම දුටුමි.” ඒ අනුව ඔහු ධෛර්යය ගැන කතා කරනවට වඩා මරණය ගැන කතා කිරීමට කැමැත්තක් දැක්වීය- එය නිරායාසය.
මහමොළකාරයෝ
ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, රටන් ටාටා, රිචඩ් බ්රන්සන්, වෝල්ට් ඩිස්නි, මාර්ක් සකර්බර්ග්, හෙන්රි ෆෝර්ඩ්, අනිටා රොඩික්, සෑම් වෝල්ටන්, වැනි නැවත නැවත හැදෑරිය යුතු ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ඇසුරෙන් ලියවුනු මහමොලකාරයෝ කෘතිය එම ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු හෙළි කිරීමෙන් පමණක් නොනැවතී ප්‍රයෝගිකව ජීවිතය එන්නත් කරගත හැකි කළමනාකරණ සහ පුද්ගල සංවර්ධන සංකල්ප රැසක් හෙළි කරයි.
A Promised Land
A promised land is extraordinarily intimate and introspective – the story of one man’s bet with history, the faith of a community organizer tested on the world stage. Obama is candid about the balancing act of running for office as a black american, bearing the expectations of a generation buoyed by messages of “hope and change”, and meeting the moral challenges of high-stakes decision-making.
සූර සරදියෙල්
වීර චරිතයක් ලෙසින් බොහෝ දෙනා හඳුනන සරදියෙල්, ඉතිහාසයේ සඳහන් වන්නේ දුප්පතුන්ගේ හිතවතකු වූ මානවහිතවාදියකු ලෙසයි. සමාජ අසාධරණය වෙනුවෙන් හුදෙකලාව සටන් වැද ඉංග්රීසින්ගේ යුගයේ කන්ද උඩරට ජය ගොස නැංවූ උතුවන් කන්දේ සරදියෙල්ගේ ජීවන කතා පුවත මේ කෘතියෙන් ඔබට සමීප කරවයි.
BUY EBOOK VERSIONකාල් මාක්ස් ජීවන චරිතය
ජනයා ආර්ථික සංවර්ධනයේ හෝ යුගයක සංවර්ධනය හෝ රඳා ඇත්තේ ද්‍රව්‍යමය මාධ්‍යයන් නිපදවීමේ මට්ටම අනුව බවත් රාජ්‍ය සංස්ථා, නීතිය පිලිබඳ සංස්ථා, කලාව සහ ආගම පිලිබඳ ආකල්පයන් පවා ඇති වන්නේ මෙම සංවර්ධන මට්ටම අනුව බවත්, එබැවින් එය වසන් නොකොට සම්පුර්ණයෙන් හෙළි කලයුතු බවත් මාක්ස් කිවේය.
Niranjan –
බාධක බිඳගෙන ඉදිරියට ගමන කරන්නට සිතන ඔනෑම කෙනෙකුට කියවිය යුතුම පොතක්.
කල්ප –
ඇත්තටම කියවිය යුතු පොතක්.
Saman –
Good Book
Himaya –
A must read.