Authors | |
---|---|
Publishers | |
ISBN | 978-955-652-172-6 |
Language | Sinhala |
Cover | Soft Cover |
සරුසාර දිවියකට සුබවාදි සැලැස්මක්
රු1,000.00
Price Summary
- රු1,000.00
- රු1,000.00
- රු1,000.00
මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමිව ඇති සුවිශේෂී කුසලතාවක් වන චින්තන හැකියාව තම ජිවිතයේ උපරිම සාර්ථකත්වය සදහා උපයෝගී කර ගැනීමට මනෝවිද්‍යා ක්ෂේත්‍ර නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නම් වේ.
Notify me when item is back in stock.
Be the first to review “සරුසාර දිවියකට සුබවාදි සැලැස්මක්” Cancel reply
Related Products
රිදී විල් තෙර
මිදි ඔය අසබඩ කුඩා නිවාස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභියෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරිම සදහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි, අම්මා, මේරී සහ කේරී සමග රීදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි.
මේ මිහිරැති සොඳුරු සමය
තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චිත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරීමත් කරගෙන රැකියාව කරයි.
සතුන්ගේ පුංචි ගෙදර
මෙම කතා එකතුවට ඇතුළත් වන්නේ සතුන් ගැන කියැවෙන රුසියානු ජනකතා කිහිපයකි. එහි සත්තු ප්‍රසන්න ලෙසත්, කුතුහලය දනවන අයුරින් හා කුඩා දරුවන් මෙන් හැසිරෙන නමුත් අවසානයේ සියල්ල සිත් බැඳ ගන්නා අයුරින් අවසන් කරති. තවද ඔවුහු මිනිසුන් මෙන් කතා කරති. සිතති. හැසිරෙති. මොවුන් අතර හොඳ මෙන්ම නරක අයද, නිර්භීත මෙන්ම බියසුළු අයද, නුවණැති මෙන්ම අනුවණ අයද සිටිති. මෙහි ඇති සිත්ගන්නා සුළු චිත්‍ර, අප මායාමය ලොවකට කැඳවාගෙන යයි.
හරි පුදුම ඉස්කෝලෙ
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත් නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි. එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.
රැම්සීස්
අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II, දෙවන රැම්සීස්. වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු ආලෝකයේ පුත්‍රයා නම් විය.
දඟ මල්ලගේ දඟ වැඩ
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි. එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැත.
පළමු සිවු වසර
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ඇගේ සැමියා අල්මන්සෝ සමඟ ඔවුන්ටම අයිති කුඩා නිවසක නව ජීවිතයක් ආරම්භ කරයි. දැන් වගකීම් සහිත බිරිඳක වන ලෝරා දකුණු ඩකෝටා ත්නිතලාවේ ඔවුන්ගේ නිවස වටා පිහිටි භුමියේ ගොවිතැන් කරමින්, අල්මන්සෝ සමග වෙහෙස වී වඩාපළ කළ යුතුය.
වන සරණ
“වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකී.
මැංචෝසන් චාරිකා
බාරොන් මැංචෝසන් නම් වූ චරිතයක් වටා මෙම පොත ගෙතී ඇත. ඔහුවේ විවිධ වූ චාරිකා දහ අටක් මෙම පොතේ අඩංගු වේ. මෙම කතා සියල්ලේ විශේෂත්වය වන්නේ ඒ සියළුම චාරිකා අතේ පැලවෙන තරමේ බොරු වීමයි. ඔහු විස්තර කරන්නාවු විවිධ සිද්ධීන් උසස් ගණයේ හාස්‍යය රසයකින් යුක්ත වන අතර පාඨකයාට විඩාවක් නොමැතිව එක හුස්මට කියවගෙන යාමට පොලඹවයි.
එසේම ඔහු ගමන් ගන්නා ස්ථානද අරුම පුදුම ය. විටෙක ඔහු කේජු දිවයිනකට කිරි සයුරකින් යාත්‍රා කරන අතර විටෙක ගිණි කන්දක් නිරීක්ෂණය කිරීමට ඒ තුලට බසියි.තවත් විටෙක සොරුන්ගේ බලකොටුවට ගොස් ඔවුන්ගේම වෙඩි බෙහෙත් කරත්ත සියල්ල ගිණිබත් කර නිරුපද්‍රිතව පලා එයි.
මෙම පොතේ මා දුටු තවත් විශේෂත්වයක් වන්නේ ලියා ඇති භාෂා ශෛලිය වේ. එය විශේෂත්වයක් ලෙස මා දකින්නේ පරිවර්තක භාවිතා කරන ලද විවිධ වූ වචන සමුදාය වේ. ඒවා මේ වන විටත් අප අතරින් අභාවයට යන වචන ලෙස මා හැදින්වුවාට වරදක් නැත. මෙම භාශා විලාසයේ වෙනස්කමට මූලිකම හේතුව ලෙස මා දකින්නේ එහි පරිවර්ථනය සිදුවී ඇත්තේ 1963 දී වීමයි.
මෙම පොත රුඩෝල්ෆ් එරිච් රාස්ප් විසින් රචිත The Surprising Adventures of Baron Munchausen කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම පොත සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ ඩී.බී. කුරුප්පු මහතා විසිනි. ඒ 1963 වසරේදි ය.
එදා මෙදාතුර කාලයක් සිංහල පාඨකයින්ව හාස්‍යය රසයෙන් ප්‍රීතියට පත් කිරීමට මෙම කෘතිය සමත්කම් දැක්වූවා යැයි කීවොත් වරදක් නැත.
තාත්තා වගේ කෙනෙක්
“ඉස්කෝලෙදි අපිට හුඟක් වෙලාවට ලියන්න වෙන රචනාවක් තමයි ‘මගේ අනාගත බලාපොරොත්තුව’ මොකද ඒක අපේ සාහිත්‍ය ගුරුතුමියගේ ප්‍රියතම මාතෘකාව. මට ඕනෙ වුණේ නැහැ හැමදාම එකම දේ ගැන ලියන්න. ඒ නිසා එකපාරක් මං ලිව්වා මට ඕන භූවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තවත් පාරක් ලිව්වා ජීවවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තුන් වෙනි සැරේ ලිව්වා ගගනගාමියෙක් වෙන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ කියලා. ඒත් ඇත්තම කියනව නම් මං තාම කිසිම දෙයක් තීරණය කරලා නැහැ.”
වන වැදුණු දොස්තර
Christine Wilson විසින් රචිත Surgeon of the Wilderness ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. තමන්ගේ තත්වය බාහිර ලෝකය සමග සසඳා බලන්න ඔවුනට කිසිම ඉඩක් නැහැ. ඔවුන්ගේ අසන්තෘප්තිය, ඔවුන්ගේ හුදෙකලාවෙන් සහමුලින් ම මර්දනය වෙලා. ඒ තත්ත්වය ශිෂ්ටාචාරයේ නිර්මාණයක්.”
Recently Viewed
සාර්ථක පවුල් ජීවිතයකට මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක්
මේ පොත නව සමාජයේ ජීවත් වීමේ දී මතුවන ගැටලුවලට නිවැරදි පිළිතුරක් සොයාගත හැකි මග මනෝවිද්‍යා පදනමක් ඔස්සේ ලබාදීම අරමුණු කොට ලියා ඇත.
- විවාහ ජීවිතය සාර්ථක කරගැනීම.
- දරුවන් හදා වඩාගැනිම.
- දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීම
- පුද්ගල පෞරුෂය දියුණු කරගෙන ගැටළුවලට මුහුණ දෙන අන්දම පවුල් ගැටළුවලට සාර්ථකව මුහුණ දෙන අන්දම ආදිය මෙහි සවිස්තර ව හා ප්‍රමාණාත්මක ව සාකච්ඡා කෙරේ.
හත් පණ
හෙළයේ මහා ඉසි යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාසයන් විසින් ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද අමරණීය කෘතියක් ලෙස ‘හත් පණ‘ හැඳින්විය හැකිය. මෙය ළමා පරපුර අතර අදත් එදත් එකසේ ජනප්‍රිය ය.
BUY EBOOK VERSIONමහදැනමුත්තයි වී වැපිරිල්ලයි
දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. මේ පොතින් මහ දැනමුත්තාගේ ඇතුළු ගෝල පිරිස වී කුඹුරු වැඩ කරන්නට ගොස් සිදු වන අකරතැබ්බයක් ගැන රසවත් කතාවක් ගෙන එයි.
BUY EBOOK VERSIONමහා වියවුල
සිංහල නවකතාවේ මුල් යුගයේ කතුවරුන් අතර පියදාස සිරිසේනයන්ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඔහුගේ කතා තුළින් තත්කාලීන සමාජ ප්‍රශ්න ඉතා ප්රබලව විවරණය විය. මහා වියවුල ඔහු විසින් කරන ලද එවැනි උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ය.
BUY EBOOK VERSIONඒලියන් ඇවිල්ලා
“යතුර මොකටද ඉන්න මම අරින්නං….”
එහෙම කියපු ගගන් අත දිගු කළා. යතුරු කවුළුව දිහාට එක පාරටම සිහින් විදුලිය ධාරාවක් විහිදිලා ගියා. ඒත් එක්කම පෙට්ටගමේ අගුල ටකස් ගාන සද්දෙන් ඇරුණා.
“ඉතින් ඔයාට ඊයෙම මේක ඇරගන්න තිබුනනෙ ගගන්…”
“එහෙම කරන්න මේක මගෙ දේපලක් නෙවෙයිනෙ කවීෂ. අපි අපේ බලය එහෙම අනවසර දේවල් වලට පාවිච්චි කරන්නේ නෑ..”
“ඉතිං මම ඔයාට බනින්නෙ නෑනෙ…”
කවීෂ කිව්වේ පෙට්ටගම ලඟට ගිහින් ඒකෙ පියන ඔසවලා අරින ගමන්.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩ පොත 1 ශ්‍රේණිය
1 ශ්‍රේණිය සිංහල වැඩපොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරගනිමින් සම්පාදනය වී ඇත. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
The Sanatorium
“Pearse’s The Sanatorium will keep you checking over your shoulder. This spine-tingling, atmospheric thriller has it all: an eerie Alpine setting, sharp prose, and twists you’ll never see coming. A must-read.
Richard Osman, internationally bestselling author of THE THURSDAY MURDER CLUB
Dark, suspenseful and downright chilling, The Sanatorium is a triumph. Vividly set against the backdrop of the Swiss Alps, it had me on the edge of my seat from the first page. Pearse’s writing is sublime. What a talent! Pearse has a big future ahead of her.
Sally Hepworth, author of THE MOTHER-IN-LAW
The Sanatorium is an absolutely splendid Gothic thriller – gracious in its nods to the classic locked-room mystery, yet bold enough to burst out of that room through the window. Pearse writes prose fresh and crisp as Swiss Alp powder, and her characters fascinate even as their numbers dwindle.
A. J. Finn, bestselling author of THE WOMAN IN THE WINDOW
The Sanatorium is definitely a debut novel to watch out for. Wow, what a chilling read! One of the creepiest thrillers I’ve ever read. So atmospheric, clever and compulsive. LOVED it!
Claire Douglas, author of LOCAL GIRL MISSING”
Tools of Titans : The Tactics, Routines, and Habits of Billionaires, Icons, and World-Class Performers
This book contains the distilled tools, tactics, and ‘inside baseball’ you won’t find anywhere else. It also includes new tips from past guests, and life lessons from new ‘guests’ you haven’t met.
My Little Book Of Farm Stories (Brown Watson)
Farm stories suitable for children of all ages, beautifully illustrated with clear text allowing children to easily follow along.
Read and Colour – Piduru Pala
සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත පිදුරුපාල කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.
සරුසාර දිවියකට සුබවාදි සැලැස්මක්
මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමිව ඇති සුවිශේෂී කුසලතාවක් වන චින්තන හැකියාව තම ජිවිතයේ උපරිම සාර්ථකත්වය සදහා උපයෝගී කර ගැනීමට මනෝවිද්‍යා ක්ෂේත්‍ර නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නම් වේ.
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යා විවරණය 2009 (12,13 ශ්‍රේණි )
භෞතික විද්‍යාව විවරණය 2013 (12,13 ශ්‍රේණි)
භෞතික විද්‍යාව විවරණය 2013 (12,13 ශ්‍රේණි)
අන්දරේගේ අන්දර – එකයි දෙකයි
අතීතයේ අප රටේ එක් සමයක රජ වාසල සිටියේ යැයි සැලකෙන අන්දරේගේ නම් චරිතය වටා ලියැවුණු කතාවකින් සමන්විත පොත් පිංචකි. අන්දරේගේ කතා තුළින් හාස්‍යය මෙන්ම උපහාසයක් ද ජනනය වෙයි
BUY EBOOK VERSION
There are no reviews yet.