Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-551-835-2 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ස්විස් ෆැමිලි රොබින්සන්
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
වර්ෂ 1789 දී ඇරඹුණු ප්‍රංශ විප්ලවයෙන් පීඩා විඳි අය අය අතර බටහිර ස්විස්ටර්ලන්තයේ විසූ දේවගැතිවරයෙක්ද විය. මෙම පූජකවරයා සතු සියලුම දේපළ හා වස්තු මෙම විප්ලවය නිසා ඒහුට අහිමි විය. ඒ නිසා මිෂනාරී සේවයේ යෙදීමට ඔහු තීරණය කළේය. ඒ සඳහා ඔහු පළමුවෙන්ම සිය බිරිඳ හා පුතුන් සිව් දෙනා සමග එංගලන්තයට පැමිණියේය. එහි දී ඔහු උතුරු ශාන්තිකර සාගරයේ පිහිටි. පසුව ප්‍රංශයට අයත් වු, සොසයටි දූපත් රාශියට අයත් ලොකුම දූපත වූ ඔටහයිට් දූපතේ මිෂනාරි පත්වීමක් භාර ගත්තේය. අනෙකුත් මගීන් සමග මෙම දේවගැතිවරයා ද සිය බිරිඳ සහ දරුවන් රැගෙන මෙම දූපත කරා යාත්‍රා කිරීම සඳහා නැව් නැග්ගේ ය. ඔවුන්ගේ අභිලාෂය වූයේ පසු කලෙක දී ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි පෝට් ජැක්සන් පෙදෙසේ පදිංචියට යාමට ය. මේ නිසා එම යටත්විජිතයේ මිල දී ගැනීමට හෝ ලබා ගැනීමට හෝ නොමැති විවිධ ආයුධ, බීජ වර්ග, පැළෑටි වර්ග, ගොවි උපකරණ හා හරකුන් ආදී සතුන් ද ආදිය නැවේ ගෙන යාමට මෙම පවුල සහ නැවේ අනෙකුත් මගීහූ වග බලා ගත්හ. ටික දවසක් යන තෙක් සියල්ල හොඳින් සිදු විය. එහෙත් නීරක්ෂණය අසල දී මෙම රුවල් නැව මහා කුණාටුවකට අසු විය. නැව මුහුදේ ගසා ගෙන ගියේය. කුණාටුව ඒ අති උච්ඡ අවස්ථාවේ මෙම කතාව මෙසේ ආරම්භ වූ වගයි.
Notify me when item is back in stock.
Be the first to review “ස්විස් ෆැමිලි රොබින්සන්” Cancel reply
Related Products
ඒක රහසක්
ඔව් ඒක තාත්තලාගෙයී බබාලාගෙයී රහසක්…ඒක කාටවත් කියන්න බෑ…වයස අවුරුදු හතරක් වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය.
විල්ලුවේ ප්‍රේමය
ප්‍රේමයෙන් ජය ගන්නෝ ද පරාජිතයෝ ද එකසේ වෙති.
සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට
තමා ලොව වෙසෙන භාගයමත් ම මිනිසා බැව් හැගෙන
යම් මොහොතක් උදා වෙයි. මම එය අත් දැක ඇත්තෙමි.අනෙක් අතට, ප්‍රේමයෙන් පරාජිතයාගේ සන්තාපය
කාලයා විසින් බොහෝ විට මකා දැමෙනු ඇත.
නමුත් කාලයාට ද සැනසිය නොහැකි යම්
පෙම් වියෝ දුකක් තිබෙන්නට හැකිද?ඔවි මාතෘ සෙනෙහසත්, සහෝදරත්වයත්,ශෘගාරයත්
එකම ගැහැණියක ගෙන් පළමු වරට අත් විදින්නෙකුට
එම වියෝව මාරන්තික විය හැක.
ඔහු තුළ වන මිනිසා සදාකාලයට ම මරා දැමී.
මුර්ගයෙකු අවදි වනු ඇත.
ඔබ මට තරුවකි
දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.
රස්පුටින් ඝාතනය
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය
ගිගිරි හඬේ අබිරහස
යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්‍රේංටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ.සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝටර් රථය රැගෙන සිය නිවස කරා ගමන් කිරීමට රොබ්ට අවස්ථාව උදා වන්නේ අහඹු ලෙසිනි.එලෙස පිටත් වන තරුණයා හට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීමකටය.මේ ඒ ත්‍රාසජනක කතා පුවතයි.
දොර දොර කළුවර
|
දූවිලි දේදුන්න
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.
බර්ඩ් බොක්ස්
එය බිහිසුණුය බියකරුය එහෙත් ඒ කුමක්දැයි කව්රුවත්ම දන්නේ නැත කෙනෙකුට වියරු වැටි ජීවිතය පවා නැති කරගන්නට එය යන්තමින් දැකීම පවා ප්රමාණවත්ය
හැරී සහ හෝප්
පාර පුරාම දූවිලි මල් පිපුණා.අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා. හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහාතකින් ජීප් එකයි හැරී අතර දුර නැත්තටම නැති උනා. දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුළින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා.ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.
සිතට ආහාර
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
මූ නං මහ…
|
Recently Viewed
ආඩම්බර ලින්ඩා
ලින්ඩාට කරගන්න දෙයක් නැතිව ගියා.ඇය ලැජ්ජාවෙන් බිම බලා ගත්තා. “ මට සමා වෙන්න, මම කලින් ආඩම්බර විදිහට හැසිරුණාට. ඔයාලගෙ කරුණාවන්තකමට බොහෝ ම ස්තුති යි. මෙ තැන් පටන් මා ඔයාලට උවමනා විට දී උදවු කරනවා.” ලින්ඩා කිවුවා. එ තැන් පටන් ලින්ඩා පාසලට පැමිණියේ ඉතා ම සතුටිනුයි.ඇයට දැන් කිසි ම තනියක් නැහැ.
සැඟවුණු සංකේතය
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද? එකමෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.
තනි වූ දියණිය
යෞවනයේ හැ`ගීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඞී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, එ්ක පාර්ශවීය දැඩි පෙමින් බැ`දී, වංචනිකයකුගේ දැළට හසුව නොම`ගට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක උරුම කරගනී.
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
දෙමළ හුරුව (1 ශ්‍රේණිය )
දෙමළ හුරුව (1 ශ්‍රේණිය )
සසර ගමන ජීවිතය හා සතුට
ඇතමුන්ගේ ජීවිතවල වැඩිපුර ඇත්තේ දුකකි. ඇතමුන්ට වැඩිපුර ඇත්තේ සැපයකි. බෞද්ධ දර්ශනයට අනුව සසර ගමන පුරා සැරිසරන භවය මෙසේ දුකට හෝ සැපතට පත්වීමට හේතු සහ සසර ජීවිතය සැපවත් කර ගන්නේ කෙසේද යන්න මේ කෘතියෙන් විස්තර කෙරේ. .
සංයුක්ත ගණිතය අසමානතා
- මෙම විෂය ස්වයංව ඉගෙනීමට හැකි ආකාරයට පොත් සකස්කර ඇත.
- විසඳු ගැටලු විශාල ප්‍රමාණයක් ඇතුලත් වේ.
- මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රීත සම්බන්ධතාව පැහැදිලි කර ඇත.
- තර්කනය තුලින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී, පිළිතුර කරා එළඹෙන ආකාරය සෑම උදාහරණයකදීම අත්වැලක් ඇසුරෙන් පෙන්වා ඇත.
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ (අත්හැරීම -12)
ගෝරතර සසරේ තවත් එක් සන්ධ්යක, ඉබාගාතේ ඇවිදි , සංසාර සතුන් හට, නොඇලෙන්න කියාදුන් , නොගැටෙන්න සිහිය දුන් , අත්හරින සතිය දුන් , නිදුකන්ගේම පුත්, සග මැණික ඔබම විය.
අභිනව ලිත්හෝඩිය සහ මුහුර්ත සාධනය
අභිනව ලිත්හෝඩිය සහ මුහුර්ත සාධනය
ස්පාඤ්ඤ ගුරුවරයා
උතුරු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ද දෙවැනි භාෂාවක් වශයෙන් ස්පාඤ්ඤ භාෂාව භාවිත කැරේ. ප්‍රචලිත ස්පාඤ්ඤ භාෂාවෙහි සංගීතය ද අතිශයින් ම ජනප්‍රිය වූවකි. එහෙයින් මේ භාෂාව හැදෑරීම ලෝකය පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමට උපකාරී වෙයි. මේ පොත ලියන ලද්දේ එයට අත්වැලක් සපයනු පිණිසයි.
සුදු නෙළුම
“මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ.”
“ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ.”
“මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?”
“මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ.”
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය.
“අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ.”
ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?
” වොට්සන් මේ ලෝකයේ මිනිසුන් වර්ග තුනක් ඉන්නවා කියලා ලියනාඩෝ ඩිවින්චි වරක් කියලා තියෙනවා. පළමු වර්ගය තමයි දකින අය. දෙවෙනි වර්ගය තමයි අනිත් අය පෙන්නු වූ විට දකින අය. තුන්වැනි වර්ගය තමයි කිසිවක් නොදකින අය. ඒත් මම ඔය නම් වර්ග තුනටම අයත් නෑ මගේ හිතවත් මිත්‍රයා. “
” එහෙනම් ඔබ අයත් වන්නේ මොන වර්ගයටද හෝම්ස්? “” මම අයත් වෙන්නේ දකින අයත් නොදකින බොහෝ දේවල් දකින මිනිසුන් වර්ගයට “ ඔහු එහෙම කියලා වයලීනය අතට අරගෙන පුටුවේ දිගා වුණා.
- කළ හැකි දේවල් අතරින් කළ යුතුම දේ සිතිමේ හැකියාව
- ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කිරීමේ කලාව
- අනෙකා හිතෙන විදිය සිතා ගැනීමේ සෙල්ලම
- විශ්මිත විරාමයක් ගැනීමේ පුරුද්ද
- යමක් පුරුද්දක් වනතුරුම පුහුණුවීමේ වාසි
- සංකීර්ණ ගැටලු සරලව දැකීමේ රහස
ඩ වින්චි කේතය
ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
GUNASENA CLASSICS – බ්ලැක් බියුටි
මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Black Beauty නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි. මෙය බ්ලැක් බියුටි නම් අශ්වයාගේ ජීවිත කතාව විස්තර කරන කළු අශ්වයෙකු පිළිබඳ කදිම කෘතියකි. මේ අශ්වයා ගොවිපළක් අතහැර තවත් ගොවිපළක් කරා යන ගමනේ දී නව හිමිකරුවන් සහ අශ්වයන් යන බොහෝ දෙනෙකු ඔහු මුණ ගැසේ. මෙය ඔබට සතුට මෙන්ම දුක ද ඇති කරන්නක් වුවත් සුඛාන්තයක් ඇති කෘතියක් වේ.
Balal Doni
බළල් දෝණිට විවාහයක් කරගන්න හිතිලා උගේ අයිතිකාරයා බළල් දෝණිට හොඳම ශක්තිවන්තයාව සොයනවා. බොහෝ ශක්තිවන්තයන්ව සෙවුවත් අවසානයේ වඩාත් හොඳම කෙනා බළලෙක්ම බව තේරුම් ගන්නා අයිතිකාරයා බළල් දෝණිව ඒ බළලාට විවාහ කරදෙනවා.
BUY EBOOK VERSION
There are no reviews yet.