Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-624-5572-33-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
සූර්යනාශ
රු780.00
Price Summary
- රු780.00
- රු780.00
- රු780.00
ඇය තම දෑස් විවර කළාය.
ඒ දෑස් කෝපාග්නියෙන් දැවෙමින් පැවතුණි.
වසර විස්සකට පෙරාතුව ඒ ඛේදජනක රාත්රියේදී
සිදු වූ සෑම සිදුවීමක්ම පාහේ කිසිදු අඩුවක් නොමැතිව
ඇගේ මතකයෙහි ගැඹුරෙහිම රැඳී තිබුණි. ඒ මතකයන් ස්මරණය
කරන්නා වූ සෑම මොහොතක් පාසාම ඇය තුළ වූ වෛරයේ
අග්නිජාලාවන් බුර බුරා ඇවිළෙන්නට වූයේ ඇය තුළ තමන්ට සෑම
සියලු දෙයක්ම අහිමි කළවුන් කෙරෙහි වූ බද්ධ වෛරය තව තවත්
ලියලමින් වඩවාලමින්ය.විසි වසක් මුළුල්ලෙහිම ඇය ඒ වෛරයට
තමන්ගේ සන්තානය තුළ රිසි සේ වර්ධනයට අවකාශය ලබා දී තිබුණි.
ඇයට අවැසිව තිබුණේ එකම දෙයකි.ඒ පළිගැනීමම පමණි…
විසි වසක් මුළුල්ලෙහිම අප්‍රමාණ වූ දුක්ඛදෝමනස්සයන්, වධහිංසනයන්
ඉවසා දරා ගනිමින් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගනිමින් ඇය ඇගේ
අරමුණ වෙතට ක්‍රම ක්‍රමයෙන් ළඟාව තිබුණි. දැන් ඇය අහිමුව වූයේ ඒ
අරමුණෙහි අවසාන පියවර ක්‍රියාත්මක කිරීම පමණි…
Notify me when item is back in stock.
Be the first to review “සූර්යනාශ” Cancel reply
Related Products
වැඩකට නැති පොත
‘වැඩකට නැති පොත‘ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සංඛ අමර්ජිත් විසින් රචනා කරන ලද්දකි. සිය මාධ්‍ය ජීවිතය තුළ අත්දුටු රසවත් සිදුවීම් උපහාසාත්මක ශෛලියකින් නිර්මාණශීලීව මෙහි අන්තර්ගත කොට තිබේ.
BUY EBOOK VERSIONඅපි මහලු වයසේ
විදේශිකයකු හා ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ඇති වන ආදර සම්බන්ධයක් වටා මේ කතාව ගෙතී තිබේ. ඔවුන් ආදරය කළ ද විවාහ වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ ඔවුන්ගේ වෙනස් වටපිටාවන් නිසා ය. කෙසේ නමුත් මහලු වියේ දී ඔවුනට යළි එක්වන්නට අවස්ථාව උදා වේ. ප්‍රවීණ කතුවරියක වන අනුල ද සිල්වා විසින් ලියා තිබේ.
BUY EBOOK VERSIONසසර
ටී.බී. ඉලංගරත්න සූරීන් විසින් ලියන ලද ‘සසර’ නවකතාව තුළින් අනුන්ගේ යහපත උදෙසා පරාර්ථකාමීව කාලය යොදවූ ස්වකීය සමාජ දර්ශනය පිළිබිඹු කිරීමට කතුවරය උත්සාහ කරයි.
BUY EBOOK VERSIONගඟ අද්දර
මානසික රෝගයක් සහිත රූමත් තරුණියක් සහ ඇයට ප්‍රතිකාර කරන්නට පැමිණෙන තරුණ වෛද්‍යවරයකු අතර ඇති වන සිදුවීම් මාලාවක් වටා ගෙතුණු කතාවකි. සුප්‍රකට ගඟ අද්දර සිනමා කෘතිය සඳහා ද පාදක වූයේ මේ කෘතියයි. මෙයින් පසුකාලීනව ටෙලිනාට්‍යයක් ද නිර්මාණය කෙරිණි.
BUY EBOOK VERSIONVillage By The Sea
The village by the sea: an indian family story is a novel for young people by the indian writer anita desai, published in london by heinemann in 1982. It is based on the poverty, hardships and sorrow faced by a small rural, community in india
අලුත් නැන්දම්මලා
තම නිවස කුළ නැන්දම්මා ලේලි අරගලයට නැවතීමේ ලකුණක් දැමූ ඈ තවත් බොහෝ නැන්දම්මලා හා ඒ සතුට බෙදාගැනීමේ අභිලාශයෙන් ඒ අත්දැකීම් ලියා තැබීමට ගත් උත්සහයකි මේ අලුත් නැන්දම්මලා.
BUY EBOOK VERSIONකන්ද උඩ ගින්දර
සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
Thorn
A princess with two futures. A destiny all her own.
Between her cruel family and the contempt she faces at court, Princess Alyrra has always longed to escape the confines of her royal life. But when she’s betrothed to the powerful prince Kestrin, Alyrra embarks on a journey to his land with little hope for a better future.
When a mysterious and terrifying sorceress robs Alyrra of both her identity and her role as princess, Alyrra seizes the opportunity to start a new life for herself as a goose girl.
But Alyrra soon finds that Kestrin is not what she expected. The more Alyrra learns of this new kingdom, the pain and suffering its people endure, as well as the danger facing Kestrin from the sorceress herself, the more she knows she can’t remain the goose girl forever.
With the fate of the kingdom at stake, Alyrra is caught between two worlds and ultimately must decide who she is, and what she stands for
හෙයිඩි
‘හෙයිඩි’ යනු 1881 වසරේ දී ස්විස් ජාතික ජොහැන්නා ස්පයිරි විසින් ලියන ලද ළමා කෘතියක් වන අතර වර්තමානය වන විට එය ලෝක සාහිත්‍යයේ අද්විතීය ස්ථානය වැජඹෙයි. මෙය ස්විස් සාහිත්‍යයේ ඉතා ඉහළ අළෙවියක් ඇති කෘතිවලින් එකකි. කතාව ගෙතී ඇත්තේ සිය දෙමාපියන් මිය යාම නිසා මව් පාර්ශ්වයේ නැන්දනියකගේ භාරයට පත්වන ‘හෙයිඩි’ නම් දැරියක වටාය. මේ නැන්දනිය විසින් හෙයිඩිව හදාවඩා ගැනීමට ස්විට්සර්ලන්තයේ කඳුකර පෙදෙසක ඇගේ සීයාට බාර කෙරෙන අතර ඒ ගම්බද පරිසරයේ ඇය සොබා දහමත් සමග හැදී වැඩෙන අයුරු මේ කෘතියෙන් විස්තර කෙරේ. වර්ෂ 1920 සිට මේ දක්වා මෙම කෘතිය ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට සංඛ්‍යාව 12 කට අධිකය. මෙය භාෂා 50 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇති අතර ලොව වටා මිලියන 50 කට අධික සංඛ්‍යාවක් අළෙවි වී තිබේ.
BUY EBOOK VERSIONපාර දිගේ
උපන් විගස මව් සෙනෙහස අහිමි වන දරුවෙක් මේ නවකතාවේ ප්‍රධාන චරිතයයි. සමාජය තුළ විඳින්නට හැකි සෑම ආකාරයකම දුක් ගැහැටකම්වලට මුහුණ දී අවසානයේ ජීවිතයට වාසනාව උදා කරගන්නා ආකාරය මේ නවකතාවෙන් පැවසේ. ධනාත්මක අදහස් සමාජය තුළට කවන්නට සමත් නවකතාවක ලෙස මෙය හැඳින්විය හැකිය.
BUY EBOOK VERSIONහෙදියකගේ නොදුටු දින පොත
සිය වෘත්තීය ජීවිතය හෙදියක ලද සැබෑ අනුවේදනීය අත්දැකීම් අලළා සම්පාදනය කරන ලද කෘතියකි.
BUY EBOOK VERSIONමාතා
විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.
BUY EBOOK VERSIONRecently Viewed
අරුම පුදුම අති විස්මිත නාඩි වාක්‍ය 4
අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසිවන සියවසේ විසූ ථෙරවාද බුදු දහම පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුවක් ලෙස සැලකෙයි. උන්වහන්සේ භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළගා කරගත් හිමි නමකි. නිරහංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉටුකරන ලදී. ශ්‍රී ලාංකික බෞද්ධයෝ ආනන්ද මෛත්‍රෙය හිමියන් බෝධිසත්ත්වවරයෙකු ලෙස සලකති.
ගණිතය 2 වන කොටස (6 ශ්‍රේණිය)
ගණිතය 2 වන කොටස (6 ශ්‍රේණිය)
මම ආසයි අම්මා වෙන්න
එක දවසක් උදේ මිනූ නැගිටලා අඬන්න පටන් ගත්තා.
“ඇයි මේ අඬන්නෙ?” අම්මා ඇහුවා.
“මටත් ඕනෙ අම්මා කෙනෙක් වෙන්න.”
මිනු අඬ අඬා කීවා.
“ඉතින් කෝ බබෙක්?” අම්මා කීවා.
“බබෙක් ගෙනෙමු කඩෙන්.” මිනු කීවා.
“බබෙක් කඩෙන්?” අම්මා ඇහුවා
“ඔව්, ඔව්, අපි කඩෙන් ගෙනෙමු බබෙක්”
පලංචිය
“හොරෙක් හොරෙක්… මෙන්න හොරෙක්…”
සෙලානෝනා හැකිවෙර යොදා කෑගෑවාය.
කාමගින්නෙන් පිච්චි පිච්චී චාරුලතාගේ ගෙට රිංගන්නට මාන බලබලා උන් දනියෙල් ඒ හඬට ගැස්සිණ. සෙලානෝනාගේ සද්දයට වෙලේ නාන ළිඳ ළඟ උන් තරුණයින් කීපදෙනා මහනියර දිගේ දුවඑන්නේ මේ පැත්තටය. දනියෙල් වහා පාර පැත්තට දිව්වේය.
“මෙන්න හොරෙක් .. මේන් හොරා පැන්නෝ…”
දැනමුතු මාමා කී කතා – 3
“දැනමුතු මාමා කී කතා” පොත් පෙළ, ළමුන්ට වඩාත් සමීප විය හැකි, පරිසර හිතකාමී විද්වතකු වන “දැනමුතු මාමා කී කතා” ගේ චරිතය හඳුන්වා දෙමින් සාහිත්‍ය, රසය තුළින් විවිධ විෂයන් පිළිබඳ ළමුන් තුළ දැනුම වර්ධනය කිරීමට උත්සාහ ගනී.
බංචි මාරි
දුක යන අදහසට ලිංග භේදයක් නැත.එහෙත් විලි රුදා දුක ස්ත්‍රී ලිංග ය.සියලු පිරිමි දුක් වද වේදනාවන්හි බර ගැහැනු විලි රුදාවට යටත් ය. අඩු කාලයක විශාල තෙරපීමක් සහිත විලි රුදා දුකට වඩා දිගුකාලීන තෙරපීම් සහිත විශ්‍රාමික මිනිස් දුක බලවත් ය. තරුණ අත් සහ තරුණ හිත් නැති විශ්‍රාමිකයෝ නොහැකියාව නිසාම නාකි ය. විශ්‍රාමික දුක නාකි වේදනාව ලෙස නහුතයක් මිනිසුන්ගේ මානසික හා කායික ලෙඩ හෙට්ටු කරන තෙහෙට්ටුවකි. රටක විශ්‍රාමිකයෝ තෙහෙට්ටු පීඩිත වාට්ටුගත ය. කතුවර සිතේ සිහිනයේ පැහැය වූ බාසි විශ්‍රාමික තෙහෙට්ටුවට එරෙහි ව පණ ලැබූ මිනිසෙකි. ඔහු සිහිනයෙන් අවදි වූ සැණින් කිලිටි වන මිනිසෙකි.
ශ්‍රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාග පෙරහුරුව – 1 – I කොටස
ශ්‍රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාග පෙරහුරුව – 1 I – කොටස
- බුද්ධි පරීක්ෂණය
- අවබෝධය
කටු තුඩු මත
මම අතීතයද අනාගතයද
ඒ හා සබැඳි සියලු මිනිස් ප්‍රාණීන් හා
සිදුවීම්ද අමතක කර
මේ ගෙවී යන තත්පරයේ පමණක්
ජීවත් වීමට උත්සාහ කළෙමි.
ජීවිතයේ ඉතිරි අර්ධය
මේ උණුසුමෙහිම ගෙවා දමා
මතුයම් දිනෙක අවසන් සුසුමද
ඒ හදගැස්මට සවන් දෙමින්ම
හෙලන්නට තරම් තෘෂ්ණාවක්
මට දැනෙමින් තිබුණි.
නමුත් යථාර්තය ඇත්තේ
මින් බොහෝ දුරඈතක බව
මගේ යටිහිත කෑගසමින් තිබුණි.
ඉදිරියට කුමක් සිදු වුවද
මේ ගෙවීගිය මොහොත පිලිබඳ
කිසිඳු පසුතැවීමක් කිසිඳු දිනෙක
නොදැනෙන බව විශ්වාසය.
එය සදාතනික මතකයක්ව
මා සමඟම මියෙනු ඇත.
පෝලිම
රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පොලොමක්. අපේක්ෂාව භංගත්වය අතෘප්තිය,ඉවසිල්ල යනුවෙන් වරුනැගෙනා යටහත්බව සහ ඒ අවසන පැන නැගෙන නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබද්තාවන්හි සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක්.
10 ශ්‍රේණිය කතෝලික ධර්මය පන්ති වැඩපොත (මයි ටියුටර්)
2015 දක්වා අනුමත 10 ශ්‍රේණිය නව නිර්දේශිත නාට්‍ය හා රංග කලාව පන්ති වැඩපොත
පාඩම් අවබෝධය පිරික්සුම
වාර විභාග ප්‍රශ්න පත්‍ර
පිළිතුරු ඇතුළත් ය.
අද්භූත රහස් පරීක්ෂකයෙක්
කෘතියේ පෙළගැස්ම
- කවි සංකල්පනා සහිත පොලිස් නිලධාරියෙක්
- සඟවන ලද ධනස්කන්ධයක්
- නාට්‍ය කණ්ඩායම
- කිරිගරුඬ හොරා
- ත්‍රාසජනක නාට්‍යයක්
- විෂඝෝර සර්පයෙක්
- අමුතු නඩුවක්
- ආයෝජකයෝ
සිනාසෙන සුදු හාමුදුරුවෝ 07
පරාජය ජය ගන්නේ මෙන්න මෙහෙමයි
වන රජදහන
ප්රභාමත්ව වූ අරුණෝදය හිරු කිරණ විචිත්‍ර ලෙසින් පරිසරය සිසාරා ගියේය. ඝන අන්ධකාරයෙන් පීඩිතව සිටි සියොතුන් හිරු එළිය පැතිරීමත් සමගම සුකුමාල ලාලිත්‍යයෙන් ඔකද වී ඒ මේ අත පියඹන්නට විණි. ගස් වැල් හඹාගෙන ආ මද සුළග තුරින්තුරට ළං වෙමින් ඒ මේ අත ගියේය.උදා අසිරිය අතිශයින් චමත්කාරජනකය, සුන්දරය, මනස්කාන්තය, සෝභනය.
මේ පැහැබර දිනයේ වන මැදින් වැටුණු අඩි පාර දිගේ පෙරට යන යෞවනයන් තිදෙනෙකි. ඔව්! සම වයසේ දගකාර යෞවනයන් තිදෙනෙකි. වනාන්තරයටම ආවේණික ඇදුමින් සැරසී ඔරොත්තු නොදෙන තරමේ භාණ්ඩ ප්‍රමාණයක් ද ගෙන ඔව්හු පෙරට ම යති. සමහර විට ඔබට ඔවුන් තිදෙනා මතක ඇති. ‘නෙල්ලි කැලේ වීරයෝ’ හා ‘ගල්ගේ කන්ද ‘ වික්‍රමයන් තුළින් ඔබට සමීප වූ මේ තිදෙනා සුනිල්, සමන් හා ප්‍රියන්ත ය.
සෝබමාන වූ රුවින් ද, නොපසුබට අධිෂ්ඨානයෙන් ද, උට්ඨාන වීර්යයෙන් ද හෙබි, මේ තිදෙනා පුදුම උපදවන සුළු කාර්යය සම්පන්නය. මාපිය අවසරය මත ,දෙටු පෙළ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගමන් කරන ගවේෂණ චාරිකාවකි මේ…..
Mal Mal Redda
තෑග්ගක් ලෙස ලැබුණු මල් මල් රෙද්දක් සෝදා අව්වේ දමා තිබියදී සුළඟේ ගසා ගෙන ගොස් වෙනත් නිවසක මිදුලට වැටීමෙන් පසු සිදුවන රසවත් සිදුවීම් මාලාවක් ගැන කියැවෙන අපූරු කතාවකි.
BUY EBOOK VERSION
There are no reviews yet.