Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-31-2745-7 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
ලාඩං
රු1,500.00
Price Summary
- රු1,500.00
- රු1,500.00
- රු1,500.00
ලාඩං යනු අතීත මෙන්ම වර්තමාන කුදිරකාර පරපුරේ ජීවන අන්දරයයි. සිතුවමකට නැගීමට දැරුණු ප්රයත්නයයි. ලෙයින් කඳුළින් තෙත් වූ ඔවුන්ගේ එදා මෙදාතුර එම ජන සමූහයාට උරුම වූ නිමක් නැති දුක්-දොම්නස් ඉතිහාස කතාවේ අංශු මාත්‍රයක් හෝ මේ වෘත්තාන්තයේ තැවරී ඇත්නම් සහෝදර ජන ප්‍රජාවක් වෙනුවෙන් පිදෙන උත්තමාචාරයකි.
Notify me when item is back in stock.
Be the first to review “ලාඩං” Cancel reply
Related Products
ආධිපත්‍ය
මෙම ආධිපත්‍ය කෘතිය, එක්ස් කලාපය ගැන ලියවුණු, “සදන්රීච්” නවකතා ත්‍රිත්වයේ දෙවැන්න වන “අතෝරිට්” හි සිංහල පරිවර්තනය යි. ජෙෆ් වැන්ඩමියර් සඳහන් කරන පරිදි.. ඇනයිහිලේශන් (සර්වනාශ) එක්ස් කලාපය තුළට ගවේෂණයක් වූවා සේම, අතෝරිටි ආධිපත්‍ය එම ගවේෂණ මෙහෙයවන ඒජන්සිය වන සදන්රීච් තුළට වූ ගවේෂණයකි. මායාරූපී, ත්‍රාසජනක, අද්භූත, විද්‍යාප්‍රබන්ධ යන ශානරයන් හී සම්මිශ්‍රණයක් සේ මෙය සැලකිය හැකිය. පළමු පොත මෙන් නොව මෙහි කතාව දිවෙන්නේ මිනිස් වාසයෙන් යුතු ප්‍රදේශයක් වන සදන්රීච් කේන්ද්‍ර කර ගනිමිනි. එක්ස් කලාපයේ සිදුවූ අද්භූත සිදුවීම් ගැන කෙරෙන ගවේෂණ පිළිබඳ විමර්ශනයන් සම්බන්ධව මෙය ලියැවී ඇත.
කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය
අග්‍රගණ්‍ය භෞතික විද්‍යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හෝකින් විසින් රචිත A Brief History of time, නම් මාහැගි ග්රන්ථයෙහි සිංහල පරිවර්තනය, ‘කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය’ නමින් ප්‍රකාශිත මෙම කෘතියයි.
The Conspiracy to oust me from the Presidency
his book tells the story of the ouster of a democratically elected President through conspiracies and mob violence sponsored by interested foreign parties and with the participation of specific sections of Sri Lankan society. The events of 2022 added a new dimension to the politics of Sri Lanka which has exercised universal adult franchise since 1931 and had an unbroken record of peaceful and constitutional changes of government since gaining independence in 1948. The end of the war against the Liberation Tigers of Tamil Eelam in 2009 saw ramped up foreign intervention in Sri Lanka due to a multiplicity of motivating factors. The interventionist strategy to bring Sri Lanka under neocolonialist domination has been centered on the manipulation of communal politics and the running down of the economy. This is that story, as seen from the very epicenter of the storm.
තණ කන අපි
”උන්ට විසිකරන්න දෙයක් නැති නිසා උන් අපිට සෑම දෙයක්ම විසි කරන්නේය.ඇහිඳ ගන්නට පොරකන අපි බලන විට අප ඇහිද ගෙන තිබෙන්නේ අපිම විසිකළ දේමය.උන්ට කිසි දෙයක් නැති බව දැනෙන්නේ අපිට අපි ඇහිඳගත් දේ යළිත් උන්ට දුන් විටය”
රසකැවිලි වෙළෙන්දා
සිදාදියේ කොලිජීයක අධ්‍යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලී ඉන්ද්‍රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි
සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව
“ජන සන්නිවේදනය ශිෂ්ටාචාරයේ අභාවයට හේතු වනබව එක් සමාජ විවේචනයකි. බුද්ධිමය හා සදාචාරාත්මක හරයන් නරක අතට හැරී තිබේ. මෙම සියවසේ විද්‍යාඥයින්ගේ අපේක්ෂාව ජන මාධ්‍ය වර්ධනය සමග ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය සක්‍රීය කිරීමට අවශ්‍ය බුද්ධිය ඉන් සැපයෙන බවයි. ජන මාධ්‍ය අධ්‍යාපනය තුළින් ඒ සඳහා අපේක්ෂා ගොඩනැඟිය. නූතන දේශපාලන ඉතිහාසය තුළ බුද්ධිමය බලාපොරොත්තුවලට වලකපා ඇති අතර ජන සමාජයේ සංවර්ධනය පෞද්ගලිකත්වය විනාශයට පමුණුවා ඇති බවට ද විවේචනයකි”
රජ කුමරියකගේ දිනපොත 3 – ආදරයෙන් බැඳුණු කුමරිය
රතුපාටයි රෝස කුසුම්
ඊට වඩා රතුයි චෙරි
පලතුරු මැස්සන් ක්ලෝනීය කරන්නට
ඇයට හැකි වෙන්නට පුළුවන්
ඒත් මං ඔයාට කැමතියි වැඩියෙන්
මා එයින් අදහස් කළේ මා ජුඩින්ට වඩා ඔහුට කැමති බවයි.
ඒත් මට සහතිකයක් නෑ මේ කවියෙන් වැඩක් වෙයි කියලා. ටීනා නං කියනව ඒක වැඩ කරයි කියලා. ඒ වුණත් ඇය හිතන්නේ මං එතන කැමතියි වෙනුවට ආදරෙයි කියල යොදන්න තිබුණෙයි කියලයි. ඒත් කවුද දන්නෙ ඇගේ අදහසේ යම් අගයක් තියේවීද කියලා
අකුරු-කතන්දර-1
ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් සමග කරන ලද සමික්ෂණයක
ප්‍රතිඵලයක් වශයෙන් මෙම පොත එළිදැක්වේ. අතීත ළදරු
අධ්‍යාපන ක්‍රියාවලිය (වැලි පිල්ල සහ ගල් ලෑල්ලේ අකුරු ලිවීම)සහ
නවීන ක්‍රම ගැබ්කොට මේ පොත සකස් වී ඇත.
පළමුව ලොකු අකුරු මත ළදරුවාගේ ඇඟිල්ල යැවීම හුරු කරවා
පසුව ඒ සඳහා පැන්සලක් පාවිච්චි කර ඇත. අකුරු ලිවීම සමග
කතන්දරය ද කියවිමෙන් අකුරු ඉගෙනීම ප්‍රීතිමත් කරුණක් සේ
ළමා මනස තුළ තැන්පත් වේ. එමගින් සොබාදහම සහ තාමා
ජීවත්වන පරිසරය පිළිබඳ දැනුමක් ළදරුවා ලබන අතර අකුරු
මතක තබාගැනීමද කඩිනමින් සිදු වේ. මේ ක්‍රියාවලිය අනුගමනය
කීරීම ගුරුවරයාට ද පහසු වනුයේ ළදරුවාගේ ඉගනීම ඉක්මනින්
සිදුවන බැවිනි.
දුලානි ද අල්විස්
එතන සිට නොසිට
අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය.
“හා.” ඒ කුඩා පොතේ පිට කවරය දකිද්දී ඔහුගේ මුහුණ එළිය වූයේය. ‘මේ ඉන්නෙ පූර්වජ පියා. නීති පනවන නීතියට පිටින් ඉන්න සේරම ගෑනුන්ගේ අයිතිකාරයා. මේ අතන ගහේ බැඳල හිටපු මනුස්සයම තමා.’ දඩයක්කාරයාගේ ගොරෝසු රුව දෙස බලමින් කියූ ඔහු නැවතත් එක්වරම ඒ කියන්නේ දිගුක් මෙන් ඒ ස්වරයෙන්ම ඇසුවේය.
“අමන්දට තාත්ත අන්තිමට හම්බවෙලා අවුරුදු කීයක් විතර වෙනවද?”
“වයස එකොළහක් දොළහක් කාලෙ වගේ ඉඳල දැකල නෑ.”
යසාවා සාන් මා සහ ජපානය
ශ්‍රී ලංකා සහ ජපන් ජන ජීවිතය පොදු බෞද්ධ සංස්කෘතිය අනුව අධය්‍යත්මික ගුණ වගාවත්,භෞතික කාර්මිකරණය මත භෞතික දියුණුවත් සංකලනය කරගෙන නූතන සංවර්ධන සංකල්ප ප්‍රගුණ කරන් සැටිත් හිතකර සේ තම ආකල්ප සකස් කර ගැනීම සදහා පොදු ජනතාවට, ප්‍රතිපත්ති සාධක පිරිස්වලට සහ අනෙකුත් බලධාරින්ට මෙම ග්‍රන්ථය උපකාරි වනු නියතය.
රජ කුමරියකගේ දිනපොත 2 – නම රැන්දු කුමරිය
රාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග්‍රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප්‍රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල්‍යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප්‍රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළුවකි.
අමෙලියා කුමරිය ගණිතයට වැඩි ලකුණු ලබන්නී, ඇය පතා එන්නන් අතර රජ කුමරුවරු ඇතුළු පන්තියේ දෙදෙනෙක් ද දකී. කෙනී සහ මයිකල් අතරින් ඇගේ සිත වැඩියෙන් දුවන්නේ මයිකල් දෙසටය.
රාජ්‍ය මංගල උත්සවය සඳහා ලහි ලහියේ සියල්ල සුදානම් වද්දී, තම විවාහය චාම් මට්ටමින් සිදුවිය යුතු යැයි ප්‍රකාශ කරමින් මනාලයා සහ මනාලිය වෙනත් රටකට පලාගොස් එහිදි අප්රසිද්ධියේ විවාහ වෙති.
There are no reviews yet.