Chandrasiri Palliyaguru

Chandrasiri Palliyaguru

Showing all 4 results

Show:

වින්දිතයෝ

Highlights:

තමා රජෙකි යන හැඟීම මුල දී මිත්තසේනට හැඟුනේ විහිළුවක් පරිද්දෙනි. එය විහිළුවක් නොවන බවත් තමා විහිළුකාරයකු නොවන බවත් ඔහුට වැටහෙන්නට පටන් ගත්තේ, රාජභරණයෙන් සැරසී රාජකීය උත්සව ආදියට බිසව ද  සමග සහභාගී වෙද්දී ය. එහෙත් සමහර දේ ඔහු අතින් සිදුවන්නේ පුරුද්දට මෙනි. ඔහු මිත්තසේන ව සිටිය දී වැඩිහිටියන් හා ප්‍රභූන් ඉදිරියෙහි නැගී සිට ආචාර කිරීම පුරුද්දක්ව තිබිණි.

විදේශීන් දුටු සිංහල ලකුණ

Highlights:
සංස්කෘතිය ගැනත් ඒ හා සම්බන්ධ සාරධර්ම ආදිය පිළිබඳවත් ජන අසංස්ථානයක් පවතින මෙවන් යුගයක අප ගැන විදේශිකයන් ලියූ ඇතැම් දේ එක්කොට මෙම කුඩා කෘතිය රචනා කරන්නට මා පෙළඹුණේ කරුණු කිහිපයක් නිසාය. ස්වදේශික උගතුන් කියන දේට වඩා විදේශික වියතුන් කියන දෙය වැදගත් කොට සලකන ප්‍රවණතාවක් ඇති ව තිබීම නිසා, ඔවුන්ගේ වචන වලින් ම අප ගැන කියූ දේ ඉදිරිපත් කිරීම මැනවැයි සිතීම එක් කරුණකි. අපේ ඇත්තන්ට වඩා අපේ හොඳ නරක පිටස්තරයන්ට බාධාවක් නැති ව කිව හැකි වීම නිසා අප ගැන නැවත සිතන්නට මඳ හෝ අවස්ථාවක් ලබා දීමට වෑයම් කිරීම දෙවන කරුණ ය.

එ පුර රැජයූ ඇය

Highlights:

ක්‍රි.පූ. හැට දෙවන වසරේ සිට හතළිස් හත්වන වසර දක්වා රජ බිසවක සේ ජීවත් වූ ඇය දීපවංශයට අනුව සමසක් ලක් රජය රැජයූ පළමු රැජින වූවා ය. සොළොස් වියේ දී මහානාගගේ (චෝරානාගගේ) අණ පරිදි බලහත්කාරයෙන් පැහැර ගෙනැවිත් ඔහුගේ බිසව ලෙස දිවි ගෙවූ ඇය, ඔහුත් ඇතුළුව රජුන් සදෙනෙකුගේ අභාවයන් දුටුවා ය. අවසන තොමෝ ම ලක් රජයෙහි රැජින බවට පත් ව සමසක කාලයක් රජයද්දී, ඇයට බියෙන් පළා ගොස් සඟ සසුනට ඇතුළු වූ කූටකණ්ණ තිස්ස ගිහි බවට පත්ව ඇය මරා, මාළිගයට ද ගිනි තබා රජ බවට පත් වූයේ ය. පශ්චාද් කාලීන ඉතිහාසඥයෝ රජ මාළිගාවෙහි ඇය සමඟ කටයුතු කළ දෙතිසක් බලතුන් ද ඇගේ අනියම් පුරුෂයන් ලෙස හැඳින්වූහ.

මේ ඇයගේ (අනුලා රැජින) කතාවයි.

අමුතු තාලේ ආදර කතාවක්

Highlights:

අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්‍ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්‍රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping