Chathuri Damayanthi

Chathuri Damayanthi

Showing all 2 results

Show:

ඇහැළ මලට දම් පාටක්

Highlights:

“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”

පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක

දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.

පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.

“The tree of Paramee…!”

“මම පාරමී?”

“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා

ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”

“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”

මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”

“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු

ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”

“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.

අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”

“ඇයි ඒ?”

“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”

Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:
     බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.
——————————
ඕල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන වෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ. කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට. ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – වෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවී!
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping