- You cannot add "දූලි" to the cart because the product is out of stock.
“නුග අරණේ සැඟවුණු රහසක් ඇතැයි සිතිජයේ සිත නොනවත්වාම කෑ මොර දෙන්නට විය.තමා දුටු ඒ සුදු හැඳි රුව හොල්මනක් නොවන බව ඔහු හොඳින්ම දනී.
දැන් උද්ගතව ඇති තත්ත්වය අනුව එම කැලයේ ඇවිදීමට කාවිංගවත් චරිතවත් නොපැමිණෙන බව ඔහුට සක් සුදක් සේ පැහැදිලිය. ශිවරාජ් වුව ඉන්නේ හොල්මන් ගැන අනියත බියෙනි. එනිසා ඔවුන් කිසිවෙකුටත් නොදන්වා තනිවම නුග අරණට ගොස් තම සැකය දුරු කර ගැනීමට සිතිජ අවසානයේ තීරණය කළේය.”
දේදුණු සේයා..
අම්මා මට නම තියලා තිබුණෙ එහෙමයි.දේදුන්න කියන්නෙ මොහොතකට ලස්සන දෙන දෙයක් ඒත් ඒක සේයාවක් වගේම මැකිලා යනවා.අම්මා මට නම තිබ්බෙ ඒ නමේ සැඟවිලා තිබුණ තේරුම කලින් දැනගෙනද…එහෙමනං එයා හරි … දකින අයගෙ ඇස් පිනවන්න තරම් රූපයක් තිබුණට මං ඇත්තටම සේයාවක්…ඉස්කෝලෙ යන කාලෙ යාළුවො මට කතා කලේ වීනස් කියලා. “ඔයාලා වීනස් දෙව් දුව දැකලා තියෙනවද…?”
සඳට හඬන එක
බිම්මල් කැකුළක්
නිලඹර වෙත
නෙතු පියන් යොමා…
ඇසිපිය නොහෙලා
බලා හිඳිනවා
සීතල කිඳුළින්
දෑස් තෙමා…
හිරු කිරණින්
ලැබුණත් ආලෝකය
හිරු කුමරුනි මට
වෙන්න සමා…
මෙහි පැමිණි පළමු තත්පරයේ සිට මට දැනුණේ සනාතනගේ
ඥාතියෙකුගේ මළ ගමකට පැමිණි බවත් නොව…
මගේම නිවසට ආ බවකි.
“කල්පනාවෙන් ඉන්න දහරා..”
මගේ මිතුරිය ප්‍රතිභා සැලෙන හඬින් කීවාය.
නමුදු එය නොතැකු මම මැද සාලයේ බිත්තියට ආසන්න වන සේ තබා තිබූ
දේහය වෙත ඍජු කයෙන් යුතුව පිය මැන්නෙමි.
අදහන්න.. සුදෝ සුදුවට බැබලුණු සේලයන් අතර නිසසල ලෙස සැතපී
උන්නේ සනාතනගේ සීයා නොව…
අසව් අසව් බොල අළුත් කතාවක්
කනත්ත පාරේ සිද්ධ උනේ…
වටේම පාළුයි හරිම කරුවලයි
කියන්නවත් බෑ බයයි අනේ…
ආර්ට් එකේ අර් හැඩි දැඩි කොලුවා
ගියාලු දවසක් රෑ පානේ…
කනත්ත අයිනේ කොස් ගහ මුදුනෙන්
මහසෝනා බිම පැන්නලුනේ…
“ආහ්….. ඒ කියන්නෙ මයිල් ඒජ් වෙන්න ඇති….”
මං ඒ ඉංග්‍රීසි වචනෙ සන්ධි විසන්ධි කරලා කිව්වා.
“ඒ කියන්නෙ බං මයිල් වල වයස…..”
“හැ…. වාහන වලට කොහෙන්ද සිතු මයිල්…?
කවියගෙ කට කන පැත්තටම දික් වෙලා.
“අනේ සජී… බලන්නකො අයියෙ…. මේ… මේ..” කලබලයට පත් සජීත් රියෙන් බැස ගනිද්දී ඒ හා සමාන වේගයකින් බිමට පැනගත් මන්දාරා කෑ ගැසුවේ බිම වැටී උන් මිනිසා ලේ විලක් මැද
දඟලමින් ගැහෙමින් ඉන්නවා දැකය. ඉක්මනට හොස්පිට්ල් එකකට ගෙනියමු බබා තාම පණ තියෙනවා…”
තමාගේ වරද ගැන දහස්වර කම්පාවෙමින් සජීත් එසේ කීව ද ඔවුන් දෙදෙනා සිරුර ළඟට ළං වීමටත් පෙර එහි ගැස්ම එක්වරම නතර වී දේහය නිසල විය.
“මයි ගෝඩ්….”
තමා මුහුණ දුන් සිදුවීමේ අවධානම තේරුම් ගත් සජීත් හිස බදා ගනිත්ම එම පාරේ ඈත කෙළවරකින් ආලෝක ධාරාවක් මතු වනු මන්දාරා දුටුවාය.
“සජී… ඈතින් වාහනයක් එනවා….
මොකද කරන්නේ….?
තමන් දෙදෙනා මේ මොහොතේ අසු වුවහොත් නීතියෙන් ගැළවීමක් නොලැබෙන බව දැනගත් යුවතිය සජීත්ගේ සුරතේ වෙළී හඬ නැගුවාය. “මන්දි… නගින්න වාහනේට…. ඉක්මනට නගින්න…”
දෙනෙත් පුරා නීති ගලන කදුළු වැල්…
සැගවීමට තව තව වැහැපන්…
මුවගින් ගිලිහෙන සෝක සුසුම් වැල්
නෑසීමට තව ගොරවාපන්…
රතු වූ නිල් නෙතු සගවා ගන්නට
වලාකුලේ ඔය සද වහපන්…
රිදුනු තැවුණු සිත සුවපත් කරන්නට..
පහන් තරුව යළි පායාපන්…
“මේ දෙන්නා එක්කෝ අධිකව ඩ්‍රින්ක්ස් අරගෙන ඉඳල තියෙනවා.නැත්නම් වැඩියෙන් ආහාර ගැනීම, නිදි වැරීම හෝ වෙනයම් හේතුවක් නිසා අධික නිදිමතින් ඉඳල තියෙනවා.ඒක තමයි දෙන්නා ගොඩ එන්න ලොකු උත්සහයක් දරපු බවක් පේන්න තිබුණෙ නැත්තෙ..”
මරණ පරීක්ෂකවරයා කීවේ ළග උන් සහයකයාට ය .
ගොඩගත් වාහනයේ මත්පැන් හා කටගැස්ම තිනුණාට ඔවුන් ඒ වන විට බීමත්ව නොසිටි බව සායනික පරීක්ෂාවකින් පසු සැලසිණි.
“එහෙනං හේතුව නිදිමත වෙන්න පුළුවන්. ඒත් මේ තරම් අනතුරක් වෙද්දී කෙනෙක් සීට් බෙල්ට් එකවත් ගලවගන්න උත්සහ කරලා නෑ කියන්නෙ හරි පුදුමයක්..”
උදයන්ත සිය ආසන පටිය ගලවා තිබුණද පර්ල් ආසන් පටි තද කරගෙනම මියගොස් සිටීම ගැන සැකයෙන් ඔහු තව දුරටත් කීවේය.
“චූටි පුතේ.. චූටි පුතේ..”
ගජරාමෙට නින්දක් දාගෙන ඉද්දී කවුදෝ මන්දා මාව
එහාටයි මෙහාටයි හොල්ලන්න ගත්තා. ඇත්තටම මොකාද මේ
වසලයා…
“චූටි පුතේ…”
ඕං ආයෙත් පාරක් … මං ඇස් දෙකෙන් එක ඇහැක්
විතරක් ඇරලා බැලුවා. ම්හ්.. කට්ට කළුවරයි.
“කොලුවො .. නැගිටපං.. ආං අර ඉසකුඩිච්චිය ඇවිත්..”
දෙයියනේ … මට ඒ පාර තමයි වැඩේ මීටර් උනේ. මේ
අපේ ආච්චිනෙ. එයා ඇරුනම මට චූටි පුතේ කියලා කතා කරන්න
වෙන කෙනෙක් නැහැ.
ඒත් ආච්චි මොකද මේ ලයිට් එකවත් නොදා කාමරේට
රිංගුවෙ. අනේ අම්මපා කොල්ලෙක් නිදන් ඉන්න කාමරේට
මෙහෙමත් එනවද ගෑණු ළමයි…?
“කවුද ආච්චියෙ ඉසකුඩිච්චිය..? ”
නින්ද කඩපු තරහට කටට සුද්ධ සිංහල වචන පේළියක්
ගලාගෙන ආවත් ආච්චිට ඕවා කියන්න පුළුවනෑ . ඉතිං මං
දැහැමින් සෙමින් කතාවට බැස්සා.
“සීයා මැරුණෙ කොහොමද කියලා සීතා දන්නවද..? ඒ කාලෙ ඔයාට කතා කරන්න පුළුවන්නද..?” මැය වටිනා කියන කරුණු බොහෝමයක් දන්න බව වටහා ගත් තිසරණි ඒවා එකින් එක ක්‍රමාණුකූලව අසාගෙන ගියාය. “රළහාම් මැරුණ විදිය මං දන්නවා සුදු නෝනා. ඒත් ඒවා කිව්වොත් මාවත් මරාම දායි.” ඈ කොළයේ ලියූ අදහසට අනුරූපීව ඇගේ මුහුණේ ඉරියව්ද වෙනස් වී තිබිණි . “මරලම දායි.. කවුද..? නමුත් ඈ නිහඩය. “සීතා බය වෙන්න එපා. එහෙම වෙන්න ඒවා සීතා කිව්වා කියලා මං කාටහරි කිව්වොත්නෙ.” ” ඒ කියන්නෙ සුදු නෝනා ඒවා පොලීසියට කියන්නේ නැද්ද..? ජයම්පති මහතාගේ නොඑසේනම් සීයාගේ මරණය ස්වභාවික මරණයක් නොවන බවට වන පළමු ඉගිය සීතාගෙන් පිට වූයේ එලෙසය. ඉන් ත්සරණී තරමක් කලබල විණි.” |
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Poetry
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys