Gonadeniye Wimalajothi Thero

Gonadeniye Wimalajothi Thero

Showing all 4 results

Show:

පාළි සිංහල මහා සතිපට්ඪාන සූත්‍ර දේශනාව

Highlights:

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කුරූසු විහරති කම්මාස්සදම්මං නාම කුරූනං නිගමෝ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි, භික්ඛවෝ’ති. භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයෙහි කම්මාස්සදම්ම නම් වූ කුඩා නගරයෙහි වෙහෙරක වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් මහණෙනි’යි කියා භික්ෂු සංඝයා අමතා වදාළ සේක. ‘පින්වතාණන් වහන්සැ’යි කියා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ මේ සතිපට්ඨාන සද්ධර්ම දේශනය වදාළ සේක.

ඒකායනෝ අයං භික්ඛවේ, මග්ගෝ සත්තානං විසුද්ධියා සෝකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා. කතමේ චත්තාරෝ?

පින්වත් මහණෙනි, සතර සතිපට්ඨාන යනුවෙන් යම් මේ ධර්මයක් ඇද්ද මෙය වනාහී සත්වයන්ගේ පිරිසිදු බව පිණිස ද, සෝක වැලපීම් ඉක්මවා යාම පිණිස ද, කායික මානසික දුක් දොම්නස් නැතිවීම පිණිස ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස ද, අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස ද පවතින්නා වූ ඒකායන විමුක්ති මාර්ගය යි. ඒ සතර සතිපට්ඨානය කුමක් ද?

සුනිල ගී රස විනිය

Highlights:

ගීතය, නූතන කාලංගයන් අතර ජනප්‍රිය ම කලාවයි. එය, ගේය කාව්‍ය රචකයා, සංගීත රචකයා, එහි ගායනා ශිල්පියා – ශිල්පිනිය ගේ ප්‍රතිභාව එක්තැන් කළ සාමුහික කලාවකි.ඕනෑම කලාවක් ජනප්‍රිය වන්නා හා ම ඊට ප්‍රතිලෝමී ව එහි ගුණාත්මක පක්ෂය පිරිහෙයි. නූතන ගීතය ද අද මුහුණ පා ඇත්තේ එකී දුර්දශාවටයි.

නිවන් දැකීම

Highlights:

යමෙක් ධර්මය නොදැක වසර සියයක් ජීවත් වෙනවාට වඩා ධර්මය දැක එක් දවසක් ජීවත් වීම උතුම් බව බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කර ඇත. “අමතං පදං” යන පදයත් “ධම්මමුත්තමං” යන පදයත් උන් වහන්සේ එහි දී යොදාගෙන ඇත. මේ පද දෙකින් ම අදහස් කරනු ලබන්නේ අන් කිසිවක් නොව අමාමහ නිර්වාණ ධර්මය ය.

මහා පරිනිබ්බාන සූත්‍රය

Highlights:

විශාලා නගරයෙන් නික්මුණු උන්වහන්සේ භණ්ඩගම හත්ථිගාම, අම්බගාම, ජම්බුගාම පසුකොට භෝග නගරයට වඩියි. එම නගරයේදී සතර මහා පදේශ දේශනා කළේය. එම නගරයෙන් පිටත් වූ උන්වහන්සේ පාවා නුවර චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ උයනේ නතර වෙයි. මේ බව ආරංචි වී බුදුරදුන් හමුවීමට පැමිණි චුන්ද හෙට දානය සඳහා මාගේ නිවසට වඩින ලෙසට උන්වහන්සේට ආරාධනා කළේය.

පසු දින භික්ෂුන් සමඟ ඔහුගේ නිවසට වඩියි. එහිදී සූකර මද්දව නැමති සිනිදු ආහාරයක් බුදුරදුන්ට පිළිගන්වයි. මෙම සිනිඳු ආහාරය තමාට පමණක් පිළිගන්වා ඉතිරිය වළදමන ලෙසටත් මෙම ආහාරය දිරවිය හැකි වන්නේ තමාට පමණක් බවත් වෙනත් කිසිම පුද්ගලයෙකුට මෙය දිරවන්නේ නැති බවත් උන්වහන්සේ පැහැදිලි කළේය. මෙම සූකර මද්දවය වැළදීම නිසා උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවූ අතර බුදුරදුන් එම අසනීප තත්ත්වය යටපත් කර ගත්තේය. (සමහරු විශ්වාස කරන අන්දමට සූකර මද්දවය යනු ඌරු මස්ය. එය වැරදි විශ්වාසයකි. මද්දවය යන වචනයෙන් සිනිදු යන අදහස ලැබෙයි. ඌරු බිම්මල් හෝ වෙනත් සිනිදු ආහාරයක් මෙයින් අදහස් කරන බව බොහෝ උගතුන්ගේ අදහසයි. සියලු දෙනාටම මෙම ආහාරය දිරවන්නේ නැත.)

ඉන්පසු බුදුරදුන් කුසිනාරා නුවරට වඩියි. අතරමඟදී කලන්තය සෑදී ගසක් මුල වාඩිවෙයි. වතුර පිපාසය සෑදී ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලයි. එම ස්ථානයේ තුබූ ජල මාර්ගයකින් කරත්ත ගමන්කර තිබූ නිසා ජලය බොරවී තිබුණි. තුන් වතාවක් උන්වහන්සේ ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලීය. බොර වතුර පෑදෙන තුරු උන්වහන්සේට ජලය නොලැබුණි. මෙදින ආලාර කාලාමගේ ශ්‍රාවකයෙකු වූ පුක්කුස නැමැත්තා බුදුරදුන් හමුවට පැමිණ උන්වහන්සේ සමඟ කථා කරයි. ඔහු බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේට වස්ත්‍රයක් පූජා කරයි. එම වස්ත්‍රය බුද්ධ ශරීරයට ලංකල විට ශරීරය රන්වන් විය. බුද්ධත්වය ලබන අවස්ථාවේදී හා මෙම අවස්ථාවේදී උන්වහන්සේගේ සිරුර රන්වන් පාට වූ බව පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙයි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping