Madhushika Dilhani

Madhushika Dilhani

Showing all 3 results

Show:
10% DISCOUNTSold Out

පිච්ච මල් හීනය

Highlights:

පිච්ච මල් හීනය “මගේ අත අතාරින්න අශී… ප්ලීස්…” මම බොහොම සංයමයකින් පාලනය කරගත්තු කටහඬකින් කතා කළේ… හැඟීම්වලට ඉඩ දුන්නොත් මට වෙන්නේ අඬන්න…

“ඇයි දැන් මම අල්ලනකොටද අමාරු… අරූ කර වටේ අත දාගෙන ඉන්නකොට කිසිම අමාරුවක් තිබ්බේ නෑ නේද…”

අශීගේ තරහව පිපිරෙනවා… ඒත් එයාට කිසිම සාධාරණ අයිතියක් නැහැ මේ විදිහට තරහා ගන්න. මේ තරමටවත් මම නෝක්කාඩු ගන්නේ මම එයාට ආදරේ කරන නිසා… ඒත් යාළුකමට, ඒ හැඟීම අයිති නැති නිසා මම උපරිම උත්සහ ගන්නවා. ඒ හැඟීම් හංගන්න. මානවිවයි අශීවයි එක තැන දකිද්දී තරහා නොගෙන ඉන්න. ඒත් අශීගේ හිතේ මං ගැන තියෙන්නේ යාළුකමක් විතරයිනම් එයාට මේ තරම්වත් තරහා ගන්න අයිතියක් නැහැ.

“එයයි ඔයයි කියන්නේ මට දෙන්නෙක් අශී. ඔයා මගේ යාළුවා… යාළුවා ඉන්න ඕන සීමාවක් ඇතුලේ…” හිතේ තිබ්බ තරහවට මම ලොකු පණ්ඩිත කතාවකුත් කියලා දැම්මා.

“අහ්… ඒකත් එහෙමද… එතකොට මම ඉන්න ඕනා සීමාවල් ඇතුලේ. එතකොට විශ්වට සීමාවල් පනින්න දීලා තියෙන්නේ ඇයි කියලත් මට කියන්න පුළුවන්ද මැඩම්…?” අශී සන්සුන් වෙන්න දරන උත්සහයේ පවා තියෙන්නේ තරහවක්.

“ඔව්… ඔයාට විතරක් නෙමේ මටත් පුළුවන් ආදරය කරන්න. මම විශ්ව අයියට ආදරෙයි.”

මම මගේ තුන් හිතකවත් තිබ්බේ නැති දෙයක් කියලා දැම්මා. අශීගේ මුහුණට ආවේ මම කවදාවත් දැකලා නැති තේරුම් ගන්න බැරි බැල්මක්. මට ඕන වුණේ අශීට රිද්දන්න. මම වෙන කෙනෙක්ට ආදරේ කළාම අශීට රිදෙනවද බලන්න. හරියට එයා වෙන කෙනෙක්ට ආදරේ කළාම මට රිදෙනවා වගේ.

“විශ්ව දන්නවද මේක…? අශී අර අමුතු බැල්ම පිටින්ම මගෙන් අහුවා.

“නැහැ…”
“මෝඩ වෙන්නෙපා ඕයි… ඒකට කෙල්ලෙක් ඉන්නවා…”

රු594.00
10% DISCOUNT

අසම්මතයද අහිමි නුඹ

Highlights:

“මොහොකටද අනේ ඔයාලා හිනා වෙන්නෙ.. කවුද සමනලයා…”
මම තරහෙන් එහෙම ඇහුවෙ කේශ්ගෙ හිනාවන් කලින්ට වඩා
ටිකක් වැඩියි කියලා දැක්ක නිසයි…
“ඇත්තමයි කේෂ්.. උඹ කෙල්ලෙක්ව සෙකට්‍රි පෝස්ට් එකට
ගත්තට වඩා හපන් වෙනවා මේකිව ගත්තු එක.. එහෙම උනානම්
අහන්න වෙන්නේ දෑරංගල ඇමතිට හොර ගෑනු ඇත.. කියන පදේ විතරයි..
ඒත් කමක් නෑ… හොර වුනත් ගෑනියෙක්නේ කියල ඉවසන්න පුළුවන්.
ඒත් දැන්. මේකිව දකිද්දි ඔය ගොසිප් කාරයො උඹට හොඳ හොඳ
කතා හදයි ඇමති පුතේ. මට මැවිලා පේනවා.
ගොසිප් පේජ්වල හෙඩ්ලයින් යන හැටි.”

රු1,980.00
10% DISCOUNTSold Out

ආදරේ ඒ වගේ

Highlights:
“අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද” කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා.

“මොකෝ….. බයවෙලා….” හේතුව දැන දැනම ඔහු ඇසුවේ ඒ රතු වී ඇති වත තවත් රතු කරන්නට ඇතිවූ ආසාවෙනි.

“ම්… මගේ ඇඳුම…..  ඒක කොහොමද ගැලවුනේ….” ඇය ගොත ගසමින් ඇසුවේ

ඒ දෑස් මගහරිමිනි

“හරි වැඩේ තමා. මොකෙක් හරි ඊයේ රෑ කාමරේට ඇවිත් ගවුම ගලවලා තියෙනවා. ”

ඔහු ඇයව විහිළුවට ගන්නේය.

“අනේ බය කරන්න එපා”

මම නම් දන්නේ නෑ කවුරු ගැලෙව්වද කියලා නම්. මම මැඩම්ව ඊයේ රෑ ඇඳෙන් තිබ්බෙ ගවුම පිටින්මයි

ඔයාම වෙන්නැති රෑ නින්දෙන් ගලවන්න ඇත්තේ. ”

“මම ගැලෙව්වේ නෑනේ….” ඇයගේ මුවින් ඒ වදන් පෙළ පිට වූයේ නම් සිහින් හඬිනි.

“හරි එතකොට ඔයා කියන්නේ ඔය ගවුම මම ගැලෙව්වා කියලද” තුෂේන් ඇඳෙන් නැගිට්ටේ සිනහව සඟවාගෙන ය.

,හැබැයි ඉතිං මම ගැලෙව්වා නම් ඒක විතරක් ගලවලා නිකා ඉන්නේ නෑ ……. ඉතුරු ටිකත් ගලවනවා………” රතු වූ ඇය තව තවත් රතු වෙද්දී , ඒ කෝල හැඟීම ඇයට නිදහසේ විඳින්නට ඉඩදී තුෂේන් නාන කාමරයට වැදුණේය.

රු1,485.00
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping