Pradeep Kumara Balasuriya

Pradeep Kumara Balasuriya

Showing all 3 results

Show:

අවුෂ්විට්ස් හි සොයුරියෝ

Highlights:

ජෝශෆ් මෙන්ගෙලේ නම් දොස්තරවරයාගේ විකෘති පර්යේෂණ සඳහා යොදාගත් නට්සි කඳවුරුවල හිරවූ දරුවන් ගැන මින් කියැවෙයි. මෙහි කතා නායිකාව වන ඊවා සිය සොයුරිය සමග පර්යේෂණ සඳහා ගොදුරු වන්නේ අවුරුදු 10 දී ය.ඊවා පසුකලෙක යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටි මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙයි. ඇය අවුරුදු 84ක් ම ජීවත්වීමද පුදුමයකි.‘අවුෂ්විට්ස් හි නිවුන් සොයුරියෝ’ දෙවැනි ලෝකයේ මෙතෙක් නුදුටු පැත්තක් ගැන හෙළි කරයි.

සය දෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්භයේ ඊවා හා මීරියම් ජීවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි.නට්සි කඳවුරක් තුල විවිධ පරීක්ෂණවලට ලක් වෙමින් වද වේදනා විඳිමින් කල් ගෙව්වද අඳුරු ආගාධය අතරින් සිහින ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති . ඉන් පසුව ජීවිතය යලි ලබන්නට ඔවුන් කරන අරගලය සුළුපටු නොවේ. පරාජිත බවින් පසු නොබැස අධිෂ්ඨානය පෙරදැරි ව ඊවා නම් දැරිය සිය නැගණිය ද රැගෙන දිගු ගමනක් යයි. ඊවාගේ කතාව අවසානයේ දසක අටක් පුරා දිවෙන වීර චරිතාපදානයක් බවට පත්වෙයි . ඇය ඔවුන්ට වද හිංසා පැමිණවූ නට්සින්ට ලෝකය හමුවේ සමාව ප්‍රදානය කරයි. ඊවා ආන්දෝලාත්මක චරිතයක් බවට පත් වන්නේ එතැන් සිටය.

ලක්දිව රන්දළු අන්දරය

Highlights:

ලක්දිව රන්දළු අන්දරය – ශ්‍රේෂ්ඨ තේ කර්මාන්තය හා පැරණි ලංකාවේ තොරතුරු මෙහි අන්තර්ගතය.

ජන සංහාරයේ දින පොත

Highlights:

මෙය ‘නොනා ලිසෝවිස්කජා බැනිස්ටර්’ නම් රුසියානු ඇමරිකානු කාන්තාව විසින් දෙවන ලෝක යුද සමය හා නාසි හමුදා භීෂණයේ තම පෞද්ගලික අත්දැකීම් පදනම් කරගෙන ලියූ සටහන් පෙළකි. නමුත් ඇගේ රහසිගත ජීවිතය පිළිබඳ මෙම සටහන් පෙළ ග්‍රන්ථයක් ලෙස ප්‍රසිද්ධ කෙරුණේ වසර 2004 දී ඇය මිය යෑමෙන් පසු ය.

භාෂා පහකට වඩා දැන සිටි නොනා යුද්ධයට මැදි වීමෙන් පසු පියා විසින් දුන් දින පොත්වල තම අත්දැකීම් ලීවා ය. නොනා දෙවන ලෝක යුද සමයේ නාසි හමුදා අත්තඩංගුවට පත් ව දිවි බේරා ගත් කිහිපදෙනාගෙන් අයෙකු වීම විශේෂත්වයකි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping