Roland Abeypala

Roland Abeypala

Showing all 4 results

Show:

අධ්‍යාපන දර්ශනයේ පෙරදිග චින්තන පැතිකඩ

Highlights:

අධ්‍යාපන ඥානවිභාගයට තුඩුදුන් දාර්ශනික ප්‍රවේශයන් වන සන්තතවාදය, සාරාත්මවාදය, ප්‍රගතිවාදය, හා ප්‍රතිනිර්මාණවාදය මෙන්ම පෙරදිග චින්තනයෙහිලා ගැනෙන ආගමික ආචාරධර්ම සැකැවින් විග්‍රහ කෙරෙන මෙම කෘතිය සමාජ ප්‍රගතියට මහත් සේ දායක වූ තාගෝර්, ගාන්ධි, කන්නන්ගර, ප්‍රෙයර් හා නියරේරේ යන අධ්‍යාපන දාර්ශනිකයන්ගේ දායකත්වය ද විමසුමට ලක් කෙරේ.

මහලුවිය සඳහා උපදේශනය

Highlights:

‘මහලුවිය’ සං‍වර්ධන මනෝවිද්‍යාවට අයත් විෂය මාතෘකාවකි. මනුෂ්‍ය ජීවය ආරම්භ වී හැදී වැඩී වැඩිහිටි වීම දක්වා සංවර්ධන  මනෝවිද්‍යාවේ මාහැඟි සාහිත්‍ය‍යක් ප්‍රකාශිතව පවතී.

ළමා මනෝවිද්‍යාව ජීන් පියාජේගේ ප්‍රජානන වර්ධනය

Highlights:

ජීන් පියාජේගෙන් තොරව ළමා සංවර්ධනය හා ප්‍රජානන වර්ධනය ගැන කතා කළ නොහැකි තරමට ඔහුගේ සොයා ගැනීම් හා අනාවරණ ළමා මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ අතිශයින්ම වැදගත් වේ. පියාජේගේ චින්තනය පිළිබද ලොව පුරා විවිධ බසින් පොතපත දහස් ගණන් ලියැවී ඇත. එකී පියාජේ සාහිත්‍යයේ සිංහල මාධ්‍ය අල්පමාත්‍රය අතර මෙය නවතම කෘතිය වශයෙන් හදුන්වා දිය හැක්කේය. මෙහි පියාජේ පිළිබද සමස්තය අන්තර්ගත නොවුව ද ගුරුවරුන්, පාඨමාලා විද්‍යාර්ථින් හා දරුවන් ඇති දැඩි කරන දෙමාපියන් උදෙසා අවැසි සංක්‍ෂිප්තය අන්තර්ගත වේ. සරල බසින් ලියා ඇති බැවින් කාටත් කියවා තේරුම් ගතහැකි වීම මෙම කෘතියේ විශේෂ ලක්ෂණයකි.

පශ්චාත් නූතන උපදේශනය

Highlights:

විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගික වශයෙන්ද සංවර්ධනය වෙමින්

එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි.නූතන උපදේශන ප්‍රතිකාරක න්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාර න්‍යායන්ද

එහි ප්‍රතිඵලයකි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping