ධූම
“මට ඉන්න දෙන්න පාඩුවේ..” යුවතිය මිමිණුවේ කඳුළින්
බරවූ නෙතිනි. “මටත් ඉන්න දෙන්න පාඩුවේ..
ඔය ඇස් මාව පුච්චනවා..”
තෙහස්ගේ ගැඹුරු හඬ සවනට වැටෙද්දී ස්වාසි බියෙන්
මෙන් ඔහු දෙසට හැරුණේ ඒ කියූව වටහා ගත නොහැකි සේ ය.
ඇගේ හිස් බැල්ම එලෙසම තිබුණ ද ඒ දිගැටි දැස ඉතාමත්
ආකර්ෂණීය බවට තෙහස් හඳුනා ගනිමින් සිටියේ ය..
ඇගේ පිරුණු කොපුල්වලට අයිතිකාරයෙක් නැති හැඩ ය.
ඒවා මත කිසිදු සලකුණක් නැත. තෙහස්ගේ සිතට නැගුණේ
දැඩි ලෝභී හැඟීමකි. වෙව්ලන රෝස පැහැ ඈ දෙතොල තමාට
කරන්නේ ආරාධනාවකි.
තෙහස් ඈ දෙතොල් දෙසට නැඹුරු වද්දී ම මහ හඬින් අකුණක් පුපුරා ගියේ අසල වූ ගසක අත්තක් බිමට පතිත කරමිනි. එයින් මහත් සේ බියට පත් යුවතිය තෙහස්ගේ උරහිස් අතර මුහුණ සගවා ගත්තේ අධික භීතියකිනි. සිය හැඟුමන්වලට ඉඩ නොදුන් ප්‍රචණ්ඩ කාලගුණයට තෙහස් සිතින් බැණ වදින්නට විය. පරිසරය ම ඝන මන්දාරමකින් වෙළා ගෙන තිබිය දී සුළි කුණාටුවක් සේ ඇද හැළෙන වර්ෂාව දෙස තෙහස් බලා සිටියේ එක්වර ම මෙවැනි අයුරින් වර්ෂාව – ප්‍රචණ්ඩ වූයේ මන්දැ’යි සිතාගත නොහැකිව ය.
ඒ මගේ සඳයි
“මතුපිටින් ලෝකෙට පේන ජීවිත ගොඩක් ඇතුලෙන් ගිනි අරන් දැවෙනවා මිස් ම්න්දෝදරී ..”
යශ්වින්ගේ දෑසේ ආකර්ෂණයට නතු වූ යුවතිය අත්වැට අතැර සෙමින් පසුපසට ගියේ ඔහු සෙමින් ඈ වෙත ළං වද්දීය. කිසිවෙකු නොමැති පාලු වූ බැල්කනියේ මහසයුරේ තනිය දෙදෙනා මකන සෙයකි. අඩවන් වූ දෑසින් යශ්වින් සුරත බිත්තිය මත තබා ඈ වෙතට නැඹුරු වූයේ නාද්‍යා බියටම වෙව්වලමින් බිත්තිය පුපුරුවා ගෙන යෑමට වෙර දරද්දීය.
ධිවනිත
ඔහු සිය ආත්මය පැහැර ගෙන ගොස් ඇත.
ඔහුට එසේ නොකරන්නට තිබුණි. තමාට ළං
නොවී ඉන්නට තිබුණි. එහෙත් තමාටත් එසේ
කරන්නට අවස්ථව තිබුණු නමුදු තමාටත් ඔහුට
ළං වන්නට උවමනා වී තිබුණි.සත්‍ය එය වුවද නිහාරිකා මේ මොහොතේ සිතුවේ
ඔහු තමා සාහසික ලෙස රවටා ඇති බැවි පමණි.
කිසිවෙකු ස්පර්ශ නොකළ සිය ගත ඔහු ස්පර්ශ
කර ඇත. පිරි මැද ඇත.අවසානයේ සිය දෙතොලේ
පහස ද ඔහු විදගෙන ඇත. සමාවක් දිය නොහැක.
සිත හදුනා නොගත් ප්‍රේමය වෛරයෙන් වැසී යාමට අර
අදින බැව් යුවතියට වැටහී යාමට තරමක් දුරට ප්‍රමාද වී ඇත.
ප්‍රේමය.. එය මරණීය වේදනාවකි. හුස්ම පවා සිරවෙන..
සියලු පැතුම් සුනු විසුනු වෙන.. සියලු අරමුණු සුළගේ ගසාගෙන යන..
එය මරණීය වේදනාවකි.