ෂැංහයි මහාග්රපුරය අහසට ද පොළොවට ද අභියෝග කරන පශ්චාත් නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ විසල් ප්රදර්ශනයකි. එය කොළඹ පමණක් නොව, දිල්ලියේ හා මුම්බායි නගරයේ සිහිනවල පමණක් තිබෙන යුගයකට අවතීර්ණ වී ඇත; එහෙත් ක්රමයෙන් විශාල වන පාරිසරික ප්රශ්න හා ඇති නැති පරතරය හ සසඳන විට ෂැංහයි ද කොළඹ හා සමානය.
මේ කෘතිය හුදෙක් කොළඹ හා ෂැංහයි අතර සිද්ධි දාමයක් නොවේ. එය අතීතය හා වර්තමානය පිළිබඳ කතාන්දරයක් මැදින් කොළඹ දේශපාලන චිත්රය පිළිබිඹු කරන්නකි.