Sunil Jayathilaka

Sunil Jayathilaka

Showing all 5 results

Show:

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (පස්වන ඒකකය)

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ පස්වන ඒකකය වන “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” ඒකකයට අදාල විෂය කොටස ආවරණය වන පරිදි සැකසු කෘතියකි.

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර යටතේ මූලික මට්ටමේ දී සාකච්ඡා කරනු ලබන විෂය කරුණු සියල්ලම වාගේ මෙම පොතෙහි ඇතුලත්ව ඇති අතර සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සැකසු ගැටලු වලින් යුත් අභ්‍යාස මාලාවක් සහ පිළිතුරු විවරණයකින් සමන්විත වේ.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – චුම්බක ක්ෂේත්‍ර (හත්වන ඒකකය)

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ හත්වන ඒකකය වන “චුම්බක ක්ෂේත්‍ර” විෂය කොටස ආවරණය වන පරිදි සැකසු මෙම කෘතිය විෂය කරුණු ඇතුලත් පරිච්ඡේද හතරකින් සමන්විත වේ.

පළමු පරිච්ඡේදයේදී චුම්බක හා චුම්බකත්වය පිළිබඳ විශ්ලේෂණයක් සිදු කෙරේ. චුම්බක ක්ෂේත්‍ර හා එහි යෙදීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙවන පරිච්ඡේදය වෙන්කර ඇත. තුන්වන පරිච්ඡේදයෙන් චලිතවන විද්‍යුත් ආරෝපණ මත ඇතිවන චුම්බක බලය හා එහි යෙදිම් විස්තර කෙරේ. විද්‍යුත් ධාරාවක් ගලායන සන්නායක මත ඇතිකරන චුම්බක බලය හා ඒ සම්බන්ධ නියමයන් හා ප්‍රායෝගික යෙදීම් හතරවන පරිච්ඡේදයෙන් විස්තර කෙරේ.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – ස්ථීති විද්‍යුත් ක්ෂේත්‍ර (හයවන ඒකකය)

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ හයවන ඒකකය වන “ස්ථීති විද්‍යුත් ක්ෂේත්‍ර” විෂය කොටස ආවරණය වන පරිදි සැකසු මෙම කෘතිය විෂය කරුණු ඇතුලත් පරිච්ඡේද හතරකින් සමන්විත වේ.

පළමු පරිච්ඡේදයේදී විද්‍යුත් ආරෝපණ, විද්‍යුත් ක්ෂේත්‍ර සහ ඒ හා සම්බන්ධව නියමයන් පිළිබඳ විශ්ලේෂණයක් සිදු කෙරේ. ගවුස් නියමය හා එහි යෙදීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙවන පරිච්ඡේදය වෙන්කර ඇත. තුන්වන පරිච්ඡේදයෙන් ස්ථීති විද්‍යුත් ආරෝපණ සම්බන්ධ විද්‍යුත් විභවය හා විභව ශක්තිය පිළිබඳ විෂය කරුණු ඉදිරිපත් කර ඇත.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – පදාර්ථයේ යාන්ත්‍රික ගුණ

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශයේ දහවන ඒකකය වන “පදාර්ථයේ යාන්ත්‍රික ගුණ” විෂය කොටස ආවරණය වන පරිදි සැකසු මෙම කෘතිය විෂය කරුණු ඇතුලත් කර ඇත.

පළමු පරිච්ඡේදයේදී ඝන ද්‍රව්‍ය‍ය වල යාන්ත්‍රික ගුණ පිළිබඳ විශ්ලේෂණයක් සිදු කෙරේ.තරලවල යාන්ත්‍රික ගුණ හා එහි යෙදීම් සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙවන පරිච්ඡේදය වෙන්කර ඇත. තුන්වන පරිච්ඡේදයෙන් පෘෂ්ඨීක ආතතිය හා එහි යෙදිම් විස්තර කෙරේ.

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – මූලික අංශූ හා විකිරණ

Highlights:

අන්තර්ගතය

  1. පරමාණුවේ ව්‍යුහය
  2. හයිඩ්‍රජන් පරමාණුව
  3. X-කිරණ
  4. පදාර්ථයේ තරංග
  5. පරමාණුක න්‍යෂ්ටිය
  6. විකිරණශීලිතාවය
  7. න්‍යෂ්ටික ශක්තිය
  8. මූලික අංශූ
  9. බහුවරණ ප්‍රශ්න
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
41 Cart
Close

My Cart