Tharushi Niranga Jayasinghe

Tharushi Niranga Jayasinghe

Showing all 2 results

Show:

හවුස්මේඩ්

Highlights:

මම පිරිසිදු කරන තරමටම නීනා මේ ගෙදර අවුල් ජාලයක් කරන විදිහ නොතකා ඉන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම, එයා තමන්ගෙම දුව ගැන කියන අමුතු විදිහේ බොරු කතා, එයාගෙ ස්වාමිපුරුෂයා වෙන ඇන්ඩෲ වින්චෙස්ටර් දවසින් දවස බිඳුණු මනුස්සයෙක් බවට පත්වෙන විදිහ. ඒත් වේදනාවෙන් පිරුණු ඇන්ඩෲ වින්චෙස්ටර්ගේ දුඹුරු පාට, ලස්සන ඇස් දෙක දකින වාරයක් පාසා නීනාට උරුම වෙලා තියෙන සැපවත් ජීවිතය ගැන මට නොහිතා ඉන්න අමාරුයි. නිමක් නැති තරමට ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, සර්ව සම්පූර්ණ සැමියෙක්!

එකම එක වතාවක් මම නීනාගේ සුන්දර සුදු ගවොමක් ඇඳලා බැලුවා. ඒ ඒක මට මොන විදිහට ගැළපෙනවද කියලා බලන්න. ඒත් වැඩිකාලයක් යන්න කලින් ඒක එයාට අහුවුණා… ඒ එක්කම, මම ඉන්න අටලු කාමරය අගුලු දාන්න පුළුවන් පිටතින් විතරයි කියලා මට තේරුම් යද්දිත් මම ප්‍රමාද වැඩියි.

ඒත් තාමත් ඇත්තටම මම කවුද කියලා වින්චෙස්ටර්ලා නොදන්න බව මට සහතික වෙන්න පුළුවන්!
මට කරන්න පුළුවන් මොනවගේ දේවල්ද කියලා එයාලා තාමත් දන්නේ නෑ!

හන්ටිං පාටි

Highlights:
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping