Thathsaranee Satharasinghe

Thathsaranee Satharasinghe

Showing all 9 results

Show:

විශ්මජනක සොරකමක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 21

Highlights:

ලෝක ප්‍රකට විද්‍යාඥයාගේ නිවස අසල පිහිටි එළිමහන් බිමෙහි ළමුන් කඳවුරු බැඳගෙන කල් ගත කළේ හරිම සතුටින්..! ඒත් එක් දිනක රැයේ කව්රුන් හෝ විද්‍යාඥයාගේ කුටියට රහසේ ම ඇතුළු වී පර්යේෂණ සටහන් සොරකම් කර ගෙන ගොස් තිබුණා..! ඒ සොරකම කළේ කව්ද? ළමුන් ඒ ගැන සොයා බලන්නට පටන් ගත්තා. විද්‍යාඥයාගේ ඉතිරි පර්යේෂණ සටහන් සඟවා තබා ගැනීමේ වගකීමත් ළමුන්ට පැවරුණා. ඒවා සොරුන්ගෙන් රැක ගන්නට ළමුන් සමත් වෙයි ද? සොරුන් ඔවුන්ට අනතුරක් කරයි ද?

කොඳුරන දුපතේ දවසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 20

Highlights:

කොඳුරන දූපත නොයෙක් අබිරහස් සිදුවීම් වලින් පිරුණු ගුප්ත තැනක් බවට කටකතා පැතිරී තිබුණා. ඒ කතා ඇත්තක් ද? ළමුන් ඒ ගැන සොයා බලන්නට හොර රහසේ ම කොඳුරන දූපතට ඇතුළු වුණා. දූපතේ පොළොව යට පිහිටි රහස් උමගක්..! පැරණි පිළිම සමූහයක්..! මේ අපූරු සොයාගැනීම් වලින් ළමුන් පුදුමයටත් සතුටටත් පත් වුණා..! මේ අතර ම තවත් පිරිසක් කොඳුරන දූපතේ සැරිසරමින් කුමක් හෝ රහස් කටයුත්තකට අර අදින බව පෙනෙනනට තිබුණා..! ඔවුන් ගේ අරමුණ කුමක් ද? ඔවුන්ගෙන් සමන්ට යම් කිසි කරදරයක් සිදු වෙයි ද?

ගොවිපළේ අපූරු නිවාඩුවක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 18

Highlights:

ගිනි ගෙන දැවී සහමුලින් ම විනාශ වූ ආදි කාලේ මන්දිරයක්..! ඒත් ඒ මන්දිරයේ නටඹුන් කලකට පෙර ගොවිපළේ පොළොව යට වැළලී ගොස් තිබුණා. වටිනා පුරා වස්තු පිරී තිබෙන පොළොව ‌යට පිහිටි රහස් උමගක්..! මේ අපූරු සොයා ගැනීම් නිසා ළමුන්ට දැනුණේ නිම් හිමි නැති සතුටක්..! ඒත් නොසිතූ විරූ ලෙස ඔවුන් උමග තුළ සිර වුණා..! මේ අතර තවත් පිරිසක් ඒ වටිනා පුරා වස්තු සොයමින් සිටියා…! ඒවා කවුරුන් අතට පත් වෙයි ද? ළමුන්ට උමගෙන් පිට වී එන්නට පුළුවන් වෙයි ද?.

හිම යායක සැඟවුණු රහසක් – පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා 17

Highlights:

හිම යායකින් වැසී ගිය පාළු කඳුකරය හරිම අපූරු දසුනක්..! ඒත් හිටි හැටියේ ම ඒ පළාතේ පොළොව යටින් නැගෙන අබිරහස් දෙදරුම් හඬ කුමක් ද? කඳුකරය සිසාරා පැතිරි යන වර්ණවත් මීදුම ඇති වන්නේ කොහොම ද? ළමුන් පුදුමයට පත් වුණා..! කඳු පාමුල හුදෙකලාව පිහිටි නිවසේ ගුප්ත බව ළමුන් ව තව තවත් කුතුහලයට පත් කළා. හිමෙන් වැසුණු මේ අපූරු පළාතේ සැඟ වී ඇති රහස් එකින් එක අනාවරණය කර ගන්නට ළමුන්ට හැකි වෙයි.

බාර්ස් ගබඩාවේ රහස් කල්ලිය – සත් මිතුරන්ගේ වීර ක්‍රියා 06

Highlights:

” ඔයා මට අදහසක් දුන්නා. මම පඹයෙක් වගේ ඇඳගෙන වෙස් මුහුණක් දාගෙන හිටියොත් කොහොම ද…? ඔයාලගෙන් කෙනෙකුට පුළුවන් මාව සිඩ් කැෆේ එක ළඟ තැනක ගිහින් තියන්න. දැන් මේ පඹයා ඉන්නවා වගේ. කවුරුවත්ම හිතන්නෙ නැහැ මම ඇත්ත කෙනෙක් කියලා. මට ඕන තරම් වෙලාවක් එතනම ඉන්න පුළුවන් කාගෙවත් අවධානයට ලක් වෙන්නෙ නැතුව.”

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත් අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර එකතු වෙති.

වාසනාවන්ත බ්‍රවුනි – සත් මිතුරන්ගේ වීර ක්‍රියා 15

Highlights:

” හොඳයි… ඊළඟට මම නැගිටලා බාග දොර තල්ලු කරගෙන
මොනවද වෙන්නෙ බලන්න ගියා. මම දැක්කා මැජෝගෙ කුටියෙ
දොර අරින මිනිහෙක්ව. ඔහු වයසක මැජෝරාව පිටතට ගන්න
හැදුවා. එයා ඉස්තාලෙන් එළියට ගන්න හදන කොට කෙඳිරි ගාන්න,
සද්ද කරන්න පටන් ගත්තා. එක පාරම මිනිහා ඒ කුටියෙන් එළියට
විසි වුණා.. මම හිතන්නේ මැජෝර් එයාට පයින් ගැහුවා… මිනිහා
උඩින් ඉගිලිලා වගේ ගිහින් ඉස්තාලයේ එක කෙළවරක ඉඳන් අනිත්
කෙළවරට වැටුණා. ගොඩක් හොරු ඉන්නවා දැක්කම මම උමතු වුණා.
මම පිස්සු මිනිහෙක් වගේ සවලක් හොයා ගත්තා. එයාලාට ඒ පරණ
සවලෙන් පාරක් කන්න උවමනා වුණේ නැහැ.”

ගිනි පඹයාගේ අබිරහස – සත් සුමිතුරන්ගේ වීරක්‍රියා 11

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බබ්ලයිටන් විසින්
ළමුන් සඳහා ලියා පළ කරන ලද රසවත් කතා මාලාවන්ගෙන්
එකක් වන ද සීක්‍රට් සෙවන් කතා මාලාව අපූරු කතා 15 කින් යුක්තය.

පීටර්, ජෙනට්, ජැක්, බාබරා, පෑම්. කොලින් සහ ජෝර්ජ් යන
ළමුන් හත් දෙනා එක්ව සප්ත සුමිතුරු රහස් පරීක්ෂක සංගමය
නමින් ළමා සමාජයක් පිහිටුවා ගනිති. අපරාධ,හොර මැරකම්වලට
එරෙහිව ක්‍රියා කරන ඔවුහු වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙරිත්
අබිරහස් හෙළිදරව් කිරීමට වෙර දරති. පීටර් හා ජෙනට්ගේ නිවසෙහි
සිටින ස් කැම්පර් නමැති සුරතල් සුනඛයා ද ළමුන්ගේ උදව්වට නිතර
එකතු වෙති.

හිම තලාවේ අපූරු නිවසක් – සත් මිතුරන්ගේ වීරක්‍රියා 01

Highlights:

“පළවෙනියටම කරන්න දෙයක් තියෙනවා. පීටර්
නැවතත් කිව්වා. “අපි අලුත් රහසිගත වචනයක්
හොයා ගන්න ඕන. නත්තල පහු වුණාට පස්සේ
වෙන් සෙලාස් වගේ වචනයක් ගැළපෙන්නේ නැහැ.
ඒ වගේම කොලින් කෑ ගහලා කිව්ව නිසා හැමදෙනාම
දැන් ඒක දන්නවත් ඇති…”

“එහෙම වෙන්න විදිහක් නැහැ”… කොලින් කතා
කරන්නට උත්සාහ කළද පීටර් ඔහුට බාධා කළා.

“බාධා කරන්න එපා. මම තමයි මේ සංගමයේ
නායකයා. මම කිව්ව විදිහට අපි අලුත් රහසිගත
වචනයක් යොදා ගන්න මන මම දක්කා ඔයාලා
දෙන්නෙක් ඔයාලගෙ බැජ් පළඳින්නෙ නැතුව ඇවිත්
ඉන්නවා. ජෝර්ජුයි. කොලිනුයි…”

විනෝදයෙන් සිටින සප්ත සුමිතුරන්ට සැඟවී සිටින
සොරකු සමඟ හදිසියේම කටයුතු කරන්නට සිදු වෙයි.
එහි දී ඒ සොරා පසුපස හඹා යන ළමුන් මුහුණ දෙන
විවිධාකාර වික්‍රමාන්විත අත්දැකීම රැසක් වටා මෙම
කතාව ගෙතී ඇත.

හරිකේන් මකරා

Highlights:

“එයාව කෑලිවලට කපලා මාළුන්ට කන්න දාන්න.” මුහුදු මංකොල්ලකාර රජු කෑ ගැසුවේය. මුහුදු මංකොල්ලකාරුවෝ ටොම් වටා රොක් වූහ. ටොම් තම කඩුව කරකවමින් පහර දෙන්නට වූයේය. කිසිවෙකුත් විදුලියක් මෙන් එහා මෙහා ඇදෙන කඩු පත ඉදිරියට එන්නට ධෛර්යමත් වුයේ නැත.ඔවුහු පස්සෙන් පස්සට යන්නට වුහ.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping