Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Showing all 3 results

Show:

බංචි මාරි

Highlights:

දුක යන අදහසට ලිංග භේදයක් නැත.එහෙත් විලි රුදා දුක ස්ත්‍රී ලිංග ය.සියලු පිරිමි දුක් වද වේදනාවන්හි බර ගැහැනු විලි රුදාවට යටත් ය. අඩු කාලයක විශාල තෙරපීමක් සහිත විලි රුදා දුකට වඩා දිගුකාලීන තෙරපීම් සහිත විශ්‍රාමික මිනිස් දුක බලවත් ය. තරුණ අත් සහ තරුණ හිත් නැති විශ්‍රාමිකයෝ නොහැකියාව නිසාම නාකි ය. විශ්‍රාමික දුක නාකි වේදනාව ලෙස නහුතයක් මිනිසුන්ගේ මානසික හා කායික ලෙඩ හෙට්ටු කරන තෙහෙට්ටුවකි. රටක විශ්‍රාමිකයෝ තෙහෙට්ටු පීඩිත වාට්ටුගත ය. කතුවර සිතේ සිහිනයේ පැහැය වූ බාසි විශ්‍රාමික තෙහෙට්ටුවට එරෙහි ව පණ ලැබූ මිනිසෙකි. ඔහු සිහිනයෙන් අවදි වූ සැණින් කිලිටි වන මිනිසෙකි.

May December Romance ( කොළපාට ඇස් )

Highlights:

ආරති දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල
විසින් ලියන ලද “MAY DECEMBER ROMANCE” නවකතාව
විවාහක ගෘහනිර්මණ ශිල්පී ආචාර්යවරයෙකු සහ
තරුණ විශ්වවිද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක්
ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය
ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත්
ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන්
අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම
පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක
ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය
කරන පර්යේෂණාත්මක කෘතියකි.

අම්මා

Highlights:

‘අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව
ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.
මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්
විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්
තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා
උපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ
පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන
එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න
මං අම්මා වගේ ගෑනියෙක් වෙලා
ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න
ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්
මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න
රත්තරං අම්මේ!’

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping