Wimal Weerawansa

Wimal Weerawansa

Showing all 2 results

Show:

රාම රාවණා සහ විභීෂණ නූතන කතාව

Highlights:

විමල් වීරවංශ මහතාගේ මෙම කෘතිය දේශපාලන විද්‍යාව,  ‌ගෝලීය දේශපාලනය, අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ විෂයානුකූල හැදෑරීමක් සිදුකිරීමට කැමැත්තක් ඇති සියලුම පාඨකයින්ට ඉතාම සුදුසු අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස ද දැක්විය හැකිය.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස මෙම ග්‍රන්ථය පරිහරණය කිරීමෙන් වත්මන් ලෝක දේශපාලනයේදී කුඩා රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට සිදුවන හා සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් අවබෝධ කරගැනීමට පිටුවහලක් සපයයි.

මව්බිම, තමා උපන් රාජ්‍යය යන සංකල්පය ඇරිස්ටෝටල්ට අනුව සියලු මෙලොව උපන් දේශපාලන සත්වයන් වන මිනිසාට වැදගත් සංකල්පයක් වනු ඇත. මෙකී සංකල්පයෙන් පරිබාහිර වීමට කෙතරම් තාක්ෂණිකව දියුණු වූ ලෝකයක වුව ද හැකියාවක් නොමැත. එම නිසා මෙම ග්‍රන්ථය ශ්‍රී ලාංකික සියලු පාඨකයන්ට වැදගත් වේ.

නවය; සැඟවුණු කතාව

Highlights:
//.. එම තීරණාත්මක දිනයට පෙර වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාපති යෝජනා කරනු ලැබුවේ, මෙදින ( එනම් ජූලි 09) ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට ජනාධිපති මන්දිරය පත් කර ගැනීම අවශ්‍ය බවය. ඒ මතය පිළිගැනීමෙන් පසුව ජනාධිපති මන්දිරය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ හා පොලිසියේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කෙරිණි. එහෙත් හදිසියේම ඉන්දියාවෙන් ලැබුණු ආරාධනාවක් මත යුධ හමුදාපතිවරයා එහි සංචාරයක නිරත වන්නට වූයේ මේ දිනයේදීමය. ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ මෙම සංචාරය, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් ඉන්දියානු උපකාරය මත ලබා දෙනු ලැබූවක් වූ බවය.
කෙසේ වෙතත් ජන විරෝධයේ තීරණාත්මක දවස උදා වන විට ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කරන ලද ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ යුද හමුදාපතිවරයා නොසිටියේය…//
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping