Yuraj Padmin Soysa

Yuraj Padmin Soysa

Showing all 4 results

Show:

ශ්‍රී ලංකා-ලෝක ස්වභාවික වෘක්ෂලතා

Highlights:

ස්වභාවික වෘක්ෂලතා ජාතියක ජිවනාලියයි. විශේෂ විවිධත්වයකින් යුත් ස්වභාවික වෘක්ෂලතා වර්ග ගණනාවක් අප රට සතුව පවති. නිවර්තන තෙත් සදාහරිත, වියළි මිශ්‍ර සදාහරිත, කඳුකර වනාන්තර සහ තෘණ භූමි මේ අතරින් සමහරකි. ඒවායින් සිදුවන පාරිසරික මෙහෙය අපමණය. එමෙන්ම ලොව පුරා පැතිර ඇති ස්වභාවික වෘක්ෂලතා බයෝමයන් වන වර්ෂා වනාන්තර, සෞම්‍ය පතනශිලි, කාන්තාර, තුන්ද්‍රා, ටයිගා, සැවානා පිළිබඳව ද මෙම පොතින් කරුණු ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසය (දැනුම මිනුම බහුවරණ ප්‍රශ්නෝත්තර 300)

Highlights:

ශ්‍රී ලංකා ඉතිහාසය දැනුම මිනුම බහුවරණ ප්‍රශ්නෝත්තර 300 පාසල් සිසු දරුවන්ගේ සහ ඉතිහාසය විෂයය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ගේ ඉතිහාසය හා පුරා විද්‍යාත්මක දැනුම මෙන්ම අපේ උරුමය සම්බන්ධව දැනුම පුළුල් ලිරීම සඳහා සැකසුණු ග්‍රන්ථයකි.

ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර

Highlights:

ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර නම් මෙම ග්‍රන්ථය අප රටේ භූගෝලීය හා පාරිසරික පැතිකඩ පිළිබඳව පාසල්, විශ්වවිද්‍යාල සිසුන්, පරිසරය පිළිබඳව අධ්‍ය‍යනය කරන්නන්, මෙන්ම මහජනතාවද දැනුවත් කිරීම සඳහා රචනා කෙරුණකි.  අප රටේ භූමි දර්ශනය, දේශගුණය, ජලවහනය, වනාන්තර, වාරි කර්මාන්ත හා ඓතිහාසික උරුම පිළිබඳව මෙම ග්‍රන්ථයෙහි කරුණු අන්තර්ගත කොට ඇත.

ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති

Highlights:

සිංහල රජ සමයේ සිට පැවත ආ වැව් හා වාරි කර්මාන්ත ඉදිකිරීම, ජල සම්පත සං‍රක්ෂණය කර ගනිමින් සෞභාග්‍යමත් රටක් බිහි කිරීමෙහිලා මහෝපකාරී විය. එහෙත් අධිරාජ්‍යවාදී පාලන සමයෙන් පසු කෘෂිකර්මයට අමතරව ජලවිදුලිය නිපදවීම වැනි බහුකාර්යයන් සඳහා ජලාශ ඉදි කරන ලදී. එක් එක් ගංගා නිම්න පදනම් කරගනිමින් බිහි වූ මෙම ජලාශ තනිව මෙන්ම පද්ධතියක් ලෙසද පැහැදිලිව හඳුනාගත හැකිය. මේ සම්බන්ධ දැනුවත් කිරීම සඳහා ඡායාරූප සහ සිතියම් සහිතව ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති නම් මෙම ග්‍රන්ථය සැකසී ඇත.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping