New Arrival

පුළුවන්නම් අල්ලන්න

Highlights:

පුළුවන් නම් අල්ලන්න ලෙස පාඨකයාට තිළිණ කෙරෙන නිර්මාණය දෙස් විදෙස් සුපතළ Catch Me If You Can නමැති චිත්‍රපටයට පාදකවු ෆ්‍රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ජීවිත කතාවයි.Catch Me If You Can යන වාක්‍ය ඛණ්ඩය පවා පොදු ජන වහරට එක්කිරීමට තරම් අසීමාන්තික වූ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ෆ්‍රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ස්වයං චරිතාපදානයට ඉතාම සමීපව රුක්ලන්ති පෙරේරා විසින් කර ඇති මෙම අනුවාදයෙන් විහිදෙන්නේ අප බසින් ලියන ලද නවකතාවක ගුණ සුවඳමය

ඇබග්නේල් ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අනන්‍යතා අටකින් ඔහු පෙනී සිටියේය.

වයස අවුරුදු විසි එකේදී අත්අඩංගුවට පත්වුවද සිව්වසරකට පසු ඔහුට නිදහස පිරිනැමුනේ ඔහු වැනි වංචාකරුවන් (චෙක්පත් වංචාකරුවන් විශේෂයෙනි) විසින් සිදු කරන වංචාවන් සාර්ථකව වළක්වන අයුරු එෆ්. බී. අයි. ආයතනයට ඉගැන්වීමට වූ පොරොන්දුව මතයි.

Harry Potter And The Prisoner of Azkaban – Minalima Edition

Highlights:

For twelve long years, the grim fortress of Azkaban held an intamous prisoner named Sirius Black. Convicted of killing thirteen people with a single curse, he was said to be a loyal follower of the Dark Lord, Voldemort.

Now Black has escaped, making a seemingly impossible breakout from the Dementor ridden prison. The wizarding world is plunged into panic and while the Ministry of Magic struggles to track the convict down, there are whispers that he’s coming after Harry Potter.

Harry isn’t safe, nor even within the walls of his magical school, surrounded by his friends. And, on top of it all, there may be a traitor in their midst

With full-colour illustrations throughout and ingenious paper engineered features from award-winning design studio MinaLima, this stunning edition of the third book in the Harry Potter series will captivate readers of all ages.

රන් අරුණැල්ල

Highlights:

” අම්මා රට ගියාට පස්සෙ අපේ තාත්තා හුගාක් වෙනස් වුණා. මං දැන් ඉන්නේ මාමලාගෙ ගෙදර.”

අශේන්

“කොච්චර හොඳ යාළුවෝ හිටියත් පුතාගෙ හොඳම යාළුවෝ ඉන්නෙ ගෙදර. අම්මයි, තාත්තයි, ආත්තම්මයි තමයි පුතාගෙ හොඳම යාළුවො. ඒ නිසා ඉස්කෝලෙ යාළුවොත් එක්ක කරන කියන හැම දෙයක්ම පුතා ගෙදර ඇවිත් අපට කියන්න ඕන. තේරුණා නේද?”

අම්මා

” මිනිස්සු කතාබහ කරන විදිය සකස් වෙන්න ඒ අය ජීවත්වෙන පරිසරේ ලොකුවට බලපානවා. ඒ ළමයා ටික කාලයක් යද්දි පුතාලගෙ විදියට හැඩ ගැහේවි. දැනට කලබල වෙන්න එපා. අපි ඒ ළමයා හදා ගන්න බලමු.”

ආත්තම්මා

“අපේ සිංහල මැඩම්නම් කියන්නෙ, තමන්ගේ මව් භාෂාව හරියට නොදැන මොන කෙහෙම්මලක් ඉගෙන ගත්තත් වැඩක් නැතිලු.”

– යතිඳු

අයියෝ ….. ඔය සුදු මහත්තය කියන එකත් නමක් ද ළමයො? ඔයා දන්නෙ නෑ ඒ කාලෙ අපේ යාළුවන්ට දාල තිබිව්ව නම් ! දැල්ලා, අලෙයා, ගැරඬියා, මැට්ටා, බතලෙයා, පතෝලෙයා, ඔන්න නම් ! ”

තාත්තා

තුර්කි මතක මං පෙත්

Highlights:

විදෙස් සංචාරයක් යනු විනෝද චාරිකාවක් පමණක් නොව තමන් පැමිණෙන රට පිළිබඳව පූර්ව අධ්‍යයනයකින් යුතුව සංවිධානාත්මකව අත් කරගත යුතු අත්දැකීමක් බව පැහැදිලි කරන සංචාරක මාර්ගෝපදේශයක් ලෙස මෙම කෘතිය පාඨක ප්‍රසාදය දිනාගනු නිසැකය.

කවුරුන්ද මා ඔබේ

Highlights:

ඒත් පාන්දරට මට නින්ද ගියා… ආය ඇහැරෙද්දිවක් තාත්තා ඇවිත් හිටියේ නැහැ….

කතාව නවතා ඇය නැවතත් ගැඹුරු හුස්මක් ගහ

චමී තියඹරාහේනේ ගෙදර

* එදායින් පස්සේ කවදාවත් ආවේ නැහැ… ” අම්මා තාත්තට වෛර කරන්නෙ නැහැ… තාමත් එයාට ආදරෙයි…. මට ආයෙන් තාක්තව එකම එක පාරක් හම්බුණොත් ඇති… දන්නවද ඒ ඇයි කියලා…

එවර ඇය හරිතගේ මුහුණ දෙස බැලුවා. ඔහු හිස දෙපසට වැනුවේ දන්නෙ නැහැ කියන්න. දහරා අසරණ ලෙස සිනාසී ගැඹුරු හුස්මක් ගත්තා.

“මං චූටි කාලෙ කිව්වේ වැඩියෙන්ම ආදරේ තාත්තට කියලා… එයා ආය හම්බුණොත් මං කියනවා මං වැඩියෙන්ම ආදරේ අම්මට කියලා… මට ඒක වි..ත..ර..යි එයාට කි..ය..න්න ඕ..න…”

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
1 Cart
Close

My Cart