Children's Books

Children's Books

(Showing 1741 – 1800 products of 1882 products)

Show:

රත්තරන් දුවේ

Highlights:

අහිංසක දරුවන්ට හිංසා කිරීම වැරදි ක්‍රියාවක් බව කුඩා දරුවන්ට පෙන්වා දෙන ආදර්ශවත් කතාවකි.

BUY EBOOK VERSION

මහදැන්මුත්තා සහ ගෝල පිරිස

Highlights:

මහදැනුමත්තා අපේ ජන කතන්දරවල කියැවෙන බොහොම අපූරු කෙනෙක්. එයාගෙයි, එයාගේ ගෝලයන්ගෙයි කතන්දර අහන, කියවන කාටත් ඒවා කිසිදා අමතක නොවන්නේ ඒ කතන්දර ඒ තරමටම රසවත් නිසයි.

BUY EBOOK VERSION

නලපාන

Highlights:

බෝසත් චරිතය ගැන රසවත් කතා ලියැවුණු, ජාතක කතා පොතේ එන අපූරු කතාවක් ලෙස ‘නලපාන ජාතකය’ හඳුන්වා දිය හැකි ය. ප්‍රඥාවන්ත වඳුරු නායකයෙක්, භයානක රකුසෙකුගෙන් තමන්ගේ රැළ බේරා ගෙන ජලය පානය කරන ආකාරය කියා දෙන මේ කතාව කුඩා දරුවන්ට මහත් ආදර්ශයක් ගෙන දෙයි.

BUY EBOOK VERSION

නල දමයන්ති

Highlights:

නල දමයන්ති කතා පුවත පුරාණ ගද්‍ය සාහිත්‍යයෙහි ප්‍රකට කතන්දරයකි. සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනය සඳහා දරුවන්ට ඉඟිකිරීම ඉතා වැදගත් වේ. නල – දමයන්ති වෘත්තාන්තය ළමා ලෝකයට සරිලන පරිදි ඉදිරිපත් කොට තිබේ.

BUY EBOOK VERSION

ටිකිරි කතන්දර

Highlights:

සුන්දරත්වයෙන් පිරි ලෝකයට කුඩා දරුවන් බෙහෙවින්ම කැමැත්තක් දක්වයි. ටිකිරි කතන්දර කෘතිය දරුවන්ගේ ඒ සමීප බව තව තවත් වර්ධනය කරයි. කුඩා දරුවන්ගේ සිතුම් පැතුම් මනාව හඳුනා ගනිමින් නිර්මාණය කරන ලද මෙය ඔවුන්ගේ ගුණධර්ම, ආකල්ප යහපත් ලෙසින් වර්ධනය කරන්නට බෙහෙවින් උපකාර වෙයි.

ගුණසේන ළමා කතා 2

Highlights:

ජීවිතය දිනන්ට අවශ්‍ය බොහෝ වටිනා උපදේශ සිඟිති දරුවන්ගේ සිත් තුළට කාන්දු කිරීමට ඇති හොඳම මාවත රසවත් කතන්දර ලෙස ඒවා ඔවුන්ට සමීප කරවිමයි. විශ්වීය ජනකතා ඇසුරින් සම්පාදිත මෙම කෘතියේ එවැනි බොහෝ කතා අඩංගු වේ. පොත් දෙකකින් සමන්විත මේ එහි දෙවැන්නයි.

ගුණසේන ළමා කතා 1

Highlights:

ජීවිතය දිනන්ට අවශ්‍ය බොහෝ වටිනා උපදේශ සිඟිති දරුවන්ගේ සිත් තුළට කාන්දු කිරීමට ඇති හොඳම මාවත රසවත් කතන්දර ලෙස ඒවා ඔවුන්ට සමීප කරවිමයි. විශ්වීය ජනකතා ඇසුරින් සම්පාදිත මෙම කෘතියේ එවැනි බොහෝ කතා අඩංගු වේ. පොත් දෙකකින් සමන්විත මේ එහි පළමුවැන්නයි.

කිරි මුට්ටිය

Highlights:

පුංචි බබාගේ කිරි මුට්ටිය එයාගෙන් ඈත් වෙලා ගඟ දිගේ ගහගෙන ගියා. බබාට හරියට දුකයි. ඒක හරිම සුන්දර, හරිම අපූරු ළමා කතාවක්. කුඩා දරුවන්ට රසවිඳිය හැකි අයුරින් විශාල අකුරු ප්‍රමාණයෙන් මුද්‍රිතයි. සිතුවම් ද සහිතයි.

BUY EBOOK VERSION

කැකිල්ගේ රජ්ජුරුවෝ

Highlights:

කැකිල්ලේ රජු යනු අතීතයේ අප රට රජකම් කළ රජකු නොවේ. මෙය කල්පිත චරිතයකි. මොහුගේ කතා සියල්ලකින්ම පෙන්වන්නේ යම්කිසි සිදුවීමක් සම්බන්ධව අඥාන නඩු තීන්දු ලබාදීමය. මේ ළමා කෘතියෙන් ඉදිරිපත් කෙරෙන්නේ ද එවැනි අඥාන නඩු තීන්දු පිළිබඳ කතා කිහිපයකි.

BUY EBOOK VERSION

Uda Giya Baba

Highlights:

වසර පනහකටත් වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය ළමා ලෝකය අමන්දානන්දයට පත්කළ මෙම කෘතිය සිබිල් වෙත්තසිංහයන්ගේම නව සිතුවමින් යුක්තව නැවත මුද්‍රණයක් ලෙසින් ප්‍රකාශයට පත් වී තිබේ. මෙය ළමා කතන්දර කලාවේ අති විශිෂ්ට කෘතියක් ලෙස විචාරකයන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වී තිබේ.

BUY EBOOK VERSION

ආලි බාබා සහ හොරු හතළිහ

Highlights:

අරාබි නිසොල්ලාසය නම් ලෝක ප්‍රකට ප්‍රබන්ධයෙහි එන ‘ආලි බාබා සහ හාරු හතළිහ’ නම් වූ රසවත් කතන්දරය අපේ දරුවන්ගේ රසවින්දය උදෙසා මනරම් බස් වහරින් මෙසේ සිංහලයට නැගෙයි.

BUY EBOOK VERSION

අමල් බිසෝ

Highlights:

කපුටු අම්මකු සහ කපුටු තාත්තකු සමග ජීවත්වන දැරියක් ගැන කියැවෙන අපූරු, සුප්‍රකට ළමා කතාවකි.

BUY EBOOK VERSION

දොස්තර පිනී සමග විදෙස් නේවාසිකයා

Highlights:

පාස්කු බෝම්බ ප්‍රහාර සිදුවීම පාදක කර ගනිමින් නිර්මාණය කෙරුණු යොවුන් නව කතාවකි.

BUY EBOOK VERSION

විලාප දෙන ගෙවිපළේ වික්‍රමය

Highlights:

පිටිසර බද පළාතක ගොවිපළක සිදුවන නීති විරෝධී ක්‍රියාවන් හෙළිකරගන්නා දරුවන් පිරිසක් වටා ගෙතුණු වීර වික්‍රම කතාවකි.

BUY EBOOK VERSION

දෙල් ගහ යට පුංචි ගෙදර

Highlights:

අද ළමා පරපුරට අහිමිව ඇති ගම්බද සුන්දර පරිසරය, සිරිත් විරිත්, ජනශ්‍රැතිය, සහජීවනය වැනි අංග ද, වැඩිහිටියන්ට සැලකීම වැනි යහගුණ දම් ද, අංශු මාත්‍රයක් හෝ දැයේ දූදරුවන්ට තිළිණ කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය.

BUY EBOOK VERSION

උචි පන්තියේ පලවෙනියා

Highlights:

ජපන් ජන කතාවක් ඇසුරින් නිර්මාණය වූ ළමා කතාවකි. උචි නම් නරි පැටවකු වටා ගෙතී තිබේ. නරියා කී පමණින් අපට මැවෙන්නේ කපටි ස්වභාවයයි. නමුත් මේ ළමා කතාව තුළින් එවැනි සතෙකු දෙසත් සානුකම්පිත ආදරයකින් බලන්නට කුඩා දරුවන්ගේ සිත් යොමු කරවයි.

BUY EBOOK VERSION

යෝධ උදව්ව

Highlights:

සිත් ගන්නා සුළු සිතුවමින් හැඩවුණු මෙය ළමා කෘතියකි. ගම්මානයක් අසල කැලෑවක වෙසෙන යෝධයකු බල්ලකුගේ වෙස් ගෙන ගැමියන් අතරට යන ආකාරය මේ කතාවෙන් කියවේ. යෝධයා තමාට උදව් කරන ගැමි පවුලකට පෙරළා උදව් කොට ඔවුන්ගේ ජීවිත සතුටින් පුරවන ආකාරය මේ කතාවේ අන්තර්ගත වේ. යමෙක් උදව්වක් කළ හොත් එයට කළ ගුණ සැලකීමේ ආදර්ශය මේ කතාවෙන් දරුවන්ට ලැබේ.

පුංචි පුංචි පිරුළු කතා

Highlights:

ප්‍රස්තාව පිරුළු ලෙස හැඳින්වෙන්නේ අපේ භාෂාවේ අලංකාර කරන යෙදුම් විශේෂයකි. විවිධ අවස්ථාවල දී වචන රාශියකින් කිව යුතු යමක් පිරුළක් මගින් කියැවේ. ප්‍රවීණ මාධ්‍යවේදී ශ්‍රී නිමල් පද්මකුමාර මහතා විසින් සම්පාදිත එවැනි පිරුළු රැසකින් යුක්ත මේ කෘතිය ශ්‍රී ලංකාවේ පොත් කලාව තුළ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක්. මෙහි අන්තර්ගත පිරුළු කතා රැසකට නව තාක්ෂණය හා මුසුව ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ සවන් දිය හැකි ය.

BUY EBOOK VERSION

සඳ තරු මල් ගී මුතු වල්

Highlights:

විශාරද එඞ්වඞ් ජයකොඩි විසින් ගී පද ලියා සංගීතවත් කළ මෙම ළමා ගී කෘතිය නව ආකෘතියකින් සම්පාදනය වී තිබේ. ළමා ලොවට නව ගීත දොළහක් මෙම කෘතිය මගින් තිළිණ කෙරෙන අතර ඒවා අදාළ ස්වර ප්‍රස්ථාර ද ඉදිරිපත් කරයි. මෙහි සිතුවම් ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ විසින් නිර්මාණය කොට ඇත. මෙම ගී පොත සමඟ ශ්‍රවණ සංයුක්ත තැටියක් ද නොමිලයේ ලබා දෙන අතර එහි ගීත පමණක් නොව එම ගීතවලට අදාළ සංගීත පථ ( Music Tracks ) ද අඩංගුය. එමෙන්ම ස්වර ගායනා කරනුයේ කෙසේදැයි දරුවන්ට අවබෝධයක් ලබාගැනීමට රුකුළක් දෙමින් ගීත දෙකක් සඳහා ආදර්ශ ස්වර ගායනා ද ඉදිරිපත් කොට තිබේ. මෙම ශ්‍රවණ සංයුක්ත තැටියේ අඩංගු ගීත විශාරද එඞ්වඞ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ දරුදැරියන් කණ්ඩායමක් විසින් ගායනා කරනු ලබයි. ‘සඳ තරු මල් – ගී මුතු වැල්’ ළමා කෘතිය පෙර පාසල් සහ ප්‍රාථමික් ශ්‍රේණි දූ දරුවන් සඳහා විශේෂිතය.

BUY EBOOK VERSION

ලස්සන මල් පිපිලා

Highlights:

විශාරද නන්දා මාලිනී ප්‍රවීණ ගායිකාව විසින් දැනට වසර ගණනාවකට පෙර ගයන ලද ළමා ගීත දහයක් මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් වේ. නිවැරදි ළමා ගීත කලාවක් නොමැති වර්තමාන පරපුර වෙනුවෙන් මෙම කෘතිය දායාද කෙරෙන්නේ එම ගීතවල ස්වර ප්‍රස්ථාර සහ ඇගේ හඬින්ම නව සංගීත සංයෝජනයකට අනුව ගැයුණු එම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද සමගිනි.

ගුණසේන පින්තූර හෝඩිය

Highlights:

මෙය ග්‍රන්ථයක් නොවේ. එහෙත් නිර්මාණාත්මක ප්‍රකාශනයකි. දරුවන්ගේ සුපුරුදු හෝඩි පොත් කලාවෙන් ඔබ්බට ගිය මෙය විශාල ප්‍රමාණයේ දැන්වීමක් ආකාරයෙන් එළිදක්වා ඇත. වෛවර්ණ පින්තූර සමඟින් සිංහල හෝඩිය එකම කඩදාසියක පහසුවෙන් බලාත හැකි ලෙස මෙය සම්පාදිත ය.

A Treat For A Crow

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

BUY EBOOK VERSION

A Cat Tail

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

BUY EBOOK VERSION

Ferryboat Tortoise

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

BUY EBOOK VERSION

Bird Family

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

BUY EBOOK VERSION

Toad Song

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

BUY EBOOK VERSION

Baby Owl

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

BUY EBOOK VERSION

Milk For Mother Cat

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

BUY EBOOK VERSION

Mango For Monkey

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

BUY EBOOK VERSION

Overgrown Fish

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

BUY EBOOK VERSION

Bird Feed

Highlights:

One of the latest series of children’s story books written by Sibyl Wettasinghe. Printed in large letters with a small number of pages, it is suitable for primary school children. It is also home to colorful paintings that will appeal to young children.

BUY EBOOK VERSION

Little Rabbit

Highlights:

One of a series of large letter books for young children by Sybil Wettasinghe, a veteran illustrator and children’s book author.

BUY EBOOK VERSION

Wind Blown Kiri

Highlights:

This is the English translation of the well-known Children’s Story book, ‘Uda Giya Baba’ which entertained the Sri Lankan children for well over half a century. English edition has been written and illustrated by Sybil Wettasinge, the same author of the original book.

BUY EBOOK VERSION

බුදු බව පතා

Highlights:

බුදු බව පතා සිද්ධාර්ථ තවුසාණෝ පුරා සයවසක් විඳි දුෂ්කර ක්‍රියාව, සංවේදී රිද්මයකින් සහ සරල බස් වහරකින් මේ කෘතිය තුළ ලියැවී ඇත.

BUY EBOOK VERSION

අපේ බුදුහාමුදුරුවෝ

Highlights:

බුදුන් වහන්සේගේ චරිත කතාව කුඩා දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් සරල බසින් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලද කෘතියකි.

BUY EBOOK VERSION

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා 2

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි. මෙහි මේ නමින් ප්‍රකාශයට පත්කරන ලද පොතක දෙවැනි කොටසයි.

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි.

BUY EBOOK VERSION

වන තරණය

Highlights:

“වන තරණය ” වුකලි දිගාමඩුලු ජන සංස්කෘතියේසමාජ, මානව විද්‍යාත්මක වටිනාකම් රැසක් කියා දෙයි . එමගින් ඉකුත් සියවසේ දිගාමඩුල්ලේ ජීවත් වු මිනිසුන්ගේ ජීවිතයෙන් බිංදු මාත්‍රයක් හෙළිදරව් කෙරේ. ඒ ඔස්සේ අතීත උරුමයක රසවත් තොරතුරු රැසක් ඉතා පහසුවෙන් දැනහදුනාගත හැකි ය.

ජාතක තොටිල්ල

Highlights:

ජාතක තොටිල්ල

හත්පෙති මල

Highlights:

මල් පෙත්තේ, මල් පෙත්තේ උතුරු දෙසට – දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරට ඉගිල ඉගිල මෙහැම දෙසට කැරකීලා ඇවිත් බිමට ම කියන දෙය කර දෙන් මට

කාගෙද ඒ කට?

Highlights:

“අපොයි කොහෙද මේ ගියේ තනියම?” අම්මා දුවලා ඇවිත් පිංචුව බදාගත්තා. “අ-අ-අ-” පිංචු තවමත් ගැහෙනවා. “අ- අම්මා ක -කාගෙද ඒ කට?”

කවුද දිනුම්?

Highlights:

හා පැංචා හියියෙන් දුවනවා. ඉබි පැංචා ගාටනවා. “හ්හා—හ්හා— කෝ මේ ඉබි පැංචා?” “අනේ පව්! තවම ඈත ගාටනවා.” “ඔහොම හරියන්නෙ නෑ, අපි දුවමු මෙහෙම.”

විත්යාගේ ළමාවිය

Highlights:

මේ යටගියාව හිතට සමග ම මා චංචල වුයේ යම්කිසි පුදුම සිදුවීමකින් මෙන් දෙපා ඉබේ ම තදින් ක්‍රියාකරන්නට පටන් ගත් බැවිනි. ඉතා ඕනෑ කමින් වේගය නවත්වා ගත්තේ පහළ පංතියේ ළදරුවෙකු මෙන් ක්‍රියා කිරීම හතර වැනි පංතියේ මා වැන්නකුට නුසුදුසු බව සැලකීමෙනි.

හරි පුදුම ඉස්කෝලෙ

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.

නිකීතාගේ ළමා කාලය

Highlights:

අම්මේ මට පිරිසිදු වෙළුම් පටියක් දෙන්න. මගේ බෝනික්කාගේ කකුලක් තුවාල වෙලා. එයාගේ අසනීපය මගේ හිතට ලොකු කරදරයක්. නිකීතා නැවතුණේය. ඔහුට යළිත් ප්‍රීතියක් දැණින. ඔහුගේ හදවත තුල සංගීත පෙට්ටියක් හඩ නගන විටෙක මෙන් ඉතා මිහිරි සංගීතයක් ඇසෙන සැටියක් ඔහුට දැණින. පෙරේදා ලීල්‍යා වාඩිවි සිටි තැනට ගොස් වාඩි වූ නිකීතා දෙනෙත් හකුළුවා ගෙන කණ්ණාඩියේ හිම රටාව දෙස බලන්නට විය. හඩ පිට නොකර සංගීතය වාදනය වන අරුම පුදුම රටේ සැරසිලි ලෙස මෙම ලස්සන හිම රටාව නිකීතාට පෙනුනේය. ඒ හිම රටාව ගස් වැල් සහ ලස්සන අමුතු සතුන්ගෙන් හා මිනිසුන්ගෙන් සමන්විත විය. ඒ හිම රටාව දෙස බලන නිකීතාගේ සිතිවිලි ඉබේටම වචන වලට පෙළ ගැසී ගීත බවට පරිවර්තනය වන සැටියක් දැනෙයි. එම ගීත රාවය නිසා ඔහුගේ හිස මුදුනෙහි ඇති කෙස් කිති කැවෙයි. නිකීතා සෙමෙන් සෝපාවෙන් බිමට බැස තාත්තාගේ ලියන මේසය මත ඇති කඩදාසියක ලොකු අකුරෙන් කවියක් ලියන්නට විය.

මේ ඔක්කොම වින් ඩික්සි නිසා

Highlights:

දේවගැතිවරයකු වන සිය පියා සමග නාඳුනන පළාතක පදිංචියට එන දස හැවිරිදි ඉන්දියා ඕපල්ට සිය මව නැති පාළුව වඩාත් තදින් දැනෙන්නට පටන් ගනියි.ඇසුරු කරන්නට මිතුරන් කිසිවෙකු නැති නිසා ඈ සිටින්නේ කනගාටුවෙනි.

මැංචෝසන් චාරිකා

Highlights:

බාරොන් මැංචෝසන් නම් වූ චරිතයක් වටා මෙම පොත ගෙතී ඇත. ඔහුවේ විවිධ වූ චාරිකා දහ අටක් මෙම පොතේ අඩංගු වේ. මෙම කතා සියල්ලේ විශේෂත්වය වන්නේ ඒ සියළුම චාරිකා අතේ පැලවෙන තරමේ බොරු වීමයි. ඔහු විස්තර කරන්නාවු විවිධ සිද්ධීන් උසස් ගණයේ හාස්‍යය රසයකින් යුක්ත වන අතර පාඨකයාට විඩාවක් නොමැතිව එක හුස්මට කියවගෙන යාමට පොලඹවයි.

එසේම ඔහු ගමන් ගන්නා ස්ථානද අරුම පුදුම ය. විටෙක ඔහු කේජු දිවයිනකට කිරි සයුරකින් යාත්‍රා කරන අතර විටෙක ගිණි කන්දක් නිරීක්ෂණය කිරීමට ඒ තුලට බසියි.තවත් විටෙක සොරුන්ගේ බලකොටුවට ගොස් ඔවුන්ගේම වෙඩි බෙහෙත් කරත්ත සියල්ල ගිණිබත් කර නිරුපද්‍රිතව පලා එයි.

මෙම පොතේ මා දුටු තවත් විශේෂත්වයක් වන්නේ ලියා ඇති භාෂා ශෛලිය වේ. එය විශේෂත්වයක් ලෙස මා දකින්නේ පරිවර්තක භාවිතා කරන ලද විවිධ වූ වචන සමුදාය වේ. ඒවා මේ වන විටත් අප අතරින් අභාවයට යන වචන ලෙස මා හැදින්වුවාට වරදක් නැත. මෙම භාශා විලාසයේ වෙනස්කමට මූලිකම හේතුව ලෙස මා දකින්නේ එහි පරිවර්ථනය සිදුවී ඇත්තේ 1963 දී වීමයි.

මෙම පොත රුඩෝල්ෆ් එරිච් රාස්ප් විසින් රචිත The Surprising Adventures of Baron Munchausen කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම පොත සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ ඩී.බී. කුරුප්පු මහතා විසිනි. ඒ 1963 වසරේදි ය.

එදා මෙදාතුර කාලයක් සිංහල පාඨකයින්ව හාස්‍යය රසයෙන්  ප්‍රීතියට පත් කිරීමට මෙම කෘතිය සමත්කම් දැක්වූවා යැයි කීවොත් වරදක් නැත.

තාත්තා වගේ කෙනෙක්

Highlights:

“ඉස්කෝලෙදි අපිට හුඟක් වෙලාවට ලියන්න වෙන රචනාවක් තමයි ‘මගේ අනාගත බලාපොරොත්තුව’ මොකද ඒක අපේ සාහිත්‍ය ගුරුතුමියගේ ප්‍රියතම මාතෘකාව. මට ඕනෙ වුණේ නැහැ හැමදාම එකම දේ ගැන ලියන්න. ඒ නිසා එකපාරක් මං ලිව්වා මට ඕන භූවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තවත් පාරක් ලිව්වා ජීවවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තුන් වෙනි සැරේ ලිව්වා ගගනගාමියෙක් වෙන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ කියලා. ඒත් ඇත්තම කියනව නම් මං තාම කිසිම දෙයක් තීරණය කරලා නැහැ.”

ට්වින්ක්ලින්කා

Highlights:

“මම බෝනික්කො ඉස්කෝලයක් දාලා ටීච වෙන්නයි යන්නෙ” පුංචි හීන කුමාරි එයාව එක්කගෙන ආව කෙනාට කීවා.”හ්ම්… කමක් නෑ මොනවා නැතත් මගේ පුංචි හින කුමාරි මට හම්බ වුණානෙ.”ටිවින්කි සතුටින් හිතුවා.

අප්පච්චි

Highlights:

“අ-ප්‍-ප-ච්-චි……??” මී අඹ ගහට කඳුළුත් ඉනුවා. ඒ තරම් කෙළෙහි ගුණයක් බලාපොරොත්තු වුණේ නෑ මී අඹ ගහ තාමයි පුංච් කාලෙ මගෙ අම්මටයි මටයි හෙවන දුන්නෙ, තාත්තෙක් වගේ අපේ බඩ කට පිරෙව්වේ.

අත්තම්මගේ උපන්දිනේ

Highlights:

“අත්තම්මා මගේ හැම උපන්දිනයනටම තෑගි දෙනවා.  ඒත් මම කවදාවත් අත්තම්මට තෑග්ගක් දීලා නෑ. අත්තම්මටත් මේ වගේ උපන්දින උත්සවයක් තිබුණොත්, මේ වගේ තෑගී ගොඩක් ලැබුණොත්  කොයි තරම් සතුටු හිතෙයි ද?  කූංචන එයාගේ තෑගි ගොඩ දිහා බලාගෙන හිතුවා.

අපේ ගම

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

දකුණු පළානේ ගමක වාසය කළ දරුවකුගේ සිතුම්‌ පැතුම්‌ වස්තු කොට ගත්‌ අපේ ගම, පරිසරය, චරිත හා අත්දැකීම්‌ විසින්‌ ගස් කොළන්‌, ඇල දොල, ගංගා හා ගැමියන්‌ ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවකුගේ දෘෂ්ටියෙන්‌ නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ. 1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර විශේෂයෙන්‌ ළමා පාඨකයන්‌ අතර බෙහෙවින්‌ ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි. මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහාගත හැකිය.

කෑම සූත්තරේ

Highlights:

අනික් බිත්තියේ නම් මං ආසා කෑම ඇදලා තිබුණා. ඒත් කියලා තිබුණේ ඒවා “වැඩිපුර කන්න එපා” කියලයි. සීනි, පැණිරස කෑම, සුදු පාන්, බනිස් වර්ග නිතර කෑවාම සීනි ලෙඩේ හැදෙනවලු. පිරටවල ගොඩක් ළමයින්ට කඩචෝරු කළා ගොඩක් ලෙඩ හැදිලාලු. දැන් අපේ රටේ ළමයින්ටත් කඩචෝරු කාලා කාලා ඒ වගේ ලෙඩ හැදෙන්න පටන් අරගෙනලු.

දඟ මල්ලගේ දඟ වැඩ

Highlights:

අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි. එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැත.

හොඳ දඟ මල්ල

Highlights:

තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධුරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.

දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය

Highlights:

එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත් නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි. එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.

සතුන්ගේ පුංචි ගෙදර

Highlights:

මෙම කතා එකතුවට ඇතුළත් වන්නේ සතුන් ගැන කියැවෙන රුසියානු ජනකතා කිහිපයකි. එහි සත්තු ප්‍රසන්න ලෙසත්, කුතුහලය දනවන අයුරින් හා කුඩා දරුවන් මෙන් හැසිරෙන නමුත් අවසානයේ සියල්ල සිත් බැඳ ගන්නා අයුරින් අවසන් කරති. තවද ඔවුහු මිනිසුන් මෙන් කතා කරති. සිතති. හැසිරෙති. මොවුන් අතර හොඳ මෙන්ම නරක අයද, නිර්භීත මෙන්ම බියසුළු අයද, නුවණැති මෙන්ම අනුවණ අයද සිටිති. මෙහි ඇති සිත්ගන්නා සුළු චිත්‍ර, අප මායාමය ලොවකට කැඳවාගෙන යයි.

පින්තූර කතා

Highlights:

පින්තූර කතා

අච්චාරු හෝටලේ

Highlights:

“අනේ අක්කෙ, මේ අච්චාරුවල චුට්ටක් ලුණු බලන්නකො.” “කෝ බලන්න, මේ—තව ලුණු ටිකක් මේකට—- තව මිරිස් ටිකක් මේකට —- තව සීනි ටිකක් දැම්මොත් හොඳයි.” අක්කා රස බලමින් කීවා.

අලුත් කුඩේ

Highlights:

අ—අ—අයියෝ !—- මෙන්න හුළං සැරට කුඩේ එක්ක උංගිත් උඩ ගියා. හුළඟත් එක්ක උංගි පාවුණා. උංගිට හරි සතුටුයි. උංගි පියාඔනවා දැකලා වැහි කුරුල්ලන්ටත් හරි හිනා.

1 2 28 29 30 31 32
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
12 Cart
Close

My Cart