Fiction

Fiction

(Showing 961 – 1020 products of 1268 products)

Show:

ආදර කියාරා

Highlights:
“…. මම බිමල්ට ගොඩක් ආදරය කල බව
ඇත්ත. ඒත් බිමල් මාව ප්‍රතික්ෂේප කිරීමෙන්
පස්සෙයි දැන ගත්තේ ඒ ආදරයේ තරම.
මේ තරම් දුර තනියෙම ආව
එක ගැන මං දැන් පසුතැවෙනවා. මට
ඔයාට ආදරය නොකර ඉන්න තිබුණා.
එහෙමත් නැත්තම් ආදරය කරන්න
පටන් ගන්නොකොටම ඔයාට කියන්න් තිබුණා.
මට අයිති නැති බව දැන දැනත් ඔයාගෙන්
හිත ඈත් කරගන්න හිතුණෙ නෑ මට. හිතුවේ
නැතුවම නොවෙයි බිමල් මට ඒක කරගන්න
බැරි වුණා. මෝඩයෙක් වගේ මං තනියෙම
ආදරය කළා.  වෙලාවකට මට
හිතෙනවා මේ මං විදින දුකට වඩා මරණය
සැපක් කියලා. ඇත්තටම මට මැරෙන්න
හිතෙනවා බිමල්. ඒ තරම් මං ඔයාට
ආදරය කළා. කළා නෙවෙයි තවමත් ඒ
ආදරය එහෙම්මම තියෙනවා. මම ඔයාට
හැමදාම ආදරය කරනවා….”

රස්පුටින් ඝාතනය

Highlights:
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය

The Final Gambit

Highlights:

The thrilling conclusion to the global bestselling, BookTok sensation, Inheritance Games trilogy, where Knives Out meets One of Us is Lying.

Avery’s fortune, life, and loves are on the line in the game that everyone will be talking about.
To inherit billions, all Avery has to do is survive a few more weeks in Hawthorne House. The paparazzi are dogging her every step. Financial pressures are building. Danger is a fact of life. And the only thing getting Avery through it all is the Hawthorne brothers. Her life is intertwined with theirs. She knows their secrets, and they know her.

පිශාච බලකොටුව

Highlights:

අයිරිෂ් ජාතික බ්රෑම් ස්ටෝකර් මහතා 1897 වර්ෂයේ  දී රචනා කරන ලද  ලොව අතිශය බිහිසුණු නවකතාව ලෙස අවිවාදයෙන් සියලු  විචාරකයින් පිළිගනු ලබන ඩ්රැකියුලා නවකතාව අවසානයේ එතුමා එහි තවත් දිගුවකට මංපෙත් විවර කර තිබූ බව ඔබ දැන සිටියාද? ඒ මෙහි දෙවැනි අනුබද්ධය යි …

ඇස්.මහින්ද හිමි

Highlights:

ඇස්.මහින්ද හිමි

මන්දිර

Highlights:
    “සීයා මැරුණෙ කොහොමද කියලා සීතා දන්නවද..?
ඒ කාලෙ ඔයාට කතා කරන්න පුළුවන්නද..?”
මැය වටිනා කියන කරුණු බොහෝමයක් දන්න බව වටහා ගත් තිසරණි
ඒවා එකින් එක ක්‍රමාණුකූලව අසාගෙන ගියාය.
“රළහාම් මැරුණ විදිය මං දන්නවා සුදු නෝනා.
ඒත් ඒවා කිව්වොත් මාවත් මරාම දායි.”
ඈ කොළයේ ලියූ අදහසට අනුරූපීව
ඇගේ මුහුණේ ඉරියව්ද වෙනස් වී තිබිණි .
“මරලම දායි.. කවුද..?
නමුත් ඈ නිහඩය.
“සීතා බය වෙන්න එපා. එහෙම වෙන්න ඒවා
සීතා කිව්වා කියලා මං කාටහරි කිව්වොත්නෙ.”
” ඒ කියන්නෙ සුදු නෝනා ඒවා පොලීසියට කියන්නේ නැද්ද..?
ජයම්පති මහතාගේ නොඑසේනම් සීයාගේ මරණය
ස්වභාවික මරණයක් නොවන බවට වන
පළමු ඉගිය සීතාගෙන් පිට වූයේ එලෙසය.
ඉන් ත්සරණී තරමක් කලබල විණි.”

මගෙ සිහිනය නුඹයි

Highlights:

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සමග පිටවීමට පැමිණි ආදිත්‍යතම වේගවත් ගමන බාල කරවූයේ සිතට දැනුණ අසාමානයහැගීමක් හේතුවෙනි. කාර්‍යාලයේ සේවක පිරිස රැස් වී සිටි පිරිස දෙස බැලු ආදිතයගේ ගමන නතර වූයේ ඔහුටත් නොදනීමය. ඒ ඇස් තමා ළග නැවතුණු බව දැනුණ නිකේෂි ගැස්සුණු තරම් ළග සිටි රෙශානිට ද දැනුණේ ඇය නිකේෂිගේ අතකින් අල්ලාගෙනසිටි බැවිනි. මොහොතක් නැවතුණු ආදිතය නිකේෂි දෙස බලාසිටියේ පුදුමයෙනි.

වැහි බිංදු

Highlights:
“මොන දඩුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර..”
ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ
ආදරණීය රෝමාන්තික බවය.
“ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්..
මං දන්නේ නෑ.. තව දරුවන්ගෙන්, තව චිත්‍රවලින්,
තව සංගීතෙන්, ඩ්න්හිල් වලින්, වයින් වලින්, කවි වලින්,
ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින්,
බැදිම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන..
මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ.. ඒක ඔයාගේ දඩුවම..
මව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ.. ඒ නිසා
මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්..”මම රහසින් මුමුණමින් කීවෙම්.
“ඉදු ඒක බර වැඩියි හොදටම ඉදු…ඒ දඩුවම ලොකු එකක්..”

The Lion, the Witch and the Wardrobe

Highlights:

A beautiful paperback edition of The Lion, the Witch and the Wardrobe, book two in the classic fantasy series, The Chronicles of Narnia. This edition is complete with cover and interior art by the original illustrator, Pauline Baynes.

Four adventurous siblings-Peter, Susan, Edmund, and Lucy Pevensie- step through a wardrobe door and into the land of Narnia, a land frozen in eternal winter and enslaved by the power of the White Witch. But when almost all hope is lost, the return of the Great Lion, Aslan, signals a great change . . . and a great sacrifice.

The Lion, the Witch and the Wardrobe is the second book in C. S. Lewis’s classic fantasy series, which has been drawing readers of all ages into a magical land with unforgettable characters for over sixty years. This is a stand-alone read, but if you would like to explore more of the Narnian realm, pick up The Horse and His Boy, the third book in The Chronicles of Narnia..

A Little Princess (Puffin Classics)

Highlights:

Alone in a new country, wealthy Sara Crewe tries to make friends at boarding school and settle in. But when she learns that she’ll never see her beloved father again, her life is turned upside down. Transformed from princess to pauper, she must swap dancing lessons and luxury for drudgery and a room in the attic. Will she find that kindness and generosity are all the riches she truly needs? With deeply poignant introduction written by bestselling author of Chinese Cinderella, A Little Princess is one of the twenty wonderful classic stories being reissued in Puffin Classics in March 2015.

Animal Farm

Highlights:
‘All animals are equal. But some animals are more equal than others.’
Mr Jones of Manor Farm is so lazy and drunken that one day he forgets to feed his livestock. The ensuing rebellion under the leadership of the pigs Napoleon and Snowball leads to the animals taking over the farm. Vowing to eliminate the terrible inequities of the farmyard, the renamed Animal Farm is organized to benefit all who walk on four legs. But as time passes, the ideals of the rebellion are corrupted, then forgotten. And something new and unexpected emerges . . .

අග පිපි මල්

Highlights:
 “මේ කතාකරන්නෙ පාර්ලිමේන්තුවට ගිය “බල්ලෙක්” එහා කොණින් අමාට ඇසිණ.”ඒ බල්ලා කැමතියි දඩාවතේ යන බැලි කික්කියක් කූඩුවක දාලා ඇතිකරන්න.” ශබ්ද නගා සිනාසෙමින් නලින් විජිතසේන කීවේ ය.”කවුද” අසිතගේ හඬ රළු විය.”බල්ලෙක්” අමා පිළිතුරු දුන්නාය.”බල්ලෙක්” අසිත එයම ප්‍රතිරාවය කළේය.ඔව් බල්ලෙක්. නන්නාඳුනන එවුන් ටෙලිපෝන් කරනව. නොයෙක් අශීලාචාර කතා කියනව. මගේ ජීවිතේට අහපු නැති කුණුහරුප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච එක. මං කිසිම මිනිහෙකුට යටත්වෙච්ච නැති එක.”

Bella the Bunny Fairy

Highlights:
Get ready for an exciting fairy adventure with the no. 1 bestselling series for girls aged 5 and up.
Fairyland is in uproar! Jack Frost has stolen the Pet Fairies magical pets. Without them, the Pet Fairies can’t ensure that pets in the human world find the right owners. And now the pets have escaped from Jack Frost’s ice castle and are roaming the human world! Rachel and Kirsty have to help get the pets back…before it’s too late.
‘These stories are magic; they turn children into readers!’ ReadingZone.com
Read all seven fairy adventures in the Pet Fairies set! Katie the Kitten Fairy; Bella the Bunny Fairy; Georgia the Guinea Pig Fairy; Lauren the Puppy Fairy; Harriet the Hamster Fairy; Molly the Goldfish Fairy; Penny the Pony Fairy.

සූර්යනාශ

Highlights:
ඇය තම දෑස් විවර කළාය.
ඒ දෑස් කෝපාග්නියෙන් දැවෙමින් පැවතුණි.
වසර විස්සකට පෙරාතුව ඒ ඛේදජනක රාත්‍රියේදී
සිදු වූ සෑම සිදුවීමක්ම පාහේ කිසිදු අඩුවක් නොමැතිව
ඇගේ මතකයෙහි ගැඹුරෙහිම රැඳී තිබුණි. ඒ මතකයන් ස්මරණය
කරන්නා වූ සෑම මොහොතක් පාසාම ඇය තුළ වූ වෛරයේ
අග්නිජාලාවන් බුර බුරා ඇවිළෙන්නට වූයේ ඇය තුළ තමන්ට සෑම
සියලු දෙයක්ම අහිමි කළවුන් කෙරෙහි වූ බද්ධ වෛරය තව තවත්
ලියලමින් වඩවාලමින්ය.විසි වසක් මුළුල්ලෙහිම ඇය ඒ වෛරයට
තමන්ගේ සන්තානය තුළ රිසි සේ වර්ධනයට අවකාශය ලබා දී තිබුණි.
ඇයට අවැසිව තිබුණේ එකම දෙයකි.

ඒ පළිගැනීමම පමණි…

විසි වසක් මුළුල්ලෙහිම අප්‍රමාණ වූ දුක්ඛදෝමනස්සයන්, වධහිංසනයන්
ඉවසා දරා ගනිමින් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගනිමින් ඇය ඇගේ
අරමුණ වෙතට ක්‍රම ක්‍රමයෙන් ළඟාව තිබුණි. දැන් ඇය අහිමුව වූයේ ඒ
අරමුණෙහි අවසාන පියවර ක්‍රියාත්මක කිරීම පමණි…

ලෝකෝත්තරයෙක් නොවීමි

Highlights:

දඹුලු ප්‍රදේශයේ ගමක රජයේ සුළු සේවකයෙකුගේ විශාල පවුලක සාමාජිකයෙකු වන කථිකයා, දුගී බව,අසල්වැසි ගම්වැසියන්ගේ නූගත්කම් , මිත්‍යා විශ්වාස, කුඩුකේඩුකම්, තරහමරහ මෙන්ම අහිංසක හිතවත්කම් මැද ජීවත් වේ. මෙම පරිසරය තුළ දඟකාර මෙන්ම ධෛර්යය සම්පන්න දරුවෙකු ලෙස වැඩෙන හෙතෙම වඩා පුළුල් හා සංකීර්ණ සමාජයක ජීවත්වීමේ පන්නරය එම ජීවිත අත්දැකීම් තුළින් ලබා ගනී.

නොයෙකුත් කම්කටොලු මැද අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන හෙතෙම එහිදී සිය බුද්ධිමය මෙන්ම නිර්මාණාත්මක හැකියාවන්ද වර්ධනය කර ගනිමින්, සමකාලීන සමාජ ඓතිහාසික පරිසරයද උපයෝගී කර ගනිමින්, ගැමි සමාජයේ මෙන්ම විශ්ව විද්‍යාල පරිසරයේද සාරයෙන් පෝෂය වී ගැමි බුද්ධිමතකු බවට පත්වේ. එක්තරා කාල පරිච්ඡේදයක මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෝෂණය කළ බුද්ධිමත් මෙන්ම, මහත්මා ආචාර්ය පරපුරක් සෙවණේ වැඩෙන මෙම ගැමි තරුණයා විශ්වවිද්‍යාල සමාජයේ නායකයකු බවට පත්වේ. මෙය ගමෙන් විශ්වවිද්‍යාලයට පැමිණ ඉහළ මධ්‍යම පන්තියකට පිවිසීමට තැත් කිරීමෙන් නිශ්ක්‍රීය වන්නෙකුගේ පුවතක් නොව ,තම ජීවිතයෙන් සංතෘප්තියක් ලැබූවකු පිලිබඳ පුවතකි.

පඬුරු බඳින ගස්

Highlights:

මම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි.”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..”දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. “ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා…ඒගොල්ලො මං ගැන හිතන විදිහ…?”තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. ” කලූ… මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව… ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න…ඒ හොඳටම ඇති…”දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.

Mayavi – මායාවී

Highlights:

“කොහොමද මගේ කෝපි එක” මහසෙන් ඇගේ නළල මතට වැටී තිබු කෙස්රොද සකසමින් ඇසුවේය “ම්ම් හරිම රසයි මහසෙන්..

නිරූප රූප

Highlights:

ඇය කුස්සියට යද්දී සචින් ඇඳුම් මාරු කරගෙන වතුර එකක් උණුවෙන්නට තබා පිටත පැද්දෙන ඔංචිල්ලාවේ වාඩි වී සිටියේය.
ඇය ඔහුට ළංව එහිම අසුන් ගත්තාය. මඳක් එහාට වූ ඔහු ඇගේ උකුල මත හිස හොවා ගත්තේය. පිටතින් කෙතරම් සැඩ පරුෂ ලෙස හැසිරුණත් ඔහුගේ අභ්‍යන්තරයේ අහිංසක කුඩා දරුවෙකු සිටින බව නේත්‍රා දැන සිටියාය. ඔහුගේ මවගෙන් නොලැබුණු සෙනෙහස ඔහු විටෙක නේත්‍රාගෙන් සෙව්වේය. ඇය, ඔහුගේ නළලත සිපගෙන හිස සෙමෙන් පිරිමදින්නට වූවාය.
“ඔයා කලු වෙලා..”
ඇය කීවේ ඔහුගේ මුහුණ දෙස බලාගෙනය.
“හ්ම්ම්.. හවස බීච් එකේනේ බබා හිටියේ…”
“නෑවා ද..?”
“නෑවුනා.. මුහුදේ ෆොටොස් ගත්තේ… මගේ ෆෝන් එකේ ෆොටෝස් ඇති… බලන්න..”
ඔහු ස්ටූලය මත ඇති සිය ජංගම දුරකථනය පෙන්නුවේය.

නිමංගා

Highlights:
     ආරම්භයේ දී නම්
සිත සෙස්සන් සමග පූජාව තුළ සිටිය ද
මද වේලාවකින් එය මෙහෙක කරා දිව ගියේ
ඇයට ද රහසිනි.
ඇයගේ ලොව තුළ
මෙහෙක නිතරම සැරිසරන්න ට විණි.
කෙතරම් ආයාසයකින් ඔහුට අමතක කළ ද
නිරායාසයෙන් ම
සිත ඔහු පා මුල නතර වන්න ට වූයේ
ඇයට අභියෝග කරමිනි.

යාරා

Highlights:
මෙල්බනයේ නගර සෝබනිය,
යාරා
නදිය නගරය මැදින් නිහඩවම
ගලා බසිනවා..
අයෙක් තම දුක වේදනාව කියන්න
යාරා
නදිය අසබඩට පැමිණියා.
තවත් අයෙක් විනෝද වෙන්න ගග අසබඩට ආවා.
නිහඩ නදිය ඔවුන් සැම පිනවමින්
ඔහේ ගලා ගියා.
එහෙත් නදියේ විලාපය ඇසුනේ කාටද?

තුරඟ මායම්

Highlights:
සිථිල සේනාධීර, නිවසේ තිබු එකම කණ්ණාඩිය ඉදිරිපිටට වී කොණ්ඩය පීරන්නට වූයේය.
නළලට වැටෙන සේ කපා තිබු ඔහුගේ කොණ්ඩය අමුතුවෙන් පීරන්න්ට අවශය නොවිණි.එහෙත් පුරුද්දක් ලෙස ඔහු හිස පීරීය. සාමානය උස මහත සිරුරකින් යුක්ත වූ සිථිල රැවුල සම්පුර්ණයෙන්ම කපා සිටියේය.
කොණ්ඩය සකසා ගත් ඔහු උරුවම් බාමින් ඇදුමේ අඩුපාඩු සකසා ගන්නට වූයේය.
ලා නිල් පැහැති අත්දිග කමිසයත් කලු පැහැති කමිසමත් ඔහුගේ පෙනුම ඔප් නංවන්නට සමත් විය.
“ඔය මදැයි හලෝ හැඩ බැලුවා.. ඔය ඉන්නේ නිකම් ෂහීඩි කපූර්ගේ අයියා වගේ..”
සිථිල පසෙකට තල්ලු කර දැමු ඔහුගේ නැගණිය රන්දුනු කණ්ණාඩිය ඉදිරිපිට සිට ගත්තාය.
“ආපෝ තමුසෙගේ කට.. මට කටවහ පුච්චන්න වෙනවා දැන්..”
සිථිල ඇයට නොටිදෙන තරම් සෙමින් ඇගේ හිසට ටොක්කක් ඇන්නේය. කට ඇද කර ඔහු දෙස බැලු රන්දුනු පාසල් නිල ඇදුමට ටයි පටිය පැළදගන්නට වූවාය.

නිහඩ කැදැල්ලේ අපි දෙන්නා

Highlights:
බිළිදු තොලක මුදු සිනහව
පිරුණ තුරුල්ලේ
සෙනෙහස කිරි සුවද නොරැදි
නිහඩ කැදැල්ලේ
අප දෙදෙනා සිනා සලන
නමුදු නිදැල්ලේ
සිත යට කදුළක් පාවෙයි
දවස මුළුල්ලේ

රසකැවිලි වෙළෙන්දා

Highlights:

සිදාදියේ කොලිජීයක අධ්‍යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලී ඉන්ද්‍රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි

මරණයේ රංගනය

Highlights:

අතිභයංකර සිදුවීමකින් තම දෙමව්පියන්ගේ මළගම සිදු වූ පසු මැඩ්ලින් සිම්ස්, ෂැඩෝබෘාක් හි පදිංචියට යයි. ඊට වසර අසූවකට පෙර ෂැඩෝබෘාක් හි වෛද්‍යවරු දෙදෙනෙක් සදාකාලි ජිවිතයක් ලබා ගැනීමට අතිබිහිසුණු හූනියම්වල පිහිට පතති. ෂැඩෝබෘාක් වෙත පැමිණෙන මැඩ්ලින් මැදිවන්නේ ඉහත ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස හටගත් විකෘති, අමනුෂ්‍ය, දුෂ්ට පාපියෙකුගේ මාරාත්මක ග්‍රහණයකටය.

සෙනොරීටා

Highlights:

“උඹට කිව්වා මම මාව නොබැන්දත් දාලා යන්න එපා පේන මානෙක හිටපං කියලා.. උඹ කළේ මොකක්ද..? අතුරුදහන් වෙලා මාව නොමරා මැරුවා.. තමුන් නිසා කෙනෙක් මරන්න වුණත් මම ලෑස්ති වෙලා ඉද්දී තමුසෙ හැංගිලා ආතල් එකේ හිටියා..”ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවීම ඔහු යළි ඇය සිප ගන්නට වූයේ ඇයට රිදවාලමිනි. ඔහු ඇගේ ළමැද මතට රිදුම් දෙද්දී ඇය කෙදිරිල්ලක්වත් නොනඟා එම වේදනාව දරා ගත්තාය. මොහොතකින් ඇගේ ළමැදෙන් දෙතොල් මුදා ගත් රනුල , ඇය දෙස බැලුවේ ඇගේ නිහඬ බව නිසාය. දෙනෙත් පියා ගත්වනම ඇය කඳුළක්වත් නොසලා සිටියදී රනුලට දරා ගන්නට නොහැකි විය.“පිණිපා.. තමුසෙට රිදෙන්නේ නැද්ද..? ඇයි රිදෙනවා කියන්නේ නැත්තේ..?”ඔහු ඇගේ දෙඋරහිස්වලින් අල්ලා වේගයෙන් සොලවමින් අසද්දී සෙමෙන් දෙනෙත් විවර කළ ඇය සිනාවක් පෑවාය.

කල්ලන්දුවේ මුතු කොල්ලය

Highlights:

කල්පිටි දුපත් පිලිබඳ ඓතිහාසික ගවේෂණයක යෙදෙන නිර්භීත යහළුවන් තිදෙනෙකුගේ ත්‍රාසජනක අත්දැකීම් ඇසුරු කොටගත් සිංහල යොවුන් සාහිත්‍යයේ ජනප්‍රියතම කෘතිය.

නාරි

Highlights:
පොළෝ ගැබ සාරය කැටි කර ගත්
තේ දල්ලක හරිත පැහැය
දහදිය කදුලින් වඩාත් රසවත් වන කොදෙව්වක
ප්‍රේමය,භීතිය හා සන්ත්‍ර්‍රාසය මුසු පාරාදීසයක
කාන්තිමත් සූර්‍ය රශ්මියෙන්
විකසිත වූ දෙහදක ස්නේහය
නිල්වන් නෙත් සගලක් තුළ නිදන් වූ වගයි.

දමරඣ

Highlights:

ශම්මික යනු අරලියගහ මන්දිරයේ කටයුතු වලට මෙන්ම විපක්ෂනායක නිල නිවසේ කටයුතු වලට පවා නිරන්තරයෙන් ඇරයුම් ලබන්නෙකි.දෙපාර්ශවයෙම ප්‍රභුන් බොහෝමයක් හඳුනන්නෙකි.සියලු දෙනාට මූල්‍යමය අතින් උදව් කරන්නෙකි. කොටින්ම කිව හොත් ලංකාවේ වත්මන් දේශපාලනයම ශම්මික ඇතුලු කිහිප දෙනෙකුගේ සාක්කුවල පැවතුණු දෙයකි.කාළ වර්ණ වූ මෙම පුරුෂයා යක්ෂ ගෝත්‍රිකයන්ගේ නියම සංකේතාත්මක නියෝජනයක් යැයි කිව හැකිය.මැදි වියද ඉක්මවා සිටි ඔහුගේ නළල් පට අතරින් විසිරී ගිය ඇතැම් කෙස් රැළි ශ්වේත වර්ණ වී තිබුම හැරෙන්නට වයස ගැන තතු දක්වන කිසිඳු සලකුණක් ඔහු වෙතින් දක්නට නොලැබිණි.වෙනත් සිවිල් වැසියෙකුට මෙවන් තත්වයක්උදා වූයේ නම් ඔහු හෝ ඇය මල් කලඹ ඉතා සතුටින් බාරගනු ඇත. ආරක්ෂක අංශයක අයෙකුට මෙවැන්නක් වූයේ නම් ,සැක සිතා බෝම්බ නිශ්ක්‍රිය අංශයට හෝ අමතනු ඇත. නමුත් චානා ඒ් දෙකොසටම අයත් නොවූ නිසා ප්‍රශ්නය තමා විසින්ම විසඳාගත යුතුව ඇත.

ශ්වේත කළුවර

Highlights:

.ඔය මන්ත්‍රීනායක මහත්තයා කලින් හිටියේ සී.අයි.ඩී එකේ නෙවෙයි මිස්.ඒ මහත්තය බඳින්න හිටියේ ළමයව කවුදෝ මිනිහෙක් මරල දාලලු.දැන් එ සිද්ධියට අවුරුදු තුනක් විතර වෙනවා මයේ හිතේ.ඒ මිනිමරුවව අල්ලගන්නලු මහත්තයා සී.අයි.ඩී එකට මාරු වෙලා ඇවිත් තියෙන්නේ.රියදුරා අතීත කතාව ගෙනනැර පාද්දි විහාරාගේ දෙනෙත් විශ්මයෙන් විසල්ව ගියේය.එම අහංකාර පෙනුමැති කඩවසම් මුහුණට හෝ අළු පැහැ තියුණු දෙනෙතට යටින් මෙවන් දුක් බර කතාවක් සැඟවී ඇතැයි ඇයට කිසිවිටෙක සිතී නොතිබුණි.ඈ මුව අයා රියදුරා දෙස බලා සිටියේ වැඩිදුර විස්තර දැනගැනීම උදෙසාය.”බඳින්න හිටිය ළමයා ? එත් කොහොමද ඒ ළමයට එහෙම දෙයක් වුණේ?””ඒක නම් අපිත් හරියටම දන්නේ නෑ මිස්.කැම්පස් එකක ළමයෙක් කියලයි ආරංචිය.කැම්පස් එකේ ඇතිවුණූ රණ්ඩුවකදී මේ ළමයගේ ඔළුවට ගල් පරාක් වැදිලා තියනවා.ඉතිං ඒ ළමයට එවෙලේ සිහිය නැනි වුණාම ළමයි එයාව ඉස්පිරිතාලෙට ගෙනිහින්.ඇක්සිඩන්ට් වොඩ් කේ ඇඳක් වුඩ නිදාගෙන ඉද්දි තමයි කවුරුහරි ඒ ළමයගේ උගුරු දණ්ඩ කපලා මරල තියෙන්නේ.රියදුරාගේ දිර්ඝ විස්තර කිරිම අසා සිටි විහාරාගේ ලේ සීතල විය.

Minieela – මිණිඊල

Highlights:

මෙම වෙන්දේසියේ විශාල ම මිලකට අලෙවි වුයේ රාජකීය උඩුකය සැට්ටයකි. එම උඩුකය සැට්ටය වෙන්දේසියේ දි හදුන්වා දෙන ලද්දේ ශ්‍රි ලාංකික රාජ පරම්පරවෙ මුල්කාලීන සිංහල රජකුගේ රාජකීය ඇදුමක් ලෙසින් ය්. මෙයට ලන්සු තබන්නන් අතරට මම ද එක් වන්නට සිතුවෙමි.එහෙත් මා සතු ව එවැන්නක් මිල දී ගැනිමට මුදලක් නො තිබිණි. මට මාගේ රටේ අතීත උරුමයක් දැකීමෙන් ලත් ප්‍රබෝධය පමණක් තිබිණි.
.

ඝෝර යාත්‍රා

Highlights:

ඔබතුමියගේ ස්වාමිපුරුෂයා මාව නිරුවත් කළා. ඔහු මට වැරෙන් කම්මුලට ගැහුවා. මගේ කටට රෙදි ගුලියක් ඔබා මාව බිම තල්ලු කරලා දැම්මා. පස්සේ ඒ අලි මිනිහාගේ බරෙන් මාව පොළොවටම මිරිකුණා. එයාගෙ පපුවෙ තිබුණු රෝම වලින් මගේ කට පිරිලා, මට හුස්ම ගන්නත් බැරිවුණා. මං නැගිටින්න උත්සාහ කළා…. හැඬුවා. ඔහු මගේ ඔළුවට තඩි පහරවල් දුන්නා. මගේ කන් කරකවා මිරිකා දැම්මා. දෑතම මිට මොලොවා මට පහර දුන්නා.මට ඒ වෙලාවේ දැනුනේ මගේ ජීවිතය ඉවරයි කියල. එක පාරටම ඔහු නැගිට්ටා. යෝධයෙන් හිටගෙන මා දිහා බලා ඉන්නවා වගේ මට පෙනුණා. ඔහු පාදයකින් මගේ මුහුණ තදින් පෑගුවා. ඔහු කී දේ මගේ පසාරු කරගෙන ගියා. ‘මට ආපහු උඹේ කටින් වචනය එහෙම ඇහුණොත් මං පණපිටින් උඹව හම ගහනවා. මට ආරංචි උණොත් එකෙක් එක්ක හරි උඹ එක වචනයක්වත් කථා කරල තියෙනවා කියලා. මං උඹව පොඩි පොඩි කෑලිවලට කපලා උයනවා. ඔහු මගේ කොණ්ඩෙන් අල්ලා උඩට ඉස්සුවා. මං කකුල් දෙක වේගයෙන් වනලා බිමට පනින්න උත්සාහ කලා. ඔහු අනික් අතින් මගේ උගුරුදණ්ඩ අල්ලා මිරිකුවා. මගේ හුස්ම හිරවෙන්න වගේ ගියා. පස්සේ ඔහු පලයන්! පලයන්! පලයන්! කියල කියනවා ඇසුණු ගමන් මගේ පණ කෙන්ද බේරගෙන මං හැකි තරම් වේගයෙන් එලියට දිව්වා.

නමක් නැති කතාවක්

Highlights:

ෆරාෂා ගවුස් මන්නාරම් වැලි පොළොව ලෙයින් නැහැවෙද්දීත් යහපත් හෙටක් පැතූ මිනිසුන්ගේ හුස්මින් ලොව දුටුවාය. ඇගේ පාටපාට ලෝකය කළු සුදු වෙද්දීත් ඇය ජීවිතයේ අරුත සෙව්වේ ඒ නිසාය. තිත්ත කළුවර මුරුගසන් වැස්සේ කුඩා බෝට්ටුවේ මහමුහුදේ වියරු දිය රැළි හා පොර බඳින තුරුත් ඇයට ආදරණීය පවුලක් තිබුණි. රළු මුහුදට ඇගේ ලෝකය යට වූ දා පටන් ඇය ජීවිතය නාඳුනන මිනිසුන් හා එක්ව දකින්නට වෙර දැරුවාය. එහෙත් යුද්ධය දැක දැක ජීවත් වූ ඇයට යුද්ධයේ මර හඬ නෑසී ජීවත්වෙන්නට බැරි ය. දහසක් විලාපයන් මැද්දේ සහෘදයන් යළි හමු වෙතැයි වූ ෆැන්ටසියක ඈ ජීවත් වූවාය. ඒ ෆැන්ටසියෙන් අවදිවන්නට ඈ ලෝභ වූවාය. මේ වේදනාව අවසන පාට පාට සමනල්ලූ, බත්කූරන් අත්තටු ලා ඇගේ නිජ බිමේ පියාසර කරනු ඇතැයි ඈ සිතුවාය. දහසක් වූ සංක‍්‍රමණික පක්ෂීන් සේ ඇයට ඒ මනරම් දූපතට සංක‍්‍රමණය කරන්නට හැකි යැයි ඈ විශ්වාස කළාය. ලේ පිපාසිත වෙඩි උණ්ඩවලින් ජීවිතය කියවූ ඇය සිය නමක් නැති කතාවට නමක් සොයන්නේත් ඒ නිසාය. ඇගේ කතාවට නමක් දෙන්නට ඔබට හැකිවේවිද?

KAMBA – කම්බා

Highlights:

එවන් ලාංකේය සමාජයක, ස්ත‍්‍රියට අත් විඳින්නට සිදුවන අනේකාකාර අත්දැකීම් ප‍්‍රබලව නිරූපණය වන නවකතාකරණයක් තුළ, ස්ත‍්‍රිය සතු සාමූහික ළෙන්ගතුකම, කැපවීම හා ශක්තිය විෂයෙහි දෘෂ්ටියක් කුළු ගන්වමින් ලියැවුණු‘කම්බා’, නොනවත්වා කියැවිය හැකි, රසවත්, වෙනස් ආරක නවකතාවකි.

WAENISIYE BANDARA – වැනීසියේ බණ්ඩාර

Highlights:

”අපේ එකෙක් ඉතාලි කෙල්ලක් තියා ඉතාලියේ හැදිච්ච සිංහල පවුලක කෙල්ලක්වත් බඳින්න හිතන්නෙ නෑ. උඹ ඒකෙනුත් හොඳම එක… උඹ ඉතාලියෙ සිංහල කෙල්ලක් බැඳලා මේ රටට එන්න වීසා හදාගත්තා.” බීම කවුන්ටරයේ සිටි මාරියෝ මිතුරන්ට ඇසෙන සේ මට කෑ ගැසුවේය.කතුවරයාගේ අනෙකුත් පොත් කිහිපයක්.බොහොමියන් දරියෝ,මගේ චිකාගෝ හදවත,කෝමල මානවක,කුමර කොබෙයි.ඇමෙරිකා,ගැහැණු ළමයාගේ මරණය,රෝසමාලී,නිරුවත් හදවත්,වැව් පතුලේ කිදුරිය,වීනස්ගේ උපත,පියාපත් ලත් දෝණිය,අනන්ත දේශය,පාරාදීසයක දරුවෝ.

One Indian Girl

Highlights:

Hi, I’m Radhika Mehta and I’m getting married this week. I work at Goldman Sachs, an investment bank. Thank you for reading my story. However, let me warn you. You may not like me too much. One, I make a lot of money. Two, I have an opinion on everything. Three, I have had a boyfriend before. Okay, maybe two. Now if I were a guy, you’d be cool with it. Since I am a girl, these things don’t make me likeable, do they? Bestselling author Chetan Bhagat, writing for the first time in a female voice, brings to you One Indian Girl, the heart-warming story of a modern Indian girl.

දැරියකගේ ප්‍රයාමය

Highlights:

ඒ යුද්ධය රාක්ෂයෙකි සියක් වසරක් තිස්සේ රට පුරා නගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙන මිනිසුන් අමුඅමුවේ කකා සිටි රාක්ෂයෙකි. අවුරුදු දහහතක් වයසැති මේ ළමයා සිය සුකුමාර ළපටි අතින් පහර දී ඌ බිම හෙළා ඇත.

අර බලන්න! ඌ අත්ත පාතේ රණ බිම මඩ වගුරක ආයිත් නොනැගිටින සේ දරදඬු වී මැරී වැටී සිටින හැටි.

පාලම යට

Highlights:

කුලසේන ෆොන්සේකාගේ පාලම යට තවත් සිංහල නවකතාවක් ලෙස හැදින්වීම යුක්කි යුක්ත නොවේ යැයි මට හැගුණි. මක්නිසාද කියතොත් එය මෙතෙක් කියවන්නට ලැබුණු ඒකාකාර ස්වරූපයක් දරන නවකතා මෙන් නොව, අමුතු පරිසරයකින් මතුවන අපූරු චරිත හදුන්වාදෙන අනන්‍ය සාධාරණ ආස්වාදයක් දෙන කෘතියක් බැවිනි. මෙතෙක් දවස් සිංහල භාෂාව නොසැලිකිලි ලෙස පරිහරණය කොට ඇති නවකත කියවීමෙන් හෙම්බත් වූ පාඨකයාට මෙහි යොදා ඇති වයාංජන ශක්තියෙන් හා නිවැරදි යෙදුමෙන් ඔප් නැගුණු බස් වහර සැනසුම ගෙන දෙන්නක් බව කිව යුතුය. නවකතා කලාව හැසිරවීමෙහි ලා කතුවරයා දක්වන දුර්ලභ කෞශල්‍යය පාඨකයාගෙ විශේෂ අවධානය ලක් කරනු කැමැත්තෙමි.

නෙත් පත් තැන්

Highlights:
එම සොදුරු සිහිනය ඇරඹුමේ සිටම
විශ්වයත් සමග මගා සබැදියාවක් පැවතියේ
නොවේදැයි චමින්ද සිහිපත් කළේ
නොසන්සුන් බවකින් යුතුවය. චමින්දත්
පත්මාත් දියණිය මෙලොවට කැන්දන්නට
මං හසර තැනුවේ මහා රාත්‍රියක ගල්ලෙන
ඉදිරිපිට ගල් තලාවේ වැතිරීගෙනය.
මහාමායා දේවිය සුදු ඇත් පැටවෙකු සිය
කුසට ඇතුළු වනු සිහිනයෙන් දුටු ලෙසින්ම
පත්මා ද නයෙකු සිහිනයෙන් දැක තිබිණි.
ඉනික්බිතිව දිගින් දිගට නයින් සිහිනයෙන්
දැකීම නිසා ඇය නයි හැවක් දකිද්දී පවා
බිය වූවාය.

සිරි යහන

Highlights:

රන් හුයෙන් දෑගිලි බැද, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිද – එක පතැ බොජුන් වළදා – එකමැ සිරි යහන වැද – උනුන්ගේ අධයාත්මයන් වටහාගන්ට තැනක් වෙහෙස දරති; දිය පිට තැනු නිවෙසක් දිය රළ හා චංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප්‍රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිද වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන’ යන්ට අරගල කරති.එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත්වෙත්ද? විවාහය හා පවුල් සංස්ථව අදාළ කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප අමතා නගන පැනය එයයි. එහීදි සුමනදාස හා රේණූ යන පති පත්නීන්ගේ චරිත ප්‍රබල ලෙස ගොඩනගන කතුවරයා දැලකින් සුළං බදන්ට ඔවුන් දරන වෑයම සනුකම්පික වූද උපේක්ෂාශීලී වූද ඇසකින් අවලෝකනය කරති.

සුවට නිදන්නේ

Highlights:

“පාල…”මිතුම් අඬගැසුවේය. “හරි හරි …මම ඔයාලාගේ ගෙදර නවතින්නම එන්නම්…අනේ ප්ලීස්..ප්ලීස් ප්ලීස් අදට විතරක් ඉන්න දෙන්නකෝ” ඊළඟට තමාව වාහනයට දමා ගන්නා ලෙසට පාලට අණ කරන බව දැන සිටි සාරා පිණ්සේන්ඩු වුවාය. “පුංච් හාමු ….පාල මිතුම් වෙතට ආවේය.මිතුම් බැලුවේ සාරා දෙසයි.”අනේ…මිතුම්…” ඇය දෑසට කඳුළු පුරවා ගෙන වාහනයේ දොරට බර දී මිතුම් වෙතට ළන් වුවාය. “හැට හතර දාන්නේ නැතුව නඟිනවා…නැත්නම් දන්නවානේ වෙන දේ” මිතුම් ඇය දෙස බලාගෙනම කිවේය.”මම දුවලා ගිහින් හැංගෙනවා”හිතුවක්කාර ලෙස පැවසු ඇය යටි ඇසින් ඔහු දෙස බැලුවාය.”අනේ..මම හෙට සැලුන් එකකටත් ඕඩර් එක දැන්මා…හෙට අපේ ඉස්කෝලේ ෆන්ශ්න් එකක්…බොරු නම් අහන්නකො….ඔයාගේ පප්පා එන්නේ”ඇය රිය දොර මත තිබූ ඔහුගේ අතේ නියතුඩින් රේඛා අඳිමින් කීවාය.”පප්පා නෙවෙයි මමයි හෙට එන්නේ”මිතුම් කීවේය.”මොකක්…” සාරා නළලට ගත්තාය.

ආදරණීය විරුවාණනී

Highlights:

පණ ගැන බියක් නැත පුපුරන වෙඩිලි මැද බිහිසුණු යුද වදිමි රුපුසෙන් මැදට වැද මට ඇති එකම බය ඔබෙ ආදරය ලද අහිමිව යාම පමණකි මගෙ සොදුරු ළද.

අන්තිම දුම්රිය

Highlights:

රාත්‍රිය මැද්දෙන් වෙඩි හඬක් ගිගුම් දුන්නේය. කිරල්ලු එකිනෙකාට අඬ ගා කැඳවමින් ඈතට පියාසර කළහ . කීකාර් ගස්වල හිටි කපුටෝ කෑ ගසන්නට වූහ. ජුගුත් සිං අඳුර මැදින් ගම්මානය දෙස නිසලව බලා සිටියේය. හිමින් සීරුවේ ඔහුගෙන් මිදුණු තරුණිය තම ඇඳුම් හරිගස්සා ගත්තාය.

දෙදෙව් දනව්ව් (DEDEW DANAWWA)

Highlights:

1947 වසරේ දී ඉන්දියාව හා පකිස්ථානය වෙන්වීම බිතාන්‍ය‍යන් විසින් ප්‍රකාශ කළ කාල වකවානුව මෙම කෘතියට පසුබිම වේ. මෙහි කෙටිකතා, පුජකයන්ගේ හා මැරයින් ගේ ග්‍රහණයට යටවු දිල්ලියේ ජනාකීර්ණ මුඩුක්කු තුළින් මතුවන ජාතිවාදයේ බිහිසුණු කම පඨකයා වෙත ගෙන එයි.

ජුදාස් හාදුව

Highlights:

මධ්‍යධරණී මුහුදේ, ඉතාලි වෙරළට නුදුරින් පිහිටි කුඩා බ්‍රිතාන්‍ය දූපතක ප‍්‍රීතිමත් ළමා කාලයක් ගත කළ පිප්පා එවෙල්, අඳුරු අප‍්‍රසන්න ග්‍රේ ස්ටෝන් වලව්වට ත්, එතැනින්, අභිරහස් මරණ හා රොමෑන්තික ප්‍රේමය ද වටකොට ගත්, ඈ ළමා කළ කියවූ ග‍්‍රීම්ස් සුරංගනා කතා වල සඳහන්, කුඩා බැවේරියානු රාජ්‍යය වෙත ගෙන යන්නේ ඇගේ ඉරණම විසින් ද?

කාල

Highlights:
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන ලද අත්පිටපත් තරගාවලියේ 2015 වසරේ හොඳම නවකතාව,ප්‍රථම ස්ථානය.

කලා ඓතිහාසික වෘත්තාන්තය වූ කලී ධාතුසේන රජ සමයේ සිදු වූවා යැයි සැලකෙන ජනප්‍රවාද ගත සිදුවීම් මාලාවක විදහා දැක්වීමකි.කඩවර දෙවි ලෙස දේවත්වයෙන් පිදුම් ලැබූ හීන්කුරුට්ටා යන කල්පිත චරිතය කතා නායකයා කර ගත් මෙම වෘතාන්තයෙන් දිග හැරෙනුයේ හිංකුරුට්ටා ගේ පුත් ‘කාල’ නමැති තම පියා හා තම භූමිය ජීවිතය කරගත් අපූර්ව කොලුගැටයා පිළිබඳ සංවේදනාත්මක පුරාවෘත්තයයි.

ඩ්‍රැකෝන් බලවතුන්ගේ බිහි වීම

Highlights:

සුශේයා තම යෂ්ටිය සුරතට ගත්තාය. ඇගේ දකුණු පසින් ටකේඩා තම අසිපත් ද්විත්වය දෑතින් දරා සූදානමින් සිටියේය. ඔවුන් දෙදෙනාට දෙපසින් සකාරස් සහ ටොකුගුවා තම ආයුධ ගෙන නැඟී සිටියහ.
“හැමෝටම දැනුම් දෙන්න. අපි මාළිඟාවෙන් එළියට යනවා. ඒ අය සටන අපි ළඟට අරන් එන්න කළින් අපි සටන එයාලා ළඟට අරන් යමු.”

රණ බෙර හඬ පැතිරෙන්නට වූයේය. මාළිගාවේ ප්‍රධාන ද්වාර විවර විය. විවර වූ ද්වාර අතරින් ධවල වර්ණ ගත් ශක්තිමත් අසුන් සිව් දෙනෙකු පිට නැගි අසරුවන් සිව් දෙනෙකු ප්‍රාකාර වෙතට තම අසුන් මෙහෙයවද්දී, ඔවුන්ගේ පසුපසින් දහස් ගණනක පිරිසක් ප්‍රාකාර වෙත ඇදෙන්නට වූහ.

මුළු හදින් මම ඇයට පෙම් කොට

Highlights:

මුළු හදින් මම ඇයට පෙම් කොට…

පෙම් ඇදුරාණෝ

Highlights:

ශෙනායා තමා ඉදිරියට එන කඩවසම් තරුණයා දෙස බලා සිටියේ පුදුමයෙනි. ඔහුගේ දෙනෙත්වල වූයේ වෙනස්ම පැහැයකි. කුස්සියේ වූ විදුලි එළි නිසාවෙන් එහි පැහැය හඳුනා ගන්නට නොහැකි වුවත් එම දෑස් බොහෝ සුන්දර විය. මෙතරම් තරුණ ප්‍රධානියෙකු ඇය බලාපොරොත්තුවෙන් නොසිටියාය. සමීර ද ඔහු දෙස නෙත් දල්වාගෙන බලා සිටියේ ඇය සේම පුදුමයෙන් වග ඇයට වැටහිණි.“හායි ගයිස්, අයෑම් සසිඳු සිත්මල්.. සූ චෙෆ්.. වෙල්කම් ටු ද මේන් කිචන්..”ඔහු තමාව හඳුන්වා දෙමින් දකුණත, ශෙනායා වෙතට දිගු කළේය. කමිසයෙන් අඩක් විවරව තිබූ ඔහුගේ දකුණත වැසී තිබුණේ වර්ණවත් ටැටූවලිනි.“හා.. හායි.. අයෑම් අසලි ශෙනායා..”ඇය අපහසුවෙන් හඬ අවදි කර ගනිමින් අතට අත දුන්නේ ඔහුගේ අත දෙස බලාගෙනමය.

සුවඳ රොන්සුණු

Highlights:

මිනිසා යනු
වැරදි නොකරන සත්වයෙක් නොවේ…
නිවරදි මිනිසා යනු
තමා අතින් සිදුවන වැරදි දැක හදුනා
එය යළි නොකරන්නෙකි..

සල සිලිලාරය

Highlights:

මගෙ කළු සුමු හීනවලට
පාට පාට තවරලා
ඇසි පිය යට සගවලා
යන්න එපා රත්තරනේ
ජීවිතයම හඩවලා

 

මට බෑ ඇසි පිය සලන්න
ඒ හීනය බිම හැලේවි
නුඹ ගැන මතකය ඇවිදින්
සිත යට සක්මන් කරාවි

 

නුඹෙ අතැගිලි අතර රැදුණ
මගෙ අතැගිලි ඉකි බිදීවි
පාට පාට හීන මැකී
කළු සුදු සදහට රැදේව්
යන්න එපා රත්තරනේ
ජීවිතයම හඩවලා

 

 

රංසිරිගේ සංග්‍රාමය

Highlights:

අරමුණු විරහිතව මගට බැස – මග තොට  නොහැඳින, ගමින් ගම  දොරින් දොර අයාලේ  ඇවිද, නන්නාඳුනන මිනිසුන් හා නොමිනිසුන් මැද ඇති දැඩි වී, ජීවිතය දිග් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුණු රංසිරි නම් තරුණයාගේ ජීවන සංග්‍රාමය, රංසිරිගේ සංග්‍රාමය නමින් පාඨකයා අතට පත්වී තිබේ. ඒ වනාහි කුලසේන ෆොන්සේකාගේ කතා මාලාවේ – පාඨක විචාරක උභය පක්ෂයම එක සේ තෘප්තිමත් කරන්නා වූ කතා කලාවේ අභිනව ජයග්‍රහණය ලෙස හඳුන්වාදීම වටනේය.

උකුසෙහි අහසේ

Highlights:

කුලසේන ෆොන්සේකා වූකලි අසූව අනූව දශකවල මෙරට සාහිත්‍ය සමාජයට නව අත්දැකීම් සම්භාරයක් දායාද කළ ලේඛකයෙකි. අමුතු පරිසරයක අපූරු චරිත කිහිපයක් හදුන්වා දෙමින් 1982 දී ‘ පාලම යට ‘ නවකතාව තුළින් සිංහල නවකතාවේ පැවති ඒකාකාරි කඩතුරාව ඉරා දමා නුදුටු නොලබන ලෝකයක් අපට හදුන්වා දුන්නේය.

 

එම දසකයේ බිහිවු ‘රන් මසු උයන’, ‘සිරි යහන’ හා ‘උඩු සුළග’ යන නව කතා නිසා ඔහුට ඉතා ඉක්මනින් මෙරට හොදම නවකතාකරුවන් කීප දෙනා අතරට එක්විය හැකි විය. නවකතා, පරිවර්තන හා යොවුන් නවකතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ඔහු අදයතන සමාජයේ පහළ පන්‍තිවල හද චලනය මැනැවින් පසක් කරගත් ලේඛකයෙකු හැටියට සැලකේ.

නිරුවත් මොණරු

Highlights:

දිහාර් වරින් වර වචන බිඳෙද්දී අනුලාට කිව්වේ ඒ ඇසුණු වචන ඔහුගේ හිත පිළිගන්නට අදිමදි කරද්දීය.ඔහුගේ හදවත දරා ගත නොහැකි තරම් තදින් යුහාදී නමින් රිදුම් දෙද්දී ය.

උතුරු දොරටුව

Highlights:

උතුරු දොරටුව

හීනයට ළග ජීවිතේ

Highlights:

හිරු එබෙන උදෑසන වාසල බණ්ඩාර මැණිකේ තම පුතුගේ දෑස්වලට එබෙමින් උන්නේ නොසන්සුන් සිතිනි.
තම මව විසින් තම අත මත තබන ලද සේයාරුව දෙස එකම බැල්මකින් රකිත බලා සිටියේ නොසන්සුන් ලෙසිනි.
“මට නිදහේ අර රටට වෙලා ඉන්න නොදී බොරු ලෙඩක් අරගෙන මාව මෙහෙට ගෙන්නුවේ මේ ගොඩේ ගෑණිව මගේ කරේ එල්ලන්න ද..?”
කෝපයෙන් දැවෙමින් රකිත තම අතේ වූ සේයාරුව මව වෙතට විසි කළේය.
කොහෙද බූරුවෝ මේ කෙල්ල ගොඩේ.. හොඳට බලපං උඹටම කැපෙන කෙල්ල..”
“කැපෙනවා.. මේ වගේ වැඩ නිසා ඔයාලයි මමී මගේ හිතෙන් කැපේනනේ..”

“උඹල ඔක්කොම එකතු වෙලා මගේ දරුවව මරාගෙන.. මහත්තයා මගේ දරුවා සෑහෙන්න විදවලා.. මුං ඔක්කොම මගේ දරුවව මරාගෙන.. මේ ඔක්කොම මගේ වැරදි..”
මැණිකේ පපුවට ගසා ගනිමින් විලාප නැඟුවාය.
“නෑ අම්මේ මේ ඔක්කොම බොරු.. රකිත මගෙත් එක්ක ජීවත් වුණේ සතුටින්.. මල්කි අක්කා ඔය කොළ අත්සන් කර ගත්තේ මං ආව මුල් දවස්වල එයා කිව්වේ රකිත කිව්වා මේවා අත්සන් කරන්න කියලා.. එක්යි මං අත්සන් කළේ…
නිසල් අයියේ කියන්නකෝ මං එමෙ කෙනෙක් නෙමෙයි.. මං මගේ රකිතට වැරැද්දක් කරන්න හීනෙකින්වත් හිතුවේ නෑ..”

නිසල්ගේ අතින් අල්ලා ගත් ගිම්හානි රකිත දෙස බැලුවාය. රකිත මෙන්ම නිසල් බැුවේ ද ගිම්හානිගේ අත දෙසය. තවත් මොහොතක්වත් එතැන නොරැදුණු ගිම්හානි නිසල්වත් ඇදගෙන කාමරයෙන් එළියට විත් දොර වසා දැමුවාය.
“අයියේ මට රකිතගේ ඩොක්ටර් ගාවට යන්න ඕනේ..”

“ඩොක්ටර් එයාට.. එයාට කවදාවත් ඇවිදින්න බැරි ද”
“මේකයි මං මෙහෙම කියන්නම්කෝ.. මිස්ටර් රකිතව මෙහෙට ගේද්දී එයා ජීවත්වෙයි කියලවත් හිතුවේ නෑ.. මිස්ටර් නිසල් තමයි ඒ ගැන හෝප්ස් තියන් හිටියේ.. සුසුම්නාවට අනතුරක් වුණොත් ගොඩක් වේලාවට ජීවිත කාලය පුරාවටම ලෙඩ ඇඳේ ඉන්න වෙනවා.. ඒත් මං කියන්නේ නෑ සදාකාලිකවම ඇවිදින්න බැරි වෙයි කියලා..”

“අද ඉදලා අපි අලුත් නමකින් අලුත් ඩිසයින්වලින් මාර්කට් එක අල්ලනවා.. දන්නවද මේ එක පුංචි කෙල්ලෙක්ගේ හීනයක්.. ගිමා ෆැෂන්ස්…”
ඒ ඇගේ හීනයයි. රකිත ඇගේ හීනයට ළඟ දිනා ගත් ජීවිතයයි. ජීවිතය විසින් හීනය සැබෑ කරන්නට අඩිතාලම දමා අවසන්.. දැන් අවැසි වන්නේ ඒ අඩිතාලම මත ඇගේ හීණ මන්දිරය ගොඩ නැඟිම පමණක්මය.

උන්මාද නිම්නය

Highlights:

දුම්රිය නුවරට ළඟා වන විට වේලාව දහවල් එකහමාරට පමණ ආසන්න විය. යොෂිකාට, ධනුෂ්කගේ උරහිස මත නින්ද ගොස් තිබිණි. ඇයට බාධා නොවන අයුරින් නොසැලී සිටි ධනුෂ්ක ඇගේ හිස සිප ගත්තේය.යොෂිකා තිගැස්සී දෙනෙත් විවර කළේ ඇගේ මුහුණට දැනුණ ස්පර්ශය නිසාය. ඇය, ධනුෂ්කගේ උරහිසෙන් හිස එසවූයේ ලැජ්ජාවෙනි.“සොරි…” ඇය මිමිණුවාය.“හම්මේ… උරහිස් පත්තක් දාන්න වෙනවා…”ධනුෂ්ක උරහිස පිරිමැද ගනිමින් කීවේය.“යන්න අනේ…”ඇය නෝක්කාඩුවෙන් කීවේ ඔහුගේ උරහිසට පහරක් ගසමිනි.ඔහු සැහැල්ලුවෙන් සිනාසුණේ ඇයට සිප ගැනීම දැනී නොතිබුණු නිසාය. ඔහු දුම්රියෙන් පිටතට අඩිය තිබ්බේ හිරි අරිමිනි. සිතේ තිබුණේ අමුතුම සතුටකි.“අපි කාලාම යමු නේද..? ටේ්‍රන් එක පිටත් වෙන්නේ තව පැයකින්…”නුවරඑළිය බලා දුම්රිය ධාවනය වෙන වේලාව පරීක්ෂා කර බැලූ ධනුෂ්ක විමසුවේය.“අම්මෝ ඔව්… මට පට්ටම බඩගිනියි..”යොෂිකාට එක්වරම කියැවිණි. ධනුෂ්කට සිනා නැඟිණි. ඇය බැරෑරුම් යුවතියක ලෙස පෙනුණත් ඇගේ ඇතුළත සරළ සැහැල්ලු යුවතියක් ඇතැයි ඔහුට සිතිණි.“බුදු අම්මෝ.. යමු යමු එහෙනම්…”********************************************

සංසු

Highlights:

“සංසු.. මම නරක ගෑනු ළමයෙක් කියලා

හිතන්න එපා.. මෙහෙම කිව්වා කියලා

මාව වරදවා හිතන්නත් එපා..

මාත් එක්ක තරහා වෙන්නත් එපා..

“ඇය කියාගෙන ගියේ ඔහු කුතුහලයෙන්

ඇගේ මුහුණ දෙසම බලා සිටියදීය.

“මම ඔයාට අයියා නොකියන්නෙයි, ගෑනු

ළමයෙක් නැති එක හොදයි කිව්වෙයි..”

ඇය කතාව මොහොතකට නවත්වා

හුස්මක් ඉහළට ගෙන් පහළ දැමුවාය.

“මොකද මම ඔයාට ආදරෙයි..

ඇත්තමයි.. දන්නේ නෑ ඇයි එහෙම

හිතුණේ කියලා.. ඒත් එහෙම හිතුණා.

“මම ඔයාට ආදරෙයි සංසු..

“දෝණි..” ඔහු දෙනෙත් විසල් කරගෙන

ම්ම්ණුවේය.

දඩයම් බල්ලෝ

Highlights:

සිදු වූ කිසිවක ශේෂ වූ ප්‍රතිඵලයක් තව දුරටත් විමසන්නට නොගිය වෙඩික්කරුවා වහා වෑන් රියට ගොඩ වූ විගස රියදුරු වෑන් රථය වේගවෙන් ඉදිරියට ධාවනය කළේ වට කිසිවක් පිළිබදව අවධානයක් ලබා නොදෙමින්ය.ඒ සමගින්ම නැවතත් ඔහුගේ දුරකථනය නද දෙන්නට වූ අතර ඔහු එය සුරතට ගත්තේ සිය ස්වාමියාට කර්‍යයෙහි සාර්ථකත්වය පිළිබදව සැල කිරීමේ ආශාවෙනි.

“මොකද බල්ලෝ තොපි ෆෝන් ගන්නේ නැත්තෙ. තොපි දෙන්නට මං දැන් කෝල් සියයට වඩා ගන්න ඇති. ඉක්මනට ආපහු හැරිලා වරෙල්ලා. ඔය කෙල්ලට කිසිම කරදරයක් වෙන්න බෑ. කිසිම අනතුරක් නොවි මට ඔය කෙල්ල පන පිටින් ඕනෙ. අපේ ජීවිත තියෙන්නේ ඔය කෙල්ලගේ අතේ.

“වෙඩික්කරුගේ දෑත් වෙව්ලන්නට වූවේය. ඔහුගේ දෑස් ඉලිප්පි ගොස් තිබුණි. “බො..බොස් ම.. ම..මං කෙල්ලට තිබ්බා. කෙල්ල එතනමයි.”ඔහු පැවසුවේ වෙව්ලන ස්වරයෙනි.

සඳපානේ වැලිතලා

Highlights:

මැද පන්තියේ තරුණ දරුවන් තමන්ට අභිමත අන්දමට ආදරය, විවාහය , විදදරාගනීම, වෙන්වීම සම්බන්ධ කාරණාවල දී අන් කවරදාටත් වඩා ‘අමුතු’ වී සිටින ස්වභාවයක් වත්මනේ දක්නට ලැබෙන්නේද?

අප්‍රමාණ කපවීමෙන් ලොකු මහත් කොට – උගන්වා දෙපයින් නැගී සිටින්නට හැකි තත්වයට පත් කළ දරුවන්ගේ ‘ආකල්ප- පුරුෂාර්ථ’ හේතුවෙන් දෙමාපියන් – වැඩිහිටියන් අන් කවරදාටත් වඩ හුදකලා වන ස්වභාවයක් දක්නට ලබෙන්නේද?

මනුෂය සම්බන්ධතා ගොඩ නැගෙන අන්දමත්, මනුෂය සම්බන්ධතා බිඳ වැටෙන අන්දමත්, ජීවත් වීම විෂයෙහි වැදගත් ‘වටිනාකම්’ නොසලකා හරීමත් වත්මන් සමාජයේ සාමාන්‍ය තත්වයක්ද? – පොදු තත්වයක් ද?

සහිතය්‍යකරුවෙකු තමන් හාත්පස සමාජය නිරීක්ෂණයෙන් ඉහත සඳහන් ප්‍රශ්න ආශ්‍රයෙන් ලත් අත්දැකීම් කෙරේ සංවේදී වන අන්දම මේ කෘතියෙහි නිරූපිතයි.

The Maid

Highlights:

Molly the maid is all alone in the world. A nobody. She’s used to being invisible in her job at the Regency Grand Hotel, plumping pillows and wiping away the grime, dust and secrets of the guests passing through. She’s just a maid – why should anyone take notice? But Molly is thrown into the spotlight when she discovers an infamous guest, Mr Black, very dead in his bed. This isn’t a mess that can be easily cleaned up. And as Molly becomes embroiled in the hunt for the truth, following the clues whispering in the hallways of the Regency Grand, she discovers a power she never knew was there. She’s just a maid – but what can she see that others overlook?

1 2 15 16 17 18 19 21 22
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping