Fiction

Fiction

(Showing 1081 – 1140 products of 1271 products)

Show:

දෙයියො තමයි දන්නෙ…..! (CHETAN BHAGAT’S 400 DAYS)

Highlights:

සියා අරෝරා…අවුරුදු දොළහෙ පොඩි කෙල්ල… අම්මයි,තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉදල රෑට නිදගන්න යනව. පහුවහද උදේ සියා නෑ ! අතුරුදහන්!! සියාට මොකද වුණේ? කැමැත්තෙන් යන්න ගියාද? හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද? කා එක්ක හරි පැනලා ගියාද? කවුරු හරි පැහැරගෙන ගියාද ? විහිළුවට හැංගුණාද ? ..ද ?..ද?..ද? දෙයියො තමයි දන්නෙ !

ගැහැනු නැතිව

Highlights:

‘වැල්වටාරම් නැතිව මං කෙටියෙන් කියන්නම්. මට පුළුවන් වුණා ඇයව ඉතා අමාරුවෙන් හොයාගන්න. ඈ අගේ මහත්තයයි දරුවයි දාලා ගිහින් වෙනත් මිනිහෙක් එක්ක දැන් ජීවත් වෙනවා.’
මම ගොළු වුණා. එක පාරට ම මට වටහා ගන්න බැරි වුණා ඔහුට මොනව වෙන්න ඇත්ද කියල. අන්තිමේ දි මට අහන්න පුළුවන් වුණා. ‘ඔබ කියන්නෙ ඒ ගෑනි එයාගෙ ස්වාමිපුරුෂයයි, ටෝකයි දොස්තර මහත්තයයි දෙන්න ම දාලා ගියා කියල ද?’
‘ඔව්.’ ගොටෝ ඔරවලා කිව්ව.
‘ඒ ගෑනිට තුන්වෙනි මිනිහෙක් හිටියා. මම ඒ හැම විස්තරයක් ම දන්නෙ නැහැ. නමුත් ඒ මිනිහා මේ ගෑනිට වඩා තරුණයි වගේ. මේක තනිකර ම මගේ අදහසක්. ඒ මිනිහ ඇවිල්ල ඔය කියන තරම් අගේ ඇති මිනිහෙක් නෙමෙයි කියල මට දැනුණා. ඈ ගෙදරින් ගිහිල්ල තිබුණෙ ඒ මිනිහත් එක්ක හොරෙන් පැනල යන්න. ටෝකයි දොස්තර මහත්තයා කළේ පහසු ගල් පඩිපෙළක් හැදුව එක මිසක් වෙන දෙයක් නෙවෙයි. ඈ ඔහුව පාවිච්චි කළා. ඔහු ඒ ගෑනිට ගොඩක් වියදම් කළ බවට සාක්ෂි තියෙනවා. මම නීතිඥයො සම්බන්ධ කරගත්තා. ඉන් පස්සෙ ඔවුන් පරීක්ෂා කළා ඔහුගෙ බැංකු ශේෂය සහ ක්රෙඩිට්පත් ගිණුම්. ඒකෙන් වැඩේ පැහැදිලි වුණා. සමහර විට ඔහු ඒ මුදල් සියල්ල වියදම් කරන්න ඇත්තෙ ඒ ගෑනිට වටිනා තෑගිභෝග ගන්න. එහෙම නැත්නම් ඔහු ඈට ණයට මුදල් දෙන්න ඇති. ඒ මුදල් වියදම් වුණේ කොහොමද කියල හරියටම දැනගන්න පැහැදිලි සාක්ෂියක් තිබුණෙ නැහැ, සහ තියෙන විස්තර පැහැදිලි නැහැ. නමුත් අපි දන්න එක ම දේ තමයි ඔහු සැලකිය යුතු මුදල් ප්රමාණයක් කෙටි කාලයක් තුළ ගත්ත කියන එක.’

Things Fall Apart (Penguin Modern Classics)

Highlights:

THINGS FALL APART tells two overlapping, intertwining stories, both of which center around Okonkwo, a “strong man” of an Ibo village in Nigeria. The first of these stories traces Okonkwo’s fall from grace with the tribal world in which he lives, and in its classical purity of line and economical beauty it provides us with a powerful fable about the immemorial conflict between the individual and society. The second story, which is as modern as the first is ancient, and which elevates the book to a tragic plane, concerns the clash of cultures and the destruction of Okonkwo’s world through the arrival of aggressive, proselytizing European missionaries. These twin dramas are perfectly harmonized, and they are modulated by an awareness capable of encompassing at once the life of nature, human history, and the mysterious compulsions of the soul. THINGS FALL APART is the most illuminating and permanent monument we have to the modern African experience as seen from within.

මේකි නං මහ

Highlights:

ධන කුවේරයින්, දේශපාලන බලවතුන්, ප‍්‍රකෝටිපතියන් අල්ලේ නටවමින්; ලාලිත්‍ය උතුරා ගලන, කාන්තිය කඩාහැලෙන අභිරූපිකාවන් සහ ගයන, වයන, රඟන සලෙලූ ලියන්ගේ රසාලිප්ත අත්දැකීම්..! දෙව්ලොව දෙව් සැප විඳින, සතුට උතුරා දෝරේ ගලන, තරු හතේ හෝටල් සහ සමාජ ශාලාවල සූදු කෙළින, රති සැප විඳින මිහිබට කුමර කුමරියන්ගේ සුඛෝපභෝගී කාමාශක්ත සබඳකම් පසුබිම් කර ගනිමින් ජැකී කොලින්ස් විසින් රචිත The Bitch නවකතාවේ සිංහල පරිවර්තනයයි.

රැම්සීස් 5 (බටහිර ඇකේෂියා සෙවනේ)

Highlights:

“උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්. මා බෙහෙවින් අගයන, එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්, මට මේ බර දරාගත හැකිවේද?”

-සේටෝ

“මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම් , මා ඔබේ මිතුරා වන්නේ කෙසේද?”

-ආශා

“යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට”

-මෝසස්

“ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි, ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?”

-සෙරමන්තා

“මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිිසිවෙකුට අමතක නොවේවි ඔබ. ආලෝකයේ පුත්‍රයා!”

-ආමෙහි

රැම්සීස් 3 (කාඩේෂ් සටන)

Highlights:

“…. එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැගී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප්‍රතිරාව නංවමින්, රැම්සීස්ගේ දෙසවනට පමණක් ඇසෙන්නට විය.
” මා ඔබේ පියාණන්, ආමන්. ඔබේ අත මට දෙන්න. මා ඔබෙයි. ජයග්‍රහණයේ පියාණන් වූ මා ඔබෙයි, පුතණුවනි.”
එක්වරම පාරාවෝ ආලෝක ධාරාවකින් වැසී ගියේය. ඔහුගේ සිරුර හිරු එළියේ රන් පැහැයෙන් දිලෙන්නට විය. රැම්සීස්, රා ගේ පුත්‍රයා තම දිව්‍යමය ශරීරයේ බලය ලබා ගත්තේය. තවදුරටත් ඔහු පරාජිත අණ දෙන්නෙකු හෝ හුදෙකලාව, අවුලට පත් රජෙක් නොවීය. ඔහු ශක්තිමත් අසිපතක් රැඳෙන දෑතක් හිමි, යටපත් කළ නොහැකි ශක්තියකින් යුතු රජෙක් විය. සියල්ල දවාලන ගිනි සිළුවක් විය. රාත්‍රී අහසේ අඳුර විනිවිද යන උල්කාපාතයක්, වේගයෙන් හමන සුළඟක්, සටනට සැරසුන කුළු හරකෙක්, පහර දීම සඳහා අත්පහුරු විහිදා ගත් උකුස්සෙක්! රැම්සීස් ඊයක් පසුපස ඊයක් විදින්නට පටන් ගති…..”

රැම්සීස් 2 ( සදාතනික දෙවොල )

Highlights:

“ආලෝකයේ පුත්‍රයා”

 

පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වු රැම්සීස්ට තැබු නාමයයි ඒ්. ඔහු නමින් හඳුන්වන සේටි, ඔහුට තම රාජ්‍යය භාරදෙයි.

 

සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍ය ගොඩ නැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද?

 

මේ සියලු උපද්‍රව වලින් රැම්සිස් බේරා ගන්නට, ඔහුගේ සුරතල් සිංහයා, අපරාජිත රන්වන් සුනඛයා, නොනිදන්නා, සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද?

 

බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේ දි, තම සිහිනය වු සදාතනික දෙවොල යතාර්තයක් කිරිමට හැකිවේද ආලෝකයේ පුත්‍රයාට ?

මේ බදාදනං බෑ

Highlights:

ශ්‍රී ලාංකික දේශපාලනයේ විවිධ කාල වකවානුවල ජනතාවට බලපෑ දේශපාලනමය සංසිද්ධීන් පාදක කර ගනිමින් රචිත රසවත් කෙටිකතා එකතුව.

කිචෙර ගිරි හිස බිඳූණු සෙවණැලි

Highlights:

සියවස් රැසක හැල හැප්පීම් නෙතු අග රඳවමින්,ඒ කිසිවක් සිදු නොවු විලසින් අපරදිග යුක්‍රේනයේ සොදුරු කර්පාතියානු ගිරි වළලුද, එහි පා අබියස වැතිරුණ නිමින බිමිද ජීවන වන්දනා ගමනේය. එවන් නොඉඳූල් බිමෙක සුවඳ උකහා, සොබාදහමේ නොකිටිලි හරිතවත් ගිරි ශිඛර, චෙරමෝෂ් නදියේ රිදී වන් දිය දහර මෙන්ම නුබ ගැබේ තරු පංති සේ දිස්වෙන බැටළුවන් තණ බුදින බිමි හරහා කොත්සුන්ස්කිය්‍ සිය පන්හිදෙන් පාඨකයා රැගෙන යන්නේ සිය කර්පාතියානු බිමිකඩට දැඩි සේ ඔවුන්ට ආදරයෙන් වෙළෙන්නට පොලඹවමිනි. හුත්සුවරුන්ගේ ගොවි-එඩේර දිවි පෙවෙත, සාමිප්‍රදායික ආගමිකත්වයට බර දිවිය හා තවමත් නොනැසුණු ආගමි බද්ධ සිරිත් විරිත් මෙන්ම භූතාත්ම හා ගනුදෙනු මේ ප්‍රබන්ධයට සංකලනය කරමින් ඔහු පාඨකයා ප්‍රහර්ෂයට පත් කරන්නේ ඉන්ද්‍රජාලිකයෙකු විලසිනි.

අරාජිකයෙක්-ඇවිත්

Highlights:

අතීතය අනාගතය සමග කිසිදු දිනක එක් නොවන්නේය යන්න සැබැවක් නම්,අනාගතයද අතීතය හා එක් නොවන්නේය. අතීතය ඇසුරින් අනාගතය ගොඩනගාගත හැකි වතාවක් මෙන්ම අතීතයේ වු වැරදි අනාගතයේ නොමග යෑමටද බලපාන්නේය. එහෙත් එක් සත්‍ය‍යක් අනාගතයටත්, වර්තමානයටත් පොදු වන්නේය. එනම් නිරන්තර පීඩිතයන් සහ පීඩකයන් සමාජගත වීමයි. පීඩකයින් පීඩතයීන් වෙතින් පෝෂණය වෙයි. පීඩිතයා පීඩකයා පෝෂණය කරන අතරම ඔහුව ආරක්ෂා කරයි.

සිරිමල්ගේ වික්‍රම

Highlights:

සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට  නව පණක් දුන් ලේඛකයා කුලසේන  ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය.  පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත් කිරීමේ  සහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාව විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නූතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණ වලට පාදක විය.

අම්මා සහ මිහිකත

Highlights:

රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේ දී තම සැමියා සහ පුතුන් දෙදෙනා මිය ගිය, ගෙවි ලියකගේ, බිරිදකගේ සහ මවකගේ ධෛර්ය සම්පන්න සහ ඉතා දුක්බර කතාව මෙම නවකතාවෙන් විස්තර කරයි.

ඇතුළුවිම තහනම් NO ENTRY

Highlights:

පිට පිට ම නිකුත් වු වෙඩි ප්‍රහාර දෙකකි ! සිය ළය පෙදෙස දෑතින් ග්‍රහණය කරගත් එම බිහිසුණු මිනිසා රුධිර ගංඟාවක් මධ්‍ය‍යේ මිහිමත වැටී සදාකාලික නින්දකට පිවිසී සිටියේය …. මේක තමයි යුක්තිය. මේක තමයි සාධාරණය ! මේක තමයි පරම සත්‍ය‍ය !

මරණ වරෙන්තුව THE DEATH WARRANT

Highlights:

රහස් සංකේත ක්‍රමයක් යොදා ගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්! එම හෝඩුවාව පසුපස හඹා යන රහස් පරික්ෂකයන් හට මුහුණ පෑමට සිදු වන්නේ නොසිතූ විරූ දුෂ්කරතාවයකට ය. නීතිය යනු එය ක්‍රියාත්මක කරන්වුන් සතු බුදලයක් ද? නොඑසේ නම් සැමට සාධාරණ ව අදාළ විය යුතු දෙයක් ද?

ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම Murder At The Anderson Road

Highlights:

දේශපාලනය සහ පාතාලය අතර ඇත්තේ කෙබදු සම්බන්ධතාවයක් ද? දේශපාලන හස්තයේ බලපෑම නොමැති කල පාතාලයට කුමක් සිදු වන්නේ ද? දේශපාලනය නැමති පොතේ පාතාලය නම් පරිච්ජේදයට හිමිවන්නේ කුමන ස්ථානයක් ද? වඩාත් භයානක පාතලයේ යමපල්ලන් ද නොඑසේ නම් දේශපාලනඥයින් ද?

The Seven Moons of Maali Almeida

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

During the height of the Sri Lankan civil war, Maali Almeida, war photographer, gambler and closet gay, has woken up dead in what seems to be a celestial visa office. His dismembered body is sinking in the Beira Lake in central Colombo and he has no idea who killed him.

At a time when scores are settled by death squads, suicide bombers and hired goons, the list of suspects is depressingly long.

But even in the afterlife, time is running out for Maali. He has ‘seven moons’ to find out who killed him and to try and contact the man and woman he loves most in order to lead them to a hidden cache of photos that will rock Sri Lanka.

BLACK MONEY කළු සල්ලි

Highlights:

කළු සල්ලි “අනේ මට යන්න දේන්න… මේ කොහේද අපි ඉන්නේ.? ෂෙනොන් නොනවත්වා විලාප නැඟුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත්‍යජිත්‍ ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින් කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල පැලී රුධිරය ගලා ආවේ ය. මරණ බිය ඔහුගේ මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇදි කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙවුලුවේ අපස්මාරය වැලඳුණු රෝගියෙකුගේ මෙනි.

CURSE OF MANAMPITIYA මනම්පිටියේ භීෂණය

Highlights:

අභිරහස් ලෙස අතුරුදහන් වන පාසල් යුවතියන් දෙදෙනෙක් !  එය ගන  මුකලානක් මැදින් වැටී තිබු ගුරු පරකි. දෙපස පිහිටි දැවැන්ත තුරු ලතාවන්ගෙන්ගේ ආවරණය හේතුවෙන් දිවා කල වුවද එහි පැවතියේ මඳ අදුරු වනාන්තරය තුළ සැඟව ඇති අබිරහස කුමක්ද?

ඇසින් දුටු සාක්කිකරුවා

Highlights:

එකක් පසුපස එකක් ලෙසින් පාතාල ලෝකය තුල ඇරඹෙන ඝාතන රැල්ලක් !

පාතාල ලෝකයේ “ගෝඩ් ෆාදර්” ට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කරන අතිශය බිහිසුණු මිනිසෙක් !

සියලු බාධක හමුවේ ඝාතකයන් පසුපස හඹා යන අබිත නිලධාරියෙක් !

වරදට දඬුවම

Highlights:

මරණයට පත්වුණු නිරාෂා බෲක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රෑප සුන්දරියක්.මීට අවුරුදු හතරකට කලින් ‘මිස් ශ්‍රි ලංකා’ රෑ රැජින තරගයට සහභාගි වෙලා තෙවැනි ස්ථානය හිමි කරගෙන තියෙනවා.මට දැන ගන්න ලැබුණා නිරාෂාගේ සීයා ඉංග්‍රිසි ජාතිකයෙක් බව…..

මිනීමරුවකුගේ ශෝකාලාපය

Highlights:

පළිගැනීමේ චේතනාව, බද්ධ වෛරය සහ ක්ෂණික කෝපය යන චෛතසික ස්වභාවයන් මූලික වීමෙන් මනුෂ්‍ය ඝාතන සිදුවනවා මෙන්ම ඇතැම්හු සිය ආත්මාරක්ෂාව පතා මනුෂ්‍ය ඝාතන සිදුකරති. ඇතැම්හු රැපියල් ශත අපේක්ෂාවෙන් තවකෙකුගේ දිවි තොරකරති.එහෙත් සමාජ සාධාරණත්වය සහ යුක්‍තිය උදෙසා මිනී මරන්නන්ගේ චෛතසික ස්වභාවය කෙබදූ වේදැයි අප වටහාගන්නේ කෙසේද ? එවන් චෛතසික ස්වභාවයක් සාධරණීය කළ හැකි නිර්ණායක මෙම නෛතික රාමුව තුළ පවතිද?

සිංහයා, මායාකාරිය සහ ඇඳුම් අල්මාරිය

Highlights:

මහාචාර්යතුමකු ගේ පැරණි නිවසක ඇඳුම් අල්මාරියක්  විවෘත කරන ලුසී පිවෙන්සි අරුම පුදුම දේශයකට අහම්බෙන් පිය තබයි.එය වනාහී සදාතන සීත සෘතුවක් රජකරන හිමෙන් වැසී ගිය දේශයකි.

බලගතු මායාකාරියක ගේ අණසකට යටපත් වූ දේශයකි. සුරංගනා කතාවලත් පුරාවෘත්තවලත් පමණක් සඳහන් වන විස්මජනක සත්ත්වයන් ජීවත් වන මායාවෙන් හා ඉන්ද්‍රජාල වලින් පිරුණු දේශයකි.

එය හඳුන්වනු ලබන්නේ නානියාව යනුවෙනි

එහි වසන සැමගේ ම බලාපොරොත්තු ඇස්ලන් නැමැති සිංහ රාජ‍යා පැමිණ දුෂ්ට මායාකාරිය පරදවා සදාතන සීත සෘතුවෙන් තම දේශීය ගලවා ගනු ලනු දැකීමය. එහෙත් ඒ සිදුවීමට මෙලොවින් ළමයින් සිව්දෙනෙකු නානියාව ට පැය තැබිය යුතුමය.

ලෝකයේ මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම ළමා කෘතීන් අතරින් ඉදිරියෙන්ම තිබෙන්නක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සිංහයා මායාකාරිය සහ ඇදුම් අල්මාරි ලොව කවර  කොතැනක ජීවත් වුවද කවර බසක් කතා කළ ද ළමයින් හැමටම කියවා රස විඳිය හැකි නිර්මාණයකි.

ඉව

Highlights:

අධිවේගී මාර්ගයේ සිදුවන මාරාන්තික රිය අනතුරක් !

නොසිතු මොහොතක ලැබෙන තර්ජනාත්මක දුරකථන ඇමතුමක්!

ලේ සුවදට ඉව අල්ලන බිහිසුණු මිනිසෙක්!

ආපුටුංගෝ මාපුටුංගෝ

Highlights:

‘ආපුටුංගෝ – මාපුටුංගෝ’ කෘතිය සුහර්ෂිණී ධර්මරත්න නම් කිවිඳිය විසින් සිය ජීවන අන්දරය නිර්මාණාත්මක ලෙස තීරු ලිපි තුළට කළ ගොනුකිරීමක එකතුවක් ලෙස සඳහන් කළ හැකිය. මෙයින් කිහිපයක් මව්බිම පුවත්පතේ පළ වූ අතර නොපළ තීරු ලිපි බොහොමයකි. ඒ සියල්ල එක්කොට කෘතියක් ලෙස මෙසේ එළිදැක්වෙයි. කතුවරිය මේ කෘතිය තුළින් සිය ජීවන අන්දරය අප හමුවේ තබන අතර එහි යටිපෙළක් ලෙස අගනා සමාජ විවරණයක් ද ගෙන එන්නීය.

සුදු කපුරු පෙති

Highlights:

2003 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගත් ‘සුදු කපුරු පෙති’, ප්‍රවීණ නවකතාකාරියක වන තුෂාරි අබේසේකරගේ නිර්මාණයකි. මිනිසා විසින් පනවා ගත් සීමා මායිම් ඉක්මවා ගිය ආදරයක් පිළිබඳ කතාවක් මේ කෘතිය සඳහා පාදක වී තිබේ.

විමුක්තිය

Highlights:

යතාර්ථ රීතියෙහි පිහිටා නිර්මාණය කරන ලද ‌මෙහි ඇතුළත් කතා ‘අත්දැකීම් හා පරිකල්පනය’ සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම්වලින් සමන්විත වන්නේ ය. අත්දැකීම්වල නිර්ව්‍යාජ ගුණයත් ‘පරිකල්පනයත්’ නිර්මාණයක ‘අර්ථවත්භාවය‘ මෙන්ම ‘මෙන් ම ‘රසවත්භාවය‘ සම්බන්ධයෙන් ඉවහල් වන්නේ ය. ඒ අවබෝධයෙන් රචිත මෙහි ඇතුළත් කතා, පාඨකයාගේ පරිකල්පන ඥානය අවදි කරයි. සාහිත්‍ය කෘතියක් එය පහළ වු සමාජයේ – එය පහළ වූ අවධියේ, දර්පණ තලයක් ය යන්න මෙන්ම, සාහිත්‍ය කෘතියක් අදාළ වන්නේ ඒ අවධියට පමණක් නොවේ ය යන්න ද මේ කතා සනාථ කර සිටියි. කවර කලක බිහිවුණ නිර්මාණයක් වුව පාඨකයාට වැදගත් වන්නේ ඉන් අත්විඳිය හැකි ජීවනාස්වාදය හේතුවෙනි යන අදහසත් මේ කතා සපථ කරයි.

තක්සලාවේ නියඟය

Highlights:

කෙටි කතාකරුවෙකු ලෙසින් කතුවරයා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ මේ කෘතිය පළ කරමිනි. මෙහි ඇතුළත් කතා කතුවරයා තුරුණු වියේ දී නිර්මාණය කර තිබෙන නමුත්, ‘ජීවිතය‘ හා ‘සමාජය‘ විෂයෙහි ඔහුගේ තියුණු නිරීක්ෂණ හැම නිර්මාණයකින්ම කුළු ගන්වයි. තව ද, උසස් අධ්‍යාපනය පිණිස ගමෙන් නගරයට පැමිණි තරුණයෙකු නවකවදය තුළ හිංසනයට ලක්වන අන්දම නිර්ව්‍යාජව නිරූපණය කළ; විවාදයට බඳුන් වුණ ‘තක්සලාවේ නියඟය‘ එකී පුරුද්දෙහි තිබු හිංසනය සේම – අවිචාරවත් බව එ දවස ලත් ප්‍රායෝගික අත්දැකීම් ආශ්‍රයෙන් රචනා කරන ලද්දකි. පාඨක විචාරක අවධානයට ලක්වුණ මේ කතා සංග්‍රහය ‘එක් අවධියක‘ ‘ලංකා සමාජයේ ඇතැම් තතු විදහා පාන්නකි.

කුම්මා

Highlights:

යොවුන් පරපුර උදෙසා ලිවීම පහසු නැත. ඒ සඳහා යොවුන් සිතුම් පැතුම් පිළිබඳ මනා හැඟීමක් තිබිය යුතුය. ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක ‘කුම්මා’ නිර්මාණය කරන්නේ ඒ අපූර්ව වූ හැඟීම තුළ ජීවත් වෙමිනි. ‘ලොකු අම්මා’ යනුවෙන් උච්චාරණය කරන්ට තරම් නොවැඩුණු කුඩා දැරියක ‘කුම්මා’ යනුවෙන් පවසනු ඇසීම තුළින් තමා තුළ හටගත් සෙනෙහස මුසු චමත්කාරජනක හැඟීම මේ යොවුන් නවකතාව ලියන්නට ලේඛිකාව තුළ පෙලඹවීමක් ඇති කොට තිබේ. නවකතාව පුරා විහිද යන්නේ ඒ අපූර්ව වූ හැඟීමය.

රැජින

Highlights:

මේ වූකලී,

නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන්ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය.

එසේම,

ආදරය උදුරා විසි කළ මොහොතක අහම්බෙන් එය නැවත මුණ ගැසුණු මහ රැජිනකගේ කතාවය. එපමණකුදු නොව,

මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේද කතාවය.

Great Stories in Easy English – Kidnapped

Highlights:

Written by Scottish writer Robert Louis Stevenson, it can be described as a novel built around several real events that took place in Scotland in the 18th century. Most of the people shown here were real people at the time. This book helps to better understand the social and political environment of this period. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

Run Rose Run

Highlights:

She’s a star on the rise, singing about the hard life behind her. She’s also on the run. Nashville is where she’s come to claim her destiny. It’s also where the darkness she’s fled might find her. And destroy her . . .

Sparring Partners

Highlights:

Homecoming takes us back to Ford County, the fictional setting of many of John Grisham’s unforgettable stories. Jake Brigance is back, but he’s not in the courtroom. He’s called upon to help an old friend, Mack Stafford, a former lawyer in Clanton who three years earlier became a local legend when he stole some money from his clients, divorced his wife, filed for bankruptcy, and left his family in the middle of the night, never to be heard from again. Until now. Now Mack is back and he’s leaning on his old pals, Jake and Harry Rex, to help him return. His homecoming does not go as planned.

Ugly Love – A Novel

Highlights:

When Tate Collins meets airline pilot Miles Archer, she doesn’t think it’s love at first sight. They wouldn’t even go so far as to consider themselves friends. The only thing Tate and Miles have in common is an undeniable mutual attraction. Once their desires are out in the open, they realize they have the perfect set-up. He doesn’t want love, she doesn’t have time for love, so that just leaves the sex. Their arrangement could be surprisingly seamless, as long as Tate can stick to the only two rules Miles has for her.

Verity

Highlights:

Lowen arrives at the Crawford home, ready to sort through years of Verity’s notes and outlines, hoping to find enough material to get her started. What Lowen doesn’t expect to uncover in the chaotic office is an unfinished autobiography Verity never intended for anyone to read. Page after page of bone-chilling admissions, including Verity’s recollection of the night their family was forever altered. Lowen decides to keep the manuscript hidden from Jeremy, knowing its contents would devastate the already-grieving father. But as Lowen’s feelings for Jeremy begin to intensify, she recognizes all the ways she could benefit if he were to read his wife’s words. After all, no matter how devoted Jeremy is to his injured wife, a truth this horrifying would make it impossible for him to continue loving her . . .

The Paris Apartment

Highlights:

In a beautiful old apartment block, deep in the backstreets of Paris, secrets are stirring behind every resident’s door. There was a murder here last night. Who holds the key to the mystery of apartment three?

The Wish

Highlights:

Maggie hasn’t told this story in years. More than two decades ago, she fell in love. She was sixteen and far from home, waiting to give her baby up for adoption. Bryce showed Maggie how to take photographs and he didn’t judge her for the way her belly swelled under her jumper. They had the perfect first kiss. Theirs was a once-in-a-lifetime kind of love. Now, as Maggie sits by the Christmas tree in her gallery telling her story, surrounded by the photographs that made her famous – the photographs Bryce never saw – her new gallery assistant asks her a question. If she had one wish, what would she wish for this Christmas?

Book Lovers

Highlights:

Nora has been through enough break-ups to know she’s the one men date before finding their happy-ever-after. To prevent another dating dud, Nora’s sister has persuaded her to swap her city desk for a month’s holiday in Sunshine Falls. It’s a small town straight out of a romance novel, but instead of meeting sexy lumberjacks, handsome doctors or cute bartenders, Nora keeps bumping into…Charlie.

ගමෙන් උපන් කතා

Highlights:

විමුක්තිය පතා සිංගප්පූරුව දෙසට හැරුණු ජනතාව අද විමුක්තිය පතා යළි ගම දෙසට හැරෙමින් සිටිති. ගම සිංගප්පූරුවට වඩා සිය දහස් ගුණයකින් සුන්දර බව මේ කෘතිය පෙන්වා දෙයි. එපමණක් නොව යමෙකුට මේ රට සිංගප්පූරුවක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මාවත වැටී ඇත්තේ ද ගම ඔස්සේ බව මේ කෘතිය පෙන්වා දෙයි. මිහිබට සුරපුර වනාහී ගමට තවත් නමක් බව මේ කෘතිය පෙන්වා දෙයි. එලෙසම යම් ලේඛකයෙකුට සුන්දර භාෂාවක් හිමිවන්නේ ඔහුට පැවසීමට සුන්දර අත්දැකීම් ඇත්නම් පමණක් බව ද මේ කෘතිය පෙන්වා දෙයි.

මෛත්‍රී සාගරය

Highlights:

සසර සයුරේ වෙරළට ම පැමිණි බෝසත් යළි දියඹට ඇදී ගියේ, “දුක් විඳින අනන්ත අප්‍රමාණ ලෝ සතුන් දුකෙන් මුදවාගෙන, ඔවුන් සමග ම යළි ගොඩට එමි’’ යි යන මහා මෛත්‍රියෙන් පිරුණු අදිටන සහිතව ය. දුක් කම්කටුලු පිරි සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පසු ඒ වීරයාණෝ යළි වෙරළට පීනූහ. ගොඩට පැමිණියහ. සසර දුක ජයගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. අදිටන් කළ පරිදි කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ලෝක සත්ත්වයා දුකෙන් මුදවා ගත්හ. මෛත්‍රියේ අදිටන එසේ පල දැරුවේය. සුමේද තවුස් සමයේ සිට පිරිනිවන් පානා මොහොත දක්වා ඒ මෛත්‍රියේ සිහිල් දිය දහරාව ලෝ සතුන් සුවපත් කරමින් ගලා ගිය අයුරු මේ `මෛත්‍රී සාගරයෙන්’ දිස්වෙයි.

පිච්චමල

Highlights:

නවකතා මාලාවේ පළමුවැන්න මෙය වේ. රසවත් ගැමි බස් වහරක් යොදා ගෙන රචිත මෙය ඕනෑම අයෙකුට කියවා රස විඳිය හැක. මෙයට පසුව එන අරලිය මල් ආරාමය හා බැදේ.

ආදිපාදවරයා සහ මම

Highlights:

රාජයාධිකාර ලන්ඩනයේ බාල් නැටුම් ශාලාවන් හි සහ විසිත්ත කාමරවල දී අනුගමනය කළ යුතු රීති අටෝරාශියකි. ළාබාල වයසේ දී ම වංශවත් පවුල්වල දරුවන්ට අලර්වරයෙකුට ආමන්ත්‍රණය කරන ආකාරය සහ රජ කුමරෙක් ඉදිරියේ දී ආචාර කරන ආකාරය යනාදිය උගන්වනු ලබයි. එමෙන් ම ඉහළ පන්තියේ පවතින අනෙකුත් පිළිවෙත් ගැන කතා බහ නොකළොත් ඒවා මොනවා දැයි කියා සියල්ලන් ම අවබෝධ කරගෙන සිටිති. පිළිගැනීමට පාත්‍ර වූ ආදිපාදවරයෙක් යනු අති උඬගු සහ දුරස්ථ ලෙසින් හැසිරෙන්නෙකි. තරුණ වියේ, විවාහයට සුදුසු වයසේ සිටින ආර්යාවක් නම් සුහද විය යුතුයි… ඒත් එතරම්ම සුහද විය යුතු නැත.

පිල්ලිය

Highlights:

උමතු කෝටිපතියෙකු වෙන කෙස්ලර් විඩ්මාන් සිතන්නේ මුදල් ඇත්නම් ජීවිතය හා මරණය ද ඇතුළු සියලු දේ මිල දී ගත හැකි බවය. එබැවින් ඔහුගේ සහෝදරයා මිය ගිය අවස්ථාවේ විඩ්මාන් කරන්නේ ඉහළ පෙලේ ගුප්ත විශේෂඥයකුගේ සේවය ලබාගැනීමය. ඔහුට රාත්‍රි සමාජශාලා හිමිකරුවකු මෙන්ම වංචනික පුද්ගලයකු ද වෙන රෝලෝ හමුවෙයි. එමගින් සිදුවනුයේ සියවසේ සිදුවූ දැවැන්තම වංචාවට ඔහු අසුවීමයි.

මුළාවේ දියණිය

Highlights:

ලන්ඩන් වේදිකාවේ ආදරය දිනාගත්, කුප්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ට්‍රෙමැස්ටන් ප්‍රමුදිත නමුත් අසම්ප්‍රදායික දිවියක් ගෙවයි. නමුදු ඇගේ අම්මා අසීරුකම්වලට මුහුණ දී සිටින, අහිංසක යුවතියකට සහාය දීමට තීරණය කිරීමෙන් පසු ඇතිවෙන විපත්තියක් හේතුවෙන් නොඑල්ගේ දිවියේ උද්යෝගය සහ ප්‍රමෝදය එක් වරටම අවසන් වෙයි. හදිසියෙන්ම, නොඑල්ගේ දිවිය සදහටම වෙනස් වෙයි. ඇය සැනසුම පතා ඇය ප්‍රේම කරන මිනිසා වෙතට යයි. එසේ වුවද, අඳුරු රහසක් හෙළිදරවු වීම හේතුවෙන් නොඑල් පැරීසියට පලායයි. නිදැල්ලේ හැසිරෙන කලාකරුවන් අතර ජීවත් වෙමින්, තමන් අලුතෙන් සොයාගත් ප්‍රීතිය බුක්ති විඳිමින් සිටිනා ඇය මෙම ලෝකයත් රහස්, අපකීර්තිමත් සිදුවීම් සහ අකල් මරණයන්ගෙන් පිරී ඇති බව සොයාගනියි. යුද්ධයක් සහ විස්මයාකාර දෛවයෝගයක් නොඑල්ව යළිත් ඇගේ අතීතයට, නොවිසඳුණු අබිරහස්වලට සහ ආදරයේ බාහු යුග්මය වෙතට කැඳවාගෙන යයි.

Madol Doova

Highlights:

Martin Wickramasinghe’s novel Madol Doova has been read, re-read, and loved by generations of Sri Lankans in its original Sinhala as well as in Tamil and English translations. During the half, a century since it was first published in 1947, over a million copies have been printed. It has been translated into Chinese, Russian, Dutch, Rumanian, Czech Bulgarian, and Japanese Languages and published in these respective countries.

‘The courage and determination that give Upali and Jinna heroic stature in the eyes of the reader is a product of their unyielding physical and mental strength. Their intelligence confronts and overcomes the handicap of a deficient education. Upali is a hero who overflows with extraordinary human vitality.’

මීදුම

Highlights:
වසර කිහිපයක සුන්දර ඇසුරකින් පසු කීර්තිත්, සරෝජිනීත් යුග දිවියට එළැඹුණේ අනාගතය පිළිබඳ මහත් වූ ආස්වාදජනක අපේක්‍ෂාවන්ගෙන් සිත් පුරවාගෙන ය. විවාහ උත්සවයෙන් පසු ඔවුහු මධු සමය සඳහා නුවර එළිය බලා පිටත් වෙති. ඝන මීදුම අරක්ගත් රාත්‍රියේ ඔවුන් නවාතැන් ගත් තානායමේ කාමරයක් තුළ බිහිසුණු මිනීමැරුමක් සිදු වෙයි. ඒ සමගම සැබෑව සහ මායාව අතර දෝලනය වන සිදුවීම් දාමයකට දොරගුළු විවර වන්නේ මෙතෙක් අඳුරෙහි සැඟව තිබූ ගුප්ත කතන්දරයක් තුළට පාඨකයා කැඳවාගෙන යමිනි….

 

දෝංකාරය – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ හියුබත් දිසානායක මහතාගේ ‘දෝංකාරය’ නම් කෙටි කතාවයි.

මේ මිනිස්සු – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාගේ ‘මේ මිනිස්සු’ නම් කෙටි කතා සංග්‍රහයයි.

බහින කලාව – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ඊ. ආර්. සරච්චන්ද්‍ර මහතාගේ ‘බහින කලාව’ නම් නාට්‍ය පිටපතයි.

The Alchemist

Highlights:

Paulo Coelho’s enchanting novel has inspired a devoted following around the world. This story, dazzling in its simplicity and wisdom, is about an Andalusian shepherd boy named Santiago who travels from his homeland in Spain to the Egyptian desert in search of treasure buried in the Pyramids. Along the way he meets a Gypsy woman, a man who calls himself king, and an Alchemist, all of whom point Santiago in the direction of his quest. No one knows what the treasure is, or if Santiago will be able to surmount the obstacles along the way But what starts out as a journey to find worldly goods turns into a meditation on the treasures found within. Lush, evocative, and deeply humane, the story of Santiago is art eternal testament to the transforming power of our dreams and the importance of listening to our hearts

Cloud Cuckoo Land

Highlights:

Fifteenth-century Constantinople. Present day Idaho. The future, and humanity’s last hope.

Across time and space, five young dreamers are bound by a single ancient text. Together, they tell a story of a world in peril; of the power of words, of resilience, and of hope against all odds.

The Pulitzer Prize-winning author of All the Light We Cannot See returns with a heart-breaking, magnificent epic of human connection and a love letter to storytelling itself.

කලම්බො – Colombo

Highlights:
ඇය
එළිසබෙත් උපන් දවසේම උපත ලැබූ එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ය.
VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ
ඇය
II වන එළිසබෙත් ලෙස
එංගලන්තයේ රැජින බවට පත් වූවාය.
නවසිය පනස් හතර වර්ෂයේ
ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී
ඇය මුණ ගැසෙන්නට
මෙරට සම්භාවනීයයන් කීප දෙනෙකුට
අවස්ථාව උදා විය.
එහිදී
එළිසබෙත්ට, එළිසබෙත් මුණ ගැසීමේ
අවස්ථාව ලැබිණි.
1 2 17 18 19 20 21 22
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
42 Cart
Close

My Cart