Fiction & Literature

Fiction & Literature

(Showing 601 – 660 products of 2365 products)

Show:

අම්මා – මක්සිම් ගෝර්කි

Highlights:

රුසියානු හා ලෝක සාහිත්‍ය‍යේ උසස් තැනක් දරන මාහැඟි කෘතියකි, මක්සිම් ගෝර්කිගේ “අම්මා”.අද වුවද එය විප්ලවවාදී සාහිත්‍ය‍යේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍ය‍යේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත්, දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළමු වැනි කෘතිය “අම්මා” ය.

කම්කරු පංති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියානු ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය සඳහාත්, සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීම සඳහාත් මහඟු සේවයක් ඉටු කළේය.

The Cherry Orchard

Highlights:
Written in 1903 , “The Cherry Orchard” was Anton Chekhov’s final play, widely regarded as one of his greatest dramatic accomplishments. it is a story set during the decline of the aristocracy and the rise of an emergent middle class in Russian society at the turn of the 20th Century. Madame Ranevsky and her daughters have returned to their family estate, including its famous cherry orchard, to oversee the auction of the estate in order to pay the mortgage. Madame Ranevsky is paralyzed by the thought of losing the sentimental cherry orchard and all that the loss of the family estate represents and has no grasp of the financial and legal issues she faces. rather than see her family’s property divided and sold off so that she can keep a small piece of it, it is instead sold to the son of a former serf. Ultimately the now destitute family leaves to the sound of the beloved orchard being chopped down, the symbolic and metaphoric end to an era. The vast social and financial upheaval at the end of the 20th century in Russia, which ultimately led to the Socialistic Revolution, is excellently portrayed in Chekhov’s  “The Cherry Orchard.” In turns melancholy and comedic, this timeless dramatic masterpiece continues to move audiences to this day. This edition is printed on premium acid-free paper and follows the translation of Julius West.

මීත්‍යාගේ ප්‍රේමය

Highlights:

මීත්‍යා සිය නිවසට පැමිණි මුල් දිනවලදීම පටන් මේ හැඟීම් සතුටින් අත්වින්දේය. ඒ දිනවලදී වස්සානය පටන්ගත්තා පමණි. මීත්‍යා මැද සාලයේ වූ විවෘත කවුලුවක් අසල හිඳගෙන, ගෙවත්තේ වූ පයින් ගස් හා දේවදාර ගස් අතරින්, තණබිම මැදින් ගලන බොර පැහැති ගංඟාව දෙසත්, ඊට එපටින් කඳු බෑවුමේ වූ ගම්මානය දෙසත් නෙත් යොමා ගෙන සිටියේය.

මාක්සිම් ගෝර්කිගේ ඉසෙර්ගීල් මැහැල්ල හා වෙනත් කෙටිකතා

Highlights:

මෝඩකමක්! මිනිසෙකුට පුලුවන් ද මා වටහා ගන්න?

උඹම නේ ඔහුව මැව්වේ! සිනාසුණේ ය සයුර.

ඇත්තක් නොවේ! ඔහු මැවීමේ දී, මම කිසිදු කොටස්කරුවෙකු නොවුයෙමි!මගේ පැමිණීමට පෙර ඔහු ජනිතවී සිටියේ ය.

ඇලිස්ගේ අපූරු චාරිකාව

Highlights:

ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් (Alice in Wonderland) කතාන්දරයේ මුල් කතුතුමා වන්නේ ලුවිස් කැරොල් යන අන්වර්ථ නාමයෙන් පොත් ලිවීමේ නිරත වු චාර්ල්ස් ලුට්විජ් ඩොජ්සන් මහත්මා ය. 1832 – 1898 කාලය තුළ ජීවත් වූ එතුමා මෙම කතාව රචනා කළේ තම කුඩා මිතුරියන් පිනවීම සඳහා යයි කියැවේ. 1865 දී ප්‍රකාශයට පත් කළ මෙම පොත නිසා ඔහු ඉතා ප්‍රසිද්ධියට පත්විය.

මෙය ජගත් සම්භාව්‍ය ළමා කෘතියක් ලෙස සැලකෙන බැවින් කුඩා සිංහල පාඨකයන් වෙනුවෙන් එය අසංක්ෂිප්තව සිංහලට පරිවර්තනය කරන්නට සිතුවෙමි. නමුත් මෙහි සමහර තැන් පාඨකයාට පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි අනුවර්තනය කරන්නට ද සිදු විය. එසේම ඉංග්‍රීසියෙන් තිබූ වචන හරඹ පරිවර්තනය කිරීම ඉතා අසීරු වූ බැවින් උපායශීලි ලෙස එම කොටස් පරිවර්තනය කරන්නට යත්න දැරුවෙමි. එය කොතරම් දුරට සාර්ථක වූවා ද යන්න කිව හැක්කේ පාඨක ඔබට ම පමණකි.

අසංක්ෂිප්ත පරිවර්තනය

මගේ ආදර රොබෝ පෙම්වතී

Highlights:

මයික් රොබෝ කාන්තාව දෙස දෙනෙත් නොසෙල්වා විපරම් කරන්නට විය. රොබෝ කාන්තාවගේ කෙස් කළඹෙහි කළු පැහැති ඇහි බැමි යුවලක් සහ දිගු ඇසි පිය යුවලක්ද රොබෝ කාන්තාවට හිමිය. ඇගේ මුහුණ ඔහු සැළසුම් කළ ආකාරයටත් වඩා සුන්දරය. හුරුබුහුටිය. විශාල නිල් පැහැති දෙනෙත රවුම් හැඩැති නාසය, රෝස පැහැති මහත දෙතොල ඇගේ මුහුණේ සුන්දරත්වය තව තවත් ඔප් නංවයි.

රහස් පරීක්ෂක කතා අංක 05 ෆෙලූගේ වික්‍රම අබිරහස් යතුර

Highlights:

මෝටර් රථයක් පනගන්වන හඬක් සමග කෙටි පිපිරුම් හඩක්ද ඇසුණි. අපි එළියට එනවිටම බිළිඳෙකු වැනි හඬක් අපව පිළිගත්තතේය. අනුකුල් දුර්මුඛව කෑගසන හඬද, අබානි සෙන් තම පුතාට තරහින් බසින හඩද මට ඇසුණි. අපි ඉදිරියට දොර වෙත ළඟාවන විට මෝටර් රථය පිටත්ව ගොස් තිබු අතර, පාරේ කවුදෝ සිටගෙන සිටියේය. “මොකක්ද සධාන් ඔයා කරල තියෙන්නේ?

රහස් පරීක්ෂක කතා අංක 03 ෆෙලූගේ වික්‍රම රන් බලකොටුව

Highlights:

අපට වෙන් කරන ලද කාමර සංචාරක නිවසේ විය.තමන් නිව් බිම්බේ ලොජ් එකේ නතරවන බව ලාල් මොහාන් බාබු පැවසීය. “මං හෙට උදේ ඔයාල මුණ ගැහෙන්නම්, අපි හැමෝටම එකට බලකොටුව බලන්න යන්න පුළුවන්.” යනුවෙන් පවසා, එක පෙළට නවතා තිබු ටොංගා වෙතට ඔහු ගියේය.

මූරෝ හෙවත් භයානක මූසිකයා

Highlights:

“මූරෝ හෙවත් භයානක මූසිකයා ” නැමති මෙම කතාව Adam Blade ගේ ‘MURO – The Rat Monster’ කතාවේ සිංහල පරිවර්තනයයි.

ටොම් සහ එලේනා තවත් අද්භූත සංචාරයක යෙදෙන්නේ භයානක මී අවතාරයකට මුහුණ දෙමිනි. ගොවියන්ගේ ඉරිඟු වගාවන් වනසමින් දේශයක් සිය අණසකට යටත් කරගෙන සිටින මී අවතාරය විනාශ කර දැමීමට ඔවුහු උත්සුක වෙති. මෙහිදී ටොම් සහ එලේනා මුහුණ දෙන බියකරු අත්දැකීම් රැසකින් මෙම කෘතිය සමන්විත වේ.

මහ සයුරේ වික්‍රමය

Highlights:

“මහ සයුරේ වික්‍රමය” නැමති මෙම කතාව Enid blyton ගේ ‘The sea of adventure’ කතාවේ සිංහල පරිවර්තනයයි.

මිත්‍ර රහස් පරීක්ෂකයෙකු සමග නිරන්තරයෙන් උද්වේගී ක්‍රියාවන්හි නියැලෙන ජැක් ඇතුළු මිතුරන් මෙවර මුහුණ දෙන්නේ අන් කවරදාටත් වඩා බිහිසුණු අත්දැකීම් පෙළකට ය. පාළු සාගරයේ හුදකලා දුපත් අතර විනෝදය සොයා යන ඔවුහු නොදැනුවත්වම රහසිගත ආයුධ වෙළඳාමකට මැදි වෙති. ත්‍රාසජනක සිදුවීම් රැසකින් සමන්විත මෙම කතා පුවත පාඨක ඔබගේ සිත් ගනු නොඅනුමාන ය.

හරිකේන් මකරා

Highlights:

“එයාව කෑලිවලට කපලා මාළුන්ට කන්න දාන්න.” මුහුදු මංකොල්ලකාර රජු කෑ ගැසුවේය. මුහුදු මංකොල්ලකාරුවෝ ටොම් වටා රොක් වූහ. ටොම් තම කඩුව කරකවමින් පහර දෙන්නට වූයේය. කිසිවෙකුත් විදුලියක් මෙන් එහා මෙහා ඇදෙන කඩු පත ඉදිරියට එන්නට ධෛර්යමත් වුයේ නැත.ඔවුහු පස්සෙන් පස්සට යන්නට වුහ.

අභිරහස් ලියුම ( රහස් පරික්ෂක කතා අංක 01 )

Highlights:

සත්යජිත් රායි විසින් 1965 සිට ලියන ලද
The Adventures of Feluda නැමැති රහස්
පරික්ෂක නව කතා මාලාව “ෆෙලුගේ වික්‍රම”
නමින් සිංහලයට පරිවර්තනාය කර ඇත. එය
එක් පොතකට කෙටි නවකතා කිහිපය බැගින්
ඇතුළත් කර. වෙළුම් වශයෙන් ඔබ අතට පත්
කරන්නට ක්‍රියා කර ඇත.

අනුබිස් අබිරහස ( රහස් පරික්ෂක කතා අංක 02 )

Highlights:

සත්යජිත් රායි විසින් 1965 සිට ලියන ලද
The Adventures of Feluda නැමැති රහස්
පරික්ෂක නව කතා මාලාව “ෆෙලුගේ වික්‍රම”
නමින් සිංහලයට පරිවර්තනාය කර ඇත. එය
එක් පොතකට කෙටි නවකතා කිහිපය බැගින්
ඇතුළත් කර. වෙළුම් වශයෙන් ඔබ අතට පත්
කරන්නට ක්‍රියා කර ඇත.

අන්තවාදීන් එනවෝ

Highlights:

යම් ගැහැණියක් වෙළඳපොළෙන් තමාට වුවමනා දෙයක් ගැනීම සඳහා ඒවා දෙස හොඳින් බැලීමට මුහුණ වැස්ම මදක් එසවුවහොත්,නැතහොත් පාර මාරුවන අවස්ථාවක හෝ ඇඳුම් අත ලිස්සා ඇගේ මැණික් කටුව හෝ යාන්තමින් නිරාවරණය වුවහොත් කොහෙන් හෝ කඩා පාත් වන බිල් මරූෆ් සාමාජිකයෙකු හැමදෙනාටම දරාගත නොහැකිවන පරිදි වේගවත් හා තිරිසන් “සාධාරණත්වයක්” ඉටු කරයි.

කයිලාෂ්හි මිනීමරුවා

Highlights:

රජ්ගම දේවපතිරාජ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රජ්ගම ටී. ගුණසේන‍, හික්කඩුව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව, 1994 සිදුවු දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ්‍රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමත් වීමෙන් පසු, කම්කරු දෙපාර්තුමේනතුවේ සහකාර කම්කරු කොමසාරිස් වරයෙකු වශයෙන් පත් වී, 2008 විශ්‍රාම යනතෙක් එම තනතුරේ සේවයේ නිරතව සිට ඇත.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, ඔහු අතට පත්වූ ”සත්‍යජිත් රායි” විසින් 1965 සිට 1982 වසර දක්වා ලියන ලද ”The Adventures of Feluda” නැමැති රහස් පරීක්ෂක නව කතා මාලාව ”ෆෙලූගේ වික්‍රම” නමින් ඔහු සිංහලයට පරිවර්තනය කර ඇති අතර, එය එක් පොතකට කෙටි නවකතා කීපය බැගින් ඇතුළත් කර, වෙළුම් වශයෙන් ඔබ අතට පත් කරන්නට ක්‍රියා කර ඇත.

– ගුණරත්න ඒකනායක –

රහස් පරීක්ෂක කතා අංක 07 සත්‍යජිත් රායි ෆෙලූගේ වික්‍රම – බොම්බායේ මංපහරන්නෝ

Highlights:

උඩු මහලෙන් ඇසුණු තට්ටු කරන හඬක් නිසා ෆෙලුඩා හිස ඔසවා උඩ බැලීය. “ඔයාගේ තාත්තා ලී සෙරෙප්පු දානවද?”  “ඔහ් යර්ස්, ඒක සපත්තු දානවට වඩා ස්වභාවිකයි නේද?” “ඔව්. මං එහෙම හිතනවා.මේ රෙදි කෑල්ල විසිකරපු නිසාද ඔයාගෙ තාත්තා මරන්න කවුරුහරි සැලසුම් කරනවයි කියල ඔයා කියන්නෙ, එහෙම නැත්නම් ඊට වඩා දෙයක් තියෙනවද්?”

අගුළු දැමූ පෙට්ටගම ( රහස් පරික්ෂක කතා අංක 06 )

Highlights:

රජ්ගම දේවපතිරාජ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රජ්ගම ටී. ගුණසේන‍, හික්කඩුව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව, 1994 සිදුවු දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ්‍රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමත් වීමෙන් පසු, කම්කරු දෙපාර්තුමේනතුවේ සහකාර කම්කරු කොමසාරිස් වරයෙකු වශයෙන් පත් වී, 2008 විශ්‍රාම යනතෙක් එම තනතුරේ සේවයේ නිරතව සිට ඇත.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, ඔහු අතට පත්වූ ”සත්‍යජිත් රායි” විසින් 1965 සිට 1982 වසර දක්වා ලියන ලද ”The Adventures of Feluda” නැමැති රහස් පරීක්ෂක නව කතා මාලාව ”ෆෙලූගේ වික්‍රම” නමින් ඔහු සිංහලයට පරිවර්තනය කර ඇති අතර, එය එක් පොතකට කෙටි නවකතා කීපය බැගින් ඇතුළත් කර, වෙළුම් වශයෙන් ඔබ අතට පත් කරන්නට ක්‍රියා කර ඇත.

– ගුණරත්න ඒකනායක –

10% DISCOUNT

හිස්කෝලෙ

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

වසර 40කට ආසන්න කාලයක් තිස්සේ ගුරුවරියක ලෙසින්ද , විදුහල්පතිනියක ලෙසින්ද ලැබූ නේක විධ අත්දැකීම් සමුදාය ආශ්‍රයෙන් රචිත ‘හිස්කෝලෙ’ කෘතිය, හුදෙක් පාසල හා අධ්‍යාපනය පිළිබඳ ලියූ කෘතියක් ම නොවේ. එය ලාංකේය අධ්‍යාපනයේ නොගැළපෙන, සකස් විය යුතු යැයි හැඟෙන බොහෝ සියුම් තැන් අපූරුවට ගෙනහැර දක්වයි.

රු540.00

රිප් වෑන් වින්කල්

Highlights:

ඉංග්‍රීසි භාෂාව දත්තවුන් අතර ‘රිප් වෑන් වින්කල්’ කවදත් ජන්ප්‍රිය කතාවක් විය. එය ලියූ ඇමරිකානු ලේඛක වොෂිංටන් අර්වින් ( 1783-1859 ) වඩාත්ම ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ මෙම අද්භූත ජනක විචිත්‍ර කතාන්දර නිසාය. ඔහු ලියු තවත් අද්භූත කතා අතරින් ‘භූත මනමාලයා’ සහ ‘භූත නිම්නය’ යන කතා දෙක ද මෙම පරිවර්තන කෘතිය සඳහා එක් වේ.

A Passage North

Highlights:

A young man journeys into Sri Lanka’s war-torn north in this searing novel of longing, loss, and the legacy of war, from Anuk Arudpragasam, the author of The Story of a Brief Marriage.

Short-listed for the Booker Prize 2021, A Passage North begins with a message from out of the blue: a telephone call informing Krishan that his grandmother’s caretaker, Rani, has died under unexpected circumstances-found at the bottom of a well in her village in the north, her neck broken by the fall. The news arrives on the heels of an email from Anjum, an impassioned yet aloof activist Krishnan fell in love with years before while living in Delhi, stirring old memories and desires from a world he left behind.

As Krishan makes the long journey by train from Colombo into the war-torn Northern Province for Rani’s funeral, so begins an astonishing passage into the innermost reaches of a country. At once a powerful meditation on absence and longing, as well as an unsparing account of the legacy of Sri Lanka’s thirty-year civil war, this procession to a pyre ‘at the end of the earth’ lays bare the imprints of an island’s past and the unattainable distances between who we are and what we seek.

Written with precision and grace, Anuk Arudpragasam’s masterful novel is an attempt to come to terms with life in the wake of devastation, and a poignant memorial for those lost and those still alive.

පොල් රුප්පා සහ මුතු පංති

Highlights:
ආචාර්ය ඇලන් වෝල්ටර්ස් විසින් සිලෝනය සංචාරය කොට තමා ලද අත්දැකීම් ඇසුරෙන් වර්ෂ 1892 දී ලියා ප්‍රකාශයට පත් කළ, දහ නම වන සියවසේ මෙරට පරිසරය හා සාමාන්‍ය ජන ජීවිතය පිලිබඳ මෙතෙක් අප නො ඇසූ හො නො දැන සිටි බොහෝ දෑ විශිෂ්ට දැනුමක් හා නිරීක්ෂණ කෞශල්‍යයක් තුලින් අලංකාර ලෙස හෙළි කරන සම්භාවනාවට පත් ඉංග්‍රීසි කෘතියේ සම්පූර්ණ,සමාන සහ අසංක්ෂිප්ත සිංහල පරිවර්තන ය.

නුග අරණ

Highlights:

“නුග අරණේ සැඟවුණු රහසක් ඇතැයි සිතිජයේ සිත නොනවත්වාම කෑ මොර දෙන්නට විය.තමා දුටු ඒ සුදු හැඳි රුව හොල්මනක් නොවන බව ඔහු හොඳින්ම දනී.

දැන් උද්ගතව ඇති තත්ත්වය අනුව එම කැලයේ ඇවිදීමට කාවිංගවත් චරිතවත් නොපැමිණෙන බව ඔහුට සක් සුදක් සේ පැහැදිලිය. ශිවරාජ් වුව ඉන්නේ හොල්මන් ගැන අනියත බියෙනි. එනිසා ඔවුන් කිසිවෙකුටත් නොදන්වා තනිවම නුග අරණට ගොස් තම සැකය දුරු කර ගැනීමට සිතිජ අවසානයේ තීරණය කළේය.”

දූවිලි

Highlights:
විශ්වය යනු අති සුන්දර නිර්මාණයකි.
විවිධ වර්ණ සහ හැඩතලයන්ගේ
එකතුවකි. එය දෑසින් දකින ඔබ භාග්‍යවන්තයෝය.
එහෙත් දෑසින් පමණක් නොව මනැසින්ද එහි
සුන්දරත්වයදැකිය හැක. මා එය
මනැසින් දකින්නියක්මි.විඳින්නියක්මි.

ජීවිතය මුල් වසර හත මේ ලොව
සුන්දරත්වය දෑසින් දැක පසුව
දෘෂ්‍යාබාධීත වූ මට මේ දෙයාකාරයේම
අත්දැකීම් ඇත. එදා  දැරිවියකව
දෑසින් දුටු ලෝය අද මම මනැසින්
එදාටත් වඩා සුන්දරව දකින්නෙමි.

‘දූවිලි’ ඇතුලේ අකුරු බවට පත්
වන්නේ මා මනැසින් දකින ඒ ලෝකයයි.

කියවා බලන්න.
-Sathya Nirmani

උදාහිරු

Highlights:

“මහත්තයලට මොනවා ගැනද

දැන් දැනගන්න ඕන වෙලා තියෙන්නෙ…?

උගත්කමෙන් රූමත්කමෙන්නම් කිසිම අඩුපාඩුවක් පිහිටලා

නෑ. ඒ අතින් ගත්තම සර්ව සම්පූර්ණයි.”

“දුවට දැන් අවුරුදු විසි හයකුත් ලබනවා ගුරුන්නාන්සෙ…

තාම විවාහයක් හරි යන්නෙ නැහැනෙ…”

“තිබුණු සම්බන්ධතා බිඳිලා ගිහින් නේද…?”

“එහෙමයි….”

“එත් මහත්තයො අතෑරිලා තියෙන්නෙ සංසාරෙ

පතාගෙන ආපු සහකාරයා.

ගමනාන්තය

Highlights:

ඇගේ වරලසෙහි පහස ඔහුගේ නළලට දැනෙයි. ඇයගේ කම්මුල් සඳුන් සබන් සුවඳ ය.ඔහු ඇයගේ ගෙල පාමුල වූ අවපාතය සිප ගත්තේ ය. ඇයගේ සිරුරෙන් විහිදුන සඳුන් සබන් සුවඳ ඔහුට ප්‍රිය සම්භාෂණයක් ම විය. “ඔයා හරි සුවඳයි” ඔහු කීවේ ය. “මම ඔයාගෙ දාසයා වෙන්නම්. ඔයා මට කරන්න කියන ඕනෑ දෙයක් මං කරන්නම්. මේ ලෝකෙ තියෙන ඕනෑම දෙයක් මං ඔයාට අරන් දෙන්නම්” ඔහු හැසිරුණේ මෝඩයෙකු පරිද්දෙනි.

හලෝ හලෝ

Highlights:

බෘෘම් ෂ්‍යාම් ප්‍රියංක ඒෂ රාධිකා ආමි අංකල්

මේ හය දෙනා කෝල් සෙන්ටර් එකක එකම සෙක්ෂන් එකක නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන අය.

මේ හැමෝගෙම ජීවිත ජංජාලයකට මැදිවුණේ එදා රෑ එයාලට ආව අමුතුම කෝල් එකකින්

කෝල් එක ආවෙ දෙයියන්ගෙන් …..?

ඔයාලත් ලෑස්තිද ඒ කෝල් එක අරගන්න……?

එහෙනම් දැන් ‘හලෝ! හලෝ!!’ කියවන්න පටන්ගන්න.

අභිරහස් පණිවුඩය

Highlights:

සාජන්ට් කියතෙන් කපන හැටි හැමෝම බලාගෙන හිටියා.කැපුන තැනින් වතුර ටිකක් විද්දා. ඒත් එක්කම කුඩා දිලිසෙන කෑලි දෙකකුත් බිමට වැටී, දිස්නය දෙන්න වුනා. ෆැටී ක්ෂණිකව පැනලා ඒවා අහුලාගෙන සුපිරින්ටන්ඩන්ට් අතට දුන්නා.

“අම්මප, ඔව්මයි, ඒවා දියමන්ති තමයි.” සුපිරින්ටන්ඩන්ඩ් කිව්වා. “පයිප්පය ඒවගෙන් පිරිල හිර වෙලා තියෙන්න ඇත්තෙ, වතුර ටික හරියට ආවෙ නෑ කියන එක පුදුමයක් නෙමේ. තව තැනක් කපන්න සාජන්ට්.”

සාජන්ට් කීකරු වුනා. කිසිම සැකයක් නෑ. පයිප්පය පුරවලා දියමන්ති. සමහර ඒවා ගොඩක් ලොකුයි. සමහරක් පුංචියි,අවුරුදු ගණනාවක් වතුරේ තිබ්බත් කිසිම හානික් වෙලා නෑ……

නිහැඬියාවේ ගීතය

Highlights:

ඔහු ඇයට සමීප විය. ලෝරි දෙපාවලට අගුළු වැටුණාක් මෙන් කිසිවක් කර කියාගත නොහැකි තත්තවයකට පත්වී සිටියාය. ඔහු අතේ වූ ඇඳුම බිම දමා ඇයව තුරුලු කරගත්තේ උමතුවෙන් මෙනි. සති කීපයක් තිස්සේ යටපත් කරගෙන සිටි හැඟීම් සියල්ල පිටකර හැරීමට ඔහුගේ මුළු ගතම සූදානම් වී තිබිණි. ඇගේ දෙතොල ඔහුගේ දෙතොල් පහස අපේක්ෂාවෙන් විවරව තිබිණි.

ALIDOLE – අලිඩෝලේ

Highlights:

අලි – මිනිස් ගැටුමට

මුතුන් මිත්තන් සතු

අත්දැකීම් ඔස්සේ

සැබෑ උත්තරයක් සොයන

යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ

පරිසර ගවේෂණය….

මිහිතලයේ දැවැන්තයා අසරණයකු බවට පත්කර ඇත.අලියා අසරණයකු නොවේ. එහෙත්, අලි – මිනිස් ගැටුම අලියාට ඛේදජනක ඉරණමක් උදාකර දී තිබේ.

සුළඟට පවසමි

Highlights:

ප්‍රේමය ජාති, ආගම්, කුල ගෝත්‍ර පමණක් නොව සමාජ මට්ටම, උගත්කම වැනි මිනුම් දඬු පවා අභිබවා යා යුතු ගුණයක් විය යුතු යයි සිතමි. එහෙත් එවැනි සුවඳ හමන මානව සබඳතා මෙවැනි විප්‍රවකාර සමාජයක් තුළ දුලබය. එහෙයින් “ සුළඟට පවසමි ” ලියා තැබෙන්නේ එවැනි ගුණෝපේත හදවත් බිහිවීම සඳහා හැකි පමණ උත්‍තේජනයක් ලබාදෙනු පිණිසය.

රජදහනේ රන් සන්නස

Highlights:

“කුරුස යුද්ධ කියන්නේ ආගම වෙනුවෙන් කරන යුද්ධවලට.

නයිට්වරු තමයි ඒ යුද්ධවලට නායකත්වය දෙන්නේ. ශුද්ධවූ දේශයේ

ඒ විදිහේ කුරුස යුද්ධ ගොඩක් සිද්ධ වෙලා තියෙනවා.

“ඇත්තටම අපේ නයිට්වරයා නම් අපිව මෙහාට එව්වේ සංදේශයක් භාරදෙන්න.

යුද්ධයකට නෙවෙයි.”

බෙත් කියු කථාව අසාගෙන සිටි ආගන්තුකයා නැවත මෙසේ ඇසුවා.

“මොකක්ද ඔයාලගේ සංදේශය?.

“ඔයා ළඟ තියෙනවා වාගේ රන් පුවරුවක් අපිට හොයාගන්න ඕනෑ.”

වයිකිං නෞකාවක සවාරියක්

Highlights:

‘කවුද මේ එරික්?.”

“එරික් ද රෙඩ් කියන්නේ මේ රට හොයාගත්තු කෙනාට.

මේ රටට ග්‍රීන්ලන්තය කියලා නම තිබ්බෙත් එයාම තමයි.

මෙහාට එන්න කලින් එරික් ජීවත් වෙලා තියෙන්නේ අයිස්ලන්තයේ”

“එතකොට ඇයි එයා අයිස්ලන්තයෙන් ඇවිත් තියෙන්නේ?”

පැට්‍රික් ඇසුවා. බෙත්ගෙන් ලැබුණේ මෙවැනි උත්තරයක්.

“අයිස්ලන්තයේ හිටපු බලගතු පුද්ගලයෙක් එරික් ගේ පවුලට

අයිති වුණ වටිනා නිධානයක් පැහැර ගන්නවා.

රතු කඳවුරේ රණ හඬ

Highlights:

බිම වැටී සිටි රතු නයිටිවරයා අපහසුවෙන් නැගී සිටියා.

ඊට පසුව ඔහු සිය අශ්වයා අසලට ඇවිදගොස් සෑදලයේ තිබූ
කඩුවක් සුරතට ගෙන වියරුවෙන් බෙරිහන් දුන්නා.

“එනු මුහුණට මුහුණ සටන් කරනු. මුහුණට මුහුණල කඩුවට
කඩුව”

ශ්‍රීමත් ඇන්ඩෘෘ නයිට්වරයා සිය අසු පදවාගෙන රතු නයිට්වරයා
අසලට සමීප වී සන්සුන් ලෙසින් මෙසේ කිව්වා.

“තරඟයේ නීතිරීති වලටගරු කරනු. මේක සාමයේ සංග්‍රාමයක්”

“මේක සාමයේ සංග්‍රාමයක් නෙවෙයි. යුද්ධයක්. යෝක් පිලට
එරෙහිව

ලැන්කස්ටර් පිල කරන යුද්ධයක්. මේයුද්ධය කෙළවර වෙන්නේ
මරණයෙන්”
රතු නයිට්වරයා වියරුවෙන් බෙරිහන් දුන්නා.

වැලපෙන්නි අවකන්නි – Walapenni-awakanni

Highlights:

කලක සොඳුරු රටක්ව තිබූ ඇෆ්ගනිස්ථානය……

රූමත් ළඳුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය…. තාලිබාන් පාලනය

යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත් වී තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්ත්වයකට ඇද දමා තිබේ.

ඔවුන්ගේ මේ ‘ ඔල්මොරොන්දම් ’ නීති සමුදාය ඔබට කිනම් හැඟුමක් ගෙන ඒද?

රණමඬලේ වික්‍රමය

Highlights:

“ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග්‍රාම පිටියට
කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා
කියලා මට විශ්වාසයි.”

ඒක නම් ඇත්ත… තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම
වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා.”
පැට්‍රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරු දුන්නේ උගුර යටින්
අමිහිරි හඬක් නඟමින්.

“ඔහේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා
හොඳටම බඩගින්නේ ඉන්නේ”

මොකද හෙට තරඟයට සූදානම් කරලා තියන්න එපායැ. බැරි
වෙලාවත් කොටියා ඔහේව කෑවා නම් මම ලොකු අමාරුවක
වැටෙනවා.”

“ඒ කියන්නේ ඔයා අපිව බේරුවේ ඕනෑකමින් ම නෙවෙයිද?”
“මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නේ කොටියට ගොදුරක්
වෙන්න.”

තහංචි මැද්දෙන්

Highlights:

“ආ. ඒක එච්චර වැදගත් දෙයක් නෙමේ.”
ග්ලැඩිස්ව පාවාදීමට නොහැකිව ෆැටී කීවේය.
“හොඳයි, මං කියන්නම්. ඊටපස්සෙ අපි හොයාගත්ත
ඒ අඟහරුවාදත් ලියුමක් ඇවිත් තියෙනව කියලා.ඒ
කියන්නෙ තැපෑලෙන් නෙමේ, අතේ ගෙනත් තියෙන්නෙ.
ඒකෙන් කියවෙන්නෙ මෙ වැඩේ පීටර්ස්වුඩ් වලම කෙනෙක්
කරන්නෙ කියන එක. ඒ වගේම මං අර ඉස්සරල කිව්ව
තුන් දෙනාගෙන් එක්කෙනෙක්. වයසක නෝසි, ටිට්ල් මිසී,
මූන් නෝනා.”

“හරි.” ඉන්ස්පෙක්ටර් මහත් උනන්දුවෙන් කීවේය.
මං කියන්නෙ ෆෙඩ්‍රික්, ඔයාගෙ නිගමනය කිරීමේ
හැකියාව නම් හරිම විශිෂ්ටයි.”

ෆෙඩ්‍රික් විතරක් නෙමෙයි අනෙත් අයත් හරිම දක්ෂයි.
එයාලගෙ දස්කම් බලාගන්න ඔයාලත් කැමතියි නේද?

ඇට ගැහියං – Ata Gahiyan

Highlights:

අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාර්ථක නීතිඥවරයා…..

ගරුසරුකම්, මුදල් හදල්, යාන වාහන, ගේ දොර සරුවට ඇති,

හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ,

රාත්තල් 256 බර                                                                                                         

බිලී හැලෙක්!

තැනින් තැනට යන අහිගුණ්ඨික නඩයක මහලු ගැහැනියක්

ඔහුගේ රථයේ හැපී මියයයි.

කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි.

දෑත යොමා අහස දෙසා – Detha Yoma Ahasa Desa

Highlights:

ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදි වූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාටා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදී ව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැති ව තම නිවසේ ම සිරකාරියක වන ස්ලාටාගේ අපේක්ෂාවන්, බිය හා සංකාවන් දෝරේ ගලායනුයේ ඇගේ දින සටහන් මත ය. තමන්ට අහිමි වූ මිතුරු – මිතුරියන්, නෑසියන් ගැන මෙන් ම සදහට ම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳ ව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයකින් හා නිරවුල් බවකින් යුතු ව ය.

කළු ඇත් දළ

Highlights:

තමන් ගමන් ගත් නෞකාව අනතුරට පත්වීමත් සමඟ හැරල්ඩ් සීඩ්‍රිෆ්ට් තරුණයාත්, ඩිස්කෝ ලිලිහැමර් නැවියාත් පා තබන්නේ නැගෙනහිර අප්‍රිකා වෙරළටය. එතැන් සිට ඔවුහු අමුතුම අත්දැකීම් ලබති. යටත් විජිතවාදින් කොල්ලකමින් සිටියේ අඳුරු මහද්වීපයේ ස්වභාවික සම්පත් පමණක් නොවේ. එහි වනාන්තර ඇතුළත සාමකාමීව දිවි ගෙවමින් සිටි සාක්ෂරතාව රහිත නුගත්, නොදියුණු නීග්‍රෝ ගෝත්‍රිකයන් අල්ලා විදෙස් රටවලට යවමින් වහල් මෙහෙයේ යෙදවීමට ද යටත් විජිතවාදීහු යුහුසුලුව සිටියහ. අප්‍රිකාවේ සැම්බිසි නදිය ආශ්‍රිත වනාන්තරයේ ගවේෂණ චාරිකාවක යෙදෙන හැරල්ඩ් හා ඩිස්කෝ යන දෙදෙනා මේ නවකතාව හරහා අපට කියා දෙන්නේ වහල් මෙහෙයේ වු අමානුෂික සහ බිහිසුණු ස්වභාවයයි.

නැති වූ මාලය

Highlights:

“අන්න එළිසබෙත් රැජින!” කුඩා මඩුවේ
කොණක තිබ්බ ගාම්භීර පෙනුමක් තියෙන රුවක්
පෙන්නල පිප් කිව්වා. “අර බලන්න ශ්‍රීමත් වෝල්ටර්
රැලේ එයාගෙ කබාය එළල රැජිනට යන්න ඇරයුම්
කරනව. එයාල නම් හරිම අපුරුයි,”

“බලන්න එයාල ඇඳල ඉන්න ඇඳුම් මොන තරම්
උදාරම් ද කියලා.” බෙට්ස් කිවුවා. “මං කැමතියි
එයාගෙ ලොකු ලොවිච්චියට. බලන්න එයාගෙ
ආභරණ දිහා. මිනිස්සු ඒව හොරකම් කරන්නෙ නැද්ද
දන්නෙ නෑ.”

“අයියෝ! ඕව සේරම ඉමිටේෂන්!” පිප් කිව්වා.

අපගේ රහස් පරික්ෂකයින් විසඳන මීළඟ අභිරහස කුමක්දැයි
ඔබටත් දැනගැනීමට අවශ්‍ය නම් මිස්ට්‍රි කථා මලාවේ 5 වන
කතාන්දරය වන මෙය ඔබත් රස විඳ බලන්න.

චැනල් කාක්කා කෙටි කතා සංග්‍රහය

Highlights:
පවිත්‍රා ගුරු විවේකාගාරයෙන් එළියට පැමිණ කොරිඩෝව දිගේ ඇවිද ආවේ අරමුණකින් නොවේ. අරලිය ගස් සෙවණේ තැන්තැන්වල කතාබස් කරමින් සිටින සිසු සිසුවියන් ඇගේ නෙත ගැටුණේ ඉබේටම ය. මීට වසර කිහිපයකට උඩ දී තමා ද අරලිය සෙවණේ ඔහු සමග පෙම්බස් දෙඩුවා ඇයට මතකය. ඇයගේ මුවගට සිහින් සිනාවක් නැගිණි. ඒ සමග නැගුණු කදුළු ඇය අත රැදි අළු පැහැති ලේන්සුවෙන් පිස දමා ගත්තේ කිසිවකු දකීවියැයි බියෙනි. වසර අවසාන විවිධ ප්‍රසංගයට සූදානම් වන නිසා පාසලේ උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට වෙනදාට වඩා මේ දින කිහිපයේ නිදහසක් ලැබී ඇති පාටය…

මළ නොමළ මිනිසා

Highlights:

ජගත් කීර්තියට පත් චාල්ස් ඩිකන්ස්, රඩ්යාඩ් කිප්ලිං,
විල්කි කොලින්ස්,අමිලියා බි.එඩ්වඩ්ස්, එලිසබෙත් බ්‍රැඩොන්
වැනි කතුවරුන් අතින් අද්භූත නැතොත් හොල්මන් කතා ලියවී
ඇති බව ඔබ දැන සිටියේද?

එවැනි සම්මානනීය ලේඛක ලේඛීකාවන් අතින් ලියැවුණු අද්භූත
කතා දහයක අසංක්ෂිප්ත පරිවර්තන මෙම කෘතියට ඇතුළත් වෙයි.

The Golden Harvest

Highlights:
The Golden Harvest” is a historical romance, based on the famous Dutugemunu and Elara period of Sri Lankan history, a period well documented in National Chronicles, and supplemented with innumerable culturally rich folklore. Hence it is not surprising to find many novels written based on that period – mostly in Sinhala, and some in English. The surprise here is in the way that historical material had been dexterously moulded to sculpt a new image, and give a new message through a readily readable romance with a depth.

ලාක් කුරුලු නද

Highlights:

මේන් හි පැමිණ තාත්තා සමඟ විවාහ වු සාරාට
ඇනා හා කේලබ්ට මවක වීමට හැකි වේවි ද?
සොබාදහම හා පොර බදිමින් කටුක ප්‍රෙයරි දිවියට
අනුගත වීමට ඇය සමත් වේවිද?
ගිනිගෙන දැවෙන හිරු ඔවුන් එකිනෙකාගෙන්
වෙන් කරාවි ද?

සෙනෙහස පිරුණු කැදැල්ලක ‘සදාකාලිකව සතුටින්’
ජීවත් වීමට වු කේලබ්ගේ පැතුම ඉටු වේවිද?

ඇමරිකානු ලේඛිකා පැට්‍රීෂියා මැක්ලාක්ලන්
මහත්මියගේ සම්මානනීය Sarath Plain and Tall
‘Skylark’ නම් වු, ලොව පුරා ජනාදරයට පත්
සිනමාපටයක් ද නිර්මාණය වී ඇත.

Finding Arthur

Highlights:

‘Finding Arthur’ is a heart-warming story set in Sri Lanka and based on real-life events. In the unfolding of this highly engaging story, the reader is taken on a tour of beautiful landscapes and shores, tantalising readers’ tastebuds on the journey.

Dilan, a seemingly happy young business owner, is living the bachelor life with his brother, Sujith, in the heart of Mount Lavinia. The two brothers have recently taken over a bar; it’s an exciting time. Arthur, Dilan’s mischievous golden Labrador and regular frequenter of the bar, goes missing. What initially seems like a simple case of lost dog soon reveals itself to be rather more sinister. Dilan rallies his estranged parents to help him find Arthur. But hidden family secrets risk jeopardising the search…

සිඳු රළ ගීතේ

Highlights:

“ඔව් එයාල ළඟ අඩු තරමෙ නිදාගන්නකොට පොරවා ගන්න තරම් දෙයක් තිබුණෙ නෑ.. එයාලා මෙහෙ ඇවිත් තියෙන්නෙ වැඩ කරන්න.. කෙනෙක් රටකින් රටකට එන්නේ වඩා හොඳ ජිවිතයක් හොයාගෙන.. කොහොම හරි.. ඒ දෙන්නා දැන් අපේ උඩ තට්ටුවට වෙලා හොඳින් ජීවත් වෙනවා.. මෙහෙ නවාතැන් ගන්න ආව හැමෝටම වඩා හොඳ ජීවිතයක් ගෙවනවා..”

“ඔව්..ඒ බව පේනවා..”

ඊට මාස ගණනාවකට පෙර හිඳ කපා දැමිය යුතුයැයි විවියන් මැසිවිලි නගමින් උන් ගසක විශාල අත්තක් ඔසවාගෙන යන තෝමස් දෙස බලමින් ඇනා පැවසුවා ය.

“මේ ගෙදර උඩ තට්ටුවේ වැඩ ටික කරගන්න රෙබෙකාත් මට උදව් කරනවා.. එයාලා දවසක යනවා දකින එක මට දුකක් වෙයි.. මේ ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා.. මට විතරක් මේ ගෙදර හොඳට ම ලොකු වැඩියි.. ඔයා දන්නවනේ අනිත් අය වටේ ඉන්දැද්දි මං කොයි තරම් සතුටු වෙනවද කියලා..”

“කවදද එයාල ආපහු යන්නේ..?

යක්ඛරාජ

Highlights:
පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු – යසස් මොනවට කියා      පානා

ඇස් තුනෙන් හැම පිරික්සා සිව්  –     අතින් ගති බිලි සියල්        ඕනා

රැස් දෙනා සුදු වතින් සැරසී     –  නිල් කයින් සිත් කුකුස්         ගේනා

අශ්ව මුව එළු බැටළු සූකර    –     පිටෙහි පැමිණේ මහා          සෝනා

 

දක්ෂකම් පෑ සේන සෙන්පති  –  මොහුයි පෙර පිදු ගැමුණු     සේනා

යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ  – ලබා දස දෙස බලය     පානා

රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු      –    විකුම් පා සමයමේ              පේනා

වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ       –  සසලවයි සැම මහා             සෝනා

කච කච සිමෝනා

Highlights:
ආ….. ඒක හුස්මට පොත කියෙව්වද? මම ආවෙ ඉතුරු ටික කියන්න කියල, සෙල්ලමත් බාගෙට නැවැත්තුව, හ්ම් අපරාදෙ… ඒ වුනාට තව කොච්චර කතා තියනවද මේ පොඩ්ඩයි නෙ තියෙන්නේ. මම ලිව්ව ලොකු විභාගයක්, ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා.

හරි හරි කමක් නෑ එහෙනම් ඉතින් ඉතුරු ටික ඊළග පොත කියවලම හොයා ගන්නකෝ! මම යනව යන්න!

මම,

සිමෝනා

පින්න

Highlights:
වෙව්ලන දෑතින්ම විදුලි පන්දම අල්වා ගත් හෙතෙම නැවතත් එය ඒ දෙසට යොමු කළේ තමා දුටුවේ හිතලූවක්දැයි සක්සුදක් සේම සැක හැර දැන ගැනීමටය.
නැත!

එය ඔහු සිත රැඳි හිතලූවක් නොවීය. එය සැබෑවකි.

එය ඔහු කිසිසේත්ම නැවත දකින්නට ලැබේ යැයි සිතූ දර්ශනයක් නොවීය. එකිනෙක වෙනස් නිල් හා කහ පැහැති දෑසක් ……!

ඔව්!

ඒ…. එම දෑසම බැව් හෙතෙම සිතීය.

රුධිර කේෂ නාලිකාවලින් ගහන, රක්ත වර්ණයට හැරුණු නිල් – කහ දෙඇස් තමාට කිසිඳු කලක අමතක වේ යැයි හේ නොසිතීය.

ගැහැනු පිරිමි මල් පලතුරු

Highlights:
“මං ගෝමරංකඩවල .. එහෙ ඉඳලත් හැතැම්ම පහක් විතර ඇතුළෙ… අර කොටි ගමම කැපුවෙ, ඒ අපේ ගම තමා – රංපත් කුඹුර, මං එතකොට තුනේ,අපේ අම්මයි, තාත්තයි, චුටි නංගියි, කිරි අම්මටයි… ඔක්කොම මළා.. ඔක්කොටම උං කෙටුවා,තිරිසන්නු..,මං පැදුරු මිටිය අස්සේ හැංගිලා බලන් උන්නා… අම්මෝ ඒ විස්තර අහන අහන අයට කියලම එපා වෙලා,හැමෝම මගෙන් ඒකමයි අහන්නේ.පහුවලා දවල් අල්ලපු ගමේ රාං මාමලා එනකම්ම මං මිනී දිහා බලං පැදුරු ආනෙම උන්නා.දවල් වෙද්දි නිලමැස්සොත් ඇවිත්.රං මාමලා ආවමත් මං එළියට ආවෙ නැහැ.මට හිතුණෙ මාත් මැරිලා කියලා, පැදුරු ආන අදිද්දියි මාව අහුවුණේ…” එවිට මට දැනුණේ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි.ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය.එය මට සැනසුමකි.ඔහුගේ කම්මුල මගේ කම්මුලේ ගෑවෙමින් තිබිණි.එහි තෙතක් විය.ඔහු හිර කරගත් ඉකියකින් යුතුව හඬමින් සිටියේය.

මංමුලා වූ ආර්යාව

Highlights:
Fiesta කෘතියට පසුබිම් වනුයේ පුවත්පත් කලාවේදියෙකු හා ඉංග්‍රීසි ජාතික කාන්තාවක් අතර හටගත් ප්‍රේමයකි.එය බලාපොරොත්තුවෙන් ඈත් වු පීඩාකාරි ආදරයක් වන්නේ ඔහු යුද්ධයෙන් තුවාල ලබා බෙලහීන තත්වයට පත් වුවෙකු බැවිනි.ඒ් අතර ඈ සෙසු මිනිසුන් සමඟ ආවේගාත්මක බැදීම් ඇතිකර ගනී.පැරීසිය හා ස්පාඤ්ඤ පසුබිම් කරගත් මෙහි සිදුවිම් තුලින් පෙන්වනුයේ දෙවැනි ලෝක යුද්ධ සමයට පෙර පැවති අනාරන්ෂිත සමයේ කලකිරිම හෙළිකිරිමය.විචාරකයන් පවසා තිබෙන පරිදි හෙමිංචේ fiesta කෘතිය ලියා තිබෙන්නේ ටී.එස්.එලියට් ගේ ප්‍රකට කාව්‍ය නිර්මාණයක් වු The Waste Land ඇසුරිනි.එහි යටිකය තුවාල වීමෙන් සයනයේ කාලය අපතේ හරිනු ලබන තම රාජධානිය ඵල රහිත වු රජෙකු පිළිබඳව කියැවේ.මෙහි කතා නායකයා වන ජේක් බාර්න්ස් ද ඒ් ඒ් අන්දමට තුවාල ලබා වඳ බවින් පිරි ලොවක ‌ජීවත් වු අයෙකි.ප්‍රධානම සංසිද්ධිය සාහිත්‍ය තුළ තිගැස්මක් ඇති කරවන සුළුය.අප එය නිර්භීතකම ලෙසින් හඳුනවා නොදීම හෙමිං චේ මහතාට කරන ගෞරවයකි.යනුවෙන් එකල විචාරකයෙකු ‌මෙම කෘතිය පිළිබඳ ලියා තිබේ .එහිදි බොහෝ විනෝදජනක කෙළිදොලෙන් පිරි හෙටක් නොදකින සිදුවිම් අපට හමුවේ.විශේෂයෙන් පැම්පෙලෝනා සැණකෙළිය, උද්වේගී ගවපොර, වීදි නැටුම් යනාදි දේවල් එකල ජනයාට විනෝදය සැපයු අන්දම මෙහි හොඳින් විස්තර වෙයි.

සුබ සහ යස

Highlights:

මහාවංසය විස්තර කරන ආකාරයට “යසලාලක තිස්ස” යනු කවට රජෙකි. එසේ ම “සුබ” නැමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ ‘විහිළුව’ ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන ‘සුබ සහ යස’ වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.

කථම් භූත

Highlights:
“තාත්තා කී සැරයක් ගෙටයි එළියටයි යනවද?”

“අනේ මන්දා සේනක…”

“කවුරුහරි එනකං බලන්  ඉන්නවා වගෙ පේන්නෙ”

ඔව්.මගෙ අම්මා  කියන්නෙ ඉනේ පිහියකුත් තියෙනවා කියලා.”

“මොකක්… මොකටද පිහියක්?”

“දන්නෙ නෑ.ඊයෙ රෑ මගෙ අම්මා  දැක්කලු තාත්තා

සීයගෙ තුවක්කුවට වෙඩි බෙහෙත් පුරවනවා”

“තාත්තට මොළේ නරක් වෞගෙන එනවත් ද?”

“අර …අර බලන්නකො …මං හිතන්නෙ දැන්මම නරක් වෙලා වගේ”

දුටු දෙයින් මගේ මුළු ශරීරයම සීතල වී ගියේය .

අපේ තාත්තා උඩු මහලේ සිට මිදුල දෙසට  තුවක්කුව එල්ල කරගෙන සිටියේය. ඔහුගේ එල්ලය තිබුනේ මිදුලේ බංකුව දෙසටය. බංකුවේ හිඳ සිටිනු පෙනුනේ අපේ අම්මා ය. එතරම් දවස් කාමරය තුළටම වි සිටි අම්මා එළියට කැඳවාගෙන විත් තිබුණේ  මාලිකාය. තාත්තා හොඳින්ම අම්මා ඉලක්ක කරගෙන සිටියේ ය.

නුඹ ඝෘතුවක්

Highlights:
අරුතක් නොදන්න,

අරුතක් නොවැටහුණු,

නම නොදත් හැඟීමක්

නුඹේ නමටම

මගේ පපුවෙ ඉපදිලා…

සෙනෙහසක් කියලා

හද පිළිගන්නේ නැති,

ආදරයක් කියලා

සිත භාරගන්නෙ නැති,

ආදරණීයම සිහිනයක

මං අතරමං වෙලා…

ඔව්,

ඒ නුඹ නිසා…..

නුඹ වෙනුවෙන්ම,

නුඹේ නමටම

මටත් රහසෙම

හදවත මඟ බලන්න හුරු වෙලා….

ඉතින් නුඹ ඍතුවක්

ඔව් මම නුඹ නමට පේ වෙලා.

ඝර්ම

Highlights:
මේ අතරතුර පුංචි කුරුල්ලෙක් පියඹා විත් ඔහුගේ උරහිස මත හිඳ ගත්තේ මහත් අනපේක්ෂිත මොහොතක ය. විසල් රවුම් ඇස් සහිත පුංචි කුරුල්ලාගේ ළා නිල් පැහැති පියාපත් මෙන්ම උගේ පිට දිගේ පැතිර තිබූ ශ්වේත වර්ණැති පිහාටු පුංචි කුරුල්ලාට එක් කළේ අමුතුම ලස්සනකි. සාමාන්‍යයෙන් ජලය මත බොහෝ වේලාවක් නොසෙල්වෙන වස්තුවක් මත මිස කුරුල්ලකු මෙසේ පියඹා විත් නොවසන බැව් දන්නා තීර්ථ ඒ අනුව නිගමනය කළේ තමන් සැලකිය යුතු කාලයක් දිය පහර මධ්‍යයේ එලෙස එකත්පස්ව සිටින්නට ඇතැයි කියා ය. මම මේ පැමිණ සිටින්නේ කුමන නම් කාලාවකාශයකටද? තීර්ථ තමන්ගෙන්ම ප්‍රශ්න කරගත්තේ ය.

ඉවට්

Highlights:

ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන ‘ඉවට්’ තුළින් ප්‍රන්සයේ පණ්‍යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන ‘ඉවට්’ ක්ෂුද්‍ර ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.

පුංචි කාලේ මං

Highlights:
ආදරණීය සාධනා පුතේ,
ඔයාට ලස්සනට ලියන්න පුළුවන්. ලස්සන කතා
ගොතන්න පුළුවන්. ඈන් ෆ්‍රෑන්ක්ගේ දින පොත
මං ඔයාට කියලා දෙන්නම් ඒ පොත ගැන විස්තර.
ඒ එයාගේ ජීවිතේ දින සටහන්. අද ඉදන් ඔයාට මං
තෑගි දීපු අලුත් පොතේ ඔයත් දින සටහන් ලියන්න.
හිතට දැනෙන, හිතට හැගෙන හැමදෙයක්ම ඒ
දිනේට ලියන්න . ඔයාට තෑගි දීපු පොතේ පිටුවල
තියෙන එක එක පාට වගේම ජීවිතෙත් එක එක
අත්දැකීම් එකතු වෙයි. ඒ සුවිශේෂී හැම සිදුවීමක්ම
සටහන් කරන්න. දවසක ඒ සටහන් ඔයාගේ ජිවීතේට
ප්‍රයෝජනවත් වෙයි.
-ඔයාගේ තාත්තා

සිහිනයකි නුඹ

Highlights:
නුඹේ දඩබ්බර හිත ළග, අංශුවක් පාසා
ආදරේ සොයන මම…
ඇත්තමයි…
වෙලාවකට පුදුම තරම්
අවාසනාවන්ත ඇති…
– සංජනා-

නුඹේ ඇස් දෙකෙන්
සතුට හොයපු මම…
නුඹේ ලෝකය මගේ ලෝකය සේ
දුටුව මම…
නුඹෙන් තොර වූ ලෝකයක්
හිතා ගන්නේ කොහොමද… මැණික …
-දස්සා-

මං හින්දා

Highlights:
ඊයේ පටන් ගත් වැස්ස තවමත් ඇද හැලෙන්නේ වීරසූරිය නිවැසියන්ගේ හැගීම් වටහා ගෙන ඒ හා ගැලපෙන්නට මෙනි. සතියේ දිනයක් වූවද සියල්ලන් නිවසේ ඉන්නා සැටියෙන් ඔවුන් කිසිවෙකුත් අද නිවෙසින් බැහැර නොවූ බව අගවයි. වේලාව හවස පහත් පසුවී තියේ.

නිවසේ ඉදිරි දොරටුව පැත්තට ඇති පාරේ හෙමිහිට ආ මෝටර් රථයක් ගේට්ටුව ඉදිරියේ නතර වී ඇති මුත්, එක දිගට වැඩ කරනා වයිපර හැරැණ විට කිසිදු හැලහොල්මනක් ඒ වෙතින් නොපෙනෙන්නේ එක දිගට වැටෙනා විශාල වැහි පොද නිසාවෙනි.
” සදූ… දැන් අඩන එක නවත්තන්න හොද ළමයා වගේ. මම බැහලා එන්නද..”

මේඝමාලාගේ රතුරෝස පැළය

Highlights:
හදිසියේ ම තද සීතල යමක් ඔහුගේ දකුණු අත්ල මත රැදුණි. දහවල ඔහු විසින් ඡේදනය කරන ලද පයෝධරය ඔහුගේ අත්ල මත සිටියේ ය. විස්කි මත නිසා දහවල මෙන් බියක් ඔහු කරා නො පැමිණියේ ය. ඔහු පයෝධරය ගෙන තම උකුළ මත තබා ගත්තේ ය. අනතුරුව එය සෙමෙන් පිරිමදින්නට වූයේ අතීත මතකයන් ආවර්ජනය කරමිනි. පයෝධරය සිහින් හඩක් පිට කරමින් හඩන්නට වන්නී ය. එය ඕනෑ ම රළු පරළු සිතකට බරක් ගෙනෙන තරම් වූ අතිසංවේදී හඩකි.
1 2 9 10 11 12 13 39 40
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping