Fiction & Literature

Fiction & Literature

(Showing 661 – 720 products of 2363 products)

Show:

මේහලා සහ තවත් කෙටි කතා

Highlights:
“ගෑනියෙක් වැරදිලා හරි මිනිහෙක් එක්ක ගියොත් ඒ මිනිහවම බඳින්න සිද්ධ වෙන්න පුවවන්. ඒත් පිරිමියෙක් මොකටද වැරදිලා සිද්ධ වුණු දෙයකට වන්දි ගෙවන්නේ? ”
-මඟුල් සක්වළ

“දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අහසින් වැටෙන්නත් පුළුවන්, අහසේ ඉන්නත් පුළුවන්. ”
-(අ)සමාන්තර

“ඕවා දැන් කාලෙ එච්චර ලොක් දේවල් නෙවෙයි නේහා.කෝපි කාලෙ තමයි සුදු රෙද්දක් එලලා රතු පාට හොයන්නෙ.”
-වරදකාර

“මට සල්ලි ඕනේ. සල්ලි හම්බෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ රෝදේ කැරකෙන තැන අනුව”
-පරමාණු

“එක එකාගෙ න්‍යාය පත්‍ර වලට නෙවෙයි මේවයේ වැඩ සිද්ධ වෙන්නෙ. ජාතිය ගැන හිතලා කරදර ඉවසපන්.”
-මේහලා

“උඹම කියපන් බලන්න, උඹ ආස නැද්ද ජොබ් එකෙන් අත් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පොඩි වෙලාවකට හරි.?”
-කුටුම්භ

“මේවා ඇත්තම ආදර කතා ද කියලා මම දන්නෙ නැහැ.මහරවිට මේවා ඇඳකට ගොඩවෙනකම් තියෙන ඒවා වෙනනත් පුළුවන්.”
-ගැහැණු වැඩ අරඹති

“සංවරකම, විනයගරුක බව කොයිතරම් නම් අවශ්‍යයිද මනුස්සයෙක්ට? එහෙම දෙයක් නැති තැන ප්‍රශ්න ගොඩගැහෙනවා. අලුතින් නිර්මාණය වෙනවා.”
-රෝස කැලේ

හීන මායිම

Highlights:
මේ පස්වලට යට වෙලා ඉන්න මිනිස්සුන්ගේ කතාවල් අපිට එකින් එක අහගෙන ඉන්න පුළුවන් නම් අපේ ජීවිතේ තේරුම් ගන්න එක අපිට මහ අමාරුවක් නැහැ. සමහරවිට තෙුන් දෙනෙක්ගේ කම විදිහෙ කතාවල් අහන්න පුළුවන් වෙයි, ඒ හැම කතාවකම අවසානය සමුගැනීමක්. හැඟුම්බර දුක්බර සමුගැනීමකින් කෙළවරවීමක්. ඒ ඔක්කොම අහගෙන ඉන්න තියෙනවනම් මම අහගෙන ඉන්නවා. එතකොට ජීවිතය ඉගෙන ගන්න පුළුවන්. ජීවිතය ජය ගන්න මිනිස්සුන්ගෙ ජීවිතේ පැරදුණ මිනිස්සුන්ගේ කතා එකට එකතු උනහම ජීවත්වෙන මිනිස්සුන්ට ජීවිතය හොයාගන්න ලේසි වෙයි. හරියට ඇක්මන් අයිය වගේ. ඇක්මන් අයිය මේ මලකඳන් අතර ජීවිතය හොයනව වගේ. කිසිම හාවක් හූවක් නැති අතීතයක් විතරක් තියෙන මිනිස්සුන්ව තවත් මිනිස්සු ටිකක් ඇවිත් වළක පොළොව යට හංගල ගියාට ඇක්මන් අයිය ඒ මිනිස්සුන්ව ආයෙ වළෙන් උඩට ගන්නෙ ඇක්මන් අයියගෙ ජීවිතේ හොයාගන්න. සමහර විට තව අයට ජීවිතේ හොයලා දෙන්න.

නිදන විල

Highlights:
එපා…….මෙය සත්‍ය කතාවක් කියා රැවටී අතට ගන්න එපා !ජේම්ස් තම ග්‍රන්ථවල නිරතුරුවම ලියා තබන සටහනකි…දැන් මෙය හුදෙක් ඔහුට සත්‍යක් නොවඔහුට මෙය ජීවිතයම විය ..නමුත් එම ජීවිතය ද තව දුරටත් ඔහුට අයිති නැත…

ඒක් වරම කාමරයේ දැල්වෙමින් තිබුණු ලාකහ පැහැති විදුලි බුබුලු පුපුරා ගියේ දසත වීදුරුකටු විසුරවමිනි.

මුළු කාමරයම අන්ධකාරය තුළ ගිල්වා ගනිද්දි නිශ්ශබ්දතාවය ද වැඩි වන්නට විය… ඔරලෝසු බට්ටාගේ කටු කැරකෙන හඩ පමණක් ඔහුට ඇසේ… ටක්..ටක්..ටක්..

ඒක්වරම ඇය මහත් වියරුවෙන් හිනාවෙන්නට වූයේ දෙකන් බිහිරි කරන්නට මෙනි… ඒ ශබ්දය මෙවර ඉතා ලගින් ඇසෙන්නට විය. නමුත් ඔහුට කිසිම දෙයක් පේන්නේ නැත..

වැඩි වෙමින් පැවති කුණාටුවේ ඒක අකුණක් අහස් කුස තුල පුපුරා ගියේ මුලු කාමරයම ඒම එළියෙන් ආලෝකමත් වෙමිනි..

දෙවියනේ… ඈ එන්නේ මා සිටින දිශාවට ද?

ඔහු නිවැරදි ය… මෙවර ඔහුට ගැලවීමක් නැත. මෙතෙක් ඔහු ගත කල ජීවිත කාලයම ඔහුගේ ඉදිරියේ මැවෘ පෙනෙන්නට විය..

අමුතු චාරිත්‍රයක් … එකම විලක් ඒ විල යට නින්දට ගිය මිනිසුන් එකසිය විසි හතහමාරකගේ ජීවිත ඔහුට මතක් විය.. ඔහු මෙවරද වැරදි නැත.. ගණන එකසිය විසි හතක් හා තවත් භාගයකි..

විකිණී අවසන්

Highlights:
අහම්බයකින් ජනාධිපති මන්දිරයෙන් ඇසෙන රහස් කුමන්ත්‍රණයක් හෙළිදරව් කිරීම මත දේශයේ හෙට දවසේ ඉරණම ඔහු මතට පැවරෙයි. රජයේ නිල නොලත් ඝාතන කල්ලිවල සාහසික මීනිමැරුම් ඝාතන ඉලක්කවලින් ගැලවීමට අපූරු සැලසුමක් නිර්මාණය කළ යුතුම විය. අපේ සිතුම් පැතුම් නිර්මාණය කරන හසුරවන අදෘෂමාන බුද්ධි විශ්ලේෂකයන් ඔවුන්ගේ සැලසුම්වල කොටස්කරුවන් ලෙස අපටත් හොරා අප සහභාගී කොට ඇද්ද? විමුක්තිවාදීන් ත්‍රස්තවාදීන් හා අවස්ථාවාදීන්ගේ බුලට් තුවක්කු පරදා ජෛව විද්‍යාත්මක අවිආයුධ සමඟ කෙරෙන සීතල යුද්ධය ඉදිරි පැය ගණනක් තුල අවසන් විය යුතුය. මා නොදැන ජීවත් වන්නේ තවත් මාස්ටර් ප්ලෑන් එකක් ඇතුළතද? සත්‍ය සෑමවිටම සත්‍යක්ද? සෑම අහම්බයක්ම අහම්බයක්ද?

පිළිකාවක් සමග තෙවසරක්

Highlights:

මාරාන්තික රුධිර පිළිකා රෝගියෙකුගේ සත්‍ය ජීවිත අත්දැකීම් ඇතුළත් කර නිර්මාණය කර ඇත.

මිටියාවත

Highlights:

කවිය, ගීතය, ගුවන් විදුලි නාට්‍ය, කෙටිකතාව, පුවත් පත් විශේෂාංග, දැන්වීම්කරණය… ආදි බහුවිධ ක්ෂෙත්‍රයන්හි ඔහු දක්වන සමත්කම මිටියාවතේ ද නොඅඩුව පවති. පරිසර සන්නිවේදනය තුළින් ශ්‍රි ලාංකිය ජනතාව වෙත පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව නිර්මාණකරුවෙකු ලෙසින් ඔහු ලබාදෙන දායකත්වය අතිශයින් අගය කළ යුත්තේය. දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අප හමුවේ පවතින පරිසර අර්බුද සම්බන්ධයෙන් අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මිටියාවත ඔස්සේ සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසින් ගලා ගියේ කාගෙ කාගේත් හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. නැවත නැවතත් සිතන්නට යොමු කරමිනි.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් පාපැදිකරුවා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of The Adventure of the Solitary Cyclist හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මරණීය විලාපය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Black Peter හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රූමතියකගේ පළිගැනීම

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Charles Augustus Milverton හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – ප්‍රතිමාවේ රහස

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Six Napoleons හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

ප්‍රංශ හාදු

Highlights:
  සිතින් සියවර හැගෙන මියැදෙන
සිතුම් හදකට බර වැඩී
පෙනෙන නොපෙනෙන සහස් හැගුමන්
කියයි සෙනෙහස කිති කැවී
ආදරය තුළ මත් වෙමීපරක් නොතෙරක් නොමැති අහසක්
වගෙම කැළඹෙන සිතුවිලී
නිමක්, ඉවරක්, නොමැති පෙම්වත්
ඉගි බැලුම් උහුලන හැටී
මේ සුසුම් සුව විදවමී
ආදරේ තුළ කිමිදෙමි

අගත් පැටළුණු මුලක් නොපෙනෙන
කතාවක් පෙම්වත් සරී
දෙනෙත් නොපියා සුසුම් ඉවසා
දරාගන්නට පොර බදී
ඇස් පියන් මත වැතිරෙමී
පෙම් හැගුම් හැම කොදුරමී

ඉදිකටු තුඩු

Highlights:
     ජීවිතේ කියන්නේ රෝස මල් යහනාවක්.
කොච්චර කටු ඇනුනත්
ඒ වේදනාව දරාගෙන ජීවත් වෙන්න සිද්ද වෙන…
– යශෝධා දෙව්දුනි කොඩිකාර-

මං දෝත පෑවාට

Highlights:
හැමදාම මං හිතුවෙ මට තියෙන්නේ හිස් දෑතක් කියලා.
දෝත පාලා ඉල්ලුවත් සේයාට කිසිම දෙයක් ලැබුනෙ නෑ.
පුංචි කාලෙ ඉදලා හැමෝටම දෝත පෑවත් මගෙ අත
අල්ලගන්න කවුරුවත්ම හිටියෙ නෑ. සේයා ඇඩුවෙ තනියම.ඒත් අද සේයා හිනාවෙනවා. දෝතම තද කරලා අල්ල ගත්ත
ක්‍රිෂ්ගෙ ආදරය නිසා සේයා හිනාවෙනවා. සදහටම…

හංසියේ

Highlights:
කර්කෂ ගෙන්දගම් පොළොව මත අවිදරා උපන් ගොදුරු සොයනා උකුසෙකු වූ ඔහු රක්ත වර්ණ රුධිරයේ ගණකම දැන සිටියේ නැත. හංස තටු සලා අහම්බෙන් මෙන් පියඹා ආ හංසිය ඔහුගේ ගොදුරට හසුවනතුරු මිනිස් හදක හද ගැස්ම දැන සිටියේ නැත. ඇගේ උණුසුමේ ඒ තටු අතර සැගව ගිය එකම තප්පරයේ ඔහු ජීවිතය හැදින ගත්තේය. ආදරය හැදින ගත්තේය. හංසියේ … තටු සිදී විනාශ වී යන බව දැන දැනම වෙඩි උණ්ඩය හා වෙලී ගිය ඇගේ අසීමාන්තික ප්‍රේමයයි.

නො ලියත් කිසිවෙක්

Highlights:
නො ලියත් කිසිවෙක්’ නිරූපණය කරන්නේ අපට අදට ද වලංගු, එදා කොලොම්බියානු දේශපාලනයේ එක් අදුරු පැතිකඩකි. දේශපාලනයෙනුත්, රාජය්‍ය අකාර්යක්ෂමතාවෙනුත් බැට කන විශ්‍රාම වැටුප අහිමි මහලු කර්නල්වරයෙකුත්,ඔහුගේ පවුලත් වටා මෙම කතාව ගෙතී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහුණු සමාජයක ගෙවන සාමාන්‍ය වැසියෙකුගේ ජීවිතය කෙතරම් කාලකන්නි හා දුක්ඛිත එකක් දැයි මෙම කතාවෙන් මනා ව පිළිබිඹු වෙයි.

මායා ලෝකය – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ඇම්.පී. නෙත්තසිංහ විසින් රචිත ‘මායා ලෝකය’ කෘතියයි.

වෙඩි හඩින් කැලඹුණු නුගේගොඩ

Highlights:
අවුරුද්ද ඒ තරම් සුබ වෙන පාටක් නෑ සාජන් ගිහාන්….
කොල් එක ආවේ නුගේගොඩ එස්.එස්.පී.
ඕලුගල මහත්තයාගේන්…
නුගේගොඩ කාංචනා ජුවලර්ස් එක කොල්ල කාලාලු….

ඕලුගල මහත්තයා කිව්ව විදිහට නම්
කේස් එක ගොඩක් බරපතලයි වගේ…
මේ යක්කු ජුවලරි ශොප් එක කොල්ලකාලා විතරක් නෙවෙයි…
කොල්ලකාලා පැනලා යද්දී එතන ඉදපු
මුරකාරයටත් වෙඩි තියලා…
තව පාරේ ගියපු අය කිහිපදෙනෙකුටයි,
බස් හෝල්ට් එකේ ඉදපු කිහිප දෙනෙකුටයි
වෙඩිත් තියලා..

මිය ගිය කිරිල්ලි – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ පී. බී. අල්විස් පෙරේරා විසින් රචිත ‘මිය ගිය කිරිල්ලි’ කෘතියයි.

මට හමුවූ පුදුම මිනිස්සු – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ජයසුමන ධර්මබන්දු විසින් රචිත ‘මට හමුවූ පුදුම මිනිස්සු’ කෘතියයි.

හිම හීන

Highlights:
මටත් අත්ඇරුණු…

මගේ මේ ජිවිතේ….

හිතින් අල්ලගෙන නුඹ…

ඉන්නවාද මං වෙනුවෙන්…

නොවෙනස්ව එකලෙසම…

ආදරයේ නාමයෙන්…

අසේකා

Highlights:
වදාපු අම්මාට සෙනෙහසක්, පපුව

පැලෙන්න තරම් කැක්කුමක් නැතිවුණත්

පුතාට මේ නමට පමණක් වුණු අම්මා මහා

මෙරක් තරම ආදරෙයි කියලා දැන් සෙනිත්

දන්නවා. මට එපා අසේකා පින් සිද්ධවෙයි

මගේ දරුවට අම්මා වෙන්න. සෙනිත්ගේ

හදවත ඉකිබිඳිනවා. සෙනිත්ගේ වටිනාම

සම්පත බේරලා දීපු අසේකා සෙනිත්ගෙන්

කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව දෑසමන්ට

සමාව දෙන්න කියලා ඉල්ලද්දී සෙනිත්

හදවතින් දරාගන්න බැරි තරම් හඬාවැටුණා.

ඇයි අසේකා මම ඔයාව මීට කලින්

නොදැක්කේ…?

සැවැන්දරී

Highlights:
මේ සන්සුන්ව සිටින්නේ හේමන්ත‌ගේ ආදරණිය සැවැන්දරියයි.තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ් මුදුන් මුලයි .එදා ඉගනීම අත්හැරපු ,විශ්වවිද්‍යාලයේදි සිසු උද්ඝෝෂණ මදින්, පොලිසියෙන් පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජීවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධිධාරියෙක් කලේ ඇයයි.සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවඳ විහිදුවණා දුලබ සැවැන්දරා මුලක්ම වෙද්දි.. ඒ් ජීවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවඳක් විතරයි.ඔ්නෑම ගසක් පිටතට පෙනෙන්න මහා රුක්ෂයක් සේ පොලෝ තලයේ වැජඹි සිටියත් ඒ් ගසේ සවිය ශක්තිය යනු ඒ් ගසේ මුලයි.ලොවට පෙනෙන ඒ මහා වෘක්ෂයේ රඳාපැවැත්ම වන්නේ ඒ් ගසේ මුදුන් මුලයයි.ඉදින් මුදුන් මූලය නැති ගසකට ජීවයක් කොයින්ද?

සැරිසර කුමරී

Highlights:
‘මටත් සිංහල උගන්නනවද?

”මම උගන්නන්නේ ඉංග්‍රීසි සිංහල නෙමෙයි”

”එහෙනම් හොඳට ලස්සනට සිංහල කතා කරන්නේ?”

”මම ඉගෙනගත්තා”

”තව මොනවද ඉගෙනගත්තේ ?”

”ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙනගත්තා ඔයා නැතිව තනිවම නිදාගන්න පුරුදුවුණා.කෙටියෙන්ම කිව්වොත් ඔයාව ඊළඟ ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජීවත්වෙන්නෙ මම ඉගෙනගත්තා”

”මට සමාවෙන්න සුද්දී ” ”සමාවන්න ඔයා වරදක් කළේ නැහැ කේෂව්. ඔයත් කළේ ප්‍රශ්නයට ඒ වෙලාවේ තිබුණු හොඳම විසඳුම දුන්නු එක. මේ රට මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඔයාව මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒත් ඔයා අපි දෙන්නා ආදරයේදී උවමනාවටත් වඩා හොඳම විදියට ගැළපුණු බව අමතක කළා.”

මහ බැද්දේ සුදු වැද්දා

Highlights:

පාඨකයාගේ සිත තුළ
සන්ත්‍රාසය, කුතුහලය මෙන්ම
සතුට හා ශෝකය ද දනවන
අපූරු සිදුවීම් රැසකින් පිරුණු
මෙම රසබර වෘතාන්තයේ වනසතුන්
හා වැද්දන් ගැන එන විස්තර
අතිශයින්ම චමත්කාරජනකය
වනාන්තරයේ ගහ කොළවල
අතුපතර සෙලවෙන රිද්මය
පමණක් නොව සතා සිව්පාවුන්ගේ
හඬ පවා මෙහි පිටු ආතරින්
අප දෙසවනට ඇසේ.

ශ්‍රී ලංකාවේ වනගත ජිවීතය හා
ඒ හා බැඳුණු අපූරු චරිත කීපයක්
ඉතාමත් ළගන්නා සුළු අයුරින්
ප්‍රතිනිර්මාණය වී ඇති
“මහ බැද්දේ සුදු වැද්දා” නම් වූ
යොවුන් නවකතාව පාඨකයාව අමුතුම
චමත්කාරජනක ලොවකට
කැන්දාගෙන යයි.

හත්දින්නත් තාරුකා

Highlights:
“ඔව් යකෝ ඔව්….! උඹ ඇත්තටම කිව්වොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ කුප්පියාවත්තේ ජනප්‍රිය ගොන් කණුවක් යකෝ..! ” “උඹ නෙළුමට කැමැත්තෙන් උන්නා අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමැත්තෙන් උන්නා උඹ රාජුවව ප්‍රසිද්ධියේම මග හැරියා. උඹ ඔව්ව හිතේ තියාගෙන තනියම විඳෙව්වා. ඉඳහිට අපි එක්ක සෙට් වෙද්දි උඹ ඔය සීන් ඔක්කොම කියෝ කියෝ තමා බෝතල් ගණන් බ්විවේ….! ” “තව පොඩ්ඩෙන් අපි හිතුවේ උඹේ මේ ප්‍රේම පුරාණය සමකෝණී ත්‍රිෙකා්ණයක් වෙලා ඒක මැද්දට යසෝ අත්තම්ම පැනල ඒක සමචතුරශ්‍ර ප්‍රේම කතාවක් වෙයි කියලා…! ” ඩෑන් එක්ක විනී එකිනෙකාට අත් ගසමින් මහා හඬින් සිනාසෙද්දි ශම්මික අසරණ මුහුණින් බලාගෙන ඉන්නවා විතරමයි. “ඉඳකින්.! ඇයි බන් මම මෙහෙම උනේ??” අපෙන් ැහන්නේ?? අහපන් තොගේ ඔය නල්ලමලේ හිතෙන්….! විකි ශම්මිකගේ පපුවට ඇඟිල්ලෙන් ඇනලා හිනාවුණා.

හාදුව

Highlights:

ලෝකයට මෙතෙක් පහළ වී ඇති අතිශූර කෙටි කථා කරුවන් තිදෙනා ගෙන් කෙනෙකු වන අන්තොන් පව්ලොවිච් චේහෆ් ගේ ශ්‍රේෂ්ඨ කථා දහයක් මේ සංග්‍රහයට ඇතුළත් ය. මේවා අතර චිර ප්‍රසිද්ධ “හාදුව”, “ඉඕනිච්”, “ගුසේෆ්”, “කලා කරුවෙකු ගේ කථාව”, “කටු ඇඹිල්ල” හා “පළගැටියා” නමැති කථා ඇත. පාලිතයන්ට මෙන් ම පාලකයන්ට ද පීඩකයන්ට ද එක සේ අනුකම්පා කළ චේහෆ් ගේ මේ කථාවලින් මධ්‍යම පාන්තිකයන් ගේ ජීවිතවල ඛේද වාචකය අනාවරණය වෙයි.

රජ පැටියා සහ හිඟන පැටියා

Highlights:

දහසය වැනි සියවසේ මුල් භාගයේ එංගලන්තයේ ටියුඩර් රාජවංශ සමයේ රජවාසල ජීවිතයත් ලන්ඩනයේ සාමාන්‍ය මුඩුක්කු හිඟන ජීවිතයත් අපූරුවට වර්ණවත් කරන්නාවු මෙම කතාවෙන් කියැවෙන්නේ 1509-1547 කාලය තුළ රජ කළ අටවැනි හෙන්රි රජුගේ එකම පුත් නව හැවිරිදි එඩ්වඩ් කුමරා (වේල්ස් කුමාරයා) වැරදීමකින් හිඟන කොලුවකු වන ටොම් කැන්ටි සමග මාරුවීම නිසා හිඟන පැටියා රජවාසල නුහුරු ජීවිතයක් ගත කරද්දී රජ පැටියා මුඩුක්කු හා හිඟන කඳවුරු වල නුහුරු ජීවිතයක් ගත කළ අන්දමය.

ස්විස් ෆැමිලි රොබින්සන්

Highlights:

වර්ෂ 1789 දී ඇරඹුණු ප්‍රංශ විප්ලවයෙන් පීඩා විඳි අය අය අතර බටහිර ස්විස්ටර්ලන්තයේ විසූ දේවගැතිවරයෙක්ද විය. මෙම පූජකවරයා සතු සියලුම දේපළ හා වස්තු මෙම විප්ලවය නිසා ඒහුට අහිමි විය. ඒ නිසා මිෂනාරී සේවයේ යෙදීමට ඔහු තීරණය කළේය. ඒ සඳහා ඔහු පළමුවෙන්ම සිය බිරිඳ හා පුතුන් සිව් දෙනා සමග එංගලන්තයට පැමිණි‌යේය. එහි දී ඔහු උතුරු ශාන්තිකර සාගරයේ පිහිටි. පසුව ප්‍රංශයට අයත් වු, සොසයටි දූපත් රාශියට අයත් ලොකුම දූපත වූ ඔටහයිට් දූපතේ මිෂනාරි පත්වීමක් භාර ගත්තේය. අනෙකුත් මගීන් සමග මෙම දේවගැතිවරයා ද සිය බිරිඳ සහ දරුවන් රැගෙන මෙම දූපත කරා යාත්‍රා කිරීම සඳහා නැව් නැග්ගේ ය. ඔවුන්ගේ අභිලාෂය වූයේ පසු කලෙක දී ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි පෝට් ජැක්සන් පෙදෙසේ පදිංචියට යාමට ය. මේ නිසා එම යටත්විජිතයේ මිල දී ගැනීමට හෝ ලබා ගැනීමට හෝ නොමැති විවිධ ආයුධ, බීජ වර්ග, පැළෑටි වර්ග, ගොවි උපකරණ හා හරකුන් ආදී සතුන් ද ආදිය නැවේ ගෙන යාමට මෙම පවුල සහ නැවේ අනෙකුත් මගීහූ වග බලා ගත්හ. ටික දවසක් යන තෙක් සියල්ල හොඳින් සිදු විය. එහෙත් නීරක්ෂණය අසල දී මෙම රුවල් නැව මහා කුණාටුවකට අසු විය. නැව මුහුදේ ගසා ගෙන ගියේය. කුණාටුව ඒ අති උච්ඡ අවස්ථාවේ මෙම කතාව මෙසේ ආරම්භ වූ වගයි.

සිරිමලී – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ විමල් අබේසුන්දර විසින් රචිත ‘සිරිමලී’ කෘතියයි.

මාලවිකා – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ පූජ්‍ය ගල්ගමුවේ සොමාරාම ස්ථවිරයන් වහන්සේ විසින් රචිත ‘මාලවිකා’ කෘතියයි.

මාමා – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ඩබ්ලිව්. කේ. ගුණවර්ධන මහතා විසින් රචිත ‘මාමා’ කෘතියයි.

හක්ල්බරිගේ හපන්කම්

Highlights:

“නූතන ඇමරිකානු ප්‍රබන්ධ සාහිත්‍යෙය් පියා මාක් ට්වේන් ය. නූතන ඇමරිකානු නවකතාවේ මුලාරම්භය ඔහුගේ “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්”ය එවන් ශ්‍රේෂ්ඨ කෘතියක් ඉන් පෙර බිහිවූයේ නැත. ”

-නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු ලේඛක

අර්නස්ට් හෙමිංචේ.

ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ටම ප්‍රබන්ධ කතාව ලෙස සැලකෙන “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්”නමැති ලෝක ප්‍රසිද්ධ උපහාසාත්මක කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි මේ.

Anne 6 මව සහ දරුවෝ

Highlights:

ඔවුහු සියලු දෙනා ම බලා සිටිය දී මෙන්‌ මෝරා වැඩෙති. තව වසර කිහිපයකින්‌ තරැණ වියට එළැඹෙනු ඇත. තරැණ පිරිමි දරැවන්‌ ඔවුන්ගේ රැකියා හා පෙම්වතියන්‌ සොයා යනු ඇත. තරැණ ගැහැනු දරැවන්‌ මනාලියන්‌ බවට පත්‌ ව සුව සෙවණට “ආයුබෝවන්‌!”
කියනු ඇත .

කාමරයෙන්‌ පිට වූ ඈන්‌ සාලය හරහා කවුඑව වෙතට ගියා ය. සැකය, නුරැස්සන ස්වභාවය හා ඊරෂ්‍යා සහගත බව දැන්‌ ඇය කෙරෙන්‌ සමිපූර්ණයෙන්‌ ම පහ ව ඇත.”බිලයිත්‌” කියන්නෙ “සතුටින්‌ පිනාගිය” කියන එක යි. ඔවී දැං මම නියම බිලයිත්‌. ඈන්‌ හඬ නඟා සිනාසුනා ය.

සසල සිත පිරිමැද

Highlights:

“කවිය යනු රසවත් වැකියයි.” නොයෙකුත් අවස්ථා හා සිද්ධි පදක කර ගනිමින් කවි ප්‍රබන්ධ කර අතීතයේ සිට ජන කවියා සිංහල සාහිත්‍ය‍ය පොෂණය කළේය. ඉන් අනතුරුව බුදුගුණාලංකාරය, ගුත්තිලය, කාව්‍ය ශේකරය වැනි ප්‍රශස්ථ කවි පොත්ද සැළලිහිණි සංදේශය වැනි අගනා සංදේශ කාව්‍යද බිහිවිය. ඉන්පසු සදැස් හා නිසදැස් කාව්‍ය මඟින් ජීවිතය සමග පොරබදන මිනිසුන්ගේ ගැටළු දුක්ඛ දෝමනස්සයන් මෙන්ම ජිවිතයේ සුන්දරත්වයද කතා බහට ලක්විය.

කැලෑ කොල්ලා සහ සුදු වද්දෝ

Highlights:

මාරි ඇගේ මල්ලිවත් ඔසවාගෙන ගිනි ගිනිමින් තිබුණු ගුවන් යානයෙන් ඈතට පැන ගත්තා. ගුවන් යානයේ දෙවනියා ගුවන් නියමුවා බේරා ගන්න උත්සාහ දරන ආකාරය මාරි බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්. එත් ඊලඟ මොහොතේ ගුවන් යානය මහ හඬක් නංවමින් පිපුරුණ.ඔවුන්ට දිවි ගලවා ගන්නට නොහැකිවුණා.

මෙම කතාව ඔිස්ට්‍රෙිලියාවේ ඇඩ්ලේඩ් හි සිදුවූවකි . ළමයින් දෙදෙනා සැතපුම් දාහතර දහසක් ඇඩිලේඩ්හි ස්ටුවට් කාන්තාරය ඔස්සේ ඇවිදගෙන ගිය ආකාරය මෙම සිතියමෙන් දැක්වේ ඒ දුෂ්කර ගමනේදී හමුවූ විවිධ වර්ගයේ සතුන්ද මෙහි දැක්වේ.

මීනා

Highlights:

සිංහල සාහිත්‍ය ඉතිහාසයේ වංශ කතාවට අනුව ප්‍රථම සිංහල නව කතාව ලෙස සළකනු ලබන්නෙ වර්ෂ 1905 දී පළවූ ඒ සයිමන් ද සිල්වා විසින් රචනා කරන ලද “මීනා” නව කතාවයි

“මීනා” නවකතාව අපිට වැදගත් වෙන්නේ හුදෙක් ප්‍රථම සිංහල නවකතාව විදිහට සළකනු ලැබීම ම නිසා පමණක් නොවේ සාහිත්‍ය කලාංගයක් විදිහට සිංහල නවකතාවේ විකාශනය දිහා ආපසු හැරිලා බලද්දී සාහිත්‍යමය හා කලාත්මක අගයෙහි විශේෂිත බවක් දරන නිර්මාණයක් විදිහට “මීනා” නවකතාව අදටත් සළකනු ලබනවා.

අමෙන් දෙවියාගේ දියණිය

Highlights:

අමෙන් දෙවියා ගේ දියණිය’ නම් වූ මෙම සිංහල පරිවර්තනයට පාදක වී ඇත්තේ, පුද්ගලයෙකු තුළ තවත් සූක්ෂම සිරුරක් ඇතිබවට වූ ඉපැරණි ඊජිප්තු විශ්වාසය ඇතුළත් කරමින්, එච්. රයිඩර් හැගාර්ඩ් 1910 දී ලියන ලද “Morning Star” නමැති නවකතාවයි.

ඔවුන් එම සූක්ෂම පුද්ගල රූපය හැඳින් වූයේ ‘කා’ නමිනි. ‘කා’ ගේ පැවැත්මට සිරුරක් අවශ්‍ය වූයේ නැත. සිරුර මියගිය ද කා මැරෙන්නේ නැත. එය, තමන් ගේ සිරුර යළි උපත ලබන තෙක් බලා සිටින්නේ, එම සිරුරට වැද සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ඒකායන අරමුණකිනි.

විචිත්‍රාද්භූත රීතියකට අනුව එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියනු ලැබූ මෙම කතාවට ඇතුළත් වීඇත්තේ, අමෙන් දෙවියා ගේ දියණියක ලෙසින් සැළකෙන නෙතීර්-තුආ නමැති පාරාඕ රජ කුමරියක හා ඇයටත් වඩා ඉපැරණි රජවංශයට හිමිකම් කියන රැමීස් නම් වූ තරුණයෙකුත් අතර වූ පෙම් කතාවකි.

ඇලන්ගේ බිරිද

Highlights:

එච්. රයිඩර් හැගාඩ් විසින් ඇලන් ක්වාටර්මේන් ගේ චරිතය අළලා ලියන ලද නවකතා අතරින් සිවු වැන්න වන “ඇලන ගේ බිරිඳ ” ( ALLAN’ s WIFE ) නමැති මේ නව ප්‍රබන්ධයට පාදක වී ඇත්තේ, එංගන්තයෙහී කුඩා දැරියක ව සිටිය දී තමා විසින් ජිවිතය බේරා දෙනු ලැබ. පසු ව අප්‍රිකාවේ රුදුරු මරු කතරක අතරමං ව සිටිය දී දෛවෝපගත ලෙස තමා ගේ දිවි ගළවා ගනු ලැබු ස්ටෙලා කාර්සන් නැමැති ඉංග්‍රිසි ජාතික තරුණිය සහ ඇලන් ක්වාටර්මේන් අතරේ ඇති වන ප්‍රේම වෘත්තාන්තය යි. ඔවුන් ගේ ප්‍ර්‍රේමය විවාහයෙන්, කූට ප්‍රාප්තියට පත් වුව ද, කෙටි කලකින් සිදු වන වියෝගයෙන්, මේ කතාන්දරය කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍ය‍යක් බවට පත් වෙයි.

නඩු-අනඩු – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් රචිත ‘නඩු අනඩු‘ කෘතියයි.

අමතක වූ දේශය

Highlights:

පළමුවැනි ලෝක යුද සමයයි. නෞකාවක ගමන් ගනිමින් සිටි ධෛර්ය සම්පන්න තරුණයකු වු බෝවන් ජේ. ටයිලර් මරණයට මුහුණ දෙන්නේ නැවට එල්ල වු ටෝර්පිඩෝ ප්‍රහාරයක් සමඟිනි. කෙසේ හෝ දිවි බේරාගන්නා ඔහු සබ්මැරීනයකට ගොඩ වඳින්නේ සයුර මැද දී හමු වු අසාමාන්‍ය හැසිරීම් රටා සහිත රූමතියක වු ලීසා සමඟිනි. ඔවුන් ගේ ගමන කෙළවර වන්නේ එතෙක් ලෝකය නොදැන සිටි, ලෝකයට අමතකව ගිය කාලයක විසු බිහිසුණු සතුන්, වානර මිනිසුන් සහ පියාඹන මිනිසුන් වෙසෙන අමතක වු දේශයෙනි. කාල අගාධයක් බඳු වූ එම දේශයේදී බෝවන් ජේ. ටයිලර් ඇතුළු පිරිස විවිධ අනතුරුවලට මුහුණ දෙමින් යෙදෙන වීර චාරිකාව මෙම කෘතියෙන් ඉතා සරළ සුගම බසින් රසවත්ව විස්තර කෙරෙයි.

නව යුගයේ මැවුම්කරුවෝ – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ සෝමරත්න විජයසිංහ මහතා විසින් රචිත ‘නව යුග්යේ නිමැවුම්කරුවෝ‘ කෘතියයි.

නත්තල් සැන්දෑව – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ විමල් වීරසිංහ මහතා විසින් රචිත ‘නත්තල් සැන්දෑව‘ කෘතියයි.

කලිසමේ වැරැද්ද – ලිහිණි පොත්

Highlights:

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ජෝර්ජ් වික්ටර් මිගෙල් මහතා විසින් රචිත ‘කලිසමේ වැරැද්ද‘ කෘතියයි.

ස්නේහයේ දාසි

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ආදරයට සීමාවක් නැත. ජාති, කුල, ආගම් භේද නැත. දුප්පත්, පොහොසත්, උස්මිටි භේද නැත. කුරා කුහුඹුවාගේ සිට පොහොසත් මනස් ඇති මිනිසා දක්වාම සංවේදනය වන ආදරය, කරුණාව, දයාබරත්වය යන තුලිත බැඳීම් මේ නවකතාව පුරා විහිද යයි. ප්‍රවීණ ලේඛිකා තුෂාරි අබේසේකර ඒ ආදරණීය සිතුවිලි සරලව නවකතාවක් තුළට මෙසේ කැටිකොට ඔබ අතට පත් කරයි.

ලාබයි ඇපල්

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ප්‍රවීණ ලේඛිකාවක වන තුෂාරි අබේසේකර විසින් ලියන ලද නවකතාවකි. ටෙලි නාට්‍යයක් ලෙසින් ද එළිදුටු නිර්මාණයකි. විවිධාකර හේතු නිසා කොළඹ නගරයේ පහත් යැයි සම්මත සමාජ ස්ථරයන් හි ස්ථානගතවන, කොළඹ නගරය පුරා ලාබෙට විකිණෙන ඇපල් මෙන්, සමාජය විසින්ම අඩු තක්සේරුවක් ලබා දෙන කාන්තාවන්ගේ ජීවිතවල අපට නොපෙනෙන පැත්ත පිළිබඳ කතා කරයි.

ඩ්‍රැක්‍යුලා

Highlights:

“ මෙතෙක් ලොව පහළ වූ භීෂණ කතා අතර ඩ්‍රැක්‍යුලා තවමත් අද්විතීය ස්ථානයක් දරා සිටී.” (The World Book Encyclopedia)

“ භීෂණ හැඟුමන් ඉතාමත් සාර්ථක ලෙස තත්ත්වාකාරයෙන් ගෙන හැර පෑමකි – ඩ්‍රැක්‍යුලා.” (Baker’s Best)

“ ඩ්‍රැක්‍යුලා භයානක කතා කර අතර අති භයානක කතාවයි.” (Punch)

“ ලේ කැටි කරන තරමේ ඉතාමත් බියකරු කතා ප්‍රවෘත්තිය වේ.” (Twentieth Century Authors)

“ ලොව ඩැහැගන්වනසුලු මේ බිහිසුණු කතාව ත්‍රාසජනක කතා රැගත් පොත් අතර ශ්‍රේෂ්ඨ ස්ථානයක් හිමි කරගෙන ඇති බව පෙනේ.” (Seymour Smith in’ What I shall Read Next’)

“ වැම්පයර් භීෂණය පිළිබඳ චිත්තාකර්ෂණීය අන්දමේ විස්තරයක් දක්වා ඇත්තේ බ්‍රෑම් ස්ටෝකර් ලියූ ඩ්‍රැක්‍යුලා ග්‍රන්ථයේය.” (Encyclopedia Britannica)

අයේෂා ආපසු එයි

Highlights:

රයිඩර් හැගාඩ් ගේ ” ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබද්ධය වන මේ “අයේෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී ” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළීත් වරක් සිය සංසාර ගමන අරඔයි. සැබැවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්තය හෙළි කිරීම ය. ” අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි.

බිම් ගෙයි සිර කරුවා

Highlights:

සිංහල පරිවර්තන සාහිත්‍යයේ විප්ලවයක් සිදු කළ මේ “බිම් ගෙයි සිර කරුවා” නමැති ග්‍රන්ථය, සැබවින් ම පරිවර්තන කලාවේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය යුත්තකි. රුසියානු සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන් සියල්ලන් ම නියෝජනය වන මේ ප්‍රශස්ත පරිවර්තන කෘතිය, අවුරුදු පසළොසකට අධික කාලයක් තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයටත් උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගයටත් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයක් වී ය. මේ රටේ තරුණ පරම්පරාව රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පළමු වන වරට වටහා ගත්තේ මේ ග්‍රන්ථයෙනි. ඒ කල මේ පොත පරිශීලනය කොට, අද උගතුන් හා මහා සාහිත්‍ය ධරයන් බවට පත් වී සිටින සාහිත්‍ය ලෝලයන්ට, මේ පොතේ පිටු ගණන් කට පාඩමින් කිව හැකි ය. භාෂා ප්‍රයෝගවලින් ද, විවිධ රචනා ශෛලිවලින් ද, නිරවද්‍ය ව්‍යාකරණ විධිවලින් ද සමන්විත මේ මහාර්හ සාහිත්‍ය ග්‍රන්ථය, සෑම සාහිත්‍ය කාමියකු වෙත ම, සෑම පුස්තකාලයක ම තිබිය යුත්තකි.

පියෙර් සහ ශෝං

Highlights:

ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ‌ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.

මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.

ක්ලියෝපැට්රා

Highlights:

ආරාබි මං පහරන්නන් විසින් කොල්ල කන ලද, ලෙබනන් කඳුකරයේ පිහිටි ඉපැරණි සොහොන් ගැබක, මමියක් සමඟ තිබු පැපිරස් ලේඛනයකින් එළිදරව් කෙරෙන පුරාවෘත්තයක් මෙම නවකතාවට පාදක වී ඇත.

අයිසීස් හා හාතෝර් යන දෙවඟනන් විසින් ඊජීප්තුවේ ඉරණම රැඳි අසිපත බවට පත් කරන හාර්මැකීස් කුමරු, පාරාඕ මෙන් කවුරා ගේ පිරිමීඩයේ පිහිටි නිධන් ඝර්භයේ දී සුරූපී ක්ලියෝපැට්රා සමඟ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙයි.

මෙහිදී රයිඩර් හැගාර්ඩ් පාඨකයාට ඓතිහාසික සිදුවීම් කරා මෙන්ම, ඉපැරණි ඊජීප්තුවේ අබිරහස් අතරටත්, මරණයට ඔබ්බෙන් ඇති අමෙන්තියේ දී ලබන අත්දැකීම්කරාත් රැගෙන යයි.

සිල් සුවඳ

Highlights:

“ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?”

“මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ.”

“බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?”

SIL SUWANDA

මුසොලීනිගේ නිධානය

Highlights:

ඉතාලියේ ෆැසිස්ට් පක්ෂයේ නායකයා හා
අගමැතිවරයා වු මුසොලීනි රට තුළ ජාතිවාදය
අවුස්සමින්,ජනතාවගේ දේශප්‍රේමය කුළුගන්වමින්,
ඔවුන්ගේ කනකර අභරණ පවා කොල්ල කෑවේය.
දෙවැනි ලෝක සංග්‍රාම සමයේ එම ධන නිධානය
නාසීන් අතට පත් වු අතර ඔවුන් වෙතින් ඒවා පැහැර
ගත් කණ්ඩායමක් එය සැඟවුයේ අතැර දැමූ පතලක් ඇතුළතය.

වසර ගණනාවකට පසු තිදෙනෙක් යළි ඉතාලියට
පැමිණෙන්නේ මුසොලීනි ගේ නිධානය පැහැරගෙන
එරටින් පිට කරන්නටය. එහෙත් එය කරන්නේ
කෙසේද? මග දිගට සතුරෝ, දාමරික කල්ලි,
මිනීමරුවෝ, යුද ප්‍රවීණයෝ ඔවුන් පැමිණෙන
තුරු රැක සිටියහ, සියලු දෙනා සතු වුයේ
එක ම එක අරමුණකි. ඒ මුසොලීනි ගේ ධන
නිධානය පැහැර ගැනීමය.

ඩූ or ඩයි

Highlights:

කුරියර් සේවාවක් හරහා තරුණියකට
ලැබෙන අසාමාන්‍ය ගණයේ පාර්සලයක්!

අතුරුදන් වන ව්‍යාපාරිකයෙක්!

අති සුක්ෂ්ම අපරාධකරුවකු පසුසප
හඹා යන අභීත නිලධාරියෙක්!

අලුගෝසුවා

Highlights:

පැරඩයිස් නගරයේ තදාසන්න පෙදෙසක
පිහිටි එක්තරා ලැගුම්හලකට, දුහුවිල්ලෙන්
වැසී ගිය නිල් පැහැති බියුක් කන්වර්ටිබිල්
මෝටර් රථයකින් පැමිණෙන තරුණ රතු
ඉන්දියානුවෙක් සහ සුදු ජාතික තරුණ
යුවලක්…

නගරයේ විශාලතම ගිනි අවි වෙළඳසැලෙන්
අතුරුදහන්වන ප්‍රබල දුරදක්නයක් සහිත
අධිබල ඉලක්ක රයිෆලයක්…

නගරයේ සුපිරි ධනවතුන් ඉලක්ක කර
සිදුවන බිහිසුනු ඝාතන වැලක්…

පොලීසිය අසරණව ඇත….

ඔබට ජීවතුන් අතර සිටීමට අවශ්‍යද……?

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්‍රචණ්ඩ මේ නවකතාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසාගේ දුෂ්ට කෲර කම් මෙන්ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයාගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, කුමන්ත්‍රණය, පළි ගැනීම හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කතාව මේ වෙළුමෙන් අවසන් වෙයි.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති රසාලිප්ත නවකතාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නති කාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති දීර්ඝ රස වෑහෙන නවකතාවේ මේ සතර වන වෙළුම, දුරාචාරී අතීතයේ වැළලූ ඇට සැකිලි මතු වීමෙන් හට ගත් සැක සංකාදියෙන් හා භය සංත්‍රාසයෙන්, පාඨකයා සසල කරවා ලොමු දැහැ ගන්වන සුලු ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

මෙය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ඓතිහාසික නවකතාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතයට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්‍රචණ්ඩ සිද්ධීන් ගේන ගහන ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2

Highlights:
“Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

මෙය, ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි දෙ වැනි වෙළුමයි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි.ඉක්බිතිව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන” මස්සොලාතාව” භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණකෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි.”

1 2 10 11 12 13 14 39 40
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping