Translations

Translations

(Showing 181 – 240 products of 260 products)

Show:

ඉවට්

Highlights:

ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නව කථාවක් වන ‘ඉවට්’ තුළින් ප්‍රන්සයේ පණ්‍යාංගනාවන් දෙ දෙනකු ගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළි වෙයි. තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නව කථාවක් වන ‘ඉවට්’ ක්ෂුද්‍ර ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි. සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකි ය.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් පාපැදිකරුවා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of The Adventure of the Solitary Cyclist හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මරණීය විලාපය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Black Peter හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රූමතියකගේ පළිගැනීම

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Charles Augustus Milverton හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – ප්‍රතිමාවේ රහස

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Six Napoleons හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

නො ලියත් කිසිවෙක්

Highlights:
නො ලියත් කිසිවෙක්’ නිරූපණය කරන්නේ අපට අදට ද වලංගු, එදා කොලොම්බියානු දේශපාලනයේ එක් අදුරු පැතිකඩකි. දේශපාලනයෙනුත්, රාජය්‍ය අකාර්යක්ෂමතාවෙනුත් බැට කන විශ්‍රාම වැටුප අහිමි මහලු කර්නල්වරයෙකුත්,ඔහුගේ පවුලත් වටා මෙම කතාව ගෙතී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහුණු සමාජයක ගෙවන සාමාන්‍ය වැසියෙකුගේ ජීවිතය කෙතරම් කාලකන්නි හා දුක්ඛිත එකක් දැයි මෙම කතාවෙන් මනා ව පිළිබිඹු වෙයි.

මහ බැද්දේ සුදු වැද්දා

Highlights:

පාඨකයාගේ සිත තුළ
සන්ත්‍රාසය, කුතුහලය මෙන්ම
සතුට හා ශෝකය ද දනවන
අපූරු සිදුවීම් රැසකින් පිරුණු
මෙම රසබර වෘතාන්තයේ වනසතුන්
හා වැද්දන් ගැන එන විස්තර
අතිශයින්ම චමත්කාරජනකය
වනාන්තරයේ ගහ කොළවල
අතුපතර සෙලවෙන රිද්මය
පමණක් නොව සතා සිව්පාවුන්ගේ
හඬ පවා මෙහි පිටු ආතරින්
අප දෙසවනට ඇසේ.

ශ්‍රී ලංකාවේ වනගත ජිවීතය හා
ඒ හා බැඳුණු අපූරු චරිත කීපයක්
ඉතාමත් ළගන්නා සුළු අයුරින්
ප්‍රතිනිර්මාණය වී ඇති
“මහ බැද්දේ සුදු වැද්දා” නම් වූ
යොවුන් නවකතාව පාඨකයාව අමුතුම
චමත්කාරජනක ලොවකට
කැන්දාගෙන යයි.

හාදුව

Highlights:

ලෝකයට මෙතෙක් පහළ වී ඇති අතිශූර කෙටි කථා කරුවන් තිදෙනා ගෙන් කෙනෙකු වන අන්තොන් පව්ලොවිච් චේහෆ් ගේ ශ්‍රේෂ්ඨ කථා දහයක් මේ සංග්‍රහයට ඇතුළත් ය. මේවා අතර චිර ප්‍රසිද්ධ “හාදුව”, “ඉඕනිච්”, “ගුසේෆ්”, “කලා කරුවෙකු ගේ කථාව”, “කටු ඇඹිල්ල” හා “පළගැටියා” නමැති කථා ඇත. පාලිතයන්ට මෙන් ම පාලකයන්ට ද පීඩකයන්ට ද එක සේ අනුකම්පා කළ චේහෆ් ගේ මේ කථාවලින් මධ්‍යම පාන්තිකයන් ගේ ජීවිතවල ඛේද වාචකය අනාවරණය වෙයි.

රජ පැටියා සහ හිඟන පැටියා

Highlights:

දහසය වැනි සියවසේ මුල් භාගයේ එංගලන්තයේ ටියුඩර් රාජවංශ සමයේ රජවාසල ජීවිතයත් ලන්ඩනයේ සාමාන්‍ය මුඩුක්කු හිඟන ජීවිතයත් අපූරුවට වර්ණවත් කරන්නාවු මෙම කතාවෙන් කියැවෙන්නේ 1509-1547 කාලය තුළ රජ කළ අටවැනි හෙන්රි රජුගේ එකම පුත් නව හැවිරිදි එඩ්වඩ් කුමරා (වේල්ස් කුමාරයා) වැරදීමකින් හිඟන කොලුවකු වන ටොම් කැන්ටි සමග මාරුවීම නිසා හිඟන පැටියා රජවාසල නුහුරු ජීවිතයක් ගත කරද්දී රජ පැටියා මුඩුක්කු හා හිඟන කඳවුරු වල නුහුරු ජීවිතයක් ගත කළ අන්දමය.

ස්විස් ෆැමිලි රොබින්සන්

Highlights:

වර්ෂ 1789 දී ඇරඹුණු ප්‍රංශ විප්ලවයෙන් පීඩා විඳි අය අය අතර බටහිර ස්විස්ටර්ලන්තයේ විසූ දේවගැතිවරයෙක්ද විය. මෙම පූජකවරයා සතු සියලුම දේපළ හා වස්තු මෙම විප්ලවය නිසා ඒහුට අහිමි විය. ඒ නිසා මිෂනාරී සේවයේ යෙදීමට ඔහු තීරණය කළේය. ඒ සඳහා ඔහු පළමුවෙන්ම සිය බිරිඳ හා පුතුන් සිව් දෙනා සමග එංගලන්තයට පැමිණි‌යේය. එහි දී ඔහු උතුරු ශාන්තිකර සාගරයේ පිහිටි. පසුව ප්‍රංශයට අයත් වු, සොසයටි දූපත් රාශියට අයත් ලොකුම දූපත වූ ඔටහයිට් දූපතේ මිෂනාරි පත්වීමක් භාර ගත්තේය. අනෙකුත් මගීන් සමග මෙම දේවගැතිවරයා ද සිය බිරිඳ සහ දරුවන් රැගෙන මෙම දූපත කරා යාත්‍රා කිරීම සඳහා නැව් නැග්ගේ ය. ඔවුන්ගේ අභිලාෂය වූයේ පසු කලෙක දී ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි පෝට් ජැක්සන් පෙදෙසේ පදිංචියට යාමට ය. මේ නිසා එම යටත්විජිතයේ මිල දී ගැනීමට හෝ ලබා ගැනීමට හෝ නොමැති විවිධ ආයුධ, බීජ වර්ග, පැළෑටි වර්ග, ගොවි උපකරණ හා හරකුන් ආදී සතුන් ද ආදිය නැවේ ගෙන යාමට මෙම පවුල සහ නැවේ අනෙකුත් මගීහූ වග බලා ගත්හ. ටික දවසක් යන තෙක් සියල්ල හොඳින් සිදු විය. එහෙත් නීරක්ෂණය අසල දී මෙම රුවල් නැව මහා කුණාටුවකට අසු විය. නැව මුහුදේ ගසා ගෙන ගියේය. කුණාටුව ඒ අති උච්ඡ අවස්ථාවේ මෙම කතාව මෙසේ ආරම්භ වූ වගයි.

හක්ල්බරිගේ හපන්කම්

Highlights:

“නූතන ඇමරිකානු ප්‍රබන්ධ සාහිත්‍යෙය් පියා මාක් ට්වේන් ය. නූතන ඇමරිකානු නවකතාවේ මුලාරම්භය ඔහුගේ “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්”ය එවන් ශ්‍රේෂ්ඨ කෘතියක් ඉන් පෙර බිහිවූයේ නැත. ”

-නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු ලේඛක

අර්නස්ට් හෙමිංචේ.

ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ටම ප්‍රබන්ධ කතාව ලෙස සැලකෙන “ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්”නමැති ලෝක ප්‍රසිද්ධ උපහාසාත්මක කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි මේ.

Anne 6 මව සහ දරුවෝ

Highlights:

ඔවුහු සියලු දෙනා ම බලා සිටිය දී මෙන්‌ මෝරා වැඩෙති. තව වසර කිහිපයකින්‌ තරැණ වියට එළැඹෙනු ඇත. තරැණ පිරිමි දරැවන්‌ ඔවුන්ගේ රැකියා හා පෙම්වතියන්‌ සොයා යනු ඇත. තරැණ ගැහැනු දරැවන්‌ මනාලියන්‌ බවට පත්‌ ව සුව සෙවණට “ආයුබෝවන්‌!”
කියනු ඇත .

කාමරයෙන්‌ පිට වූ ඈන්‌ සාලය හරහා කවුඑව වෙතට ගියා ය. සැකය, නුරැස්සන ස්වභාවය හා ඊරෂ්‍යා සහගත බව දැන්‌ ඇය කෙරෙන්‌ සමිපූර්ණයෙන්‌ ම පහ ව ඇත.”බිලයිත්‌” කියන්නෙ “සතුටින්‌ පිනාගිය” කියන එක යි. ඔවී දැං මම නියම බිලයිත්‌. ඈන්‌ හඬ නඟා සිනාසුනා ය.

කැලෑ කොල්ලා සහ සුදු වද්දෝ

Highlights:

මාරි ඇගේ මල්ලිවත් ඔසවාගෙන ගිනි ගිනිමින් තිබුණු ගුවන් යානයෙන් ඈතට පැන ගත්තා. ගුවන් යානයේ දෙවනියා ගුවන් නියමුවා බේරා ගන්න උත්සාහ දරන ආකාරය මාරි බලාගෙන හිටියේ නොඉවසිල්ලෙන්. එත් ඊලඟ මොහොතේ ගුවන් යානය මහ හඬක් නංවමින් පිපුරුණ.ඔවුන්ට දිවි ගලවා ගන්නට නොහැකිවුණා.

මෙම කතාව ඔිස්ට්‍රෙිලියාවේ ඇඩ්ලේඩ් හි සිදුවූවකි . ළමයින් දෙදෙනා සැතපුම් දාහතර දහසක් ඇඩිලේඩ්හි ස්ටුවට් කාන්තාරය ඔස්සේ ඇවිදගෙන ගිය ආකාරය මෙම සිතියමෙන් දැක්වේ ඒ දුෂ්කර ගමනේදී හමුවූ විවිධ වර්ගයේ සතුන්ද මෙහි දැක්වේ.

අමෙන් දෙවියාගේ දියණිය

Highlights:

අමෙන් දෙවියා ගේ දියණිය’ නම් වූ මෙම සිංහල පරිවර්තනයට පාදක වී ඇත්තේ, පුද්ගලයෙකු තුළ තවත් සූක්ෂම සිරුරක් ඇතිබවට වූ ඉපැරණි ඊජිප්තු විශ්වාසය ඇතුළත් කරමින්, එච්. රයිඩර් හැගාර්ඩ් 1910 දී ලියන ලද “Morning Star” නමැති නවකතාවයි.

ඔවුන් එම සූක්ෂම පුද්ගල රූපය හැඳින් වූයේ ‘කා’ නමිනි. ‘කා’ ගේ පැවැත්මට සිරුරක් අවශ්‍ය වූයේ නැත. සිරුර මියගිය ද කා මැරෙන්නේ නැත. එය, තමන් ගේ සිරුර යළි උපත ලබන තෙක් බලා සිටින්නේ, එම සිරුරට වැද සදාකාලික ජීවිතයක් ගත කිරීමේ ඒකායන අරමුණකිනි.

විචිත්‍රාද්භූත රීතියකට අනුව එච්. රයිඩර් හැගාර්ඩ් විසින් ලියනු ලැබූ මෙම කතාවට ඇතුළත් වීඇත්තේ, අමෙන් දෙවියා ගේ දියණියක ලෙසින් සැළකෙන නෙතීර්-තුආ නමැති පාරාඕ රජ කුමරියක හා ඇයටත් වඩා ඉපැරණි රජවංශයට හිමිකම් කියන රැමීස් නම් වූ තරුණයෙකුත් අතර වූ පෙම් කතාවකි.

ඇලන්ගේ බිරිද

Highlights:

එච්. රයිඩර් හැගාඩ් විසින් ඇලන් ක්වාටර්මේන් ගේ චරිතය අළලා ලියන ලද නවකතා අතරින් සිවු වැන්න වන “ඇලන ගේ බිරිඳ ” ( ALLAN’ s WIFE ) නමැති මේ නව ප්‍රබන්ධයට පාදක වී ඇත්තේ, එංගන්තයෙහී කුඩා දැරියක ව සිටිය දී තමා විසින් ජිවිතය බේරා දෙනු ලැබ. පසු ව අප්‍රිකාවේ රුදුරු මරු කතරක අතරමං ව සිටිය දී දෛවෝපගත ලෙස තමා ගේ දිවි ගළවා ගනු ලැබු ස්ටෙලා කාර්සන් නැමැති ඉංග්‍රිසි ජාතික තරුණිය සහ ඇලන් ක්වාටර්මේන් අතරේ ඇති වන ප්‍රේම වෘත්තාන්තය යි. ඔවුන් ගේ ප්‍ර්‍රේමය විවාහයෙන්, කූට ප්‍රාප්තියට පත් වුව ද, කෙටි කලකින් සිදු වන වියෝගයෙන්, මේ කතාන්දරය කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍ය‍යක් බවට පත් වෙයි.

අමතක වූ දේශය

Highlights:

පළමුවැනි ලෝක යුද සමයයි. නෞකාවක ගමන් ගනිමින් සිටි ධෛර්ය සම්පන්න තරුණයකු වු බෝවන් ජේ. ටයිලර් මරණයට මුහුණ දෙන්නේ නැවට එල්ල වු ටෝර්පිඩෝ ප්‍රහාරයක් සමඟිනි. කෙසේ හෝ දිවි බේරාගන්නා ඔහු සබ්මැරීනයකට ගොඩ වඳින්නේ සයුර මැද දී හමු වු අසාමාන්‍ය හැසිරීම් රටා සහිත රූමතියක වු ලීසා සමඟිනි. ඔවුන් ගේ ගමන කෙළවර වන්නේ එතෙක් ලෝකය නොදැන සිටි, ලෝකයට අමතකව ගිය කාලයක විසු බිහිසුණු සතුන්, වානර මිනිසුන් සහ පියාඹන මිනිසුන් වෙසෙන අමතක වු දේශයෙනි. කාල අගාධයක් බඳු වූ එම දේශයේදී බෝවන් ජේ. ටයිලර් ඇතුළු පිරිස විවිධ අනතුරුවලට මුහුණ දෙමින් යෙදෙන වීර චාරිකාව මෙම කෘතියෙන් ඉතා සරළ සුගම බසින් රසවත්ව විස්තර කෙරෙයි.

ඩ්‍රැක්‍යුලා

Highlights:

“ මෙතෙක් ලොව පහළ වූ භීෂණ කතා අතර ඩ්‍රැක්‍යුලා තවමත් අද්විතීය ස්ථානයක් දරා සිටී.” (The World Book Encyclopedia)

“ භීෂණ හැඟුමන් ඉතාමත් සාර්ථක ලෙස තත්ත්වාකාරයෙන් ගෙන හැර පෑමකි – ඩ්‍රැක්‍යුලා.” (Baker’s Best)

“ ඩ්‍රැක්‍යුලා භයානක කතා කර අතර අති භයානක කතාවයි.” (Punch)

“ ලේ කැටි කරන තරමේ ඉතාමත් බියකරු කතා ප්‍රවෘත්තිය වේ.” (Twentieth Century Authors)

“ ලොව ඩැහැගන්වනසුලු මේ බිහිසුණු කතාව ත්‍රාසජනක කතා රැගත් පොත් අතර ශ්‍රේෂ්ඨ ස්ථානයක් හිමි කරගෙන ඇති බව පෙනේ.” (Seymour Smith in’ What I shall Read Next’)

“ වැම්පයර් භීෂණය පිළිබඳ චිත්තාකර්ෂණීය අන්දමේ විස්තරයක් දක්වා ඇත්තේ බ්‍රෑම් ස්ටෝකර් ලියූ ඩ්‍රැක්‍යුලා ග්‍රන්ථයේය.” (Encyclopedia Britannica)

අයේෂා ආපසු එයි

Highlights:

රයිඩර් හැගාඩ් ගේ ” ඈ හෙවත් අයේෂා” නමැති ලෝ පතළ නව කථාවේ අනුබද්ධය වන මේ “අයේෂා ආපසු එයි” නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. “ජීවන ගින්නේ දී ” ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළීත් වරක් සිය සංසාර ගමන අරඔයි. සැබැවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්තය හෙළි කිරීම ය. ” අයේෂා ආපසු එයි” නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි.

බිම් ගෙයි සිර කරුවා

Highlights:

සිංහල පරිවර්තන සාහිත්‍යයේ විප්ලවයක් සිදු කළ මේ “බිම් ගෙයි සිර කරුවා” නමැති ග්‍රන්ථය, සැබවින් ම පරිවර්තන කලාවේ අග්‍ර ඵලයක් ලෙස සැලකිය යුත්තකි. රුසියානු සාහිත්‍යයේ එන ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන් සියල්ලන් ම නියෝජනය වන මේ ප්‍රශස්ත පරිවර්තන කෘතිය, අවුරුදු පසළොසකට අධික කාලයක් තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයටත් උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගයටත් නිර්දිෂ්ට පාඨ ග්‍රන්ථයක් වී ය. මේ රටේ තරුණ පරම්පරාව රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨත්වය පළමු වන වරට වටහා ගත්තේ මේ ග්‍රන්ථයෙනි. ඒ කල මේ පොත පරිශීලනය කොට, අද උගතුන් හා මහා සාහිත්‍ය ධරයන් බවට පත් වී සිටින සාහිත්‍ය ලෝලයන්ට, මේ පොතේ පිටු ගණන් කට පාඩමින් කිව හැකි ය. භාෂා ප්‍රයෝගවලින් ද, විවිධ රචනා ශෛලිවලින් ද, නිරවද්‍ය ව්‍යාකරණ විධිවලින් ද සමන්විත මේ මහාර්හ සාහිත්‍ය ග්‍රන්ථය, සෑම සාහිත්‍ය කාමියකු වෙත ම, සෑම පුස්තකාලයක ම තිබිය යුත්තකි.

පියෙර් සහ ශෝං

Highlights:

ගී ද මෝපසාං විසින් ලියන ලද නව කථා සයෙන් ශ්‍රේෂ්ඨතම නව කථාව වනුයේ මේ “පියෙර් සහ ශෝං” ය. ගී ද මෝපසාං ගේ නව කථාවක් සිංහලයට පරිවර්තනය වූ පළමු වන අවස්ථාව මෙය වෙයි. මෙය අතිශයින් ම පුද්ගලික කරුණු මත ගොඩ නැඟුණු මනෝ විද්‍යාත්මක නව කථාවකි. බාහිර දේවල නිරීක්ෂණයෙන් අභ්‍යන්තරික සිතුම් පැතුම් පිළිබඳ ඇඟවීමක් කළ හැකි ය යන මෝපසාං ගේ සිද්ධාන්තයට මේ නව කථාව කදිම උදාහරණයකි. රෝලොං මහත්මිය ‌ගේත් පියෙර් ගේත් මනස ක්‍රියාත්මක වන ආකාරය විස්තර කිරීමේ දී මෝපසාං දක්වන චාතූර්යයත් අරපිරිමැස්මත් නිසා මේ නව කථාව නිර්මාණය අතින් අතිවිශිෂ්ඨ කෘතියක් වෙයි.

මේ කෙටි නව කථාව, ශ්‍රේෂ්ඨ කාව්‍යයක් මෙන්, නවතාවෙන් යුතු ව වාර බොහෝ ගණනක් කියවා රස විඳිය හැකි ය.

ක්ලියෝපැට්රා

Highlights:

ආරාබි මං පහරන්නන් විසින් කොල්ල කන ලද, ලෙබනන් කඳුකරයේ පිහිටි ඉපැරණි සොහොන් ගැබක, මමියක් සමඟ තිබු පැපිරස් ලේඛනයකින් එළිදරව් කෙරෙන පුරාවෘත්තයක් මෙම නවකතාවට පාදක වී ඇත.

අයිසීස් හා හාතෝර් යන දෙවඟනන් විසින් ඊජීප්තුවේ ඉරණම රැඳි අසිපත බවට පත් කරන හාර්මැකීස් කුමරු, පාරාඕ මෙන් කවුරා ගේ පිරිමීඩයේ පිහිටි නිධන් ඝර්භයේ දී සුරූපී ක්ලියෝපැට්රා සමඟ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දෙයි.

මෙහිදී රයිඩර් හැගාර්ඩ් පාඨකයාට ඓතිහාසික සිදුවීම් කරා මෙන්ම, ඉපැරණි ඊජීප්තුවේ අබිරහස් අතරටත්, මරණයට ඔබ්බෙන් ඇති අමෙන්තියේ දී ලබන අත්දැකීම්කරාත් රැගෙන යයි.

මුසොලීනිගේ නිධානය

Highlights:

ඉතාලියේ ෆැසිස්ට් පක්ෂයේ නායකයා හා
අගමැතිවරයා වු මුසොලීනි රට තුළ ජාතිවාදය
අවුස්සමින්,ජනතාවගේ දේශප්‍රේමය කුළුගන්වමින්,
ඔවුන්ගේ කනකර අභරණ පවා කොල්ල කෑවේය.
දෙවැනි ලෝක සංග්‍රාම සමයේ එම ධන නිධානය
නාසීන් අතට පත් වු අතර ඔවුන් වෙතින් ඒවා පැහැර
ගත් කණ්ඩායමක් එය සැඟවුයේ අතැර දැමූ පතලක් ඇතුළතය.

වසර ගණනාවකට පසු තිදෙනෙක් යළි ඉතාලියට
පැමිණෙන්නේ මුසොලීනි ගේ නිධානය පැහැරගෙන
එරටින් පිට කරන්නටය. එහෙත් එය කරන්නේ
කෙසේද? මග දිගට සතුරෝ, දාමරික කල්ලි,
මිනීමරුවෝ, යුද ප්‍රවීණයෝ ඔවුන් පැමිණෙන
තුරු රැක සිටියහ, සියලු දෙනා සතු වුයේ
එක ම එක අරමුණකි. ඒ මුසොලීනි ගේ ධන
නිධානය පැහැර ගැනීමය.

ඩූ or ඩයි

Highlights:

කුරියර් සේවාවක් හරහා තරුණියකට
ලැබෙන අසාමාන්‍ය ගණයේ පාර්සලයක්!

අතුරුදන් වන ව්‍යාපාරිකයෙක්!

අති සුක්ෂ්ම අපරාධකරුවකු පසුසප
හඹා යන අභීත නිලධාරියෙක්!

අලුගෝසුවා

Highlights:

පැරඩයිස් නගරයේ තදාසන්න පෙදෙසක
පිහිටි එක්තරා ලැගුම්හලකට, දුහුවිල්ලෙන්
වැසී ගිය නිල් පැහැති බියුක් කන්වර්ටිබිල්
මෝටර් රථයකින් පැමිණෙන තරුණ රතු
ඉන්දියානුවෙක් සහ සුදු ජාතික තරුණ
යුවලක්…

නගරයේ විශාලතම ගිනි අවි වෙළඳසැලෙන්
අතුරුදහන්වන ප්‍රබල දුරදක්නයක් සහිත
අධිබල ඉලක්ක රයිෆලයක්…

නගරයේ සුපිරි ධනවතුන් ඉලක්ක කර
සිදුවන බිහිසුනු ඝාතන වැලක්…

පොලීසිය අසරණව ඇත….

ඔබට ජීවතුන් අතර සිටීමට අවශ්‍යද……?

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

සාධාරණ පළි ගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්‍රචණ්ඩ මේ නවකතාව, උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසාගේ දුෂ්ට කෲර කම් මෙන්ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයාගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, කුමන්ත්‍රණය, පළි ගැනීම හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කතාව මේ වෙළුමෙන් අවසන් වෙයි.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති රසාලිප්ත නවකතාවේ මේ පස්වන වෙළුම, පදවි ලෝභයත් උන්නති කාමයත් නිසා බිහිසුණු ඉරණමකට මුහුණ දෙන මිත්‍ර ද්‍රෝහීන් ගේ අභ්‍යන්තරය මනා ව විවරණය කරයි. මේ වෙළුම, ශෘංගාරයන්, භීතියෙන්, ශෝකයෙන් හා ත්‍රාසයෙන් පිරී ඇත.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා” නමැති දීර්ඝ රස වෑහෙන නවකතාවේ මේ සතර වන වෙළුම, දුරාචාරී අතීතයේ වැළලූ ඇට සැකිලි මතු වීමෙන් හට ගත් සැක සංකාදියෙන් හා භය සංත්‍රාසයෙන්, පාඨකයා සසල කරවා ලොමු දැහැ ගන්වන සුලු ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

මෙය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා නමැති දැවැන්ත ඓතිහාසික නවකතාවේ තුන් වන වෙළුම යි. බිහිසුණු කුමන්ත්‍රණ, දරුණු කඩු සටන්, වස විස පෙවීම්, පළි ගැනීම් හා පෙම් කිරීම් ආදියෙන් මේ වෙළුම පිරී ඇත. ත්‍රාසයෙන් ත්‍රාසයට ද භීතියෙන් භීතයට ද කුතුහලයෙන් කුතුහලයට ද පත් වෙමින් කියවිය හැකි මේ වෙළුම ප්‍රචණ්ඩ සිද්ධීන් ගේන ගහන ය.

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2

Highlights:
“Alexandre Dumas විසින් රචිත The Count of Monte Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

මෙය, ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි දෙ වැනි වෙළුමයි. මෙහි දී එද්මොන් දාන්තේ මහා ධන නිධානය සොයා ගනියි.ඉක්බිතිව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහළ ම සමාජ තලයට පිවිසෙයි. මෙහි එන” මස්සොලාතාව” භීෂණත්වයෙන් ලොමුදැහැ ගන්නා අතර, රෝමයේ මහා සැණකෙළිය, පාඨකයා චමත්කාරයෙන් චමත්කාරයට පමුණුවා අපූර්ව ආස්වාදයක් ලබා දෙයි.”

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1

Highlights:
Alexandre Dumas විසින්  රචිත The Count of Monte  Cristo කෘතියේ සිංහල පරිවර්තනය.

ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නවකතාවෙහි පළමු වන වෙළුම වන මෙයින් කියැවෙන්නේ, ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකු ගේ බිහිසුණු පළි ගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කතාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නවකතාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.

ඈන් 7 දේදුනු නිම්නය

Highlights:

කැනේඩියානු ජාතික ලේඛිකාවක් වු ලුසී මෝඩ් මොන්ටිගොමරි ( 1874-1942 ) විසින් ලියන ලද ඈන් පොත් පෙළ ලොව පුරා ම විවිධ තරාතිරම්වල පාඨකයන් ගේ ආදරය දිනා ගැන්මට සමත් වු සම්මානනීය නවකතා මාලාවකි. “දේදුනු නිම්නය” ඒ පොත් පෙළෙහි හත් වැන්න යි. කාර්ය බහුල ගෘහණියක හා දරුවන් හය දෙනෙකු ගේ මවක වශයෙන් ඈන් ගෙවන වගකීම්වලින් පිරි ජීවිතය පිළිබඳවත්, හා ඔවුන් ගේ මිතුරු මිතුරියන් සිදු කරන නොයෙකුත් දඟකාරකම් පිළිබඳ වත් මේ පොතෙන් ඉතා චමත්කාර ජනක අන්දමින් විස්තර වේ.

ඈන් 8 සුව සෙවණේ බඩපිස්සි

Highlights:

අරඹ‍ෙ ගෙදර දගකාර දැරියක ලෙස ද, සිහින මන්දිරයේ සුරූපි
මනාලියක ලෙස ද, සුව සෙවණේ දයාබර මවක ලෙස ද, මෙතෙක්
කල් ඈන් ගත කළේ සතුටින් හා සිනාවෙන් පිරි වාසනාවන්ත
ප්‍රීතිමත් ජීවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා
සංග්‍රාමයක් ද සමඟ ඒ සියල්ල සදාට ම වෙනස් වෙයි. සතුට දුක
බවට ද, සිනාව කඳුළ බවට ද පෙරළෙයි. සිහිනවලින් පිරි සිය
මනෝ ලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදුවන ඈන්ට,
ඒ කටුක ලෝකයේ දුක් වේදනාවලට මුහුණ දීමට දිරියක් වන්නී,
සුව සෙවණේ බඩපිස්සිය වන රිල්ලා බ්ලයිත් ය.

ඩ්‍රැක්‍යුලාගේ අඩවිය

Highlights:

විශ්ව සාහිත්‍ය‍යෙහි එන ඉතාමත් භයානක නවකතාව වන “ඩ්‍රැක්‍යුලා” නිර්මාණය කළ බ්‍රැම් ස්ටෝකර් විසින් ලියන ලද එවැනිම භයානක හා අද්භුත ජනක කතාවක් වන ඩ්‍රැක්‍යුලාස් ගෙස්ට් ( DRACULA’S GUEST) කෘතියේ සිංහල පරිවර්තනයයි “ඩ්‍රැක්‍යුලාගේ අඩවිය”

ඩ්‍රැක්‍යුලා සොහොනෙන් නැඟිටියි

Highlights:

මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා සිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදුවූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරී ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි.
ගම්මානය පුරා දක්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය.
“ඔහු අවදිව සිටියේය……..”
අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරිවීම සඳහා පැමිණ සිටියේය. ඔව්… මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි වී සිටියේය.

මිනී කන ව්‍යාඝ්‍රයන්ට මැදිව

Highlights:

මහා වනාන්තරය ද වන සතුන් ද
තවත් බොහෝ හැලහැප්පීම් ද අළලා ලියැවුණු පොත පත
කියවීම මහත් ආශ්වාදයක් කොට ගත් පඨක පිරිස්
ලෝ පුරා විහිදී විසිරි සිටි.
“මිනී කන ව්‍යාඝ්‍රයන්” යන වචන කිහිපය පවා
යමෙකුගේ සියොලඟ භීතියෙන් මුසපත් කරවන්නට සමත් ය.
මිනී කන ව්‍යාඝ්‍රයකු හා මුහුණට මුහුණ මුණ ගැසීම නපුරු
සිහිනයකි!
ඒ නපුරු හීනය ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ
මිනී කන ව්‍යාඝ්‍රයන ට මැදිවුවකුගේ අත්දැකීම්
සමගිනි.

දඩයක්කාර ක්වාටර්මේන්

Highlights:

“ඉක්බිති ව ඈ එක් දිගු කෑ ගැසීමක් ද සමඟ සිය හෙල්ලයත් ඉදිරියට නෙරවා ගෙන, මුව දෙනක පනින ආකාරයෙන් සතුරු පිරිසෙහි මධ්‍යයට ම පැන්නා ය. ඇය ගේ මේ පිනුම දුටු බුතියානා සෙබළුන් වෙතින් නැංවුණේ පර්වත ප්‍රාන්තවල හැපී ගිගුරුම් දුන් මහා ඝෝෂයකි. එක් පොදියකට රැස් වුණු ඔවුහු, සුළඟෙහි ලෙළ දුන් ඇගේ ධවල සාළුව පිටුපසින් සතුරන් මධ්‍යයට ම පැන්නෝ ය. මේ සමඟ ම මටුකුවන් බිම ඇද වැටෙන්නට ගත්තේ සුළි සුළඟක්, හමුවේ ඉදිරී වැටෙන ගස් විලාසයෙනි. එ වැනි ප්‍රබල ප්‍රචණ්ඩ ප්‍රහාරයකට කිසි ම හමුදාවකට මුහුණ දෙන්නට බැරි ය. එම ප්‍රහාරය ඉවුරු කඩා ගෙන ගලන මහා ජල ප්‍රවාහයකට සමාන විය. ඒ සෙබළ පිරිසේ ඉදිරි ගමන හමුවේ ඉදිරියෙන් හා දෙ පසින් පොදි කමින් සිටි සතුරෝ කෙසෙල් කඳන් මෙන් බිම පතබෑවුණ හ. ඒ මහා විනාසයේ උදම් තරංගය ඉදිරියෙන් මයිවා ගේ ධවල සාටකය ලෙළ දෙමින් ගමන් කළේ ය…”

ඇක්විලෝනියාවේ කෝනාන්

Highlights:

අත්ලන්තිසය නම් මහාද්වීපය මුහුදු පතුලට ගිලී ගිය කාලයේ පටන් ආර්ය පුත්‍රයන් සම්භවය වීම දක්වා, ලිඛිත ඉතිහාසයෙන් වැළලී ගිය, අඳුරු කාල පරිච්ජේදයක් විස්තර කරමින්, රොබට් ඊ. හොවාඩ් නම් ලේඛකයා විසින් ලියන ලද කොනාන් කතාවලට ලෝක ප්‍රබන්ධ සාහිත්‍ය‍යේ හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ අර්ධ මිලේච්ජ මනුෂ්‍ය‍යා විසින් ගොඩ නංවන ලද විස්මය ජනක මහා පුර ප්‍රවරයන් ගෙන් පරිමිත රාජධානි ද, යන්ත්‍ර මන්ත්‍ර හා කුමන්ත්‍රණවලින් ඒ රාජධානිවල ඉරණම් තීන්දු වු අන්දම ද, මේ කතාවලින් කදිමට නිරූපණය වෙයි.

අතීතයට ගිය ඇලන්

Highlights:

ඇලන් ක්වාර්ටර්මේන් වසර දහස් ගණනාවකට පෙර ඉපැරණි ඊජීප්තුවට අයත් වු ෂබාකා නම් වු සිංහ දඩයක්කරුවකු ලෙස ගත කළ ජිවිතයක් මෙම නවකතාවට පාදක වී ඇත.
එහි දී ඔහුට, වාමන හෑන්ස්, බෙස් නමැති ඉතියෝපියානු රජු ලෙසත්, රෙජනොල් ආර්යාව අමාඩා නමැති අයිසිස් ගේ පූජකවරිය ලෙසත්, රෙජනෝල් සාමිවරයා ඊජීප්තුවේ පාරඕ වන පෙරෝආ ලෙසත්,හාරූට්, පූජනීය ටැනෝෆීර් ලෙසත් හමු වෙති.
සදාකාලික අවිවාහක ජිවිතයක් ගත කරන බවට අයිසිස් හමුවේ දිවුරුම් දී ඇති අමාඩා, ෂබාකා නිසා දෙවරක්ම එම ශපථය කඩ කරමින් දෙවඟන ගේ ශාපයට ගොදුරු වන්නි ය.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මරණීය උගුල

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Norwood Builder හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මාරක නැටුම් රූපය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Dancing Men හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය

Highlights:

අර්ධ-සිංහ, අර්ධ-මිනිස් රාක්ෂයන් සමග සටන් කරන්නට ඔයාට
හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති.

ඒත් ඔයා ග්‍රීක දෙවියෙකුගේ පුතෙක් නම්, ඒ වගේ දේවල් සිද්ධ
වෙනවා. ඒ මදිවට දැන් මගේ යාළුවා ඇනබෙත් අතුරුදහන් වෙලා,
දෙවඟනක්ව දම්වැල් දමා හිර කරලා, ඒ වගේම ලෝක විනාශය උදා
කරන රාක්ෂයාව විනාශ කරන ගවේශනයට යන්න ඉඩ ලැබෙන්නේ
අර්ධ-ලෝහිතයො පස් දෙනෙකුට විතරයි.

ඕහ්… ඒ වගේම දන්නව ද වැඩක්. අපි හැමෝටම පණපිටින් ආපහු
එන්න ලැබෙන්නේ නැති බව ඔරැකල් කලින්ම දැකලා තිබුණා…

ඇත්තටම මහා අනාවැකියේ කියවෙන ලෝකය විනාශ කිරීමේ හෝ
බේරා ගැනීමේ තීරණය ගන්න අර්ධ-ලෝහිතයා මම ද… නැත්නම්
තාලියා ද… එහෙමත් නැත්නම්..

පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන

Highlights:

අවංකවම කියනවා නම්, තවත් ඉස්කොලයක්
පුපුරවා දාන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ.

ග්‍රීක දෙවියෙකුගේ පුතා හැටියට, මම මරණාසන්න
උපද්‍රවවලට ඇති තරම් මූණ දීලා තිබුණා. ඒවා මදිවට
වගේ දැන් මගේ පරම හතුරා ලුක්ට පෞරාණික
වංකගිරියක් හරහා ඇවිත් අපේ කඳවුර ආක්‍රමණය
කරන්න ඕනෑ වෙලා.

එයා සාර්ථක වුනොත්, ලේ පිපාසිත රාක්ෂයෝ දහස්
ගාණක් අපිට පහර දෙයි. ඉතින් වෙන මොනවා කරන්න
ද, අපි හතරදෙනෙක් ඉර එළියට සමු දීලා, බිහිසුණු
අන්ධකාරය තුළට පල්ලම් බහිනවා ඇරෙන්න…

අභීත දියණියෝ

Highlights:

ඈන්මරීගේ වයස අවුරුදු දහයකි. බොහෝ දරුවන් ශක්තිමත් පෞද්ගලික ආචාරධර්ම කදම්බයක් විකසනයකර ගැනීම අරඹන්නේ මෙම වයසේදී ය. අවංක මිනිසුන් වීමට ඔවුන්ට අවශ්‍ය ය. නිවැරදි දේ කිරීමට ඔවුන්ට අවශ්‍ය ය.එමෙන්ම ඔවුන් ජීවත් වන ලෝකයේ නිවැරදි දේ කිරීම නිතරමපාහේ දුෂ්කර බව ද, ඇතැම්විට අනතුරුදායක බව ද, බොහෝ දෙනා නුරුස්සන බව ද ඔවුහු වටහා ගැනීමට පටන් ගනිති. භයානක අවස්ථාවකට මුහුණ පෑ ඈන්මරී තීරණ ගැනීම සිදු කළ යුතුම මොහොතක් එළඹෙයි.

ඇයට පහසුවෙන් කළ හැකි දේ කිරීමට ඉඩ තිබුණි. සිය මිතුරාට පිටුපෑමට හැකියාව තිබුණි. නමුත් ඈන්මරී ගැඹුරු හුස්මක් ගෙන, කැලයට ඇතුළු වී, අනතුරට මුහුණ පාමින්, සතුරාට එරෙහි වී ජය ලබද්දී මෙය කියවන දරුවෝ සතුටින් ඉපිළ යති. කොතරම් අපහසු වුවත්, වේදනාකාරී වුවත් නිවැරදි දේ කිරීම තුළින් ලැබෙන ආත්ම තෘප්තිය සිතක ජනනය කරවන ප‍්‍රහර්ෂය අත්විඳින්නට අපිත් අපේ දරුවන්ට හුරු කරවමු.

අකුණු සැරය

Highlights:

නිව්යෝර්ක් හි කීර්තිමත් නීති ආයතනයක හාවුල්කාරියක වු
ඇලෙක්සැන්ඩ්‍රා පාකර්ගේ සැමියා සෑම්‍ය. ඇයට වයස අවුරුදු
හතළිහේදි සිඟිති දියණියකගේ උපතත් සමඟින් ඔවුන්ගේ
ප්‍රීතිමත් පවුල සම්පූර්ණ වේ. එහෙත් හදිසියේ සිදුකළ වෛද්‍ය
පරීක්ෂණයක ප්‍රතිඵල මත ඔවුන්ගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ
අකුණු සැරයක් වැදුණාක් මෙනි.වෝල් වීදියේ දක්ෂතම ව්‍යවසායකයකු
වන සෑම් පාකර් තම බිරිඳගේ අසනීප තත්වය දැන ගැනීමත් සනමඟින්
භීතියට පත් වන්නේ තම බිරිඳට හෝ දියණියට කිසිදු ආකාරයක
මානසික සහනයක් ලබා නොදෙන අයුරින්.

රැයක් එළිවන අතරතුර අඹුසැමියන් මෙසේ ආගන්තුකයන් බවට පත්
වේ. තවත් අකුණූ සැරයකින් සෑම්ගේ වෘත්තීය ජීවිතය විනාශ වී
යන්නේ ඔහුගේ වෘත්තීය හා අනන්‍යතාවයද අභියෝගයට ලක්
කරමිනි. තම සැමියා සමඟ තව දුරටත් පවුල් ජීවිතයක් ගත කරන්නද
එසේත් නැතිනම් ඔහුගෙන් දුරස් වී නව ජීවිතයක් ගොඩනගා ගන්නේද
යන තීරණය අතරේ ඇලෙක්ස්ගේ සිත දෝලනය වේ..

සුදු පිරුවට

Highlights:

කැත්රීන් බ්‍රෙස්ලීන් ගමේ පාසලකින් අධ්‍යාපනය ලැබු තැනැත්තියකි.
ඉන්පසු නිව්යොක්වල ශුද්ධවු හෘදය කන්‍යාරාමයෙන් හා ශාන්ත
බෙනෙඩික්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඈ ඉන්පසු කැනඩාවේ
ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබුවාය.
පුවත්පත් සඟරාවලට දිගින් දිගටම ලිපි සැපයු කැතරීන් බ්‍රෙස්ලීන්
ලිවු UNHOLY CHILD ඇගේ ප්‍රථම නවකතාව වු අතර කන්‍යා
සොහොයුරියකගේ චරිතයට එබී බලන මෙම කතාව බෙහෙවින්
ආන්දෝලනයකට පත්විය.

සමුගැනීමක් නොවේ

Highlights:

ඓතිහාසික ශිලා ස්මාරක පිහිටි භූමියෙහි වැටි තිබී හමු වු
වෙඩි වැදුණු තරුණයින් දෙදෙනෙකුගේ සිරුර කෝන්වෝල්හි
පිහිටි මුලික රෝහලක් කරා රැගෙන එන විට වේලාව රාත්‍රි
නවයට ආසන්න ව පවතින්නට ඇත.ඔවුන් රෝහල කරා රැ
ගෙන විත් තිබුණේ එම ප්‍රදේශයේ ගොවිතැනෙහි නියතුව සිටි
ඩේමියන් නම් තැනැත්තෙකු විසිනි. නොපමාව ඔවුන්ට වෛද්‍ය
ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ ද ඉන් එක් අයෙක් රෝහලට
රැගෙන එන විට ද ජීවතුන් අතර නොසිටියේ ය. වෛද්‍යවරුන්ගේ
කැපවීම හේතුවෙන් අනෙක් තැනැත්තාගේ දිවි රැක ගැනීමට
හැකියාව ලැබිණි.

කෙසේ වෙතත් පොලීසියට මෙය ප්‍රහේලිකාවක් විණි. වෙඩි
තැබුවේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක්
මෙතෙක් ඔවුන්ට නොලැබිණි. එහෙයින් ප්‍රකාශයක් සටහන්
කර ගැනීමට තුවාලකරුට සිහිය ලැබෙනතුරු සිටීමට පොලීසියට
සිදු විය. එකී අවස්ථාව එළඹුණේ තවත් හෝරා තුනකට
පමණ පසුව ය.

සුසිනිඳු දෑත

Highlights:

නීතීඥ පෙරී මේසන් චරිතය පළමු
වරට හමුවන්නේ 1933 වර්ෂයේදී
අර්ල් ස්ටැන්ලි ගාඩ්න්ර් මහතා අතින්
නිර්මාණය වු මෙම කෘතිය තුළිනි.
ධනවත් ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයක්
සහ චපල බිරිඳක් වටා ගෙතී ඇති
මෙම ත්‍රාසජනක නවකතාව තුළින්
ගාඩිනර් සිය ප්‍රතිභාව මැනවින්
ලොවට පෙන්නුම් කරයි.

රාවණාගේ කුමාරතන්ත්‍රය

Highlights:
“රාවණාගේ කුමාරතන්ත්‍රය” නාගර ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි.

සිතට ආහාර

Highlights:
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.

ඇත්දළ දරුවා

Highlights:

ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්‍රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.

ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.

මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.

රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.

සකුන්තලා

Highlights:
මහාකවි කාලිදාසයන්ගේ සකුන්තලා පරිවර්තන කෘතියකි

හන්ටිං පාටි

Highlights:
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !

දූවිලි දේදුන්න

Highlights:
මට නොනවතින අතීසාරය වැලදී තිබිණි. ගස් මට උපකාර කරවී යැයි සිතුවද,පේනතෙක් මානයක ගසකුදු නොවිය.අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිනි.උස බැවින් අහස පෙනුණද,ගහකොළ දැකගත හැකි නොවිය.එසේ වුවද,ගස් දකින්නට නොලැබීම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවීය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ
පෙරටු කරගෙන ගස් පැමිණෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදී ඔහු මා අවදි කළේය.”කොයි මොහොතෙ හෝ ඔවුන් මෙහි එනවා.”යැයි මගේ කනට කෙදිරු ඔහු අතීසාරය
සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය.යහපත් ගෝත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රෝගයකින් පීඩා විදින්නේ අහම්බෙන් බව දැන සිටි හෙයින්,මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර
මා අවදි වූ කල දුටුවේ, ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රීට් පොළොව මත අදිමින් සිටි බවය.

නිල් දියමන්තියේ අබිරහස

Highlights:
Sir Arthur Conan Doyle ගේ “Sherlock Holmes Detective Stories” හී ඇතුළත් කතා කීපයක් ඇසුරින් මෙම ” නිල් දියමන්තියේ අබිරහස සහ ෂර්ලොක් හෝමිස් කතා “කෘතිය සකස් කර ඇත.
Sri Arthur Conan Doyle නමැති එම විශිෂ්ට ලේඛකයා කලකට ඉහත රචනා කළද ෂර්ලොක් හෝමිස් කතාවන් වත්මන් පාඨක පිරිස් අතර ද අතිශයින් ජනප්‍රිය ය. ඉතා ආශාවෙන් කියවා රස විදිය හැකි ඔහුගේ “Sherlock Holmes Detective Stories” හි අඩංගු කතාවලින් හතරක අනුවාදයන් මෙම පොතට ඇතුළත්ය.

ගිගිරි හඬේ අබිරහස

Highlights:
යුරෝපයේ සංචාරයක නියැලෙන රොබ් ට්‍රේංටන් හට ලින්ඩා කැරල් නම් තරුණියක හමුවේ.සංචාරය අවසානයේ ලින්ඩාගේ මෝටර් රථය රැගෙන සිය නිවස කරා ගමන් කිරීමට රොබ්ට අවස්ථාව උදා වන්නේ අහඹු ලෙසිනි.එලෙස පිටත් වන තරුණයා හට මුහුණ දීමට සිදුවන්නේ නොසිතූ විරූ සිදුවීමකටය.මේ ඒ ත්‍රාසජනක කතා පුවතයි.

දොර දොර කළුවර

Highlights:

1793 Philadelphia නගරයට උණ වසංගතයක් එනවා. ඒක හරි භයානක වසංගතයක්. එකල උණ කටුව වගේම වෙද නලාව තිබුනෙත් නැහැ. මුළු නගරයම ගොදුරු උනා. ජනාදිපති Washington නගරය අතහැර ගියා. මේ නවකතාවේ කතා නායිකාව matilda නම් 14 හැවිරිදි දැරියක්. මෙම පොතෙන් කියවෙන්නේ matilda සහ නගර වැසියන් එම වසංගතයට මුහුණ දෙන ආකාරය. කුසගින්න, රෝගය හදුනාගෙන නොමැතිකම, දිනපතා දන්නා කියන උදවිය මිය යාම, හැම උදේකම මිනි ගෙනියන්න කරත්තයක් ගෙයක් ගානෙ පැමිණීම , වෙළද පොළ වැසි යාම , දොස්තරලා වගේම එහෙම නොවන අයත් බෙහෙත් දීම , සිරුරු වලින් රුධිරය ඉවත් කිරීම වැනි නොයෙක් දේවල් සිදු වෙනවා. මෙම නගර වැසියන් කිසිම නගරයකට බාර ගන්නේ නැහැ. එළවනවා.වසංගතයට සුදු කළු භේදයක් තිබුනේ නැත.අන්තිමට matildaට රෝගයෙන් මව මිය ගිය දරුවෙකුගේ මව වෙන්නට සිදුවෙනවා.

Matilda කියන්නේ මෙම අනුවේදනීය කතාවය.

දයාබර ඩාලියා

Highlights:
සයිබර් කැෆේ එකක හිඳ හොර රහසේ ලියූ පොතක්..!!!

ජීවිතය පරදුවට තබා ජෝර්දානයෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.

මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් පලිය ගැනීම⁣ට තැබූ පළමු පියවර ද?

Norma Khouri ලියූ Frobidden Love කෘතියේ සිංහල පරිවර්තනය .

විවාහකයා

Highlights:
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.

හැරී සහ හෝප්

Highlights:
පාර පුරාම දූවිලි මල් පිපුණා.අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා. හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහාතකින් ජීප් එකයි හැරී අතර දුර නැත්තටම නැති උනා. දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුළින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා.ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.

විල්ලුවේ ප්‍රේමය

Highlights:

 

ප්‍රේමයෙන් ජය ගන්නෝ ද පරාජිතයෝ ද එකසේ වෙති.
සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට
තමා ලොව වෙසෙන භාගයමත් ම මිනිසා බැව් හැගෙන
යම් මොහොතක් උදා වෙයි. මම එය අත් දැක ඇත්තෙමි.අනෙක් අතට, ප්‍රේමයෙන් පරාජිතයාගේ සන්තාපය
කාලයා විසින් බොහෝ විට මකා දැමෙනු ඇත.
නමුත් කාලයාට ද සැනසිය නොහැකි යම්
පෙම් වියෝ දුකක් තිබෙන්නට හැකිද?ඔවි මාතෘ සෙනෙහසත්, සහෝදරත්වයත්,ශෘගාරයත්
එකම ගැහැණියක ගෙන් පළමු වරට අත් විදින්නෙකුට
එම වියෝව මාරන්තික විය හැක.
ඔහු තුළ වන මිනිසා සදාකාලයට ම මරා දැමී.
මුර්ගයෙකු අවදි වනු ඇත.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping