MDG

MDG

(Showing 901 – 951 products of 951 products)

Show:

ගුණසේන පෙර පාසල් වැඩපොත 3

Highlights:

පෙර පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ සම්පාදනය වූ මෙම වැඩපොත් පෙළ 1, 2 සහ 3 වශයෙන් පොත් 3ක් ලෙසට නිර්මාණය වී ඇත. වසරේ සෑම දිනකටම එක් අභ්‍යාසයක් බැගින් නිර්මාණය වූ මෙම පොත් පරිශීලනයෙන් දරුවාගේ ගණිත සංකල්ප දැනුම, හසුරු කුසලතා වර්ධනය මෙන්ම යහපත් ආකල්ප රෝපණය ද සිදු වෙයි. වසරේ තෙවන වාරය වෙනුවෙන් සම්පාදනය වූ ගුණසේන පෙර පාසල් පොත් මාළාවේ තුන්වැන්න මෙය වේ.

Kakiyan

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

Captain Elmo Jayawardena’s latest book ‘Kakian’ is published as follows. Written in English, it contains, quite simply, the story of the ravens we often see. The raven is a nuisance to many, but the author sees it differently. This book describes very interestingly how he sees the life of a raven.

BUY EBOOK VERSION

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රාථමික ශ්‍රේණි සඳහා හොඳ ම වැඩපොත් මාලාව ගණිතය වැඩ පොත 1 ශ්‍රේණිය

Highlights:

1 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ල ආවරණය කරමින් සම්පාදනය වී ඇත. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

2019 වර්ෂයේ නිකුත් කළ ‘3, 4, 5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම’ ග්‍රන්ථයෙහි නව සංස්කරණය මෙයයි. ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් සකස් කෙරෙන පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිත ගැටලු විසඳන ක්‍රම, අනුමාන ගණිත ගැටලු සහ පාඩම් අනුව වෙන් කරන ලද පසුගිය වසර 23 ක විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් පළ වී ඇති අංගසම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.

බැළ මෙහෙවර

Highlights:

විවෘත ආර්ථිකය ඇති වෙන්නට පෙර ලංකා සමාජයේ ජන ජීවිතය හා බැඳුණු සමූපකාර ව්‍යාපාරය අදටත් නොනැසී පවතී. ඉතා දිළිඳු ගම්වල ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට සුපිරි වෙළෙඳසැල්වලින් පුළුවන්කම ලැබෙන්නේ අතලොස්සකටය. සමූපකාර ක්‍රමය තුළ බොහෝ වටිනාකම් ඇත. එහෙත් මේ ව්‍යාපාරයේ නිසි දියුණුවක් නැත. එහි අභ්‍යන්තරය – එහි ඛේදය කිසිම සාකච්ඡාවකට බඳුන් වී නැත. “බැළ මෙහෙවර” නවකතාව සමූපකාර ව්‍යාපාරය අළලා ලියා තිබෙන එකම නවකතාව වන්නේය. කතුවරයාගේ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ රචිත මේ නවකතාවෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි පරිහානියේ පටන් ගැනීම ද සාකච්ඡාවට බඳුන් වේ. ගැමි සමාජයේ විපරිණාමයක් අද නැතත් ගැමි ජන දිවි පෙවෙත තුළ ‘දියුණුවක්’ නැති බව සත්‍යයකි. මේ නවකතාවෙන් සිදු කෙරෙන ඊට අදාළ සමාජයීය කාරණා සම්බන්ධ විග්‍රහය අදටත් අදාළය.

නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය දැනුම් මිහිර 3, 4, 5 ශ්‍රේණි

Highlights:

3,4, 5 ගණිත විෂයට අදාළ නිපුණතා සියල්ලම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය තුළින් ඉදිරිපත් කෙරෙන සියලුම ගණිත ගැටලුවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුම පාඩම්වලට අදාළ න්‍යයාත්මක කරුණු, ආදර්ශ ගැටලු සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් ප්‍රකාශයට පත් වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත පරිසරය වැඩ පොත 2 ශ්‍රේණිය

Highlights:

2 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. මීරිගම, හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ආපුටුංගෝ මාපුටුංගෝ

Highlights:

‘ආපුටුංගෝ – මාපුටුංගෝ’ කෘතිය සුහර්ෂිණී ධර්මරත්න නම් කිවිඳිය විසින් සිය ජීවන අන්දරය නිර්මාණාත්මක ලෙස තීරු ලිපි තුළට කළ ගොනුකිරීමක එකතුවක් ලෙස සඳහන් කළ හැකිය. මෙයින් කිහිපයක් මව්බිම පුවත්පතේ පළ වූ අතර නොපළ තීරු ලිපි බොහොමයකි. ඒ සියල්ල එක්කොට කෘතියක් ලෙස මෙසේ එළිදැක්වෙයි. කතුවරිය මේ කෘතිය තුළින් සිය ජීවන අන්දරය අප හමුවේ තබන අතර එහි යටිපෙළක් ලෙස අගනා සමාජ විවරණයක් ද ගෙන එන්නීය.

චමත්කාර චරිත

Highlights:

ලාංකේය සමාජය තුළ නොමැකෙන මං සලකුණු සටහන් කළ චරිතවල සැඟව ඇති චමත්කාරය සරලව හා රසවත්ව අප වෙත ගෙන එන මෙම කෘතිය, තවත් එක් චරිත කතා එකතුවක් පමණක් ම නොවන අපූර්ව කෘතියකි.

CR Book (M.D GUNASENA) 200P Square Ruled Pack

Highlights:

CR Book (M.D GUNASENA) 200P Square Ruled Pack 06 BOOKS

Gunasena School World Atlas

Highlights:

A map book compiled in line with the school curriculum. According to the annual report of the Central Bank, the maps of Sri Lanka are updated annually. Contains important data about the world and Sri Lanka. The flags of the countries are included with the important data of those countries. An index for easy reference is also included.

ගුණසේන ඉංග්‍රීසි – සිංහල – දෙමළ ශබ්දකෝෂය

Highlights:

ඉංග්‍රීසි වදනක අර්ථය සිංහල බසින් මෙන්ම දෙමළ බසින් ද අන්තර්ගත කොට සම්පාදනය කරන ලද ශබ්දකෝෂයකි. පාසල් විෂය නිර්දේශයට දෙමළ විෂය ඇතුළත්ව ඇති බැවින් මෙය ඔවුන්ට විශේෂයෙන් වැදගත් ය. ඊට අමතරව දෙමළ බස හදාරන ඕනෑම අයෙකුට මෙයින් මහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි ය.

පාලි -සිංහල අකාරාදිය

Highlights:

පාලි බස ඉගෙන ගන්නා සියලු දෙනාට ඉතා ප්‍රයෝජනවත් වන මේ ආකාරාදිය දැනට පාලි බසෙහි භාවිතයෙහි පවතින වචන බොහෝ ගණනක අරුත් සිංහලෙන් දක්වයි. පිරිවෙන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ඉතා ප්‍රයෝජනවත් ය.

පංච තන්ත්‍රය

Highlights:

මීට අවුරුදු දෙදහසකට පමණ පෙර ඉන්දියාවේ විසූ විෂ්ණු ෂර්මන් නමැති මහා පඬිවරයා විසින් මිනිසාට යහපත් චරිතයක් හා මනා පෞරුෂත්වයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන දේශන ආශ්‍රයෙන් මෙය සකස් වී ඇත.

BUY EBOOK VERSION

මාතා

Highlights:

විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.

BUY EBOOK VERSION

එකෝමත් එක දවසක

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.

BUY EBOOK VERSION

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3/4/5 පරිසර දැනුම් මිහිර – බහුවරණ ප්‍රශ්න 2000

Highlights:

3,4,5 ශ්‍රේණි සඳහා පරිසරය දැනුම් මිහිර ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් ප්‍රශ්න 2000ක් සහ ඒවාට පිළිතුරු අන්තර්ගත ය. එමෙන්ම ඊට අදාළ පරීක්ෂණ, ඇටවුම් හා රූපසටහන් සියල්ල ද වෙන වෙන ම දක්වා ඇත. ඒ තුළ පසුගිය වසර 15ක ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල බහුවරණ ප්‍රශ්න ද, පෙරහුරු ප්‍රශ්න පත්‍ර 6ක් ද ඇතුළත් ය. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අතුදැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩ පොත 1 ශ්‍රේණිය

Highlights:

1 ශ්‍රේණිය සිංහල වැඩපොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරගනිමින් සම්පාදනය වී ඇත. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත සිංහල වැඩ පොත 2 ශ්‍රේණිය

Highlights:

2 ශ්‍රේණිය සිංහල වැඩ පොත මව්බස විෂය සඳහා 2 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ගිරිහිස ඉඳුවර

Highlights:

නිමක් නැති කඳුළු මැද ගෙ⁣වෙන පරම්පරා කීපයක කතාන්දරයකට පස්සේ, ඒ සියලු දුක්ඛ දෝමනස්සයන් රිදී කාසි සැලෙන හඬින් සිනාසෙමින් අමතක කරලූ ඒ මල් කැකුළ… පෙති තළා පොඩිකළ කැකුළු මල විකසිතව, බඹරෙකුට ළං නොවී පෙම් කරන අපූරුව…
නේකවිධ වේදනා, දුක් සුසුම්, සතුට මැද ගෙවෙන ජීවිතවල අපූරු කතාන්දරයයි ‘ගිරි හිස ඉඳුවර’

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත – 5 ශ්‍රේණිය

Highlights:

5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩ පොත 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය සිංහල වැඩ පොත තුළ මව්බස විෂය සඳහා 4 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගත ය.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – සිංහල වැඩපොත – 5 ශ්‍රේණිය

Highlights:

5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රාථමික ශ්‍රේණි සඳහා හොඳ ම වැඩපොත් මාලාව පරිසරය වැඩ පොත 1 ශ්‍රේණිය

Highlights:

1 ශ්‍රේණිය පරිසරය වැඩපොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරගනිමින් සම්පාදනය වී ඇත. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

The Revered Book of Five Hundred & Fifty Jataka Stories Vol. 2

Highlights:

සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ කෘතියෙහි ඉංග්රීසි පරිවර්තනයෙහි දෙවැනි වෙළුම මෙය වේ. මෙහි 201 – 400 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්රීසි පරිවර්තනය ඇතුළත්ය. පරිවර්තනය පිළිබඳ මෙය අප රටේ ප්රමුඛ පෙළේ පරිවර්තකයන් පිරිසකගේ දායකත්වයෙන් පරිවර්තනය කරනු ලැබ තිබේ.

BUY EBOOK VERSION

කන්ද උඩ ගින්දර

4.8 ★
4.8 ★
6 Ratings
5 ★
5
4 ★
1
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.

ලෝක ඉතිහාසය

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

ලෝක ඉතිහාසය යනු ඉතා පුළුල් විෂය පථයකි. ප්‍රාග් ඉතිහාසය, මානව ශිෂ්ටාචාරය, එකී ශිෂ්ටාචාර කෙරෙහි බලපෑ සුවිශේෂී සියවස්, මානව සංහතිය තුළ පහළ වූ චරිත, ඉතිහාසය වෙනස් කරන්නට හේතු වූ විවිධ සිදුවීම් ආදී කරුණු රැසක් ලෝක ඉතිහාසය තුළින් පිළිබිඹු වේ. ලෝක ඉතිහාසය පිළිබඳ ලියැවුණු මේ කෘතිය යට කී කරුණු සියල්ල කැටිකොට ඉදිරිපත් කරයි. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුනට සහ පොදුවේ ලෝක ඉතිහාසය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ටත් ඉතා වැදගත් වන මෙය සෑම පාසලකම පුස්තකාලයකම තිබිය යුතුම කෘතියකි.

BUY EBOOK VERSION

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 3 ශ්‍රේණිය

Highlights:

3 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 3 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 16ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

ඉසොප්ටේරා

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

තත්පරයෙන් තත්පරය වෙනස් වෙමින් ගලා යන ජීවිතයේ නේක විධ සිදුවීම් හමුවේ දක්වන ප්‍රතිචාරයන් හා ගැළපීම් නොගැළපීම් අතර දෝලනය වන ආදරය; ධනය,බලය,කීර්තිය හා ජනප්‍රියත්වය හමුවේ ගලායන ජීවිතවල කතාන්දරයයි ‘ ඉසොප්ටේරා’

පූජාවලිය

Highlights:

බුදු රජාණන් වහන්සේගේ අරහං ගුණය, පූජාවලියට මාතෘකා වී ඇත. හුදෙක් මෙය බෞද්ධ ධර්ම ග්‍රන්ථයක් පමණක් නොවේ. ලක්දිව ශාසන ඉතිහාසය මෙන්ම ඓතිහාසිත, දේශපාලනික, ආර්ථික හා සමාජයීය තතු මේ කෘතියෙන් හෙළි කෙරේ.

සද්ධර්ම රත්නාවලිය

Highlights:

‘දහම් නමැති රුවන් ඇමිණූ වැල’ යන අරුත් ඇති ‘සද්ධර්ම රත්නාවලිය’, දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචිත කෘතියකි. එම යුගයේ බිහි වූ කෘතීන් අතර ප්‍රමා’ණයෙන් මෙන්ම සාහිත්‍යමය අගයෙන් ද වඩාත් වැදගත් වන එකම කෘතිය මෙය බව සඳහක් කිරීමෙහි වරදක් නැත. මෙහි ඇති භාෂා විලාශය උගත් නූගත් සියලු දෙනාටම තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත ය. බෞද්ධ, අබෞද්ධ කාගේත් අවධානයට යොමු වූ කෘතියකි.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 4 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 10ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමය අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

ධම්මපද විවරණය

Highlights:

බුදුන් වහන්සේ විසින් සත්ත්වයාගේ හිත සුව පිණිස දේශනා කරන ලද සියලු ධර්මය, ධම්මපදයේ කැටිකොට ඇත. එහ හැම වගන්තියකින්ම මිනිසාගේ මෙලොව පරලොව සුගතියට ඉවහල් වන කරුණු ඉගැන්වෙයි.

උඩරට මහ කැරැල්ල

Highlights:

උඩරට මහ කැරැල්ල පිළිබඳ තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස පිළිගැනෙයි. ප්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 5 ශ්‍රේණිය

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

5 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 5 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 16 ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

The Revered Book of Five Hundred & Fifty Jataka Stories Vol. 1

Highlights:

සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ කෘතියෙහි ඉංග්රීසි පරිවර්තනයෙහි පළමු වෙළුම මෙය වේ. මෙහි 1 – 200 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්රීසි පරිවර්තනය ඇතුළත්ය. පරිවර්තනය පිළිබඳ මෙය අප රටේ ප්රමුඛ පෙළේ පරිවර්තකයන් පිරිසකගේ දායකත්වයෙන් පරිවර්තනය කරනු ලැබ තිබේ.

BUY EBOOK VERSION

නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත – 100 වැනි සංස්කරණය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සිතියම්කරණය පිළිබඳ ලෝක පූජිත, වර්ෂ 1834 දී එක්සත් රාජධානියේ ආරම්භ කළ, ජෝර්ජ් ෆිලිප් සමාගම, බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමය සමග එක්ව ප්‍රකාශයට පත් කෙරෙන Philip Modern Atlas හි සිංහල සංස්කරණය, ‘නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත’ ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. මෙය ඉංග්‍රීසි බසින් පළ වූ Philip Modern Atlas හි 100 වැනි සංස්කරණයේ සිංහල අනුවාදය වන අතර අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සමග යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා සිතියම් රැසක් ද මෙහි අන්තර්ගත වේ. පිටු 184කින් සමන්විත මෙය දේශපාලන, භෞතික, දේශගුණ, තේමා සිතියම්, ජනගහනය, භූමි පරිභෝජනය, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, ධනය වැනි විවිධ මාතෘකා යටතේ වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. විශේෂයෙන් තේමා සිතියම්වල දී යමහල් ක්‍රියාකාරීත්වයේ සිට ජනගහන ප්‍රවණතා දක්වා සාකච්ඡා කෙරේ. නවීන චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ ලෝකය, පරිසරය සහ වෙනස්වන නාගරීකරණය ඔස්සේ සිදු කෙරෙන විශ්ලේෂණ පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන් දක්වා අතිශයින් ප්‍රයෝජනවත් ය. පරිශීලනය කරන්නාට පහසු වනු පිණිස සිතියම් පොතේ ප්‍රධාන මාතෘකා බෙදා දැක්වීම සඳහා වෙන් වශයෙන් වර්ණ තේමාවන් භාවිත කොට තිබේ. එමෙන්ම සිතියම් අධ්‍යයනයේ දී අතිශයින් වැදගත් වන පරිමාණය, අක්ෂාංශ සහ දේශාංශ, සිතියම් ප්‍රක්ෂේපණ සහ භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographical Information Systems – GIS) පිළිබඳව ද ප්‍රාමාණාත්මක හැඳින්වීමක් මෙහි අන්තර්ගත ය.

මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – පොකට්

Highlights:

මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය මේ වසරේ දී 69 වැනි වසර සපුරයි. දෙවැනි බසක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්නා සිංහල ජනතාවට එම ශබ්දකෝෂය දශක හතකට ආසන්න කාලයක් තිස්සේ කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැකි තරම් ය. පාඨකයන්ගේ අවශ්‍යතා සපුරාලනු වස් වැඩි ම වාර ගණනක් යාවත්කාලීන වූ එකම ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය ලෙස වාර්තාවක් තබා ඇති එහි තවත් දිගුවක් ලෙස යෞවන පාඨකයන් ඉලක්ක කර ගෙන මෙම මලලසේකර Pocket Dictionary ඉංග්‍රීසි සිංහල නම් ශබ්දකෝෂය සම්පාදනය වී මෙසේ ඔබ අතට පත් වෙයි. තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් වර්තමානයේ භාවිත වදන හැකිතාක් ඇතුළත් කරමින් එදිනෙදා පහසුවෙන් පරිහරණය ළ හැකි ප්‍රමාණයේ ප්‍රායෝගික ශබ්දකෝෂයක් ලෙස මෙය නිර්මාණය වී තිබේ.

මලලසේකර ශබ්දකෝෂය (ඩීවීඩී සමග)

Highlights:

මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය සහ එය පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද මෘදුකාංගය ඇතුළත් ඩීවීඩී යුගලය සහිත ය.

The Last Kingdom of Sinhalay

4.5 ★
4.5 ★
2 Ratings
5 ★
1
4 ★
1
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

A historical novel written by Captain Elmo Jayawardena based on the Kandy era, the last kingdom of our country.

සිංහලේ අවසන් රජදහන

Highlights:

කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ The Last Kingdom of Sinhalay කෘතියේ සිංහල පරිවර්තනය ‘සිංහලේ අවසන් රජදහන’ නමින් ප්‍රේමසිරි මාහිංගොඩ විසින් මෙසේ පිළිගන්වයි. අප රට අවසන් රාජධානිය වූ මහනුවර යුගය ඇසුරින් මෙය ලියැවී තිබේ.

The Revered Book of Five Hundred & Fifty Jataka Stories Vol. 3

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සිංහල බසින් රචිත ‘සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ‘ කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයෙහි තෙවැනි වෙළුම මෙය වේ. මෙහි 401 – 520 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත්ය. රංජිනී ඔබේසේකර, හේමමාලි ගුණසිංහ සහ භද්‍රා රොද්‍රිගු යන සංස්කාරකවරුන්ගේ මූලිකත්වයෙන් යුක්ත පරිවර්තක මඬුල්ලක් විසින් මේ කෘතිය සම්පාදනය කරනු ලැබ තිබේ.
This is the third volume of the English translation of the Sinhala language book ‘Sithuwam sahitha Pansiya Panas Jataka Poth Vahanse’. It contains complete English translation of Jataka stories from 401 – 520. This work has been compiled by a team of translators headed by editors Ranjini Obeysekera, Hemamali Gunasinghe and Badra Rodrigu.

The Revered Book of Five Hundred & Fifty Jataka Stories Vol. 4

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සිංහල බසින් රචිත ‘සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේ‘ කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයෙහි සිව්වැනි වෙළුම මෙය වේ. මෙහි 521 – 547 දක්වා වූ ජාතක කතාවල සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත්ය. රංජිනී ඔබේසේකර, හේමමාලි ගුණසිංහ සහ භද්‍රා රොද්‍රිගු යන සංස්කාරකවරුන්ගේ මූලිකත්වයෙන් යුක්ත පරිවර්තක මඬුල්ලක් විසින් මේ කෘතිය සම්පාදනය කරනු ලැබ තිබේ.
This is the fourth volume of the English translation of the Sinhala language book ‘Sithuwam sahitha Pansiya Panas Jataka Poth Vahanse’. It contains complete English translation of Jataka stories from 521 – 547. This work has been compiled by a team of translators headed by editors Ranjini Obeysekera, Hemamali Gunasinghe and Badra Rodrigu.

STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone

Highlights:

“STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone” is a follow-up to the author’s previous “Globe in a Nutshell” book, which presented a collection of facts on geopolitics, history, culture, international relations, and so on. This book is an in-depth examination of the New World Order in the context of current geopolitical developments, particularly the conflict between Ukraine and Russia. It is a compilation of a systematic and comprehensive overview of world affairs, which is a rare find in today’s educational publishing circle. The content is well-organized, factual, and consistent. This literary work is suitable for both students of world affairs and academics.

මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

5 ★
5 ★
4 Ratings
5 ★
4
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයේ නව සංස්කරණය 2014 ජනවාරි මාසයේ දී නව මුහුණුවරකින් ප්‍රකාශයට පත් විය. අප රට නිදහස ලබා ගත් 1948 වසරේ දී මුලින් ම ප්‍රකාශයට පත් කෙරුණු මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය 2021 වසර වන විට වසර 73 ක් සම්පූර්ණ කරයි. මේ වන විට මෙහි අඩංගු මූලික වචන (Head Words) සංඛ්‍යාව 53,000 කට අධික ය. අප රටේ සුප්‍රකට මහාචාර්යවරුන් දස දෙනෙකු මේ ශබ්දකෝෂය පිළිබඳ පල කොට ඇති අදහස් මෙහි පසු පිට කවරයෙහි දක්වා ඇත. එයින් ඉස්මතු වන්නේ අප රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර මලලසේකර ශබ්දකෝෂය පිළිබඳ පවතින උසස් ආකල්පයයි.

මහ පිරිත් පොත – විශාල ප්‍රමාණය

Highlights:

පිරුවානා පොත් වහන්සේ නමින් ප්‍රකට පිරිත් පොත පෙර පැවැති ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයෙන් පිටු සැලසුම් කොට මුද්‍රණය කෙරී ඇත. මේ නිසා පිරිත් සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට ඉතා පහසුවෙන් මෙය පරිශීලනය කළ හැකි වේ. පිරිත් පේ කිරීම, සතර කමටහන්, සෙත් පිරිත්, දොරකඩ අස්න, අනුශාසනාදිය සහිත උපග්‍රන්ථයෙන් මෙය යුක්ත වේ.

ශ්‍රී ලාංකීය ඉතිහාසය

Highlights:

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඊළාම් යුද්ධය අවසන් වන තෙක් වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආගමික, සමාජයීය, ආර්ථික, දේශපාලන ආදී කරුණු ඇතුළත් කොට සම්පාදනය කරන ලද, වෙළුම් 5 කින් සමන්විත කෘතියකි. එකී විෂයයන් සම්බන්ධව ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරු 49 දෙනෙකු මෙයට දායකත්වය සපයා තිබේ.

මහා සිංහල ශබ්දකෝෂය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

Highlights:

බුදුරදුන්ගේ අනන්ත ගුණ කන්දරාවත් හෙළ සාහිත්‍යයේ අපරිමිත රස කන්දරාවත් එකසේ දරාගත් සම්භාවනීය ග්‍රන්ථ රත්නය මෙසේ සැදැහැත් දෝතට පිදෙයි. සිතුවම් සහිතව තනි කාණ්ඩයක් ලෙස අගනා මංජුසාවක් සමගින් ප්‍රකාශයට පත්ව ඇති මෙය අති විශිෂ්ට නිමාවෙන් යුතු ය.

The Reverd Book of Five Hundred & Fifty Jataka Stories Volume I – IV

Highlights:

සිතුවම් සහිත පන්සියපණස් ජාතක පොත් වහන්සේගේ සම්පූර්ණ ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළත් වෙළුම් 4 කින් යුක්ත පොත් කට්ටලය මෙහි අන්තර්ගතය. සම්මානිත මහාචාර්ය රංජිනී ඔබේසේකරයන් ප්‍රමුඛ, පරිවර්තන කාර්ය පිළිබඳ කෘතහස්ත දැනුමකින් යුක්ත ලේඛක මඬුල්ලක් විසින් පරිවර්තනය කරන ලද මේ කෘති බෞද්ධ සාහිත්‍යය ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මහඟු අත්වැලක් සපයයි.

This includes the 4-volume book set containing the complete English translation of the great Buddhist book of Sithuwam Sahitha Pansiya Panas Jataka Poth Vahanse written in Sinhala. This literary work done by a panel of scholars led by Emeritus Professor Ranjini Obeysekara, provide a great help in taking Buddhist literature to the international level.

1 2 14 15 16
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping