MDG

MDG

(Showing 121 – 180 products of 951 products)

Show:

Gunasena Q & A G.C.E (O/L) Past Papers – Mathematics

Highlights:

Gunasena Q & A G.C.E (O/L) Past Papers – Mathematics  2016 – 2017 G.C.E (O/L) Past Papers

සංගීතය – ගුණසේන Q & A 2016 – 2017 සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

Highlights:

Gunasena Q & A G.C.E (O/L) Past Papers –  සංගීතය 2016 – 2017  සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

Kewum Tikath Nayata Hilavu

Highlights:

කැවුම් කන්නට ආසා සිතුණු ගමරාළ කෙනෙක් ලෝබකම නිසා කරගත් අකරතැබ්බයක් ගැන කියැවෙන අපූරු කතාවකි.

BUY EBOOK VERSION

නූතන අවශ්‍යතා සඳහා ඉංග්‍රීසි ලියුම්

Highlights:

ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැසිරවිය නොහැකි අයගේ ප්‍රයෝජනය සඳහා සකස් වී ඇති මේ කෘතිය එදිනෙදි ජීවිතයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ යුතු ලිපි ලේඛන, රැකියා අයදුම්පත් ආදිය උදාහරණ මගින් සරලව උගන්වයි.

සිංහල දෙමළ කතා පුහුණුව 1

Highlights:

දෙමළ භාෂාව කතා කිරීමට උනන්දුවක් දක්වන්නන්ට මේ කෘතිය අත්වැලක් වනු ඇත. නිතර භාවිතයට ගැනෙන වචන උපයෝගී කර ගනිමින් සැකසූ මේ කෘතියෙන් දෙමළ භාෂාව කතා කිරීමට හුරු කරවයි.

උචිට නංගි බබෙක්

Highlights:

මුළින්ම අසරණ නරි පැටවෙක්ව සිටි උචිට පසුව අම්මා හමුවෙයි. මේ ළමා කතන්දර පොතින් කියැවෙන්නේ උචිට නංගි බබෙක් ලැබුණු කතාවයි.

BUY EBOOK VERSION

අද හරිම සුන්දර දවසක්

Highlights:

කලකට පෙර ප්‍රකාශයට පත් කොට තිබූ මේ කෘතිය නව පෙනුමකින් යුක්තව නිර්මාණය වී යළිත් වෙළඳපළට නිකුත්ව තිබේ. මෙහි ඇත්තේ යොවුන් පාඨක පිරිස් වෙනුවෙන් නිර්මාණය කරන ලද කෙටි කතා එකතුවකි.

විවාහයට කේන්ද්‍රය බලපාන හැටි

Highlights:

කොතරම් රූමත් වුව ද, ධනය තිබුණ ද, උසස් රැකියාවක් කළ ද නිසි වයසට පැමිණි තරුණ තරුණියන් විවාහ වීමට සුදුසු අයකු නොමැතිව ලතැවෙයි. එවන් අයගේ කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම අනුව විවාහය පමා වන බව ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෝ පෙන්වා දෙති. සමහරවිට ග්‍රහ පිහිටීම ගැලපෙන කේන්ද්‍රය ලැබුණු විට විවාහය ඉක්මන් වේ.ත එසේ වුවද ජ්‍යෝතිෂයට අනුව විවාහය කෙරෙහි පොරොන්දම් ගැලපීම ඉතාමත් අවශ්‍ය වේ. ඉතාමත් සරල බසින් ලියැවුණු මේ කෘතිය තේරුම් ගැනීමට නක්ෂත්‍රය පිළිබඳ දැනුමක් අවශ්‍ය නොවේ.

කමත් භාෂාව

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

කමතේ වැඩ කටයුතු කරන ගොවීන් කතා කරන්නේ අමුතු බසකිනි. ගොවිතැනට ගෞරවය දැක්වෙන එකී බස් වහර කමත් භාෂාව නම් වේ. තාක්ෂණයක් සමග වී ගොවිතැනට යන්ත්‍ර සූත්‍ර ගණනාවක් එකතු වී තිබෙන අතර ඒ නිසාම කමත් භාෂාව ද මේ වන විටත් බොහෝ දුරට ජන සමාජයෙන් ඈත් වී හමාරය. මේ කෘතිය අපෙන් ඈත්ව යන ඒ අපූරු භාෂාව පිළිබඳව ය.

පේමතෝ ජායති සෝකෝ – වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමව ද ලබාදෙයි.

BUY EBOOK VERSION

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා සිංහල ව්‍යාකරණ

Highlights:

මෙය සම්පාදනය වී ඇත්තේ අ.පො.ස. සා.පෙළ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ය. මෙහි ඇතැම් පාඩම් පහළ ශ්‍රේණිවල සිසුන්ට ද ප්‍රයෝජන ගත හැකි සේ සකස්කොට ඇත. ව්‍යාකරණ සම්බන්ධව පාසල් සිසුනට අවශ්‍ය දැනුම ඉතාම සංක්ෂිප්තව ඇතුළත් කොට තිබීම මෙහි ඇති විශේෂත්වය වේ.

ප්‍රායෝගික ලේඛන

Highlights:

විවිධ දැන්වීම් සැකසීම, රාජකාරි ලියුම්, ආරාධනා පත්‍ර වැනි දේ පිළියෙල කිරිම පාසල් වියෙහි සිටම හුරුවිය යුත්තකි. මේවා සකස් කළ යුතු යම්කිසි ක්‍රමවත් පිළිවෙළක් පවතී. ඒ පිළිබඳව මෙම කෘතියෙන් ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් කෙරේ.

වියන් ඇඳ

Highlights:

ප්‍රවීණ ලේඛිකා දයා ද අල්විස් විසින් කලකට පෙර නිර්මාණය කරන ලද මෙම කෙටිකතා එකතුව නව මුද්‍රණයක් ලෙස යළිත් මෙසේ ප්‍රකාශයට පත් ව තිබේ. එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන ජීවන හැලහැප්පීම් කෙටිකතා ඇසුරින් සංවාදයට ලක් කෙරෙන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකි ය.

හෙට මවක් වන අද දියණියට

Highlights:

ආයුර්වේදයට අනුව දැරියක් මල්වරයට පත් වූ දින සිට ගර්භණී තත්වයට පත්වන තෙක් වූ දීර්ඝ ක්‍රියාවලිය මෙම කෘතියෙහි අන්තර්ගතය. ආයුර්වේද ස්ත්‍රී රෝග ප්‍රසූතිතන්ත්‍ර විෂ‍ය අධ්‍යයනය කරන්නන්ට මෙන්ම ආයුර්වේදයට ඇල්මක් ඇති ඔබට කාන්තා රෝගවලට අදාළ උපදෙස් මෙමඟින් ලබා දෙයි.

BUY EBOOK VERSION

මද්දුම බණ්ඩාර

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

වීර මද්දුම බණ්ඩාර කතා පුවත ලාංකීය ඉතිහාසය තුළ ස්වර්ණමය අක්ෂරයෙන් සටහන් වූවති. රජ අණින් මරණට නියම වූ විට කඳුළු සළන, බියවෙන බොහෝ දෙනෙත් අභියස මේ කුඩා දරුවා බිඳවකුදු නොසැලෙයි. මේ ඒ වීරයාගේ කතාවයි.

බුද්ධ ගද්‍ය සහ සකස්කඩය

Highlights:

පුරාතන කිසියම් ඇදුරකු විසින් රචිත බුද්ධ ගද්‍යය මහඟු බුද්ධස්තොත්‍රයකි. මෙය පද්‍යයක් බැවින් මෙයට විය යුතු නම ‘බුද්ධ පද්‍යය’ යනුයි. එහෙත් කලෙක සිටම ‘බුද්ධ ගද්‍යය’ යැයි ව්‍යාවහාර වී තිබේ. මෙය අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමන්ගේ කෘතියක් වශයෙන් සමහරු සලකති.

BUY EBOOK VERSION

සෙත් පිරිත්

Highlights:

සෙත් ශාන්තිය පතා භාවිත වන සෙත් පිරිත් සියල්ලම ඇතුළත, පහසුවෙන් භාවිත කළ හැකි සේ කුඩා ප්‍රමාණයෙන් සම්පාදනය වූ කෘතියකි.

අපල සඳහා බෝධි පූජා

Highlights:

බෝධි පූජා පැවැත්වීමෙන් ග්‍රහ අපලවලින් සිදු වන සියලු උපද්‍රව දුරු කර ගන්නා ආකාරය මේ පොතෙන් විස්තර කෙරේ.

නලපාන

Highlights:

බෝසත් චරිතය ගැන රසවත් කතා ලියැවුණු, ජාතක කතා පොතේ එන අපූරු කතාවක් ලෙස ‘නලපාන ජාතකය’ හඳුන්වා දිය හැකි ය. ප්‍රඥාවන්ත වඳුරු නායකයෙක්, භයානක රකුසෙකුගෙන් තමන්ගේ රැළ බේරා ගෙන ජලය පානය කරන ආකාරය කියා දෙන මේ කතාව කුඩා දරුවන්ට මහත් ආදර්ශයක් ගෙන දෙයි.

BUY EBOOK VERSION

Kandulu Ganga

Highlights:

කුඩා දරුවකු හඬද්දී වැගිරුණු කඳුළුවලින් ගඟක් සෑදුණු බව කියැවෙන අපූරු ළමා කතාවකි.

BUY EBOOK VERSION

Numbers 1 to 25 Wipe & Clean Practice Book

Highlights:

Published in the English language as ‘Numbers 1 to 25’
of the ‘Wipe & Clean Practice Book Series’, this book has been compiled to teach young children numbers 1 to 25. Children are taught to count in a number of ways, such as introducing numbers, practicing how to write numbers, and giving them the opportunity to count pictures according to numbers. This book is printed on glossy, thick paper with a ‘whiteboard marker’ pen so you can practice deleting and rewriting them.

මහනුවර සොයා ගත් පුංචා

Highlights:

ඓතිහාසික මහනුවර රාජධානිය සොයා ගන්නට හේතු වූ කතා පුවත දරුවන්ට ගැළපෙන ළමා කතාවක් ලෙස මෙයින් ඉදිරිපත් කරයි.

දෙව්ලොව ගිය චුට්ටා

Highlights:

දෙමාපිය වැඩිහිටියන්ට කීකරුව, යහපත් ජීවිත ගත කරන දරුවන්ට දෙවියන් පවා පිහිට වන බව පෙන්වා දෙන ආදර්ශවත් කතාවකි..

තුත්තිරි

Highlights:

‘තුත්තරි‘ යනු දයා ද අල්විස් ලේඛිකාව විසින් නිර්මාණය කරන ලද කෙටිකතා එකතුවකි. මෙය මුලින්ම ප්‍රකාශයට පත් ව ඇත්තේ 1963 වසරේ දී ය. ප්‍රකාශයට පත් කරන ලද්දේ ද ඇම්.ඩී. ගුණසේන සමාගම මගින්ම ය. ලේඛිකාවගේ ජීවන අත්දැකීම් ද කැටි කරගනිමින් කරන ලද නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකිය.  

BUY EBOOK VERSION

අදිසි මිනිසා

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Invisible Man නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

BUY EBOOK VERSION

ඔබේ දරුවා ශිෂ්‍යත්වයට ලෑස්තිද

Highlights:

මනෝ උපදේශිකාවක් මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන දිනිති පද්මසිරි විසින් සම්පාදනය කරන ලද මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරන්නේ පහ වසර ශිෂ්‍යත්වය නිසා දරුවන් මෙන්ම දෙමාපියන් ද මුහුණ දී ඇති මානසික ගැටලු, ව්‍යාකූලතාවන් ආදිය සමනය කර ගන්නා ආකාරය පිළිබඳවය. දරුවන් එවැනි මානසික පීඩාවලින් තොරව ශිෂ්‍යත්ව විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්නේ කෙසේද යන්නත් මෙහි අන්තර්ගතය. ශිෂ්‍යත්වයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවන්ගේ දෙමාපියන්ට, ප්‍රාථමික ශ්‍රේණි සඳහා ඉගැන්වීමේ යෙදෙන ගුර භවතුන්ට විශේෂයෙන් වැදගත් වන කෘතියකි.

BUY EBOOK VERSION

සුදු කිටියාගේ ප්‍රවෘත්ති

Highlights:

මේ කෘතිය ලාංකීය ළමා සාහිත්‍ය කෘති අතරට එක්වන අමුතු ආකෘතියක ළමා කතාවකි. මේ සුදු කිටියාගේ ප්‍රවෘත්ති ප්‍රකාශයයි. එහිදී විවිධ සිදුවීම් ඉදිරිපත් වන්නේ හාස්‍ය මුසු ප්‍රවෘත්ති වාර්තා ලෙසයි. ඒ තුළින් ඉතා වැදගත් පාඩමක් ළමා මනසට ඇතුළු කරයි.

BUY EBOOK VERSION

ලොව ප්‍රකට විහිළු

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සිනහව මිනිසාට අත්‍යවශ්‍ය ය. මේ කුඩා කෘතිය සැකසී ඇත්තේ සිනහවීම සඳහා ය. මෙහි ඇති කතා සිනහවීම සඳහා අවශ්‍ය උත්තේජනය ලබා දේ.

Great Stories in Easy English – Kidnapped

Highlights:

Written by Scottish writer Robert Louis Stevenson, it can be described as a novel built around several real events that took place in Scotland in the 18th century. Most of the people shown here were real people at the time. This book helps to better understand the social and political environment of this period. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

Great Stories in Easy English – Tales From The Arabian Nights

Highlights:

This is a compilation of several stories of Arabic Nights, a well-known work in world literature. This book, which is available to you as a concise edition, is important for English literature lovers as well as English literature students. It should be noted that at the end of each book there are questions posed by this story and exercises that are useful for further language development.

උසස් විභාග සඳහා බුද්ධි පරීක්ෂණය

Highlights:

රැකියාවක් සඳහා මෙන්ම විවිධ පාඨමාලාවන් හැදෑරීමේදී පූර්ව තරඟ විභාගයකට මුහුණ දීමත් එයින් ඉහළම දස්කම් දැක්වීමක් අත්‍යවශ්‍යය. ඒ සඳහා බුද්ධි පරීක්ෂණ භාෂා හැකියා පරීක්ෂණ ආදි විවිධ විෂයන් ඔස්සේ දැනුම හා කුසලතාවන් මැන බලයි. මෙම කෘතිය උසස් ජයග්‍රහණ ලබා ගනු සඳහා විධිමත් ව සම්පාදනය වූවකි.

අමල් බිසෝ

Highlights:

කපුටු අම්මකු සහ කපුටු තාත්තකු සමග ජීවත්වන දැරියක් ගැන කියැවෙන අපූරු, සුප්‍රකට ළමා කතාවකි.

BUY EBOOK VERSION

කැකිල්ගේ රජ්ජුරුවෝ

Highlights:

කැකිල්ලේ රජු යනු අතීතයේ අප රට රජකම් කළ රජකු නොවේ. මෙය කල්පිත චරිතයකි. මොහුගේ කතා සියල්ලකින්ම පෙන්වන්නේ යම්කිසි සිදුවීමක් සම්බන්ධව අඥාන නඩු තීන්දු ලබාදීමය. මේ ළමා කෘතියෙන් ඉදිරිපත් කෙරෙන්නේ ද එවැනි අඥාන නඩු තීන්දු පිළිබඳ කතා කිහිපයකි.

BUY EBOOK VERSION

ටිකිරි කතන්දර

Highlights:

සුන්දරත්වයෙන් පිරි ලෝකයට කුඩා දරුවන් බෙහෙවින්ම කැමැත්තක් දක්වයි. ටිකිරි කතන්දර කෘතිය දරුවන්ගේ ඒ සමීප බව තව තවත් වර්ධනය කරයි. කුඩා දරුවන්ගේ සිතුම් පැතුම් මනාව හඳුනා ගනිමින් නිර්මාණය කරන ලද මෙය ඔවුන්ගේ ගුණධර්ම, ආකල්ප යහපත් ලෙසින් වර්ධනය කරන්නට බෙහෙවින් උපකාර වෙයි.

පරණ තොප්පිය

Highlights:

ළමා කතා බොහෝ ගණනක් ලියා ඇති පියල් උදය සමරවීර මහතා විසින් රචිත මෙය 2011 වසරේ දී හොඳම ළමා කෘතියට හිමි රාජ්‍ය සම්මානය ද දිනා ගන්නට සමත් විය. පරණ තොප්පියක් සහ මී යයළුවන් දෙදෙනෙකු වටා කතාව ගෙතී තිබේ. කතාව අවසානයේ දරුවන්ට කළ හැකි සරල ක්‍රියාකාරකමක් ද අන්තර්ගත ය.

BUY EBOOK VERSION

පාට කළොත් ලස්සනයි

Highlights:

දරුවන් උදෙසා සිය පින්සල සහ පන්හිඳ මෙහෙයවන පියල් උදය සමරවීර මහතා විසින් සම්පාදනය කරන ලද්දකි. දරුවන්ට නිවැරදිව චිත්‍රයක් පාට කරන්නේ කෙසේද යන්න මේ පොතෙන් මග පෙන්වීමක් සිදු කරයි.

උදාර

Highlights:

‘උදාර‘ යොවුන් නවකතාවකි. ආදර්ශමත් පියකු වැරදි ඇසුරට පත් සිය පුතුට ඒ බව අවබෝධ කොට දී යහමගට ගන්නා ආකාරය ගැන කියවෙන කතාවක් මෙහි අන්තර්ගතය. යොවුන් වියේ පසු වන දරුවන්ට ලබා දිය යුතු වටිනා කෘතියකි. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයෙකි.  

BUY EBOOK VERSION

හකල්බර් ෆින්ගේ වික්‍රම

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Adventures of Huckleberry Finn නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

BUY EBOOK VERSION

GUNASENA CLASSICS – රෝමියෝ ජුලියට් සහ තවත් කතා

Highlights:

මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ විලියම් ශේක්ෂ්පියර් විසින් රචිත නිර්මාණ කිහිපයක සංක්ෂිප්ත සිංහල පරිවර්තනකි. විලියම් ෂේක්ස්පියර් ඉංග්‍රීසි නාට්‍ය රචකයෙකු, කවියෙකු සහ නළුවෙකු වූ අතර ඉංග්‍රීසි භාෂාවේ ශ්‍රේෂ්ඨතම ලේඛකයා මෙන්ම ලොව ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවා ලෙස ද සැලකේ. රෝමියෝ ජුලියට් ඇතුළුව ඔහු විසින් කරන ලද නිර්මාණ කිහිපයක් මෙහි අන්තර්ගත වේ.

Anna Karenina

Highlights:

This is a family story about a charming woman called Anna who had a fine and beautiful nature. This story is set and revolves around the early days of Russian aristocracy.

BUY EBOOK VERSION

අපේ ජන ක්‍රීඩා

Highlights:

සමාජ, සංස්කෘතික හා තාක්ෂණික දියුණු වීම් ඉදිරියේ සිංහල ජන සමාජයෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින ඔලිඳ කෙළිය, පොර පොල් කෙළිය, චක්කුඩු හා ගුඩු කෙළිය සහ අං කෙළිය යන ජන ක්‍රීඩා පිළිබඳ මතකය නැවත අවදි කරවන්නට සමත් කෘතියකි. පාසල් යන දරුවන්ගේ සිට අප සංස්කෘතියට ආදරය කරන සියල්ලන් විසින් කියවිය යුත්තකි.

BUY EBOOK VERSION

12-13 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා

Highlights:

‘9, 10, 11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා’ නමැති කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ ඉදිරි විභාගවලට පෙනී සිටින සිසුන්ට සහාය වන ග්‍රන්ථයකි. ව්‍යුහගත ඡේදයන්ට අනුව තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි.

BUY EBOOK VERSION

සිංහල පද වර්ග

Highlights:

තනි පද, ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද, යුගල පද සහ ඒක වචන බහු වචන පද මේ කෘතියේ අන්තර්ගතය. පාසල් සිසුන්ගේ සිංහල භාෂාමය අවබෝධය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.

BUY EBOOK VERSION

කේන්දර බලන හැටි 8 – වෘශ්චික ලග්නය

Highlights:

කේන්දර බලන හැටි  8 – වෘශ්චික ලග්නය

යෝධ උදව්ව

Highlights:

සිත් ගන්නා සුළු සිතුවමින් හැඩවුණු මෙය ළමා කෘතියකි. ගම්මානයක් අසල කැලෑවක වෙසෙන යෝධයකු බල්ලකුගේ වෙස් ගෙන ගැමියන් අතරට යන ආකාරය මේ කතාවෙන් කියවේ. යෝධයා තමාට උදව් කරන ගැමි පවුලකට පෙරළා උදව් කොට ඔවුන්ගේ ජීවිත සතුටින් පුරවන ආකාරය මේ කතාවේ අන්තර්ගත වේ. යමෙක් උදව්වක් කළ හොත් එයට කළ ගුණ සැලකීමේ ආදර්ශය මේ කතාවෙන් දරුවන්ට ලැබේ.

කන්ඩුල

Highlights:

සිංහලය එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමාගේ ‘කණ්ඩුල‘ නම් හස්තියා පිළිබඳ ප්‍රචලිත නොවූ රසවත් තොරතුරු සමුදායක් ඇතුළත් කොට රචිත කෘතියකි. කණ්ඩුල හස්තියා පිළිබඳ තොරතුරුවලට අමතරව, එම හස්තියා අයත් වූ ඡද්දන්ත නම් උසස් ඇත් කුළය පිළිබඳ තොරතුරු ද මෙම කෘතියේ ඇතුළත් වේ. පාසල් දරුවන්ට පමණක් නොව ඉතිහාසය ගැන නොදන්නා තොරතුරු සෙවීමට කැමැති වැඩිහිටියන්ට ද මෙය ප්‍රයෝජනවත් ය.

BUY EBOOK VERSION

අපූරු ගමන

Highlights:

අපූරු ගමන නම් මේ කතන්දරය ජාතීන් දෙකකට අයත් ළමුන් දෙදෙනෙකුට සිදු වූ ත්‍රාසය, කුතුහලය පිරි අපූරුතම සිද්ධි මාලාවකින් පිරී ගිය එකකි. එකමුතුකම, කල්‍යාණ මිත්‍රත්වය, උත්සාහය, ස්ථානෝචිත ප්‍රඥාව ආදිය මේ තුළින් විද්‍යමාන වේ.

Gunasena Q & A G.C.E (O/L) Past Papers – චිත්‍ර

Highlights:

Gunasena Q & A G.C.E (O/L) Past Papers – චිත්‍ර 2016 – 2017 සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

සිදත් සඟරාව

Highlights:

භාෂාවක් නිවැරදිව හැසිරවීම සඳහා ව්‍යාකරණ අවශ්‍යය. පැරණි භාෂාවක් වූ සිංහලයට ඇති පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සඟරාවයි. මෙය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ග්‍රන්ථයකි. සිංහල වියරණ උගැන්මෙහි ලා සිදත් සඟරාව අත්‍යවශ්‍යම වූ කෘතියක් බව නොරහසකි.

විදෙස් කතුවරු

Highlights:

ලෝක සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ විදෙස් කතුවරුන් දහඅටදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.   

BUY EBOOK VERSION

රට රටවල රස කතා

Highlights:

ලෝකයේ විවිධ රටවලින් ඇසෙන රසවත් ළමා කතා එකතුවකි. සුප්‍රකට පුවත්පත් කතුවරියක වූ ශ්‍රියා රත්නකාර විසින් සම්පාදනය කොට තිබේ.

BUY EBOOK VERSION

උචි

Highlights:

උචි නම් නරි පැටවකු වටා ගෙතුණු මෙය ජපන් ජන කතාවක් ඇසුරින් සම්පාදනය වූවකි. සතුන්ට ආදරය කිරීමට කුඩා දරුවන්ගේ සිත් තුළ අපූරු හැඟීමක් ඇති කරන්නට හැකි අයුරින් සරල බසින් මෙය සම්පාදනය කරනු ලැබුවේ මහාචාර්ය කුසුමා කරුණාරත්න විසිනි.

BUY EBOOK VERSION

Amuthu Saddayak

Highlights:

ප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනයක වූ සිබිල් වෙත්තසිංහයන් අතින් කරන ලද නිර්මාණයකි. දරුවන්ගේ සිත්ඇදගන්නා සුළු, ළමා මනෝ විද්‍යාත්මක කාරණාවලට අනුගතව නිර්මාණය කරන ලද සිතුවම්වලින් පරිපූර්ණය.

BUY EBOOK VERSION

Nari Naiyde Rewatuna

Highlights:

ප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනයක වූ සිබිල් වෙත්තසිංහයන් අතින් කරන ලද නිර්මාණයකි. දරුවන්ගේ සිත්ඇදගන්නා සුළු, ළමා මනෝ විද්‍යාත්මක කාරණාවලට අනුගතව නිර්මාණය කරන ලද සිතුවම්වලින් පරිපූර්ණය.

BUY EBOOK VERSION

Wattakka Theeru Theeru

Highlights:

අතීතයේ ගැමියන් තමන්ට යමක් අහිමි වුව ද ඒ පිළිබඳ සිතමින් දුක් නොවන බව කියැවෙන මෙය දරුවන්ට ආදර්ශවත් කතාවකි.

BUY EBOOK VERSION

Nil Yaka

Highlights:

කැලෑවේ සිටි නරියකු මතට නිල් පාට දියරයක් වැටීමෙන් පසු අමුතු සතෙක් මෙන් හැසිරී කැලෑවේ සතුන් බිය වද්දන්නට පෙලඹුණ ආකාරය ගැන කියැවෙන ගැමි ළමා කතාවකි.

BUY EBOOK VERSION

Copy Colouring – Animals

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ සතුන් පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ සතුන්, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

Copy Colouring – Birds

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ කුරුල්ලන් පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ කුරුල්ලන්, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ..

Copy Colouring – Vegetables

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ එළවළු පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ එළවළු, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

Copy Colouring – Fruits

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ පලතුරු පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ පලතුරු, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

1 2 3 4 5 15 16
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping