Novels

Novels

(Showing 301 – 360 products of 1099 products)

Show:

සුළඟේ දැවටී

Highlights:

“මේ ළමයට මොකුත් කරදරයක් වුනා නම් අපි
කාට කියන්නද ? ගෑනු ළමයෙක්ට යන්න සුදුසු
තැනකටද ගිහින් තියෙන්නේ? අපි විශ්වාස කරලා
නිදහස දුන්නම මේ ළමයි අයුතු ප්‍රයෝජන ගන්න
හදන්නේ”

“ඒකම තමයි අම්මේ මම කියන්නේ. තමන්ගේ
තරම දැනගෙන වැඩ කරන්න ඉගෙන ගන්න
දෙයක්ද ? ගෑණු ළමයෙක් හැමවෙලේම හිතන්න
ඕනෙ තමන්ගෙ ආරක්ෂාව ගැන.”

මනෝහාරි

Highlights:

ගැහැණු හිතක පතුලකට එබෙන්නට,
ඒ හිත් පතුල හෙමි හෙමින් පිරිමදිමින්
සනසවන්න හැම පිරිමියෙක්ටම බැහැ.
ගැහැණු රුව ළඟ ඇහැරෙන්න
පිරිමින්ට ලේසියි. ඒත් ගැහැනු හිත් ළඟ
ඇහැරෙන්න හැම පිරිමියෙක්ටම බැහැ.
ගැහැනු හිත් ළඟ ඇහැරෙන පිරිමි හරි
සුන්දරයි. ඒ ඇහැරීම කලාවක්.
පිරිමි හිත් අස්සේ සැඟවගත්තු සුන්දර
කලාවක්. එය නිවී ගිය නිද්‍රාශීලි කලාවක්.
ඒ කාලව ඇහැරවාගන්න ඒ කලාවෙන්
ඕනෑම දඩබ්බර දරදඬු නාහෙට නාහන
පිරිමි හිතක සියුමැලි මෘදු බව
අහුලාගන්න පුළුවන්නෙත් එවන් සුන්දර
ගැහැනුන්ටමයි. දෙනෙත් මනහර
වර්ණකුලසූරිය, ඔහු ඇයගේ එකම එක
බැල්මකට, එකම එක ස්පර්ශයකට,
එකම එක සුසුමකට ඇබ්බැහි වෙච්ච
පිරිමියෙක්. ඉතින්, එහෙම පිරිමින්ව
ගැහැනු හිත් මහ හයියෙන් අල්ලාගෙන
ඉන්නේ තමන්ගේ ආත්මයෙන්මයි.

මට පෙර සිටි ඇය

Highlights:

අවශ්‍යතාවයක් සපුරාලීමට මා හා නීත්‍යනුකූල බැඳීමක් ඇති
කරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම
කෙතරම් සාධාරණද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ
හැමදාටම වෙන ගැහැණියක් සිටින වග එහි ඇති බරපතළකම
පිළිබදව නිශ්චිතව කරුණු විශ්ලේෂණය නොකර මා ඔහු හා
විවාහ වීම පිළිබඳව මටම දොස් නගාගත්තෙමි ඉතින් ගැටළුව
ඇත්තේ ඔහු තුළ නොවේ. ගැටළුව ඇත්තේ මා තුළයි.
මගේ බලාපොරොත්තු තුළයි. ඉමේෂ් කියන වර්ගයේ බැඳීමක්
පිළිබඳව මම දැන නොසිටියෙමි. ආදරය මත නොව නීත්‍යානුකූල
හිමිකරිත්වය සමග පැමිණෙන යුතුකම් හා වගකීම්වලට සීමාවෙච්ච
බැඳීමක් පවත්වා ගන්නෙ කෙසේද කියා මම දැන නොසිටියෙමි.
මම ඔහු හා ආදරයෙන් බැඳෙන්න උත්සාහ කරමින් සිටියෙමි.
මට ඔහුව සම්පූර්ණයෙන් මගේ කරගන්න අවශ්‍ය වුණි.

සුවඳ මල නුඹ

Highlights:

ඇස් දෙකට දැකපු ලස්සනම දේවල් වල

ලස්සනම දේ නුඹ…

හදවතේ තියෙන ලස්සන මතකයන් වල

සුන්දරම මතකය නුඹ…

එහෙන් මෙහෙන් අහුල ගත්ත කවි වලට ගැලපිච්ච

හොඳම පද වැලත් නුඹ…

ගැලවීමක් නැති වේදනාවක මුල මැද අග

ඉන්නෙත් නුඹ…

හෙමි හෙමින් හදවත මැද ආදරේන් ඉපදිච්ච

සුවඳ මල නුඹ…

එළිවන යාමය

Highlights:

“දැන් කලබල වෙන්න දෙයක් නැහැ. උන් ඇවිත් තියෙන්නේ අපේ පස්සෙන් නෙවී.” ලාංකිකයා කණ්ණාඩියෙන් පසුපස පිරික්සීය.

“හොඳයි, ලයිට් නිවාගෙන පස්සෙන් ආවොත්..?”  “එහෙම දෙයක් නැහැ.”

“අපි එහෙම හිතමු. ඒ වුණත් උන් අපේ පස්සෙන් ආව නම් ඉස්සරහ තියෙන කාර්වලට රේඩියෝ මැසේජ් යවල තිබුණොත්…?”

ආදර කුටිය

Highlights:

“කොහොමද උත්පලා රසාන්ති යාලු උණේ?”

“ෆේස් බුක් එකෙන්”

“ෆේස් බුක් එකෙන් අඳුන ගෙන කොච්චර කාලයක්
වෙනව ද?”

“මාස දෙකක් විතර”
“ඔය දෙන්නා මුණ ගැහුණු පළවෙනි දවසද?”

“නෑ… දෙවෙනි දවස”

“ඇයි මරන්ඩ හිතුණෙ?”
“මම මරන්ඩ හිතුවෙ නැහැ. එයාට මාව කසාද
බඳින්න ඕන කියලා කරදර කෙරුවා….
මම බෑ කිව්වා…. ඔය දිගට ගියා. අවසානේ
මට මල පැන්නා, ඊට පස්සේ ඉවරයක් කරා”
“ඒ වෙන කොට ඔය දෙන්නා ලිංගිකව හැසිරිලා
ද හිටියේ”

“ඔව්”

“කී පාරක් ද?”

“දෙපාරක්”

“ආදරය කරපු කෙනෙක් එහෙම මරන්න හිතෙනවද?”

සිංහයන්ට මැදිව

Highlights:

සිය පෙම්වතිය සතුරන්ගෙන් මුදා ගැනීම සඳහා බිහිසුණු වනසතුන්ගෙන් සහ ම්ලේච්ඡ ස්වදේශිකයන්ගෙන් ගහණ බිහිසුණු අප්‍රිකානු වනාන්තර තුළ අභීතව සටන් වදින තරුණයෙක්!

“…මැතිව් දැන් අපිට සමුගන්න වෙලාව ඇවිත්. මගේ ඇස් දෙක ගණ අන්ධකාරයකින් වැහීගෙන යන බව මට දැනෙනවා….

දඟකාරියේ

Highlights:

කොල්ල කියන කොණ්ඩෙ වවාගත්තු කොල්ල තාපස උත්තමය කියලා හිතාගන්න මට අමරු වුනේ නෑ. කතාවෙන් කතාවෙන්ම අපි පුස්තකාලෙට ඇවිත් හිටියෙ. කොල්ලා විස්තර හොයන ගමන්ම ෆෝන් එකෙනුත් තව විස්තර සර්ච් කළා. අපිත් පුළුවන් උපරිමෙන් මහන්සි වුනා විස්තර හොයා ගන්න.

ගී කිරිල්ලී

Highlights:

තමාට තම සිත පාලනය කර ගැනීමට නොහැකි වේවියැයි සුමිත්‍රාගේ සිතට බියක් ඇතුලු විය. ඔහු ඉදිරියේ තමා තම හදවත විවෘත කළා වැඩියැයි තේරුම් ගන්නා විට ඇය සියලු දේ පවසා අහවරය. හඬ බිඳී, හදවත සැලී නෙතට කඳුළක් උපන්නේ වියෝගය හිතට බරක් එක් කළ නිසාය. ඇඳ මතින් නැගී සිටි ආලෝක සුමිත්‍රා ඉදිරියේ සිට ගත්තේ ඇයට ඉවතට යන්නට කාලයක් නොතියාමය.

ලොවීනා

Highlights:
මෙය,
තෝමස් මෙට්ලන්ට් ආණ්ඩුකාරවරයා සහ
ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ
ප්‍රේම වෘත්තාන්තය පමනක්ම නොවේ.
එසේම,
දස්කොන් මහ අදිකාරම් සහ
ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ
ප්‍රේම වෘත්තාන්තය පමනක් නොවේ.
මෙය වූ කලී,
කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ
එහෙත් තමා හැර අන් හැම දෙනාගේම
ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ
පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ
පුරා අවුරුදු එකසිය නවයක
හද ගැහෙන ප්‍රේම වෘත්තාන්තයද වන්නේය.

නොනිමි සිත්තම සහ තවත් කෙටිකතා

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. අපට වැසිකිළියක්
  2. නොනිමි සිත්තම
  3. ජාත්‍යාල රූපවාහිනී
  4. මතක සටහනක්
  5. එය සත්‍ය‍යකි
  6. වෙසක්! ‘වෙසක්’ හා වෙසක්
  7. තවද එක් චරිතයක්

අසෙනිය වර්ෂා

Highlights:

මා තීරණයක් ගත යුතුව ඇත. එහෙත් ජීවිතය අරඹන්නේ කොහොමද කවුරුන් සමගින්දැයි මට නොතේරිණි. අසෙනිය ඔබව නැති කරගෙන සැනසෙන්නට මට බැරිය. මා ජිවිතය වින්දා නම් ඒ ඔබ නිසාය. ඔබේ ආදරය නිසාය. ඇස් වලින් ආයෙම කඳුළු වැටිණි.වසර තුනහමාරක් බිම නොදැමු කඳුළු දෝරේ ගලා ගියේය.

නිදිකුම්බා මල් කැකුළී

Highlights:

“මම දන්නෙ නැහැ ඉන්දු..ඔයත් එක අතකින් දේවින්ද වගේම තමයි… තමන් ජීවිතෙන් ඉල්ලන දේ මිසක්, ජීවිතය දෙන දේ ගන්නෙ නෑ.. පුදුම විදිහට දඩබ්බරයි..”

සයුරි අක්කා එහෙම කිව්වහම ඇත්තටම මට ඉවසුම් නැතිව ගියා.අක්කෙ මම අක්ක එක්ක කට ගහනව නෙමෙයි..

අනන්ත වසන්තය 2

Highlights:

දෑස් පියන්පත් විවරව තැබුවෙමි
ඔබෙ රුව දකිනු රිසින්
සවන් පියන්පත් විවරව තැබුවෙමි
ඔබේ හඬ අසනු රිසින්
එනමුදු නොදුටිමි නොඇසුණි කිසිවක්
රහසින් සැඟව ගිහින්…

මාගම් සෝලිය

Highlights:
2017 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන සදහා නිර්දේශිත වු කෘතියකි.

ක්‍රි.ව. 1809 ත් ක්‍රි. ව 1819 ත් අතර දශකයක කාළ පරාසයේ ඌව වෙල්ලස්සේ ගමක සිදු වු හා නොවු සිද්ධි සමුදායක් මෙම කතාවට වස්තු විෂය වේ.

ආදරණීය වික්ටෝරියා

Highlights:
ඔහුගේ ලෝකයේ
පරමාදර්ශය වූයේ
ඇයයි.
එසේම
නම කියූ සැණින් දත්
අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට
ඔහු තුළ
බලාපොරොත්තු දැල් වූයේද
ඇයයි.
එපමණකුදු නොව
තුංග පොල් ගසක් තරමට
තරව මුල් දරා වැඩෙන්නට
ඔහුගේ
හෙවණැල්ල වූයේද
ඇයයි.

ප්‍රේමය නම්

Highlights:

හෙලෝ… ච..න්..ද..න..
ඔව්… චන්දන තමයි කතා කරන්නේ… ඔයා..
කවුද?.. චන්දන ඇයි ඔයා ඔහොම කතා කරන්නේ.
මගේ කටහඬ දැන් ඔයාට අඳුනන්න බැරිද? අනේ…

පුළුවං…ඒත්..මට ඔයත් එක්ක කතා කරන්න දැන්
කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ ඉන්දු… කරුණාකරලා
දැන්වත් දෙයියන්ගේ නාමෙට මගේ ජිවිතෙත් එක්ක
සෙල්ලම් කරන එක නවත්වලා ඔයාගේ වැඩක් බලාගන්න..
ආයෙත් මගේ ෆෝන් එකට කතා කරන්න එපා..

අනේ..ප්ලීස්..චන්දන.. ෆෝන් එක කට් කරන්න
නම් එපා.. මට ඔයාට ගොඩක් දේවල් කියන්න
තියෙනවා. ඒ ටික අහගෙනවත් ඉන්න, ඒක
ඔයා මං වෙනුවෙන් කරන ලොකු පිනක්.
මගේ හිත සැහැල්ලු කරගන්න ඉඩ දෙන්න
ප්ලීස්.. මාව පිච්චෙනවා වගේ දැනෙනවා
චන්දන.

දම්සාරි 2

Highlights:

සඳට පෙම් බැඳි කුමුද හිනැහෙයි
විලට පමණක් දැනෙන විලසේ
ඇගේ සෙනෙහස සඳට දැනුණා

විසල් මහ පොළොවටත් රහසේ
සඳ කොතෙක් නම් කවි ලියාවිද
ඇගේ පෙම ගැන සොඳුරු අහසේ
කුමුද සඳ එළීයෙන්ම සැනහෙයි
සඳට ළංවිය හැකිද කෙලෙසේ…..

දෝන කමලාවතී

Highlights:

“ඒක නෙමෙයි. ඇමැතිතුමා අර කමලා ගැන මොකද කියන්නෙ?” යි තරුණ මන්ත්‍රීවරයෙක් පිටිපස සිට ඇසීය. “ඔව් කමල ගැනත් මම කියන්නම්. ඒ ළමයා හොඳ දස්කම් ඇති අසරණ ළමයෙක්. නිලධාරී අධිරාජ්‍ය‍ය ඒ ළමයට ජීවිතය එපා වෙන තරමට හිරිහැර කරල තියෙනව.”

දම්සාරි 3

Highlights:

නිබඳ සිඳුතෙර ළවැලි තලයේ
සැදු වැලිමාලිගා අතරේ එදා
සෙල්ලම්වියේ සිහිනය බොඳව
ගිය අයුරින්…

ඔබේ අතඟිලි අතර පැටලී
තැනූ ලොව වෙත පිය
නඟන්නට දකින සිහිනය
බොඳව යාදෝ නොයාදෝ
නොදනිමි…

දියට හඬන කෑඳැත්තෝ

Highlights:

නවකථාවක ඇතුළත් විය යුතු මූලික ම අංගලක්ෂණ සියල්ල මේ තුළ විද්‍යමානය. විශේෂයෙන් නවකථාව සමාජය පිළීබඳ පුළුල් පර්යේෂණයක් වු කල්හි එය ඉතිහාසය පිළිබඳ විවරණයක් මෙන් ම සමාජ සමාජ විද්‍යත්මක කෘතියක් ද වනු ඇත. මේ කථා පුවත ඔස්සේ ලාංකේය සමාජයේ එක්තරා පැතිකඩක් අපට රසවත් ව රැගෙන එයි.

රෝස අට පෙති

Highlights:

ජනේරුව කොහොමත් සීතලයි

ඒත් අද ඒ ඕනවට වැසියි

කන් පෙතිත් ඔය දෙතොල් අග ගැටී

දෙකම්මුල් මත හිවුඩු නංගවයි….

මං එනකල්ම ගොරව ගොරවා නින්ද

අද මොකද බුම්මාන නමුණුකුල කන්ද….

ලියා

Highlights:

ප්‍රතාපවත් පෞරුෂයක් හිමි ඔහු දුටු කඩවසම් තරුණයා බව සහතිකය. කෙතරම් රළු පෞරුෂයක් ඉසිළුවද ඔහු මා හට දක්වනා ආදරය කිව නොහැකි තරම් ආදරණීය වන්නේය. මා හට දරන්නට නොහැකි තරම් ආදරයක්, සෙනෙහසක් ඔහු සිතේ වන්නේය.

කුරවි

Highlights:

”පිරිමියෙකුට ඕනෙ දුකක් විඳින්න පුලුවන් කියලා තමයි ගෑනු හිතන්නේ.ඒත් හිත කඩා වැටුණු තැන්වල ගෑණුන්ටත් වැඩිය අසරණ වුණේ පිරිමි පණ දීගෙන ආදරේ කළත් හුඟක් ගෑනු නොදන්න ඇත්ත ඒකයි.
පිරිමි අපිටත් හුඟක් වෙලාවට වැරදෙන්න තැනක් තියනවා.ආදරේදී, බැඳීම්වලදි අපි හැම තිස්සෙම සංවේදී නැහැ.ඒත් ගෑනු එහෙම නෑ.
ආදරේ වෙනුවෙන් පණ වුණත් දෙනවා.ඒත් ඒ හිතේම තරහක්, වෛරයක් ඇති වුනොත් එච්චර කල් දේවතාවියක් වගේ හිටපු ගෑනිට ඊට පස්සේ කාලි අම්මත් පැරදෙනවා.
මමත් ඒ වැරැද්ද කරපු මිනිහෙක්.ඒකෙන් කෑලි කෑලිවලට කැඩුණේ මගේ හිතමයි.හිත බිඳුණු පිරිමි හරි නිශ්ශබ්දයි; ගැඹුරුයි.එහෙම හිතක් අයේ හදන්න පුලුවන් වෙන්නේ නිස්කලංක ගෑනු හිතකට විතරයි.

My Dear ක්‍රෂ්

Highlights:

කඳුළු වලට ලිංග බේදයක් නෑ බන්
කඳුළු වලට වර්ග බේදයකුත් නෑ
පිරිමියෙක්ගේ දුක ගෑනියෙක්ගේ දුක කියලා
දෙයක් නෑ….
මොකද ඔය කොයි දේත් දරා ගන්නේ
කාටත් තියෙන වම් පැත්තේ
ගැහෙන මස් කෑල්ලක් විතරයි..
හැබැයි උඹලා හිතුවට
අර දුක කඳුළු ඔක්කොම දරාගෙන
ලවක් දෙවක් නැතිව ඔය ගැහෙන මස් කෑල්ල
හැමදේම කන්ට්‍රෝල් කරනවා..
ඔකත් මැෂින් එකක් බන්..
ඔය හැමදේම දරාගෙන එයා එයාගේ ගමන යනවා..
මටත් ඕන ඇන්න එහෙම පිරිමියෙක් වෙන්න..
හැමදේම දරාගෙන මගේ ගමන යන්න..
මොකද මේ පාර කවුරුත් කපලා දීපු
පාරක් නො‍වෙන නිසා..

මීරා

Highlights:

නුඹත්,
අහන්කාර අහසක්
නුඹේ පොද වැස්සට,
මාව තෙමුනට…

නුඹත්,
අහඹු හමුවීමක්…
නුඹේ ඇස් දෙකෙන්,
මම ලෝකයම හෙව්වට…

තල­ගලේ සිටු­ව­රයා

Highlights:

කතාව ආරම්භ වන්නේ මහ බමුණු ගමට සමීපව පිහිටා තිබෙන සල්පිලක තොරතුරු සමඟයි. ගමේ එඩිතර හා මිතුරන් අතර ජනප්‍රිය තරුණයකු වූ කව්රාල නැත්නම් අපර නාමයෙන් හඳුන්වන ජුණ්ඩා සල්පිලේ කටයුතු සාර්ථකව මෙහෙයවූ අතර එය ගැමියන්ගේ අගය කිරීමට ද හේතු විය. ගමේ කවුරැත් මෙසේ ජුණ්ඩා නමින් හඳුන්වන තරුණයාට යම් යම් අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වූ ආකාරය අප ලේඛකයා ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ කායික හා මානසික ගති ලක්ෂණ ද සලකුණු කරමිනි.
ගමේ ප්‍රබල පවුලක බඩපිස්සා වූ ජුණ්ඩාගේ පියා වෙදරාළ කෙනෙකි. ඔහුගේ මව මේනුපාච්චිය. අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් නොදැක්වූ ඔහු කුඹුරැ ගොවිතැන් කරන ලද්දේ තමන්ගේ මිතුරන් ද එක්කර ගනිමිනි. එක් අතකින් ජීවිතයේ භාරදූර බව නොසිතා සෙල්ලක්කාර ජීවිතයකට ඇබ්බැහි වූ ඔහු ඇතුළු යහළුවන් ජල ස්නානය සඳහා ගමේ ජලාශය ආශ්‍රිත අඹගහමුල මංකඩ තෝරාගෙන ඇති අතර දිය නෑමට එන කාන්තාවන් සමඟ උසුළු විසුළු කිරීමට පමණක් නොව දිය යටින් ගොස් කාන්තාවන්ගේ ශරීර ස්පර්ශයට ද යොමුවන බව පෙනේ.

මහබමුණු ගමේ කාගෙත් සිත් දිනාගෙන ජීවත් වුවද ජුණ්ඩා තරැණ හා විවාහක කාන්තාවක් සමඟ ද විවිධාකාරයේ සම්බන්ධතා පවත්වාගෙන ගිය අතර ඒ නිසා ඔහුගේ ජීවිතයට ද අවදානම් අවස්ථා ඇති නොවූවා නොවේ. පළමුව ගමේ කඩයට එන කපුරැහාමි නම් මැදිවියේ පසුවන පුද්ගලයාගේ තරුණ බිරිඳ සමඟ කුළුපගතාවක් ඇති කරගනී. කෙසේ හෝ කිරිමැණිකා (කපුරැහාමිගේ බිරිඳ) තම වසඟයට ගැනීමට ජුණ්ඩා සමත් වේ. මෙහිදී හේරත් ඊට පසුබිම් වූ තත්ත්වයක් ක්‍රමානුකූලව විවරණය කිරීමට වෙර දරා ඇතැයි කිව යුතුයි. එදා අද මෙන් නොව ගමේ කඩය බොහෝ දෙනාගේ කතාබහට පාදක වන එක්තරා අන්දමක සන්නිවේදන මධ්‍යස්ථානයකි. ජුණ්ඩා ද මෙසේ කඩයට පැමිණ ගමේ ඕපදූප කීමත්, වරෙක දාං ඇදීමට හෝ කාඩ් සෙල්ලමට සහභාගී වීමත් දැකිය හැකිය.

අභිරහස් බමර කේතය

Highlights:

දින කිහිපයක් තිස්සේ රාත්‍රී අහසේ දිස්වන අභිරහස් යානා පිළිබඳව ශ්‍රී ලංකාවේ අග්නිදිග කඳුකරයේ වැසියෝ භීතියෙන් පසුවෙති. ලොව නන් දෙසින් වාර්තාවන හඳුනා නොගත් අභිරහස් යානා පිළිබඳව නිරන්තර අවදියෙන් පසුවන ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂක කණ්ඩායමක් ඒ පිළිබඳව ගවේෂණ කටයුතු සඳහා  ශ්‍රී ලංකාවට පැමිණෙති.

ඉස්තාන්බුල් හිම කුණාටුව

Highlights:

“ඌ හුරතල් කරලා හරියන්නේ නැහැ. මම කළු ගම්මිරිස් ටික අඹරන කොට ඔයා මුගේ කට ඇරලා දිව කපන්න ඕනෑ.”“පිස්සුව හැදුවේ නම් මමයි. ඒත් මම හිතුවේ නැහැ ඔහොම වෙයි කියලා.”

“ඔයා දැක්කේ නැද්ද.. අද පාරට බැහැලා හිටියේ කුරියර්කාරයෝ විතරයි. හිම වැස්සේ තෙමි තෙමී තෑගි පාර්සල් පිටේ එල්ලාගෙන පයින්ම බෙද බෙදා යනවා.” “පණ තියෙද්දී සැක කළත් දැන් මම් එයා විශ්වාස කරනවා. කවදාවත් අවකාශ දේහයක් බොරු කරන්නේ නැහැ.”

Amba Yahaluwo (English Version)

Highlights:
In Sinhala අඹ යහළුවෝ (Amba Yahaluwo) means ‘The Best of Friends’ and this story is the story of two inseparables to which barriers in society are of no concern, Just as long as they are together, be it in school or out of it. However these barriers exist among their parents, mostly based on economic conditions and different status in society, but these do not influence and different status in society, but these do not influence the two friends, Nimal and Sunil.

”Amba Yahaluwo” is a story of courage and steadfast resolve by Nimal and Sunil to stay together the vicissitudes of life and the changing fortunes of the two families.

”Amba Yahaluwo” in its Sinhala original has been reprinted several times and was an approved Reader for use in schools. The book was made into television series in Sinhala and became very popular. The translation into English will afford the English reader an opportunity to understand village life and rural life as it then existed.

ඉත්තිපුරයේ රාවණ

Highlights:

සක්විති රාවණයන් දසිස් යනුවෙන් හැඳින්වුයේ හිස් දහයක් තිබූ නිසා නොව කිරුලු දහයකට හිමිකම් කියු බැවිණි.ඔහුගේ යටත් විජිත ලොව පුරා විසිරි තිබුණි.බටහිර ආසියාවේ පැවති එක් රාජධානියක් ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙය මනඃකල්පිත කතා පුවතකි.එහෙත් ඔබ එය අසත්‍ය‍යකැයි පිළිගැනීමට මැළිවනු නොඅනුමානය.

අවනඩුව

Highlights:

“ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමගේ කාලයේ දී ආයුධ මේ ආකාරයෙන්ම ශ්‍රී ලාංකා මහවැලි අධිකාරියට හා මහවැලි ආරක්ෂක සේවයට හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.ඒ පිළිබඳ තොරතුරු සොයාගැනීමට නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ දී ලංකා විදුලි බල මණ්ඩලයට හා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගිනි අවි ලබා දී ඇත.

අඟහරු ප්‍රත්‍යන්ත දේශය

Highlights:

මාස අටක දීර්ඝ චාරිකාවෙන් අර්ධයක් සම්පූර්ණ කළ අභ්‍යවකාශගාමීහු මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරු වෙති. රතු ග්‍රහයා ආසන්නයේ දී බරපතළ අනතුරකට ලක්වනම් සෙයිලාන් යානයේ පිරිස මුදාගැනීමේ ඔමේගා මෙහෙයුම ආරම්භ වෙයි.

අනපේක්ෂිත සිදුවීම් හමුවේ කැතීට තම උත්තරීතර අරමුණ ඉටුකර ගත හැකි වේද?

සෙනෙහසේ තෝතැන්න

Highlights:

‘සුදෝ,මේ ළමයින්ට කන්න මොනවාහරි රසකැවිල්ලක් හදල දුන්නා නම් හොඳයි දැන්.උන්ටත් ආසා නැතෑ පැණි රස කෑමක් කන්න.’ යනුවෙන් ආච්චම්මා සුදු පුංචිට අණ කළේ ළමයින්ගේ ද සිත් සතුටු කරවමිනි.මේ අතර පොඩි මල්ලිත්, හොඳ අයියත්,කැවුම් වට්ටියට හොරෙන් හොරෙන් අත පොවනු දුටු ඇය මෙසේ කීවා ය.

පද්මපාණි

Highlights:

“පද්මපාණි” ඉවක් බවක් නොමැතිව නිරංගට ආදරය කළා ය. දෙමාපියන් ගැන නොතකා නිරංග ව විශ්වාස කළා ය. ඇයගේ එම ආදරයට, විශ්වාසයට ඇය ලද තිළිණය මෙම පොතේ පත් ඉරු අතර සනිටුහන් කිරීමට කතුවරයා උත්සාහ ගෙන ඇත. කලකට පෙර “තරුණි” පුවත්පතේ කොටස් වශයෙන් මෙම කථාව පලවු අතර. විශාල රසික ප්‍රතිචාරක් “පද්මපාණි” ට හිමි විය.

නොපැතූ පැතුම්

Highlights:

“අනේ ගැමුණු, වෙරි සොරි අනේ. අප්පච්චිලාගෙ හැටි ඔහොම තමයි.ඒ ගොල්ලො, පරණ හණමිටිකාරයොනෙ.එයාලට ඕනැ,හොඳ වංශවත්, මිල මුදල් යහමින් තියෙන, ලොකු තනතුරක් දරණ කෙනෙකුට මාව බන්දල දෙන්ටා. අනේ මට එහෙම මිනිස්සු නම් කීයටවත් එපා. මට ඕනැ, හොඳ මනුස්කම් තියෙන පිරිමියෙක් විතරයි.ඔයා, ඕක ගණන් ගන්ට එපා ගැමුණු.” සමන්මලී, ඇඬුම් මුහුණකින් යුතුව කීවාය.

නුවරකලාවියේ අලුත් නෑයෝ

Highlights:

“අපේ ගම දැන් අලුත්ම එකක් රංකිරෝ.වේලු කසාද බැන්දෙ සිංහල එකියක්.මොහොමඩ් කසාද බැන්දෙ සිංහල එකියක්.මේවා සේරම වෙනස්වෙන කාලයක්.උඹ ක්‍රිෂ්ණාට එකිත් එක්ක පවුල් කන්ට කියපන්.මොකද කොල්ලෙක් හොයාගන්න එකත් ලේසි නෑනෙ.” නායක් හාමුදුරුවෝ මෙන්ම නිලමේද අදහස් දැක්වූයේ එලෙසින්ය.

ඇමති දරුවෝ 2

Highlights:

වර්තමාන දේශපාලනයේ පවතින දුෂණ,
වංචා, පළිගැනීමි, බලය පාවිචිචි කිරීමි,
නීතිය කඩ කිරීමි, රාජ්‍ය සමිපත් අවභාවිතය
ආදි වශයෙන් සියලුම කටයුතු සමග සුන්දර
ප්‍රේම කථාවක් වශයෙන් දිග හැරේ.

අපොයි මගේ ඉස්කෝලේ

Highlights:

“මේ ළමයින්ට දැන් බඩගිනිත් ඇති.ඉන්න මම රොටී ටිකක් පුච්චලා දෙන්නම් කාල ආපහු මේ පාරෙම ගිහිල්ලා ගඟෙන් ආපහු එගොඩවෙන්ට. ඒ පාර දන්නවා නේද? ආයෙත් මෙහාට එහෙම එන්න එපා.” නෑ මාමෙ අපි දැන් කෙලින්ම ආපු පාරේ ආපහු ගිහිල්ලා වතුර අඩු තැනකින් ගඟෙන් එගොඩ වෙනවා.ඊටපස්සෙ ගඟ උඩහට ගියාම තෙල්දෙනිය කිට්ටුයි.

කෝනා මල්

Highlights:

කෝණා මල් ලියා ඇත්තේ මහනුවර,
පාතදුම්බර, උඩුරාවණ ග්‍රාමයෙන්
බිහිවුණු අමේලා සඟරන්දේනිය
බෝයගොඩ මහත්මිය විසිනි.

ඇය පේරාදණිය විශ්වවිද්‍යාලයේ
උපාධිධාරිණියක් මෙන්ම පශ්චාත්
උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරිණියක්ද
වෙයි

සුරනිමලගේ වාසනාව

Highlights:

“මොකද පුතේ අද උදෙන්ම…මොකද මේ කලබලේ…?”
පුංචි මැණිකා ඔහුගේ නොඉවසිලිමත් බව දැක ඇසුවාය.

අම්මෙ… මම පොඩි හාමුදුරුවෝ හම්බ වෙලා තමයි අද
ඉස්කෝලෙ යන්නේ. ගස් කපන එක ගැන පොඩි හාමුදුරුවන්ට
කියනවා.” සුරනිමල පිළිතුරු දුන්නේය.

“ඒක හොඳයි… පන්සලේ හාමුදුරුවෝත් මේකට හවුල් කරගන්න
වුවමනායි.”

අන්තිම ඉල්ලීම

Highlights:

සිරිදාස බලු කික්කියක් ගෙදරට ගෙනාවේ පවුලේ සියලු දෙනාගේම බලවත් ඉල්ලීම පිටය. රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් වූ ඔහුගේ බිරිඳ මැහුම් ගෙතුම් කරමින් දවසේ කීයක් හරි සොයා ගත්තා ය. සිරිදාසට එය මහත් පහසුවක් විය. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ටිකක් හෝ අඩුකර ගැනීමට එයින් හැකි වූවා යයි එහු කල්පනා කළේ ය.

අන්තවාදීන් එනවෝ

Highlights:

යම් ගැහැණියක් වෙළඳපොළෙන් තමාට වුවමනා දෙයක් ගැනීම සඳහා ඒවා දෙස හොඳින් බැලීමට මුහුණ වැස්ම මදක් එසවුවහොත්,නැතහොත් පාර මාරුවන අවස්ථාවක හෝ ඇඳුම් අත ලිස්සා ඇගේ මැණික් කටුව හෝ යාන්තමින් නිරාවරණය වුවහොත් කොහෙන් හෝ කඩා පාත් වන බිල් මරූෆ් සාමාජිකයෙකු හැමදෙනාටම දරාගත නොහැකිවන පරිදි වේගවත් හා තිරිසන් “සාධාරණත්වයක්” ඉටු කරයි.

සංචාරක කිරිල්ලී

Highlights:

මා මගේ ජීවිත කථාව කොතනින් පටන් ගන්නේ ද කියා මේ වන තෙක් සිතමින් සිටිමි. එහෙත් එහ් පැවසිය යුතුමය යන බලවත් හැඟීම මා සිත කලඹයි.මගේ කුඩා කාලය මව්පිය සෙනෙහස නොලැබුණු එකක් යැයි මට නිතරම සිතේ.

සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි

Highlights:

බොහෝ වෙහෙස වී පැමිණි මා නන්දාගේ නිවසට ගොඩ වදින විට රාත්‍රී අට ද පසු වී තිබුණි.ඇය මා එනතෙක් බොහෝ වේලාවක් බලා සිට ඇති බව මම දැන සිටියෙමි. දවස තිස්සේ ම මා වෙනුවෙන් අවශ්‍ය දේ සුමනේ සමඟ ගොස් ගෙනවිත් රාත්‍රී ආහාර සකස් කොට තිබූ ඇය පමණක් නිවසේ සිටීම නිසා මම සුමනෙ ගැන විමසීමි.

තෑගි ගොඩයි

Highlights:

එදා පවුලේ සියලු දෙනාටම ප්‍රීතිමත් දිනයක් විය. එයට හේතුව ඔවුන් එදා රුපියල් පන්සියයක් පමණ හම්බකර තිබීමය. එය ඔවුනට විශාල ආදායමක් විය. සිරිසෝම කඩයට ගොස් පරිප්පු හා කරවල ගෙන ආවේය. කාලෙකින් දරුවන්ට හොඳට කන්නට දෙන්ට පුළුවන් වීම ගැන සිරිසෝම මෙන්ම ඔහුගේ බිරිඳද සතුටට පත්වූහ.

දොස්තර අසංක

Highlights:

අතුල ගොවිපල පුරාම ඇවිද ගියේ ය. ඔහු දුටුවේ ගියවර පැමිණියාට වඩා දැන් ගොවිපළ සරුසාර වී ඇති බව ය. නුවර නගරයට වී සිටීමට වඩා මෙහි පැමිණ නිවාඩුව ගත කිරීම කොයි තරම් හොඳ දැයි ඔහුට කල්පනා විය.ඒ අතරම ඔහුගේ සොහොයුරිය ගැන ද ඔහුට නිතර නිතර කල්පනා විය.

මන රංජන මිථ්‍යා කතා

Highlights:

ශ්‍රී ලංකාව තුළ මිථ්‍යාවට එරෙහි නූතන ගවේෂණාත්මක සාහිත්‍ය සම්ප්‍රදායේ පුරෝගාමියා හා සටන්කරුවා ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒබ්‍රහම් තෝමස් කොවුර් ය. ඔහු මුල පිරූ ඒ කර්තව්‍ය‍යේ අඛණ්ඩ සම්ප්‍රදාය හැත්තෑව දශකයේ අග භාගයේ ඔහුගේ අභාවයත් සමග ඇන හිටියේ ය.

වනයෙහි උපන්

Highlights:

ගීත ගෝවින්ද උපන්නේ මහ වන මැදයි; කුඩා කාලයේ හැදුණේ වැඩුණේ මහ වන මැදයි. වනයේ මහ රජවරුන් වැනි මහා වනස්පති, ගංගා, ගිරි කුළු මතින් රූරා බස්නා ජල ධාරා, රාත්‍රියෙහි අශනි පහරින් ඒකාලෝක වන මහා වර්ෂා, තුරඟාගේ දිවියාගේ මුවාගේ නාගයාගේ ගමනෙහි කදිම ලාලිත්‍ය‍ය, “පියාපත් බර පමණක් ඇතිව පියාසර කරන” පක්ෂීන්, රෑන් රෑන් එල්ලෙන සුන්දර මල් පොකුරු

සැඟවුණු පන්හිඳක්

Highlights:

තෙලි තුඩින් අකුරකට අකුරක්

අමුණා සීරුවට

මතක පුස්තකය

කියවමින සෙමින් සෙමින්

මතක පොත දැන් කිමද

පෙනෙන මනේ තිබුණ

හීන පිටු එකිනෙක

නැති වුණේ ක්ෂණයකිනි

මිරිඟුවක් විලසින

රන් මුදුවක සිරවී

Highlights:

සිතින් නොබැඳි අප අතැඟිලි යා වුණත් එලෙස සංසාරයේ හුරු පුරුද්දට පතිනිය වුණා ඔබ මට සංසාරයේ පැතු විලස සිරවුනා අප අතැඟිලි රන් මුදුවකින් මෙලෙස භවයෙන් භවේ එන්න මා සොඳුරිය සිදුහතුන් පසුපස සසර පුරා ආ යශෝදරාව විලස. මතකයේ නොමැති මුත් අප අතැඟිලි යා වුණ ඒ දවස සසරේ පුරාවට අමතක නොවේ ඔබේ හුරුපුරුදු සෙනෙහස.

මරණය අබියස

Highlights:

කෙලිළොල් ගැටවරයෙක්

ගැටෙන

සිදුවීම් දාමයක් එක්ක…

සෙනෙහස කියවෙන

අඳුරු  දාමයක්

ඇත්තටම…

බිත්තර යුගය

Highlights:

මුවෙහි තබනවිටම අයිස් ක්‍රීම් දියවෙයි. එහි රසයක් ඇතැයි බොහෝ දෙනෙකු කියනු ඇසිණ. මම චොකලට් අයිස් ක්‍රීම් තෝරා ගතිමි. ටාන්‍යාගේ බලපෑමට හේසල් නට් අයිස් ක්‍රීම් ද රස බලන්නට සිදුවිය. රාත්‍රී ආහාරයට තෝරා ගැනීම සඳහා බොහෝ දේ තිබිණ. මෙය මට හුරුපුරුදු රටාව නොවේ. එහෙත් ටාන්‍යාගේ මිතුරු මිතුරියන් සමග පළමු වතාවට රාත්‍රී භෝජනයකට එක්වන්නට මට සිදුවිය. එහෙත් අයිස් ක්‍රීම්වලින් කුමක් සිදුවිය හැකිදැයි මට වැටහීමක් නැත.

හේලි

Highlights:

“ඉතා සැහැල්ලු බවත් ඔවුන්ගේ මුහුණුවලින් පිළිඹිඹු විය. මෙම සැහැල්ලුකම තමන් විසින්ම ලබාගතයුතු දෙයක් ලෙස හේලි සිතුවාය. මෙම පිරිස දැකීමෙන් තමන්ටද එවැනි සැහැල්ලු බවකට පත්වීමට හැකිනම් යන අදහස තම සිතේ ගැඹුරින් තැන්පත් වී ඇතැයි හේලි සිතුවේ තමා මුහුණ දුන් දෙයින් නැවත සිහියට ගනිමිනි.”

නොමියෙන සුවඳ

Highlights:

බුද්ධ ගයාව

අප මහ බෝසතුන් බුදු බව            පතාගන

කප් සුවහස් ගණන් පෙරුමන්        පුරාගන

උහුලනු බැරි තරම් දුක් විඳ            දරාගන

සෙව්වේ නිවන් මග භව සැරි          සරාගන

කවි වරම

Highlights:

පෙති හැලිලා හැදුණු මල් පාවඩ මතින් වැව පාර දිගේ කවි පද බඳිමින් ඇවිද ගිය,රන්සිරිනිගේ හොඳම යාළුවා වුණු, තේරුමවත් හරියට දන්නෙ නැතුව කාන්තා විමුක්තිය හොයපු,කස්සපගේ පාදපරිචාරිකාව වුණු, අධ්‍යානාටත්, පාරින්ධ්‍යාටත් අම්මා වුණු,තමන්ට තමන්වත් නැති වුණු බව නොදැන සිටි ඇය, අරුන්දතී දොඩම්කුඹුර…ඉතින්, ඇයට ඇයව හමු වේවිද?

A Passage North

Highlights:

A young man journeys into Sri Lanka’s war-torn north in this searing novel of longing, loss, and the legacy of war, from Anuk Arudpragasam, the author of The Story of a Brief Marriage.

Short-listed for the Booker Prize 2021, A Passage North begins with a message from out of the blue: a telephone call informing Krishan that his grandmother’s caretaker, Rani, has died under unexpected circumstances-found at the bottom of a well in her village in the north, her neck broken by the fall. The news arrives on the heels of an email from Anjum, an impassioned yet aloof activist Krishnan fell in love with years before while living in Delhi, stirring old memories and desires from a world he left behind.

As Krishan makes the long journey by train from Colombo into the war-torn Northern Province for Rani’s funeral, so begins an astonishing passage into the innermost reaches of a country. At once a powerful meditation on absence and longing, as well as an unsparing account of the legacy of Sri Lanka’s thirty-year civil war, this procession to a pyre ‘at the end of the earth’ lays bare the imprints of an island’s past and the unattainable distances between who we are and what we seek.

Written with precision and grace, Anuk Arudpragasam’s masterful novel is an attempt to come to terms with life in the wake of devastation, and a poignant memorial for those lost and those still alive.

Diary Of A Wimpy Kid Do It Yourself Book

Highlights:


With The Wimpy Kid Do-It-Yourself Book, you’re the author, illustrator, and main character. Filled with loads of interactive pages and plenty of space to write your own life’s story, this book is all you need to create your masterpiece. Whatever you do, make sure you put it someplace safe after you finish. Because when you’re rich and famous, this thing is going to be worth a fortune.

සේයා

Highlights:

දේදුණු සේයා..

අම්මා මට නම තියලා තිබුණෙ එහෙමයි.දේදුන්න කියන්නෙ මොහොතකට ලස්සන දෙන දෙයක් ඒත් ඒක සේයාවක් වගේම මැකිලා යනවා.අම්මා මට නම තිබ්බෙ ඒ නමේ සැඟවිලා තිබුණ තේරුම කලින් දැනගෙනද…එහෙමනං එයා හරි … දකින අයගෙ ඇස් පිනවන්න තරම් රූපයක් තිබුණට මං ඇත්තටම සේයාවක්…ඉස්කෝලෙ යන කාලෙ යාළුවො මට කතා කලේ වීනස් කියලා.  “ඔයාලා වීනස් දෙව් දුව දැකලා තියෙනවද…?”

වලාවක් සේ

Highlights:

සඳට හඬන එක

බිම්මල් කැකුළක්

නිලඹර වෙත

නෙතු පියන් යොමා…

ඇසිපිය නොහෙලා

බලා හිඳිනවා

සීතල කිඳුළින්

දෑස් තෙමා…

හිරු කිරණින්

ලැබුණත් ආලෝකය

හිරු කුමරුනි මට

වෙන්න සමා…

1 2 4 5 6 7 8 18 19
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
1 Cart
Close

My Cart