Buddhism

Buddhism

(Showing 61 – 120 products of 240 products)

Show:

කාලාම සූත්‍රය සහ චින්තන නිදහස

Highlights:

පුද්ගලයාගේ චින්තන නිදහස බුදුසමය මගින් පිළිගැනෙන බවට ඇති ප්‍රධානතම ත්‍රිපිටකාගත සාධකය වශයෙන් කාලාම සූත්‍රය  බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇත. බුදු සමය මගින් චින්තන නිදහස පිළිගැනෙන බවට ශ්‍රාස්ත්‍රීය මට්ටමෙන් තර්ක කර්න වියත් අය මෙන් ම, ඕනෑම කරුණක් ස්වාධීනව සොයා බලා නිවැරදි යයි තමන් සිතන නිගමනයකට එළඹීම බුදු සමය මගින් අනුමත කෙරේය යන පුළුල් අදහස දරණ සාමාන්‍ය අය ද තම තර්ක සහ අදහස් තහවුරු කිරීම සඳහා ගෙන හැර දක්වන ප්‍රධාන සාධකය වන්නේ කාලාම සූත්‍රය ය.

අග්ගඤ්ඤ සූත්‍ර අනුවාදය

Highlights:

අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙහි අරමුණ වූයේ කුලභේදය පිළිබඳව පැවැති විවිධ දුර්මත ප්‍රතික්ෂේප කිරීමත්, සියලුම මනුෂ්‍ය‍යන් එකම සම්භවයකින් හටගත්තවුන් බවත්, ඔවුන්ගේ වර්ණය, කථා කරන භාෂාව වෙනස් වුවත්, සියලුම මනුෂ්‍ය‍යන් සමාන බවත් ප්‍රකාශ කිරීමය. මෙහිදී අවුරුදු කෝටි ගණනක් ගතවීමේදී මිනිසා විකාශයට හෙවත් පරිණාමයට පත්වූ බව වාසෙට්ඨ සහ භාරද්වාජ යන සාමනේරවරුන් දෙදෙනාට පැහැදිලි කරන බුදුරදුන් මහපොළොවේ සහ මිනිසාගේ සම්භවය පිළිබඳව දීර්ඝ වශයෙන් විස්තර කරන ලදී.

දස පුණ්‍ය ක්‍රියා විභාගය

Highlights:

01 දානය – පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරන පරිත්‍යාගය

02 සීලය – පාප ක්‍රියා වලින් වැළකීම, ථතාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම

03 භාවනාව – සමථ, විපස්සනා භාවනා වල යෙදීම හා සත් තිස් බෝධි පාක්ෂික ධර්ම දියුණු කර ගැනීම

04 අපචායනය – ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම

05 වෙය්‍යාවච්චය – ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම

06 ප්‍රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම

07 පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම

08 ධම්ම ශ්‍රවණය – තථාගතයන් වහන්සේගේ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම

09 ධම්ම දේශනාව – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් ථතාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම

10 දිට්ඨිජ්ජු කම්මය – සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම

දසපින් කිරියවත් පිළිබඳව අටුවාවන්හි හා ත්‍රිපිටකාගත කරුණු දක්වමින් සම්පාදිත ග්‍රන්ථයකි.

මහා ශ්‍රාවිකාවෝ

Highlights:

ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පමණක් නොව ඊට පෙර පහල වූ සම්බුද්ධ ශාසන වලත් පසුව අනාගතයේ පහල වන ශාසන වලත් මෙහෙණි සස්න පවතින බව බුද්ධ වංශ දේශනා වලින් පෙනේ. අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ඛේමා – උප්පලවන්නා දෙනම අග්‍ර ශ්‍රාවිකා ලෙස පත් කර වදාළ අයුරින් තමන් වහන්සේලා ගේ සස්නේ මෙහෙණින් වහන්සේලාට නායකත්වය දීම පිණිස සෑම සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමක්ම අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේ ලා නම් කර වදාළ අප ඒ පුරාණ අග්‍ර ශ්‍රාවිකාවන් වහන්සේලා ගැන දැන ගනිමු.

අචාන් චා නැත

Highlights:

“ලෝකය පවතින්නේ ඉතා තදින් කැළඹුණු ස්වභාවයකිනි.
මනසෙහි පහළ වන කැමැත්ත
අකමැත්තක් බවට පත් වෙමින්
එය වෙනසකට භාජනය වන්නේ
ලෝකයේ පවතින මෙම
කැළඹීම් ස්වභාවය නිසාය.
අපි අපේ මනස නිශ්චල කිරීමට
ඉගෙන ගනිමු නම් අපෙන්
ලෝකයට කෙරෙන මහත්ම උපකාරය එයයි.”

කරණීය මෙත්ත සූත්‍රය

Highlights:

1. කරණීය මත්ථකුසලෙන

යං තං සන්තං පදං අභිසමෙච්ච

සක්කෝ උජූ ච සූජූ ච

සුවචෝ චස්ස මුදු අනතිමානී

අදහස

ශාන්ත වූ නිවන ලබා ගෙන නිවනට පැමිණ දුක් කෙළවර කරනු කැමති සත්පුරුෂයා විසින් ඒ සඳහා කළ යුත්ත කියමි. ඔතෑනි නොවන අලස නොවන ශීලාදි ගුණධර්ම පිරීමට සමතකු විය යුතුය.

නොදත් දෙය දන්නා සේ නො කරන දෙය කරන සේ කරන වරද නො කරන සේ පෙනී සිටින කපටියකු නොවී අවංක පුද්ගලයකු විය යුතු ය. හොඳට ම අවංක පුද්ගලයකු විය යුතු ය. ධර්මය විනය පිළිගන්නා වූ ගුරුන්ගේ අවවාද මුදුනින් පිළිගන්නා කෙනකු විය යුතු ය. ධර්මයට විනයට ගුරුන්ගේ අවවාදයට පටහැණිව කථා කරන නොයෙක් ප්‍ර‍ශ්න ඉදිරිපත් කරන දිරූ දරකඩක් බඳු නොවී මෘදු පුද්ගලයකු විය යුතු ය. ජාති ගෝත්‍රාදිය හිස මුදුනට ගත් තද මානය ඇතියකු නොවී නිහතමානී පුද්ගලයකු විය යුතු ය.

සිගාලෝවාද සූත්‍රය

Highlights:

බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින කල්හි, එක උදෑසනක පිඩු සිඟා වඩින කල, සිඟාලක නම් වූ එක ගෘහපතියෙක් තෙත් වූ හිසකෙස් ඇතිව, තෙත වස්ත්‍රයන් පිටින් දිශා හයකට වැඳ නමස්කාර කරන ආකාරය දුටහ.
එකල්හි බුදුන් වහන්සේ ඔහුගෙන් “කවර හේතුවක් නිසා මෙසේ සදිශාවන්ට නමස්කාර කරත් දැ” යි විමසූහ.
එවිට සිඟාලක ගෘහපතියා “ස්වාමිනී මගේ පියා මියයන විට ‘දරුවා සදිශාවන්ට නමස්කාර කරන්න’ යි උපදෙස් දුන්නේය. එනිසා මෙසේ දිශාවන්ට නමස්කාර කරමි” යි පිළිතුරු දුනි.
එවිට බුදුන් වහන්සේ “ගෘහපති පුත්‍රය, බුදු දහමේ සදිශාවන්ට නමස්කාර කරන්නේ මීට වඩා වෙනස් ආකාරයක ටැ” යි වදාළහ.

පිරුවානා පොත් වහන්සේ

Highlights:

පිරුවානා පොත් වහන්සේ

ත්‍රිවිධ බෝධි බුදු බලය

Highlights:
තුන් සරණේ ගුණ බලයෙන් ලෙඩ රෝග සුවකරන බෝධි පූජා විධි.

සූවිසි ගුණ ශාන්තිය

Highlights:
දිනපතා තෙරුවන් වදින පුදන අවස්ථාවලදී කියනු ලබන එම ප්‍රධාන ගාථා තුනේ තේරුමද සදහන් කරමින්, ගාථාවල ඇතුළත් වන තිසරණ සූවිසි ගුණබලයෙන් ලෙඩරෝග සුවකර ගතහැකි ශාන්ති ක්‍රමයක් ලෙස මෙම කුඩා දහම් පොත වැදගත් වේ.

මුල් බුදු දහම

Highlights:

මුල් බුදු සමය අළලා කරන ලද මෙම කුඩා ග්‍රන්ථය එම ධර්මය ගැන දැනීමක් ලබා ගැනීමට රුචියක් දක්වන සාමාන්‍ය මහජනයා සදහා අදහස් මෙහි අන්තර්ගත වෙයි.මුල් බුදු සමය පිළිබදව විමසිල්ලක් නොකර බෞද්ධ දර්ශනයට යාමට තරමක් අසීරු බව ග්‍රන්ථයෙන් හෙලිදරව් කරයි.බුදු දහමෙහි විශිෂ්ඨතවයත්,දුරවබෝධය ලැබීමටත් මෙය මහත් සේ උපකාරී වේ.

ග්‍රහ අපල දුරලන බොදු පිළිවෙත්

Highlights:
රවි-චන්ද්‍ර ආදී කිසිම ග්‍රහයෙක් අපට අපල කරන්නේ නැති බවත්, බෞද්ධ කමට නොගැලපෙන මිසදිටු ඇදහිලි අතහැර බෞද්ධ වත් පිළිවෙත් ක්‍රම තුළින්ම අපල හෙවත් පෙරපව් ගෙවා ගැනීමට හැකි බවත්, පෙන්වා දෙමින් ඊට අවශ්‍ය බොදු පිළිවෙත් දක්වා තිබේ.

මහා පරිනිර්වාණ සූත්‍රය

Highlights:

බුදුන් වහන්සේගේ අවසාන කාලය පිළිබඳ තොරතුරු මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙයි. දෙවි කෙනෙකු නොවූ උත්තරීතර මනුෂ්‍යයකුගේ ආදර්ශවත් ශාස්තෘවරයකුගේ සැබෑ ස්වරූපය, මෙම සූත්‍රය තුළින් අපට මතුව පෙනෙයි.

සාමාන්‍ය මිනිසකු ද අසූවිය තරම් ජීවිත කාලයක් සපිරුණු විට මතුවන පොදු දුබලතා බුදුන්වහන්සේට ද විය. තම කයේ තතු උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ අයුරිනි.

ආනන්දය! දැන් මම ජරාවට පත්ව සිටිමි. දැන් මා මහල්ලෙකි. මගේ වයස දැන් අසූවකි. දිරූ, ගැලක් උණ පතුරු ආදිය තබා බැඳ යන්තම් රඳවා තබා ගන්නා සේ තථාගත ශරීරය ද යන්තම් රඳවාගෙන සිටිමි.

බුදුන්වහන්සේගේ ජීවිතය අවසන් තෙමස හා බැඳුනු සිද්ධීන් පිළිබඳව කෙරෙන අනුවේදනීය විස්තර ඇතුළත් පාළි සූත්‍රයේ සම්පූර්ණ සරල සිංහල පරිවර්තනයකි.

බෞද්ධ ගෙදරට ආරක්ෂාවට බොදු පිළිවෙත් සහ පිරිත් දේශනා

Highlights:
බෝධි පුජාවක්, සත්බුදු පුජාවක් පවත්වා ගැනීමට අවශ්‍ය ගාථා සහ කවි අත්‍යවශ්‍ය පිරිත් දේශනා, අපල විපත් අඩු කර ගැනීමට – ලෙඩ රෝග සුවකර ගැනීමට සසර වූ වැරදි වලට සමාව ගන්නා අන්දම, රෝග සුව කර ගැනීමට අවශ්‍ය භාවනාවක්, අහිංසාවාදි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය උපදේශන සහ බණ කථා ආදි විවිධ ධර්මෝපදේශ රැසක් මෙවර දහම් පොතට ඇතුළත් කර ඇත.

විසුද්ධි මාර්ගය

Highlights:

සත්වයන්ගේ විසුද්ධිය සඳහා ඇති
එකම මාර්ගය සතර සතිපට්ඨානය යි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය ද
එයට ම සම්බන්ධ වෙයි.
සතිපට්ඨානයෙන් පසක් කර ගන්නා
පඤ්ඤා, සීල,සමාධි හා
විමුක්ති නිවන් මගේ සන්ධිස්ථානයෝ ය.
එම නිවන්මග විමුත්තිමග්ග කියාද
විසුද්ධිමග්ග කියාද හැඳින්විය හැකිය.
ඒ අනුව නිවන් මග හෙලි කරන ග්‍රන්ථය
විසුද්ධිමග්ගයයි.

සසර කෙටිකර ගැනීමට – සසර දුකින් මිදීමට මමත් භාවනා කරමි.

Highlights:
පෝදා සිල්සමාදන්වූ අවස්ථාවලදී මෙන්ම ගෙදරදීත්, භාවනා කරන අයට- ඉතා ප්‍රයෝජනවත් වන ධර්ම ග්‍රන්ථයකි. භාවනා කරන අයෙකු විසින් දැනගත යුතු දහම් කරුණු ඉතා සරල බසින් ඉදිරිපත් කර තිබේ.

බුත්සරණ

Highlights:

ජාතක කථා විපස්සනාදී ඤාණ,ලෝක පිළිබද විමසීම් පුද්ගල දමනය,දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී බුදුරජාණන් වහන්සේගේ උත්තම චරිතය පිළිබද විශිෂ්ට වර්ණනාවකි “බුත්සරණ”…

පූජාවලිය

Highlights:

බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරයෙන් බිඳක් පාඨක පහන් සංවේගය දනවන අයුරින් ඉදිරිපත් කරන මේ සම්භාව්‍ය කෘතිය පුරාණයේ පටන් බෞද්ධයින්ගේ ආදර ගෞරවයට පාත්‍ර වුවකි. සෑම බෞද්ධයකු විසින්ම කියවිය යුත්තකි…

මිලින්ද ප්‍රශ්නය

Highlights:

මිලින්ද ප්‍රශ්නය -සාහිත්‍ය හා දර්ශන දෘෂ්ටි කොණයෙන් ථෙරවාදී බෞද්ධ ධර්මයට විශාල ගෞරවයක් ලබා දෙයි.

මිලින්ද නම් රජ කෙනෙකුන් විසින් නගන ලද උභතොකොටික වූ ප්‍රශ්නයන්ට නාගසේන නම් රහත්තෙරකෙනෙකුන් වහන්සේ විසින් දෙන ලද ධර්මානූකූල පිළිතුරු සංග්‍රහ කොට කරණ ලද පාළි ග්‍රන්ථය මිලින්ද පඤ්හ ය යි ප්‍රසිද්ධ ය.

මේ ග්‍රන්ථයට හිමි වන්නේ පාළිසාහිත්‍යයෙහි ඉතා ශ්‍රෙෂ්ඨස්ථානයකි.

Life Of The Buddha 4 ( Buddhist Series)

Highlights:
These books are for the benefit of children to improve their Knowledge of the Dhamma and the English language.

Maharahatun Wedimaga Osse – Giving up 7

Highlights:
The articles of this book has written in Sinhala by most venerable Rajagiriye Ariyañāna Thero in Sri Lanka. Ven. Dr. Bhikkuni Kusuma
translated it as “Giving Up”. Everybody should read and realize.

බුද්ධ – THE BUDDHA

Highlights:
මෙරට ඉතිහාසය අපට සැපයූ ඉතිහාසඥයන් විද්වතුන් විසින් ඒ ඉතිහාසය වශයෙන් අපට පෙන්නුම් කරන ලද්දේ, උගන්වන ලද්දේ මෙරට පාලනය කළ රජුන්ගේ නාමාවලියක් සහ ඊට අමතරව ඔවුන් විසින් ඉදි කරන ලද වැව් අමුණු, වෙහෙර විහාර, දාගැබ් පිළිබඳ විස්තරයකුයි. ඒ රජවරුන් මෙරට පාලනය කලේ කුමන දර්ශනයක්, කුමන ආචාර ධර්ම පද්ධතියක්, කුමන සභ්‍යත්ව පදනමක් උඩ ද ආදී වූ කරුණු ගැන අවබෝධයක් අපට නො ලැබිණ. ඒ ගැන අප පුදුම විය යුතු නොවේ. මේ ඉතිහාසය අපට කියා දුන් ඉතිහාසඥයන්, විද්වතුන් අයත් වන්නේ මැකෝලි සාමි බිහි කළ පරපුරටයි. ඔවුන්ට අනුව අප ශිෂ්ටාචාරයක් සභ්‍යත්වයක් නිර්මාණය කරගත නොහැකි වූ අශිෂ්ට ගෝත්‍රික පිරිසකි. යම් ශිෂ්ටාචාරයක් පෙර දවස වී නම් එය අද වන විට මියගොස් පාෂාණීභූත වී අවසානය. ඔවුන්ට අනුව අද අප කළ යුත්තේ ඒ මිය ගිය අතීතය අමතක කර අද ඇති විෂම සභ්‍යත්වයේ සාමාජිකයන් බවට පත් පත්වීමය.

පින්සිත් වඩන පන්සිල් මළුව 06

Highlights:
2016 පෙබරවාරි මස සිට 2016 ජූනි මස දක්වා සිරස ගුවන් විදුලියේ ප්‍රචාරය වූ “පන්සිල් මළුව” අංක 31 සිට 35 දක්වා වූ වැඩ සටහන්වලදී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් විමසනු ලැබූ ප්‍රශ්නවලට අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු පැහැදිලි කිරීම්, අන්තර්ජාලයෙන් උපුටාගෙන විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කෙරුණු මෙම දහම් පොත ධර්මාවබෝධය සදහා උපකාරි වන ඇත.

සසර කතරෙන් එතෙර වන්නට (සදහම් දෙසුම් අංක -1)

Highlights:

මේ ධර්ම ග්‍රන්ථය ලේඛණ ශෛලියෙන් නොව සාමාන්‍ය‍යෙන් ධර්මදේශණයක් පවත්වන ව්‍යවහාර විලාශයෙන්ම සංස්කරණය කර ඇත.

ධර්මාභිලාෂි පැවිදි-ගිහි සැමටම “සසර කතරෙන් එතෙර වන්නට” නම් මේ දහම් පොත අතිශයින් ප්‍රයෝජන්වත් වේ.

සීල සමාදානෝපදේශය

Highlights:

පොහෝ දිනවල සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට ප්‍රයෝජනවත් වනු පිණිස ශීල සමාදානෝපදේශය නමැති මෙම පොත සකසා ඇත. මෙහි ඇතුළත් විවිධ කොටස් කියවා බලා තේරුම් ගැනීම බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත. සියලු ප්‍රධන කරුණු සිංහල තේරුම්ද සහිතව ඇතුළත් කර ඇත්තේ වඩාත් ඵලදායක වීම සඳහාය.

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ – අතහැරීම 16

Highlights:

බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය මැජික්කරුවෙක්, මායාවක් යැයි දේශනා කොට තිබියදීත්, අපි තවමත් එම මැජික්කරුවා, මායාකරුවා මම යැයි ගන්නවා, මගේ කොට ගන්නවා, මාගේ ආත්මය කොට ගන්නවා. සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම මම යැයිම ගන්නවා.

රෝග සුවයට භාවනා සහ පිරිත් දේශනා

Highlights:

“රෝග සුවයට භාවනා සහ පිරිත්” යන කුඩා ග්‍රන්ථය 90% ක්ම රෝග සුවය ලබාදීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයනවාට කිසිදු සැකයක් නැත. මෙම පොත පරිශිලනය කර එහි සඳහන් භාවනා ක්‍රම පිළිපැදීමෙන් කායික, මානසික නිරෝගීතාවය ලබාගත හැකිය.

තරහ ගියොත් මෙහෙම කරන්න සහ තවත් දේශන (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ – අංක 11)

Highlights:

තරහයෑම හෙවත් කෝපවීම අප කාට වුණත් අයහපතක් මිස යහපතක් නොසලසයි. තරහයෑමෙන් තරහ යන්නා කායික හ මානසික උපද්‍රවවලට ගොදුරු වේ. අඹු දරුවන්, නෑදෑ හිතමිතුරන් හා සමාජයේ සෙසු ජනයා සමඟ පවත්වන සබඳතාවන්ට හානි පැමිණේ. මේ නිසා තරහයෑම පාලන කළ යුතු දුර්වලකමකි.

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම

Highlights:
  • බෝධි පාක්ෂික ධර්ම
  • සතර සතිපට්ඨානය
  • සම්‍යක් ප්‍රධාන
  • සෘද්ධි පාද
  • ඉන්ද්‍රිය
  • බල
  • සද්ධා, විරිය, සති සමාධි හා ප්‍රඥ ලක්ෂණ…

වැරදීම් ජයග්‍රහණයට පාර කියාදේවි සහ තවත් දේශනා (සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ – අංක 13)

Highlights:
  • වැරදීම් ජයග්‍රණයට පාර කියාදේවි
  • ගැටවර වියේ අය ගැන වැරැදියට හිතන්න එපා
  • කල් පවතින වේදනාවකට සාර්ථකව මුහුණ දෙන්නේ මෙහෙමයි
  • සතුට සොයා ගන්නේ මෙන්න මෙහෙමයි

කළුතර සහ මොරොන්තුඩුවේ තුන්තරා බෝධි බුද්ධ පූජා

Highlights:

කළුතර සහ මොරොන්තුඩුවේ තුන්තරා බෝධි බුද්ධ පූජා නම් කෘතිය, වන්දනා අවස්ථා වල කළ නොකළ යුතු දේ පිළිබඳ අගනා කවි සහ ගීත ඒ ඒ අවස්ථාවලට අත්‍යවශ්‍ය පිරිත් සූත්‍ර, පිරිත් පාඨ හා ආශිර්වාද ගාථා, භාවනා විධි සහිත නිර්මාණයකි.

මංජු (මරණය හා ස්මරණය)

Highlights:

සාහිත්‍ය කෘතියක් ද නොවන,
එසේ නොවන්නේ ද නොවන,
දාර්ශනික කෘතියක් ද නොවන,
එසේ නොවන්නේ ද නොවන,
පර්යේෂණ ග්‍රන්ථයක් ද නොවන,
එසේ නොවන්නේ ද නොවන,
මේ අමුතු පොත,
ජීවිතයේ ඉම්පෙදෙස් හා මරණයේ තීර්ථය හරහා
ඔබ රැගෙන යයි.
සුනඛ සුරතලුන් දෙදෙනකුගේ ජීවිතය හා මරණය පිළිබඳ
සරල කතාවකින් ඇරඹෙන එය,
දිය බිඳුවක් සිතුවම් කෙරෙන කුඩා පින්සලකින්
මහසයුරක් චිත්‍රණය කරයි.

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ – ආර්ය අෂ්ටාංගික මාර්ගය

Highlights:

“මේ උතුම් ආර්ය
අෂ්ටාංගික මාර්ගය,
පින්වත් ඔබ නිවැරදිව
ජීවිතයට එකතු
කරන්නේ නම්, සෑම
නිමේෂයකදීම, නිවනට
පක්ෂ වෙන්නා වූ
සත්තිස් බෝධිපාක්ෂික
ධර්මයන් සියල්ලම ඔබ
තුලින් ලියලා වැඩෙනු
ඇත.”

Maharahatun Wedimaga Osse – Giving up 4

Highlights:
The articles of this book has written in Sinhala by most venerable Rajagiriye Ariyañāna Thero in Sri Lanka. Ven. Dr. Bikkuni Kusumaa
translated it as “Giving Up”. Everybody should read and realize.

Maharahatun Wedimaga Osse – Giving up 3

Highlights:
This book is the english traslation of the original sinhala book consisting of a series of articles authored by a most venerable thera, who is a highly venerated sri lankan wandering buddhist monk residing in remote monasteries and forest hermitages.

Maharahatun wedimaga Osse – Giving up 1

Highlights:
The articles of this book has written in Sinhala by most venerable Rajagiriye Ariyañāna Thero in Sri Lanka. Sunil Wettimuny translated it as “Giving Up”. Everybody should read and realize.

ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ භාවනා අත්දැකීම් සහ තවත් ධර්ම පර්යේෂණ ලිපි

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. සමාරම්භ කතා
  2. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ භාවනා ක්‍රමය
  3. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ භාවනා උද්‍යෝගය
  4. බුදු බව පැතූ නාහිමි සෝවාන් වූයේ කෙසේද?
  5. සෝවාන් වීමේදී සිදුවන මානසික පරිවර්තනය….යනාදිය..

නිවන් මග උදම් වැකි

Highlights:

‘නිවන් මග උදම් වැකි’ ග්‍රන්ථයට ඇතුළත් ඇත්තේ ථෙරගාථට්ඨ කථාවලින් තෝරා ගත් කථා කීපයකි. ථෙරගාථට්ඨ කථා ඇතුළත් වන්නේ බුද්දක නිකායට ය. මහ රහතන් වහන්සේලා මාර්ගඵල සුවය නුවණින් විමසා බලා කළ ප්‍රීති වාක්‍ය ය.උදාන වාක්‍ය ය. ඒ මහ රහතන් වහන්සේලා අතීත කථා අපූරුවට පෙළ ගස්වති. කල්ප ගණනක් පුරා භවයෙන් භවේ ගෙවූ කටුක මෙන්ම මිහිරි සිදුවීම් ප්‍රකාශ කෙරේ. ඉන් සංසාර ස්වභාවය පැහැදිලි වේ.

අජරාමර ලෝකය (ජීවිතය, අතහැරීම, මතු භවය සහ නිවන)

Highlights:

මරණය අත දරා උපදින සියලු දෙනාම මේ පොත පින් පොත සේම ළඟ තබා ගනු වටී. මෙය ජීවන අත්පොතක් ලෙස නිරතුරුව සුරකිව පරිශීලනය කළ යුතු මාහැඟි ග්‍රන්ථයකි.

සර්ව වර්ණ යෝග කර්ම – භාවනා සතර කමටහන් (කෙලෙස් තවන නූතන යෝගියෝ-2)

Highlights:

‘ශ්‍රද්ධාව’ නම් ‘නිවන් දොර යතුර’ දැක ගන්න හොඳම මග ‘බුදු ගුණ මනසිකාරය’යි. අපව දවන තවන තරහව ද්වේෂය ක්ෂය කරන රහස ‘අසුභ භාවනාව’යි. උඩඟුකම මමත්වය නැති කරන්නට සරණ නම් ‘මරණ සතිය’ යි. මේ සතරාකාර ආරක්ෂාව සලසාලන්නේ ‘චතුරාරක්ෂා භාවනාව’ යි.

සසල සසරින් මිදෙන නිසල නිවනක මහිම (කෙලෙස් තවන නූතන යෝගියෝ-3)

Highlights:

දැවීමත්, නිවීමත් ඇත්තේ අපේ සිත තුළ යි. සැබෑ විමුක්තිය පතා දිනාගත යුත්තේ, අපේ සිත මිස අවට ලෝකය නොවේ. ලෝකය දිනු සක්විති රජවරු ද තම සිත ඉදිරියේ පරාජිතයෝ වූහ. මේ පොතෙන් දිග හැරෙන්නේ, ඒ සිත දිනන මගයි.

‘නිවන’ ආවරණය කරන ‘පංච නීවරණ’, ‘භාවනා පළිබොධ’, ‘භාවනා ආසන නිමිති’, ‘පිළිවෙත් හා සුදුසු සෙනසුන්’ ගැන ද මෙහි විස්තර කෙරේ.

අට්ඨකථාවලින් නිරූපිත ලක්දිව භික්ෂුචර්යාව

Highlights:

උල්ලාස තුනක් පුරා යොමුවන විෂයධාරා තුළින් අතීත ශ්‍රී ලංකා භික්ෂු සමාජයේ ප්‍රෞඩත්වය, පෘථුලත්වය, තත්කාලීන භික්ෂුත්වය හා ස්වදේශජත්වය මැනවින් පිළිඹිඹු කරනා මෙය අගනා පර්යේෂණ කෘතියකි.

නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්

Highlights:

“නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්” ලිපි මාලාව ධර්මානුගාමී සදාත්නික ආධ්‍යාත්මික සත්‍ය‍යක් වෙත් අප යා කරවයි.

සූපසන් ජීවිතය

Highlights:

අන්තර්ගතය

  1. සීලය
  2. පරිත්‍යාගය
  3. පවත්වන සතිපට්ඨානය – සතිය හෙවත් සිහිය
  4. වැනසීම සහ සැනසීම
  5. අස්ථිර ලෝකයේ – ස්ථීර ද? අයිතිය (නතුම්හ සූත්‍රය ඇසුරෙන්)
  6. සැපට කැමති හැමට අවැසි – ගද්දුලබද්ද සූත්‍රය
  7. මරුන් පරදන මග කියාදෙන – කුම්මෝපම සූත්‍රය

විදු ඇස් පාදන බුදු රැස්

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. උදම් රළ,වසංගත සහ මෘග සංඥා
  2. ලෝක විනාශය සහ ආශ්චර්යය
  3. ලෝකෝත්පත්ති ගවේෂණය
  4. තුන් කල් දැක්ම..

නොපෙනෙන අමනුෂ්‍ය‍යන්ගෙන් සිදු වන විපත්

Highlights:

අමනුෂ්‍ය‍යන් යනු කවුරුන්ද? අමනුෂ්‍ය‍යන් මිනිසුන්ට බලපෑම් කරන්නේ කෙසේද? අමනුෂ්‍ය උවදුරින් මිදෙන්නේ කෙසේද? ඒ පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ කුමක්ද? යන්න ධර්මානූකූලව මෙම ග්‍රන්ථය තුළින් පහදා දී ඇත.

අමනුෂ්‍ය‍යන් නිසා හටගන්නා රෝග (හොල්මන් අවතාර තුළ ඇති ධර්මානුකූල පදනම)

Highlights:

අමනුෂ්‍ය‍යන් නිසා හටගන්නා රෝග නමැති මෙම ග්‍රන්ථයෙන් විවිධ අමනුෂ්‍ය බලපෑම් නිසා මිනිසාට ඇතිවන කායික මානසික රෝග ගැන ක්‍රමාණුකූල පර්යේෂණාත්මක විස්තරයක් ඉදිරිපත් කර තිබේ.

නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම් – 02 සෝවාන් ඵලයෙහි මහිමය

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. සෝවාන් වීමට ජීවිතය කැප කරමු
  2. සෝතාපන්න භාවනා ගුරුවරයා
  3. සෝතාපන්න වූ කලාකරුවා
  4. විජ්ජූපම චිත්ත පුද්ගල සෝතාපන්නයා
  5. පන්දහසක් කල් යනතුරු සෝවාන් විය හැකියි! යනාදිය…

කව්සිළුමිණ

Highlights:

නහන මෙහෙ නියුත් දෙනෙ අද සොයා විල්වත්

සදා මඟ විසිත් කැරැ ගෙන මිටුසක් විටී මේ

විද්‍යාචක්‍රවර්තීන්ගේ බුත්සරණ

Highlights:

බාහිර උපාධි පරීක්ෂණ සඳහා නියමිත කොටස් ඇතුළත් වේ. විද්‍යාචක්‍රවර්තීන්ගේ අමෘතාවහ නම් බුද්ධචරිතය හෙවත් බුත්සරණ අංගුලිමාල, නාලාගිරි, තීර්ථක, ආලවක දමන හා වෙස්සන්තර ජාතකය ගැටපද විවරණ සහිතයි.

සිංහල බෝධි වංශය

Highlights:

ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් ප්‍රණීත සිංහල බෝධි වංශයේ අන්තර්ගය.

  1. අභිසම්බෝධි කථා
  2. ආනන්ද බෝධි කථාව
  3. දශබල පරිනිර්වාණ කථා
  4. ප්‍රථම සඞ්ගීති කථා…යනාදිය..

අභිධානප්පදීපිකා නම් වූ පාලි නිඝණ්ඩුව

Highlights:

අභිධානප්පදීපිකා නම් වූ පාලි නිඝණ්ඩුව

ව්‍යාසකාරය සහ හිතොපදෙශය

Highlights:

ව්‍යාසකාරය සහ හිතොපදෙශය

භාවනාව

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. භාවනා යනු කුමක් ද?
  2. සමථය හා විදර්ශනාව
  3. සමථ ලක්ෂණ
  4. කමටහන් සතලිස
  5. භාවනා ඵල…යනාදියෙන් සමන්විතය.

පාළි නාමපද මාලාව හා ආඛ්‍යාත පද මාලාව

Highlights:

පාළි නාම වරනැගිල්ල පුරාණ ආචාර්යවරයන් විසින් ලියා තිබුණු ගාථාව්‍යාඛ්‍යානය අඩුතැන් පුරවා ආචාර්ය සිප්කඩුවේ සුමංගලාභිධාන නායක ස්ථරවිරයන් වහන්සේ විසින් කරන ලද අඛ්‍යාත ව්‍යාඛ්‍යාව ද ගළපා එක පොතක් වශයෙන් ගලපා පාළි භාෂාව ඉගෙන ගන්න වුවන්ගේ සුඛාවබෝධය සඳහා අක්ෂර ශොධනාදිය කොට අච්චු ගස්සවන්ට යෙදුණා ඇති.

යසෝදරාවත

Highlights:

නිමනැති සංසාර සාගරය පීන                    ලා

නිමනැති වස්තු ඇස් ඉස් ලේ දන් දී             ලා

නිමනැති වීරියක් කෙරුවාය හිත වෙ           ලා

නිමනැති බුදු බවට ජීවිත දන් දී                   ලා

බුද්ධ මාලාව හෙවත් පිරිත් සෙත් ශාන්තිය සහ දේව කන්කලව්ව

Highlights:

බුද්ධ මාලාව හෙවත් පිරිත් සෙත් ශාන්තිය සහ දේව කන්කලව්ව (සම්පූර්ණ ආරක්ෂා ක්‍රම 150)

  • බුද්ධ මාලාව
  • දසමාර පිරිත
  • හනුමා පිරිත
  • චක්ක පිරිත
  • රතන සූත්‍රය
  • රන්දෙනේ ගාථා…යනාදියෙන් සමන්විතය.

The Buddhist Way OF Life – For Grade 11

Highlights:
This book draws special attention to the grade 11 student’s needs.

පැරණි බෞද්ධ වන්දනා ගාථා සහ පූජා ගාථා එකතුව සෙත් පිරිත් සහිතයි

Highlights:

වැඳීම පිදීම මිනිසුන් අතර මෙන්ම දිව්‍ය බ්‍රහ්මාදීන් අතර ද පවත්නා දෙ සිරිතකි. සමහරු මෙලොව සෙත පතා ද සමහරු මෙලෝ පරලෝ යන දෙලෙව්හිම සෙත පතා ද සමහරු ලෞකික සැප හා සදාකාලික සැප පතා ද ඇතැමෙක් එබඳු කිසි සැපක් සෙතක් ලබන අටියෙන් නොව දැයෙහි කුලෙහි සමාජයෙහි දේසයෙහි ප්‍රදේශයෙහි සිරිත් ගරු කිරීම් වසයෙන්ද වැඳුම් පිදුම් කෙරෙති.

තෙල-කටාහ-ගාථා

Highlights:

මෙහි ඇතුළත් දෑ

  1. රාජාශිර්වාදය /1
  2. තෙරුවන් වැදීම /1
  3. රත්නත්‍රයානුභාවය /2
  4. සාමාන්‍ය අවවාද /3
  5. මරණානුසමෘතිය….
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping