Religion & Beliefs

Religion & Beliefs

(Showing 301 – 360 products of 567 products)

Show:

සිතට ආහාර

Highlights:
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.

පවුල් ජීවිතයේ අවුල් විසදාගන්නේ මෙහෙමයි

Highlights:

Buddhist attitude in family පවුල් ජීවිතයේ අවුල් විසඳාගන්නේ මෙහෙමයි.

Bringing up chidden දරුවන් හදාවඩා ගන්නේ කෙසේද?

Sex, family, money and Buddhism කාමාස්වාදය, පවුල් කෑම,මුදල් මහා බුදු දහම

Why are we here, why are we born අප මෙතැන සිටින්නේ ඇයි? අප මෙළොව ඉපදුනේ ඇයි?

විශවකම්ප්‍රකාශය හෙවත් ගෙබිම් ශාසත්‍රය

Highlights:

විශවකම්ප්‍රකාශය හෙවත් ගෙබ්ම් ශාසත්‍රය

සෙත්කවි කලාව

Highlights:

සිරිසෙත ලැබ ගැනුම පිණිස සෙත්කවි බැඳුම ද,
අනුනට අයහපත සලසනු පිණිස වස්කව් බැඳුම ද,
අති පුරාණයේ පටන් පැවතගෙන එනු ලැබේ.
වත්මන්හි එහි ව්‍යාප්තිය බොහෝදුරට හීනවීගෙන
යන හෙයින් ඒ සම්බන්ධ ශාස්ත්‍ර යුක්ති එක්තරා
ප්‍රමාණයෙකින් විස්තර කිරීම අපගේ අදහසයි.

සෙත් කවි වස් කවි රචනය වනාහි එක්තරා
මන්ත්‍ර ක්‍රම විශෙෂයෙකි. ඒ සඳහා පුරාණචාය්‍ය‍ර්‍
වරයන් විසින් දක්වන ලද ගුරුඋපදේශ හොඳාකාර
දැන ඉගෙන ඒ අනුව කටයුතු කළහොත් නියම
ප්‍රතිඵලය ලබා ගත හැක.

උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

Highlights:

උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ

සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත 

Highlights:

සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත “ආධ්‍යාත්මික
ස්නායුවේද විද්‍යාව (Neurotheology) සහ මිනිස් මොළ තරංග ආශ්‍රිතව
සිදුකළ ප්‍රායෝගික අධ්‍ය‍යනයකි” යනුවෙන් නම් කොට ඇති මෙම ග්‍රන්ථය
මානව විද්‍යා අධ්‍යයන (Anthropology) සහ ආධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාව
(Neurotheology) පදනමකින් සිදුකර ඇති පර්යේෂණයක ප්‍රතිඵලයකි. මෙහිදී
සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළ පවතින මහපිරිත නම් බෞද්ධ ධර්ම ගායනය
පුනරාවර්තනීය ආගමික පාඨයක් ලෙස සලකා අප විසින් පර්යේෂණය සිදුකරන
ලදී.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි ආධ්‍යාත්මික ස්නායුවේදී විද්‍යා පර්යේෂණ සිදු
කිරීමෙන් මෙරට සංස්කෘතියේ යාවත්කාලීන වටිනාකම් ඉතා හොඳින්
ඉස්මතු කළ හැකි බව විශ්වප්‍රාණී අධිභෞතික පර්යේෂණ සංගමයේ
සහ කතුවරයාගේ විශ්වාසයයි. ඒ අනුව ඉතා ප්‍රතිඵලදායක චිකිත්සක
ක්‍රමයක් ලෙස හඳුනා ගත් මහා පිරිත ගායනය සහ ශ්‍රවණය අවසානයේ
බුදු දහමේ දැක්වෙන නිර්වාණගාමී පටිපදාව සමඟ ද බද්ධ වන අකාරය
මේ කෘතිය මඟින් දක්වා ඇත.

සාරාවලිය

Highlights:

යම් හිරු දෙවියකු පහළ වු කල (හිරු උදා වු කල) මෙ ලෝ වැසි
තෙමේ පිබිදීමට යේ ද මුදුන් වු කල ගොවිතැන් වෙළෙඳ්‍රම් ඈ
කටයුතුවල යෙදේ ද හිරු බට කල(අසතංගත වු කල)ශයනය කෙරේ
ද එ බඳු ක්‍රියා කරවන සියලු ලෝ වැසි දන ගේ එකම ආත්මය වු ඒ
හිරු දිනේ වා!

පෙර විසු ගගර්‍ පරාශරාදි මුනිවරයන් විසින් විස්තර වශයෙන්
රචිත හෝරා ශාසත්‍රය පිරික්සා වරාහමිහිරාචායර්‍ යන් විසින් එය
සැකෙවින් දක්වන ලදි.

මහා යන්ත්‍ර ශ්‍රෙණිය

Highlights:

මහා යන්ත්‍ර ශ්‍රෙණිය සකස් කරන ලද්දේ යන්ත්‍ර
රත්නයෙන් දිය නොහැකි වු ලොකු යන්ත්‍ර සමුද්‍රය අප
පාඨකයන් හමුවේ තැබීමටය. බහු ප්‍රචාරයට නොගිය
ඉතා බලගතු යන්ත්‍ර ඒවා කරන අන්දමත් සහිතව මීට
ඇතුළත් කර ඇත.

දේව කන්නලව්ව

Highlights:

දේව කන්නලව්ව – පාලිත සෝමකීර්ති

සද්ධර්මාලංකාරය

Highlights:

ද්වීතීය ධර්මකීර්ති මාහිමියන්ගේ මහා සාහිත්‍ය කෘතිය සද්ධර්මාලංකාරයයි. එය පොළොන්නරු කාලයේ සිට පොදු ජනයා සදහා ලියැවී ආ බණකතා සංග්‍රහයට ගම්පොළ කාලයේදී එක්වූ සිංහල මහා බණ පොතකි. එසේ ම එය පාලි බණ සිංහලෙන් ලියු පොත් ගණයට වැටෙන්නකි.

නුවණැතියන් ශ්‍රි සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ (නෙත්තිප්ප්‍රකරණය)

Highlights:

ප්‍රථම සංගීතියට ඇතුළත් වූවත් නොවූවත් මේ
පොත ඊට ආසන්න කාලයකදී ම ප්‍රකරණයක් වශයෙන්
පිළියෙල වී යයි පිළිගත හැක. අභිධර්මය ගැන කිසිවක්
මේ පොතේ සඳහන් නොවේ. එයින් උද්ධෘත පාඨ කිසිවක් ද
දක්නට නැත. මෙය අභිධර්මය සකස් කිරීමට මත්තෙන්
සම්පාදිත වූවක් යයි කිව යුතුයි…. සත්‍යවිනිර්මුක්ත බුද්ධ
දේශනාවක් නැති බැවින් හැම බුද්ධ දේශනාවකම ඇතුළත්
සත්‍ය මොනවා දැයි සෙවීම මේ ආවට්ටහාරයෙන් කරනු ලැබේ.
මේ නෙත්ති ක්‍රමය අනුව ඉගැනීමක් මෙකල ථේරවාදීන් අතර නැත.”

සාගත මහ රහතන් වහන්සේ

Highlights:

“මහණෙනි, මගේ මේ ශාසනයේ තේජෝ ධාතු සමාපත්තියට
සමවදින භික්ෂුන් අතුරින් සාගත භික්ෂුව අග්‍ර වේ.”

උපවාන මහා රහතන් වහන්සේ

Highlights:

“උපවාන මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසු මහා ශ්‍රාවක නාම ලේඛනයේ හැටනව වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම දක්නට ලැබේ. බුදුරදුන්ට ස්ථිර උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලු ම උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලුම උපස්ථානාදිය සිදු කළ තෙරවරුන් අතර මේ උපවාන මහ තෙරුන් ද ප්‍රකටය.

අස්සජි මහ රහතන් වහන්සේ

Highlights:

“මට තථාගතයාණන් වහන්සේ ගේ ධම්ය අවබෝධ
කර ගැනීමට හැකි වුයේ අස්සජි මහ රහතන් වහන්සේ
නිසාවෙනි. උන් වහන්සේ මාගේ ආචාර්යයන් වහන්සේ යි.

මම උන් වහන්සේ ගේ පිහිටෙන් අද ධම්සේනාපති
වෙමි. කෙලෙස් සතුරන් නසාදමා සියලු ගුණයන්හි
පරතෙරට පැමිණ කරමි.

මාගේ ආචාර්යයන් වහන්සේ වු අස්සජි මහ රහතන්
වහන්සේ යම් දිශාවක වැඩ වාසය කරයි නම් මම ඒ
දිශාවට හිස හරවා සැතපෙමි.”

සැරියුත් මහ රහතන් වහන්සේ.

චුන්ද මහ රහතන් වහන්සේ

Highlights:

චුන්ද මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ හතළිස්අට වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම සඳහන්ව ඇත.ධර්ම සේනාධිපති සැරියුත් මහ රහතන් වහන්සේගේ සොහොයුරෙකු වු මුන් වහන්සේ “චුන්ද මහා චුන්ද, චුන්ද සාමණේර” ආදී නම් කිහිපයෙන් ම හදුන්වා ඇති බව පෙළ අටුවා විමසීමෙන් පෙනෙයි. ථෙර අපදාන පාළියේ චුන්ද ස්ථවිරාවදානයේ එක් තැනක “චුල චුන්ද” යන නම දක්නට ලැබේ.

පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ

Highlights:

සෘද්ධි ලැබු පමණින් නිර්වාණය නොලැබෙන අතර සෘද්ධි නොලැබීම හේතුවෙන් නිර්වාණාවබෝධය සිද්ධ නොවන්නේ ද නොවේ. පැහැරගෙන යනු ලැබු දරු දෙදෙනෙකු නැවත රැගෙන එනු ලැබීම, දුප්පත් දැරියකට අගනා රන් මාලයක් මවා දීම සහ බිම්බිසාර රජුගේ මාලිගාව රන්මුවා බවට පත් කිරීම් වශයෙන් පිළින්දිවච්ජ් රහතන් වහන්සේගේ සෘද්ධි ප්‍රාතිහාය්‍යය ප්‍රකට ය. ශ්‍රාවක වු පිළින්දිවච්ජ් තෙරුන්ගේ සෘද්ධි බලය එසේ නම් ශාස්තෘ වු බුදුරජානන් වහන්සේගේ සෘද්ධි බලය කෙසේ දැ,යි කිව යුතු නැත.

ගුරුළුගෝමීන්ගේ අමාවතුර

Highlights:

ගුරුළුගෝමීන්ගේ අමාවතුර

කෙම්බිම ජ්‍යොතිෂ සංග්‍රහය 1

Highlights:

ලෙඩ දෙකක් ඇති සතෙක් ලෙඩ එකක් ඇති ගහක් ලඟ සිට ගෙන කන්න බැරි දෙයක් ඉල්ලා කෑගහනවා. කිසියම් සත්වයෙකු ගේ කර්ම ශක්තිය නිවැරදිව දැකිය හැක්කේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේලාට පමණි.ඒ ඒ කර්මයන් ඇති වීමට ජන්මියා කළ කී දෑ සහ එයට හවුල්කරුවන් හවුල් කරුවන් ගේ වත්මන් තත්වය එම කර්ම සිදුකළ කාලය එයට යෙදුන හේතුව ආදි කුසල හෝ වේවා !අකුසල හෝ වේවා! කර්මය පිළිබඳ නිවැරදි දැන ගැනීමට නම් ලොව්තුරා බුදු රජාණන් වහන්සේලා ගේ දේශනා වල කර්ම විෂය අචින්ත හෙවත් අවසානයක් නොමැති බව සඳහන් ය. කර්මය රහත් බව ලබා සිටිය ද පල දෙන බවත් රහත් බව ලැබිමෙන් පසු කරන කියන කටයුතු සඳහා කර්මයක් ඇති නොවන බවත් සඳහන් ය.

අද්භූත ලෝකය පියවි ලෙසින්

Highlights:
ශ්‍රී ලාංකේය ජන සමාජයේ ගුප්ත විශ්වාස මුල් කොට සිදුකරනු ලැබු හේතුවාදි ගවේෂණ අළලා සිංහලෙන් ලියවුණු ප්‍රථම කෘතිය 2001 වසරේ එළිදැක්වු “ජනකාන්ත මිථයා මත” ග්‍රන්ථයයි.
එය සම්පාදනය කළ ශ්‍රී ලාංකේය ජන විශ්වාස පිළිබද පර්‍යේෂක තිලක් සේනාසිංහයන් විසින් සම්පාදිත මෙම කෘතිය ද අප සමාජයේ ගුප්ත විශ්වාස නම් වන් අදුරු පරාසය වෙත එල්ල කළ
දීප්තිමත් විද්‍යාත්මක සහ යථර්ථවාදි ආලෝක ධාරාවක් මෙනි.

සන්න සහිත පුරාණ මහා සතිපටඨාන සූත්‍රය

Highlights:

සන්න සහිත පුරාණ මහා සතිපටඨාන සූත්‍රය

සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ අංක 32

Highlights:

කොරෝනාව අපට කියදුන් පාඩම් බොහෝය සහා තවත් දේශන……….                    සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළෙහි අංක 32 පොතට ඇතුලත් වන්නේ අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ විසින් කොරෝනා වසංගත කාලයේ පැවැත් වූ දේශනා හතරක සිංහල පරිවර්තනයයි.

පූජාවලිය (31-34 පරිච්ඡෙද)

Highlights:

පූජාවලිය  (31-34 පරිච්ඡෙද) සිරි තිලකසිරි

යන්ත්‍ර චින්තාමණි

Highlights:

ලෝකයේ නොයෙක් ශාසත්‍ර ඇත්තේ මිනිසාගේත් සමාජයේත් යහපතට මිස විනාශයට නොවෙ. මනත්‍ර ශාසත්‍රය ද එසේ ය.තමන් දන්නා ශාසත්‍රයෙන් සමාජයට විපතක් නොකර තමන්ගේත් යහපත සඳහා යෙදීම බුද්ධිමත් සත්පුරුෂයන්ගේ සිරිතය. මේ ග්‍රන්ථයෙහි එන වටිනා ශාසත්‍රයෙන් ද එබන්දනට මහත් සේවයක් කළහැකිබවය.

අභිනව ලිත්හෝඩිය සහ මුහුර්ත සාධනය

Highlights:

අභිනව ලිත්හෝඩිය සහ මුහුර්ත සාධනය

සීවලී මහ රහතන් වහන්සේ

Highlights:

බුදු සසුනේ ලාභීන් අතර අග්‍රස්ථායනය ලද්දේ සීවලී මහ රහතන් වහන්සේ ය. එය විදර්ශී බුදුරදුන් දවස කරන ලද ප්‍රාර්ථනයක් සමෘද්ධ වීමක් ලෙස විස්තර වේ.

අතීතයේ විදර්ශී බුදුරදුන් ලොව පහළ වූ සමයෙහි දඹදිව බන්ධුමතී නුවර වැසියෝ රජු හා තරඟයට නොයෙක් ආහාර පාන රැස්කොට බුදු පාමොක් මහ සඟනට මහ දන් පවත්වන්නට වූහ. ඔවුනට එක් දිනක දී කිරි හා මී පැණි සොයාගත නොහැකි විය. ඔවුන් ගෙන් කිහිප දෙනෙක් මී හා දී සොයමින් අසල ගම්මාන කරා ගියහ.

අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති

Highlights:

පරම පූජනීය වු බුද්ධ වචනය තැන්පත් මහා සද්ධර්ම මඤ්ජුසාව වු සුත්‍ර පිටකයෙහි ඛුද්දක නීකායට අයත් “සුත්ත නිපාතය” නම් වු පාරිශුද්ධ ග්‍රන්ථයේ අංග සම්පුර්ණ සිංහල පරිවර්තනයයි.

සැලෙන මනසට සතර සතිපට්ඨාන භාවනා විධි.

Highlights:

දිනක් බුදුරජාණන් වහන්සේ කුරුරට කල්මාෂ දම්‍ය නම් නියම් ගමට වැඩියහ. එහිදි භික්ෂුන් අමතා මහා සතිපට්ඨාන සුත්‍රය දේශනා කළහ.

සංසාර මන්දිර

Highlights:

Gina Cerminara  විසින් ලියන ලද Many Mansions-The Edgar Cayce Story Reincarnation කෘතියේ සිංහල පරිවර්තනය. ඇමරිකානු දිවැසින් දුටු කර්මය හා පුනර්භවය මෙහිදී විස්තර වෙයි.

රාවණ රාවය

Highlights:

රාවණ රාවය

ඛේමා මහ රහත් තෙරණිය

Highlights:

ඛේමා මහ රහත් තෙරණිය

අනුස්සති භාවනා

Highlights:

බුදු ගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත්,ධර්මයේ ගුණ සිහි කරමින් ධම්මානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත් මාර්ග ඵල ලාභී ආර්ය මහා සංඝයාගේ ගුණ සිහි කරමින් සංඝානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත්,සීලයේ ගුණ සිහි කරමින් සීලානුස්සති භාවනාව දියුණු කරගන්නා ආකාරය ගැනත්,මෙම සදහම් ග්‍රන්ථය මඟින් ඔබට කියාදෙයි.

භාවනා අත්පොත

Highlights:

පුජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ කුඩා අවධියේ සිටම භවනානුයෝගී ජීවිතයක් ගත කරමින් ඒ පිළිබඳ මනා අත්දැකීම් ලබා ඇති භික්ෂුන් වහන්සේ නමකි. ත්‍රිපිටකය හා තදනුගත අටුවා ග්‍රන්ථ හොඳින් කියවා ථේරවාදී භාවනා ක්‍රමය පිළිබඳ නිරවුල් අවබෝධයකින් මෙන්ම නුතන විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳව මනා පරිචයකින් ද යුක්ත හිමි නමකි. එබැවින් උන්වහන්සේ භාවනා ක්‍රමය පිළිබඳ මෙබඳු ග්‍රන්ථයක් රචනා කීරීමට අවශය්‍ය සියලු සුදුසුකම් වලින් යුක්‍තය.

සඟමිත් තෙරණිය දෙසු බණ කතා

Highlights:

සඟමිත් තෙරණිය දෙසු බණ කතා

ගවම්පති මහ රහතන් වහන්සේ

Highlights:

” කිසියම් භික්ෂු නමක් තම ඍද්ධි බලයෙන් ‘සරභූ’ නම් ගගේ සැඩ පහර නැවැත්වුවා ද එසේ කළ ඒ ‘ගවම්පති’නම් භික්ෂුව රාගාදි කෙලෙස් සතුරන් ගෙන් තොර ය. නිකෙලෙස් ය.සියලු කෙලෙසුන් නසාදමා භව ගමන අවසන් කළ ඒ මහා මුනිවරයාට දෙවියෝ වැද නමස්කාර කරති.”

බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

Highlights:

“දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික්ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරීය මහ රහතන් වහන්සේ දුටු සේක.

අදුරෙන් එළිය කරා කායානුපස්සනා භාවනා

Highlights:

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ටාන භාවනාවන් දේශනා කොට වදාළේ කෙලෙසුන්ගෙන් අපිරිසිදු වු සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිසත් , සෝක වැලපීම්වලින් නිදහස් වීම පිණිසත්, චතුරාර්ය සත්‍ය‍ය අවබොධය පිණිසත් ඒ අමා නිවන සාක්ෂාත් කිරිම පිණිසත්‍

අනතතා සහ නිබබාන ( Anatta and Nibbana )

Highlights:

අනතතා සහ නිබබාන ( Anatta and Nibbana )

නිසල විල

Highlights:

‘Still Forest Pool” නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය අචාන් චා හිමියන්ගේ දේශනාවල එකතුවකින් සම්පාදනය කරන ලද්දකි.

1 ශ්‍රේණිය බුද්ධ ධර්මය ( පළමු, දෙවන හා තෙවන වාර ඇගයීම් )

Highlights:

1 ශ්‍රේණිය බුද්ධ ධර්මය ( පළමු, දෙවන හා තෙවන වාර ඇගයීම් සම්පාදිතෛයි. ) ප්‍රශ්න ප්‍රත්‍ර පිළිතුරු

උතුම් කාන්තා රත්නයක් වූ යශෝධරා තෙරණිය

Highlights:

තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, බුද්ධත්වයට පත්වීම සදහා සාරාසංඛ්‍ය කල්ප ල්කෂයකට පෙර දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සුමේධ තාපසව සිටිමින් පළමු විවරණ ලැබ එකී සාරාසංඛ්‍ය කල්ප ලකෂ්‍යය තුළ බෝසත්වරෙයෙකු වශයෙන් කිසිදු අඩුවක් නැතිව දසපාරමී පෙරුම්පුරා බුද්ධත්වයට පත්වූ සේක.
යශෝධරා දේවිය ද සුමේධ තවුසා බුද්ධත්වයට පත්වීමට ඉහත කී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබා ගැනීමෙන් අනතුරුව සුමිත්තා නම් පරිබ්‍රාජිකාව වූ වර්තමාන යශෝධරා දේව්ය ද, කාරණා තුනක් ඉටුකර ගැනීමට ප්‍රාර්ථනා කළාය.

දෙවියෝ සහ භූතයෝ

Highlights:

දෙවියෝ සහ භූතයෝ ලෝකයේ නූතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සිය නිම් වළලු කොතරම් දුරට පුළුල් කරගැනීමට සමත්වූවත් මානව සංහතියේ පැවැත්ම කේන්ද්‍රගතව පවත්නා සම්ප්‍රදායික මිථ්‍යා දෘෂ්ටි සංස්කෘතියෙන් ඔවුන් ගලවා ගැනීම එතරම් පහසු කාර්යයක් වී නොමැත. මෙවන් පසුබිමකදී රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් මිථ්‍යා මතවාදී රැල්ල මානව සමාජයේ ප්‍රගමනයට බාධාවක්ව පැවැති කාලවකවානුවේදී සමාජය වෙළාගත් මිථ්‍යා විශ්වාස බිඳ දමා මානව චින්තනය නව ප්‍රවේශයකට යොමුකිරීමට පුරෝගාමී මෙහෙයකට මුලපිරූ ආචාර්ය ඒබ්‍රහම්. ටී කොවුර් අපට කියාදුන් හේතුවාදී දර්ශනය තුළින් විශ්වය හා එහි අන්තර්ගත සියල්ල පිළිබඳ යථාර්තය, ඇති සැටිය, සත්‍යය අඩංගු සුපිරිසුදු ඥානය හුදෙක් මානව බුද්ධිය මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය භාවිතකොට මිනිසා ලබාගන්නා දැනුම් සම්භාරය පමණක් බව වර්තමාන සමාජය දැන් අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටින බව නොරහසකි. ශ්‍රී ලාංකේය සමාජයට හෙතෙම තිළිණ කළ මා හැඟී ග්‍රන්ථ දෙකකි. ඉන් එකක් “මා කළ ගවේෂණ” කෘතිය වන අතර අනෙක් ග්‍රන්ථය “දෙවියෝ සහ භූතයෝ” කෘතියයි. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් හේතුවාදී සාහිත්‍යයකට තිළිණ කළ මෙම කෘති යළි මුද්‍රණයට පිවිසීම කාලෝචිත ප්‍රයත්නයක් වන අඅතර මීට පෙර “මා කළ ගවේෂණ” කෘතිය පසුගියදා එළිදැක්වුණු අතර, “දෙවියෝ සහ භූතයෝ” නමැති මෙම කෘතිය එම ප්‍රවාහයේ දෙවන කෘතියයි.

මා කළ ගවේෂණ

Highlights:

ආචාර්ය කොවූර් ස්වකීය ගවේෂණ රැසක් එක් කොට ලියු ග්‍රන්ථයක සිංහල පරිවර්තනයක් ‘ මා කළ ගවේෂණ ‘ නමින් බිහිවන මෙමඅවස්ථාවෙි මතකයට නැංවෙන කරැණු කීපයකි.කොවූර්ගේ මූලිකත්වයෙන් ගොඩනැංවුනු ලංකා හේතුවාදි සංගමය’හේතුවාදි සංදේශය ‘ නමැති සඟරාව සිංහලෙන් පළ කළ අවධියේ ඒ වෙත පළ වූයේ නොමද පාඨක අවධානයකි. කොවුර්ගේ කෘතියකපරිවර්තනයක් ‘ දෙවියෝ සහ භුතයෝ ‘ නමින් සිංහලෙන් පළ වූයේ තවත් කලක් ගතවු පසුවය. එය කොවුර් ප්‍රකට කළ හේතුවාදි චිනත්නයලිඛිත මාධ්‍යයක් ඔස්සේ ග්‍රහණය කරගැනිමට සිංහල කියවන ඡනතාවදැක්වු කුහුල හා කැමැත්ත මතු වී පෙනුන අවස්ථාවක් විය.

කොවූර්ගේ තවත් ග්‍රන්ථ සිංහලෙන් පළ වී ඇත්ද, එම විෂයය ගැනලියැවුනු අනෙකුත් පොත් මොනවාදැයි පාඨකයන් විමසන්නට පටන්ගත්තේ එතැන් පටන්ය.’ මා කළ ගවේෂණ ‘එය පාඨක උත්තේජනය වෙනුවෙන් නැගුණු ප්‍රතිචාරයකි.හේතුවාදී සාහිත්‍යය තව දුරටත්පරිහරණය කිරීමෙි අභිරැචියකින් පසුවන පාඨකයන් හට මෙය ‘දෙවියෝ සහ භුතයෝ ‘ අභිබවාලන කෘතියක් වනවාට කිසිදු සැකයක් නැත.පහසුවෙන් රැවටෙන,අසන දකින දේ සොයා නොබලා අදහන මිනිසුන්ගේ එම දුබලකමිවලට සිනාසෙමෙින් කොවූර් මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ අපුරැ ශෛලයකිනි.ඔහු සිනසෙන්නේ මිනිසුන් හිස මත දරා සිටින මොහාන්ධකාරයට මිස එම බරින් පීඩා විඳින මිනිසුන්ට නොවෙි. මිථාවෙි බරින් මිදීමට හේ ජනතාව වෙත සුරත දිගු කරන්නේ උතුරා යන මානව දයාවකිනි.වසර අසුවක් ඈතට දිවගොස් නිවී ගිය මොහුගේ ජිවිතය පුරාම එම මානව දයාව ඉතිර පැවතුනි.

විවිධ සංනිවෙිදන මාධ්‍යයන් ඔස්සේ මිථ්‍යා මතිමතාන්තර ජන ජිවිතය පුරා පැතිරෙමින් පවතින අවධියක කොවූර් නැති පාඩුව මඟ හරවා ගැනිමට මෙම කෘතිය මඳ වශයෙන් හෝ උපකාරී වන්නේ නමි ඔහු මෙවැන්නක් ලිවිමෙි අරමුණ එයින් ඉටු වනවා ඇත.

එඩිවඩි චන්ද්‍රසිරි

සිනාසෙන සුදු හාමුදුරුවෝ – 27

Highlights:

අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන්  තෝරාගත් මාතෘකාවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.

සිනාසෙන සුදු හාමුදුරුවෝ – 28

Highlights:

Letting go past
ප්‍රීතිමත් ජීවිතයකට පහසුම මග මෙන්න
Energy in our body & mind from inspiration
කෘතිම උත්තේජන නැතිව ප්‍රබෝධය ළඟාකර ගැනීමේ රහස
Addictions & attachment
ඇබ්බැහිකම් හා ඇලීම් නිසා සිදුවන හානි වළක්වාගන්නේ කෙසේද?
Learn not to blame yourself
වැරැද්දක් සිදුවුඛාම අන් කිසිවකුට හෝ තමන්ට හෝ දොස් පවරන්න එපා

කේන්දර බලන හැටි 8 – වෘශ්චික ලග්නය

Highlights:

කේන්දර බලන හැටි  8 – වෘශ්චික ලග්නය

බුදු දහමින් පිළිබිඹුවන ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම

Highlights:

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ තමා අවබෝධ කොට ගත් ධර්මාර්ථයන්ට විවිධ මාර්ග ඔස්සේ ශ්‍රාවකයන් ගෙන ගොස් ඇත. නූතන අධ්‍යාපන විද්‍යාඥයන් ඉගැන්වීමේ ක්‍රම වශයෙන් සඳහන් කරන අධ්‍යාපන ක්‍රියාවන් උන් වහන්සේගේ ධර්ම මාර්ගයන්හි විසිරී පැතිරී පවතී. ඒවා පිළිබඳව ත්‍රිපිටකාගත කරුණු ඇසුරින් විමසා බැලීම මෙම ග්‍රන්ථයේ මූලිකාධ්‍යාශය යි.

සතිපත්ට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති

Highlights:

සතිපත්ට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති

සිනාසෙන සුදු හාමුදුරුවෝ – 26

Highlights:

මෙම කෘතිය ඔස්ට්‍රෙලියාවේ වැඩ වාසය කරන අජාන් බ්‍රහ්මවංසො ස්වාමීන් වහන්සේ‌ේගේ දේශන මාලා සහිත පොත් පෙළක 26 වැනි පොතයි.  මෙහි අතුලත් වන්නේ (1) අපේ සතුරන්ටත් අපට මෛත්‍රී කළ හැකිද? එවැනි අයට මෛත්‍රී කළ හැක්කේ කෙසේද? (2) මනාව කළමනා කලොත් ජය නියතයි (3) බලාපොරොත්තු සුන් කරන ගන්න එපා. විසදුම අත ලගයි (4) බයවුණාම බොහෝ දේ නැති වෙනවා. බය නැති කර ගන්න යන දේශනා ය.

සීනාසෙන සුදු හාමුදුරුවෝ – 29

Highlights:

මෙම කෘතිය ඔස්ට්‍රෙලියාවේ වැඩ වාසය කරන අජාන් බ්‍රහ්මවංසො ස්වාමීන් වහන්සේ‌ගේ දේශන මාලා සහිත පොත් පෙළක 29 වැනි පොතයි. මෙහි ඇතුලත් වන්නේ  (1) ජීවිතය කියන්නේ පටලැවිලි ගොඩක්.  මේ පටලැවිලි ලිහාගන්නේ කොහොමද? (2) මරනය හා ජීවත්වීම පිළිබදව බුදුදහම කියන්නේ කුමක්ද? (3) ඔබ ඔබේ ගෙදරට අකමැතිනම්, ගෙදර සිරගෙයක්.එසේ නම් නිදහස යනු කුමක්ද? (4) බලාපොරොත්තු ඉහළ ගිය තරමට වේදනාව ද වැඩියි යන දේශනා ය.

6 ශ්‍රේණිය – බුද්ධ ධර්මය බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පළමු-දෙවන-තෙවන වාර පරීක්ෂණ

Highlights:

6 ශ්‍රේණිය – බුද්ධ ධර්මය බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පළමු-දෙවන-තෙවන වාර පරීක්ෂණ

බක්කුල මහ රහතන් වහන්සේ

Highlights:

“…..පසුව සිව්වණක් පිරිස එක්ව බක්කුල මහ රහතන් වහන්සේ ගේ ශේෂ වු අස්ථි ධාතු නිදන් ගත කර සැවත් නුවර ස්තූපය ‘බක්කුල මහ සෑය’ යනුවෙන් ප්‍රකට විය. බොහො දෙවියෝද මනුෂ්‍යයො ද බක්කුල මහ රහතන් වහන්සෙගෙ අස්ථි ධාතු නිදන් ගත කර තැනු එම ස්තූපය වන්දනා කර සිත පහදවා ගෙණ දෙව් මිනිස් සැප සම්පත් උදා කර ගත්හ.”

1 2 4 5 6 7 8 9 10
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping