Product Tag: ගොඩගේ පොත් ප්‍රකාශන

ගොඩගේ පොත් ප්‍රකාශන

Showing all 11 results

Show:
10% DISCOUNT

ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජිනි

Highlights:

ඩබ්ලියු. ඒ. සිල්වාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රබල පෑන, 1957 මැයි 31 වැනි දින සිට සඳහට ම ක්‍රියා විරහිත වී ඇත්තේ ය. ඔහුගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය අප කෙරෙන් තුරන් වී ඇත්තේ ය. එහෙත් සිංහල සාහිත්‍යය වෙනුවෙන් මුළු ජීවිතය කැපකොට, පනස් වසරක් තුළ ඔහු විසින් ලියා තැබූ අගනා මිණිවන් අමරණීය මහා පොත් රැසක් නො‍නැසී පවත්නේ ය.

රු765.00
10% DISCOUNTSold Out

පහනක අඳුර

Highlights:

මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක්‍රාන්තීන් ඔස්සේ
දම්බ සමාජයක් හෙවත් ප්‍රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා
අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද
දරුණු ආර්ථික හා සමාජ ව්‍යසනයේ ඇතුළාන්ත පරිණාමය
අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක්
ලෙසිනි.

අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල්
නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම
මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව
ප්‍රහසනය නිමවයි.

සමාජ-දහවල එළිය කළ ප්‍රබුද්ධත්වයේ සූර්යයා ද,
සමාජ-රාත්‍රිය පහන් කළ ප්‍රබුද්ධත්වයේ පහත් ද නිවී යයි.
පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ
ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට
කළු කුහර ද මවති. දුස්වප්නයක් බවට පත් වුණු මෙරට
රාජ්‍යයේ හා නිදහසේ සිහිනය සිංහල නවකථා වංශාවලිය
තුළ කියැවේ.

රු990.00
10% DISCOUNTSold Out

අකාල අහස

Highlights:

“මහා පොළොවේ අයිතිය ඉල්ලලා මිනිස්සු සටන් කරනවා. එක එක්කෙනා මරා ගන්නවා. තව කොටසක් බලය නැති වේ කියලා තියෙන බයට අහුවෙන කෙනාව මර මරා බලය රැක ගන්න උත්සාහ කරනවා. හැමදාම අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු කොටසක් කවදත් මේ රටේ හිටියා.”

ඔසඳ

“ගඟ සන්සුන් වෙන කොටත්, රළු වෙනකොටත් මට ඒක කලින්ම දැනුණා, ඒත්, දැන් ගඟ වෙනස් වෙලා රාළහාමි…ගඟට වුණත් දරන්න බැරි තරම් කතා ගඟේ පා වෙලා යනවා”

කාසිම්

රු1,305.00
10% DISCOUNTSold Out

කුඹලා මැටි පදම්කළ හැටි

Highlights:

ෂා…! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත
තීරණයක් ද බං ඒක. බලපං…! අදත් මං මේ මැටි වළේ මැටි
කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං
ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක්
රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ්‍යයක්
ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං.
මං අදටත් මැටිකපනව. මේ අහපං… අපේ තාත්ත ගත්ත තීරණේ
හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල
තියෙනවනේ මිනිස්සු ගස්වලට නගිනව. ගහේ කොච්චර
ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං
ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල
පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක
තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ
තමයි

රු990.00
10% DISCOUNTSold Out

කරුනෙ

Highlights:

“මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි
මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ……….
අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක්
ඉස්කෝලෙ ගියාම ඇති…. නිවීහැනහිල්ලෙ
කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ….
අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන
හැටි කියාදෙන්නෙ නෑනෙ… ඒක කරන්ට
පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට
යන්නෙත් නෑ… පන්සිල් ගන්නෙත් නෑ….
ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින
මිනිහෙක්… බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි
කවුරුහරි කියා දෙන්ට හිටියනං
බුදු හාමුදුරුවන්ට මේ කපේදි
බුදු වෙන්ටත් බෑ…”

රු630.00
10% DISCOUNT

චාලක රසායනය

Highlights:

චාලක රසායනය ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙම පොතින් ආවරණය වී ඇති අතර අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු විස්තර ද මෙම පොතට ඇතුළත් වේ.

තවද, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද මෙහි අඩංගු වේ.

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යාව විෂය නිර්දේශයට ඇතුළත් නොවන ඉතා සුළු කොටස් කිහිපයක් ද පුර්ණත්වය සඳහා මෙම ග්‍රන්ථය ඇතුළත් කර එම කොටස් * ලකුණින් දක්වා ඇත.

රු585.00
10% DISCOUNTSold Out

චාලක රසායනය, වර්ග කළ බහුවරණ ප්‍රශ්න

Highlights:

මෙය චාලක රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.

ඔබ චාලක රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.

රු450.00
10% DISCOUNT

විද්‍යුත් රසායනය වර්ග කළ බහුවරණ

Highlights:

මෙය විද්‍යුත් රසායනය යන ඒකකය හදෑරීමේ දි භාවිතා කළ හැකි කෘතියකි.

ඔබ විද්‍යුත් රසායනයට අදාළ කිසියම් උප ඒකකයක් අවසාන කළ පසු ඊට අදාළව මෙම පොතේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට උත්සහ කරන්න. එය ඔබගේ දැනුම වර්ධනයට මෙන් ම අවශ්‍ය දැනුම ඔබට ලැබී ඇත් ද යන්න දැන ගැනීමට ද වැදගත් වේ.

රු360.00
10% DISCOUNTSold Out

කුරුගහ මණ්ඩිය

Highlights:

පරිසර සං‍රක්ෂණය, පරිසර දුෂණය, පරිසර ගවේෂණය, පරිසර කළමනාකරණය මෙන්ම දුරාතීතේ පටන් මෙරට ජන ජීවිතය හා බැදුණු පාරිසරික වටිනාකම් ද තෙවසරකට අධික කාලයක් පුරා රිවිර හරහා කූරගහ මණ්ඩිය ඔස්සේ ගලා බැස්සේය. ඒ අතුරින් තෝරාගත් විශේෂිත තීරු ලිපි එකතුවක් මෙසේ දොරට වඩිනුයේ මෙරට පාරිසරික ප්‍රවෘත්ති කලාව නව මංපෙතකට යොමුකරමිනි.

රු405.00
10% DISCOUNTSold Out

මිටියාවත

Highlights:

කවිය, ගීතය, ගුවන් විදුලි නාට්‍ය, කෙටිකතාව, පුවත් පත් විශේෂාංග, දැන්වීම්කරණය… ආදි බහුවිධ ක්ෂෙත්‍රයන්හි ඔහු දක්වන සමත්කම මිටියාවතේ ද නොඅඩුව පවති. පරිසර සන්නිවේදනය තුළින් ශ්‍රි ලාංකිය ජනතාව වෙත පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව නිර්මාණකරුවෙකු ලෙසින් ඔහු ලබාදෙන දායකත්වය අතිශයින් අගය කළ යුත්තේය. දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අප හමුවේ පවතින පරිසර අර්බුද සම්බන්ධයෙන් අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මිටියාවත ඔස්සේ සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසින් ගලා ගියේ කාගෙ කාගේත් හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. නැවත නැවතත් සිතන්නට යොමු කරමිනි.

රු315.00
10% DISCOUNTSold Out

සිංහල නර්තන කලාව

Highlights:

මෙම කෘතිය වු කලී උඩරට.පහතරට සබරගමු නර්තන සම්ප්‍රදායයන් හා නර්තන කලා ඉතිහාසය පෙරහර සංස්කෘතිය, නළු ඇඳුම් පැලඳුම් වන්නම් ආදි වු නර්තනයේ විවිධ ක්ෂේත්‍ර ආවර්ණය වන පරිදි රචනා කරන ලද ප්‍රශස්ත කෘතියකි.

රු855.00
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping