Product Tag: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

(Showing 1 – 60 products of 63 products)

Show:
10% DISCOUNT

මෙ’දිවිය මෙතනින් නවතමි

Highlights:
මේ වූ කලීආත්ම භාෂණයකි. මෙහි කථානායකයා ආර්ථික අසීරුතවයන්ගෙන් තොර පසුබිමක හැදී වැඩුන පුද්ගලයෙකි. හෙතෙම තරුණ වියෙදීම ස්වකීය වෘත්තීය ජීවිතයෙහි කුසලතා පළ කරන්නෙකි. මෙහි නිරූපිත කථානායිකාව අර්ථික අසීරුතාවන් නිසා අසරණව, අකාරුණික හා ශෝචනීය සමාජ පසුබිමක ගිල ග්‍රහණයට පත් වුණු තැනැත්තියකි.
රු765.00
10% DISCOUNT

දුරගිය තරමක්

Highlights:
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹූණේ අහම්බෙන් රාත්‍රී සමාජ ශාලාවකය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැගීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකෂ්ගේ ප්‍රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පළාතක ගම්බද නිකේතනයකය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළාය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවාය. ඒ තමාට අතවර කිරීමට ඔහු උත්සහා කල බව ඔහුගේ සදාතනික පෙම්වතිය වන ඇලීෂාට ඇමතුමකින් දැන්වීමෙනි. නීතියට ඔහු මිනීමරුවෙකු විය. පෙම්වතියට ඔහු අතවර කිරීමට තැත් කළ අසංවරයෙකි. කාර්‍යාලයට තම කළමනාකාරිනිය මරා දැමුවෙකි. කිසිදා නොවෙනස් යැයි සිතන ආදරයක ඉරණම එතැන් පටන් කුමක් සිදුවිය හැකිද? නොසිතන සිදුවීමකින් සදාතනික ආදරයක් අවසන් වන්නේද?
රු990.00
10% DISCOUNT

දෙහදක සටන

Highlights:
කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වුවාය. මාකි වුල්කන් සහ ආර්‍යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප්‍රකට සර් මොන්ටේගු රෙවර්ස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධවනයකට පොළබවා ගන්නේ උපක්‍රමශිලීවය. ඔහු අතරමඟ ගම්බඳ නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩීයාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත්‍රිය නවාතැන් ගැනිම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට සැලසුමක් බව දැනගැනීමෙන් ආර්‍යා කැරොලයින් භීතියට පත්වේ. අවසානයේ ඇය පරිපූර්ණ ප්‍රීතිමත් බව අත්කර ගත්තේ කෙසේද යන්න මේ සරාගී මෙන්ම භීතිය ඇතිකරවනසුලු සාහසික ප්‍රේම වෘතාන්තයේ සටහන්ව ඇත.
රු1,170.00
10% DISCOUNT

බිතු සිතුවම් වැනි මිතුදම්

Highlights:

“මට මේ වාත අමාරුව හැදුණෙ වෙන ඒව කරලයි. ඒ දවස් වල හෙණ කට්ට අව්වේ රබර් වළවල් කපන්න ගිහින්. දවසක් මට හොඳටම දැනුණ උදැල්ල පස්සට ගන්න කොට මුදුන් යට ලීයක් කැඩුණ වගේ කොඳු ඇටේ දිගේ මොකක්ද එකක් පුපුරණව… උන් මන් අස් කරෝතින් නම් මන් ඔතන ගිනි තියලයි නවතින්නෙ..”

රු360.00
10% DISCOUNTSold Out

සිතින් සිතක් රිදෙනා හැටි

Highlights:

මනුෂ්‍ය සම්බන්ධතා ඇතිවීමට මූලිකව ඉවහල් වන්නේ මිනිස් හැඟීම්ය. මනුෂ්‍ය සම්බන්ධතා බිඳවැටීමට ඉවහල් වන්නේ ද මිනිස් හැඟීම්ය. සිත් රිදෙන්නට මුල් වන්නේ ද මිනිස් හැඟීම්ය. එහෙත් “සිත් රිදීම්” හේතුවෙන් මනුෂ්‍ය සම්බන්ධතා එහෙම පිටින්ම බිඳ නොවැටේ.

පෙම්වතුන්, පෙම්වතියන්, අඹු සැමියන්, දෙමාපියන්, දරුවන්, අසල්වාසීන් පමණක් නොව එකට වැඩ කරන අය අතර ද සිත් රිදීම් ඇතිවීම සොබාවයයි. හේතු ඇතුව ද නැතුව ද සිත් රිදෙන තත්වයන් තිබේ. කිසිදු කිසිවිටක කිසිවෙකුගේ සිතක් නොරිද වූ කෙනෙකු නැත. සමහර සිත් රිදීම් දුර දිග ගොස් අවසාන මනුෂ්‍ය සම්බන්ධතා ද බිඳ වැටේ. මේ තත්වය ගැන අවබෝධයක් ලබාදීමට “සිතින් සිතක් රිදෙනා හැටි” නම් කෘතිය සම්පාදනය කර ඇත.

රු630.00
10% DISCOUNTSold Out

කෝපය ජය ගන්නේ මෙහෙමයි

Highlights:

කෝපය මනුෂ්‍යත්වයේ ස්වාභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නොවේ.ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම් ,ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදු වන හානිය ,පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත. රොන් සහ පැත්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන ,එබඳු කෝප ශෛලි දහයක් මෙහි හදුන්වා දෙති.මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්‍රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මගින් ඔබේ කෝපය කවර ශෛලියේ (හෝ ශෛලිවල ) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මඟ පෙන්වයි.මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක්‍රම ,කෝපය සුවදායක ලෙස සහ ඵලදායක ලෙස ප්‍රකාශ කළ හැකි ආකාරය ඔබට පෙන්වා දෙයි.

රු666.00
10% DISCOUNTSold Out

හෙයිඩිගේ දරුවෝ

Highlights:

“අපි අනික් අයගේ ජීවිත වලින් පාඩම් ඉගෙන ගන්න ඕනෙ. අපට ආදරය කරන කෙනෙක්ගේ හිත රිදෙන කල් පමා වෙන්න හොඳ නැහැ. ලෝකෙ වටිනාම දේ සල්ලි නෙවේ. තව කෙනෙක්ගෙ හිතේ අපි ගැන ඇතිවන
ආදරය,

කරුණාව….”

රු567.00
10% DISCOUNTSold Out

ගුරු ගුණ සුවඳ

Highlights:

ළමා කළ තමා නිසි යැවීමට දිරි දී මඟ පෙන්වූ ගුරුවරුන් ගැන වැඩිහිටියන් වූ පසු ඔවුන් කියන කතා එකතුවකි මේ.

සුළු පෙළඹවීමකින් වුවද තම ලෝකය ජය ගන්නට අත හිත දුන් ගුරුවරුන්ගේ ගුණ සුවඳ කෘතවේදීව සිහිපත් කරන කතා එකතුවකි මේ.

මේ කතා කියවන විට ඔබේ ලෝකය ජය ගන්නට ඔබට මං පෙත් විවර කර දුන් ගුරුවරුන් ගැන සිහිපත් කරවන කතා එකතුවකින් මේ.

රු522.00
10% DISCOUNTSold Out

ප්‍රායෝගික අලෙවිකරණ පර්යේෂණය

Highlights:

“ප්‍රායෝගික අලෙවිකරණ පර්යේෂණය” නමින් ලියැවී ඇති මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපන කාර්යයන්හි නියතු අලෙවි කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන් හට ප්‍රායෝගික ව වැදගත් වන පොතක් බව පෙනේ. විශේෂයෙන් ම සිංහල භාෂාවෙන් රචිත මේ විෂය හා සම්බන්ධ කෘතීන් විරල බැවින්, සිංහල මාධ්‍ය‍යෙන් කියවන්නන් හට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ.

රු270.00
10% DISCOUNTSold Out

දෙමාපිය වගකීම හා දරුවා

Highlights:

නිවසේ බුදුන් මව බව බුදුදම උගන්වයි.මව පමණක් නොව පියාද දරුවාට බුදුවරයෙකි.එම උතුම් පදවියෙහි වගකීමට හා ගරුත්වයට සරිලන සේ තම ජීවන ශෛලිය සකසා ගැනීම හැම මවකගේම පියෙකුගේම වගකීම වේ.එහෙයින් දරුවා යනු දෙමාපියන්ට මුහුණදීමට ඇති ප්‍රභල අභියෝගයකි.දරුවාගේ සාර්ථකත්වය රඳා පවතින්නේ එම අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ කුමන අයුරින්ද යන්න මතය.

රු387.00
10% DISCOUNTSold Out

භවගත වීම

Highlights:

මම නීතිඥවරියක් වුයෙමි. රෝහලක උපසභාපති වුයෙමි. තරුණ ජනතාවට ප්‍රයෝජනවත් වෘත්තීන් ගොඩනඟා ගැනීමට උදව් කරන ලාභ නොබෙදන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වුයෙමි. වැඩි වශයෙන්ම සුදු ළමයින් සිටි පාසලක වැඩ කරන පංතියේ කළු ශිෂ්‍යාවක් වුයෙමි. මම හැම ආකාරයේ තැන්වලම එකම අප්‍රිකානු-ඇමරිකානු ගැහැනිය වුයෙමි. මම මනාලියක්, වෙහෙසට පත් මවක්, දුකින් පිරුණු දුවක් වුයෙමි. මම ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තාව වුයෙමි.

නිල වශයෙන් තනතුරක් නොවුනත් ඉන් මා හට නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය විය. එය මා හට අභියෝගයක් වුව සියල්ල මම නිහතමානිව දැරුවෙමි. ඒවායේ උසස් බවක් මෙන්ම ඇදවැටීමක් ද විය. සමහරවිට ඒ සියල්ල සිදුවුයේ එකවර්ම ය.

 

රු1,575.00
10% DISCOUNT

සොලමන් රජුගේ දෙවොල

Highlights:

“ඊජීප්තුව යනු සොලමන්ගේ දෙවොලේ හදවතයි. කාර්නැක් කියවිය යුතු ඕනෑම කෙනෙක් ජෙරුසෙලම කියවා ගනීවි. යාවේහ් දෙවොල කියවිය හැකි ඕනෑම කෙනෙක්, ජීවිතයේ නවාතැනේ අබිරහස් හා විද්‍යාව දැනගනීවි.”

මාස්ටර් හිරාම්

“තනිකමක් දැනෙන විට මා හිරු උදාවට පෙර මෙහි පැමිණ ඔබේ විශිෂ්ට ඉදිකිරීම දෙස බලා සිටිනවා. දෙවියන් මට අසම සම නිර්මාණ ශිල්පියෙකුගේ සහාය ලබා දුන්නා. එය, මිතුරකුගේ සහය වැනියි. ඔබ, මා සොයා යන ඒ ඥානය ලබා දෙන පණිවුඩකරුද හිරාම්?”

සොලමන් රජු

රු1,962.00
10% DISCOUNT

සැනසුම පිණිසයි

Highlights:

මේ කෘතියේහි ඇතුළත් වන්නේ සත්‍ය අත්දැකීම් ය. ඒවායෙන් බහුතරයක් මගේ ය. සමහර ඒවා අන්‍ය‍යන්ගේ ය. සියල්ල අවධිමත් ලෙස තැන් තැන්වල සටහන් කර තිබුණි. සමහර සටහන් කියවන විට හැම අත්දැකීමකම කිසියම් අපූර්වත්වයක් ඇතැයි මට සිතුණි. එනිසා ඒවායෙන් පනහක් සංග්‍රහ කර මේ කෘතිය සම්පාදනය කර ඇත.

රු612.00
10% DISCOUNTSold Out

බලාපොරොත්තුවේ ප්‍රීතිය

Highlights:

ඔබ කිසිවිටෙකත් සිතුවාද

ආදර අම්මේ

මා ඔබ තුළ රෝපනය කරද්දී

මා තුළ නව හුස්ම පිඹ

දිනෙන් දින වැඩෙනා හැටි

ආදරයෙන් ලබා සිටිද්දී

මා ගැන සුභ සිහින දකිමින්

මෙලොවට ගෙන ඒ්මට

සැලසුම් කරද්දී ඔබ හදවත පුරා

රැදී ඉන්නට

මා එන තෙක් ඉවසුම් නැතිව

බලා සිටිද්දී

ඔබ කවදාවත් සිතුවාද

මගේ ආදර අම්මේ

ඔබ මෙන්ම මාද

ඔබ ගැන සිහින මැවූ බව?

රු387.00
10% DISCOUNT

ශ්‍රී ලංකාවේ වීදි ලිංගික ශ්‍රමිකයෝ

Highlights:

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පරිදි ලිංගික කර්මාන්තය පිළිබඳ පුළුල් අවබෝධයක් පාඨක ඔබට ලබා ගැනීමට හැකිවනු ඇත. සමාජ වැඩ හා සමාජ විද්‍යාව විෂයක් වශයෙන් හදාරන විද්‍යා‍ර්ථීන්ට මෙන්ම ලිංගික ශ්‍රමිකයින් සඳහා සේවා සපයන්නන් හා නීතිය ක්‍රියාවේ යොදවන්නන් සඳහා ලිංගික කර්මාන්තය පිළිබඳ තම අවබෝධය පුළුල් කර ගන්නටත්, ලිංගික ශ්‍රමිකයිගේ වෘත්තිය භූමිකාව ආශ්‍රිතව මතුවන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් බලගැන්වීමේ ප්‍රවේශයකට යොමුවීම සඳහාත් මෙම ග්‍රන්ථය බෙහෙවින් ඉවහල් වනු ඇත.

රු324.00
10% DISCOUNTSold Out

නිර්මාණ අධ්‍යයනය

Highlights:

සාහිත්‍ය ඉගැන්වීමේ නිරත ගුරු භවතුන්ගේ සැලකිල්ලට භාජනය විය යුතු කරුණු කීපයක් සාකච්ඡා කිරීම හා ඔවුන්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලිය නිර්මාණාත්මක කටයුත්තක් බවට පත් කර ගැනීමට අවශ්‍ය කිසියම් අලෝකයක් සැපයීම මේ කෘතිය රචනා කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

රු396.00
10% DISCOUNTSold Out

මගේ නඩුව ඉවරයි

Highlights:

අපි දේශපාලනඥයන්ගේ නොමනා කටයුතු ගැන නිතර කතා කරන්නෙමු. විවේචනය කරන්නෙමු. එහෙත් සිය උගත්කම හා සිවිල් බලය ඉවහල් කරගෙන ප්‍රතිරූප ගොඩ නගාගෙන කටයුතු කරන උදවිය ගැන කතා නොකරන්නෙමු. මේ පිරිසගේ කටයුතු දේශපාලනඥයන්ගේ කටයුතුවලට වඩා සාහසිකය. මන්ද ඔවුන් සතු බලය එක්තරා කාලයකට පමණක් අදාළ නොවන හෙයිනි.

මේ ගද්‍යමය ආඛ්‍යානය වාග් ප්‍රහාරයකි. එය ආවේගාත්මකය. කර්කෂය. තමන් සතු සිවිල් බලය දඩමීමා කරගෙන නොපනත් කටයුතු කරන්නන් හෙළිදරව් කිරීම සඳහා තනා ගන්නා රීතියකට වඩා ස්වාභාවික වූ ආවේගාත්මක රීතියක් පාඨකයාට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට ඉවහල් වේ.

රු270.00
10% DISCOUNTSold Out

ගුරු භූමිකාවට පෙරවදනක්

Highlights:

ඉගැන්වීම සැබැවින්ම කලාවකි.
ඒ කලාවේ වර්ණ හැඩතල විවිධාකාරය.
ඒ විවිධාකාර වර්ණ හා හැඩතල පිළිබඳ අවබෝධය පුළුල්වන විට ඉගැන්වීම් ආස්වාද ජනකය.
පාසල සංස්කෘතිය පවරා දෙන තැනක් සේම එය ඉගෙන ගන්නා තැනක් ද විය යුතුය.
අපි දරුවන්ට උගන්වමු යන අදහසින්; අපි දරුවන්ට ඉගෙන ගන්නට ඉඩ දෙමු,
යන අදහසක් මතු කරන්නේ නම් දරුවන් හා ගුරුභවතුන් අතර සම්බන්ධය වඩාත් අර්ථසම්පන්න වේ මේ කෘතිය ඒ ආකල්පය සඳහා කවුළු විවර කිරීමකි.

රු207.00
10% DISCOUNTSold Out

සුනිමල සිතිවිලි සියපත

Highlights:

ඉමහත් පුදුමාකාර දෙයක් වන්නේ, මිනිසුන්ට ඉදිරියට යාමට, සංවර්ධනය වීමට, සිතන්නට, වැඩ කරන්නට අලුතෙන් කාලය ලැබීමයි. පසුගිය අතීතයේ ඔබ කාලය කොපමණ නාස්ති කළේ ද යන්න ගැටලුවක් නොවේ. ඒ නිසා, ඔබට ලැබෙන ඊ ළඟ නැවුම් පැයෙහි කිසිදු අඩුවක් නොවේ. එනිසා එය පිවිතුරුය. පිරිපුන්ව තබා ගන්න. එය සෑදී ඇති මිනිත්තු හැටෙන් සෑම අරුණෝදයක්ම අලුත් අවස්ථාවන් සමඟ, සම්පූර්ණ නව ජීවිතයක් උදාවන බව මතක තබා ගන්න.

රු360.00
10% DISCOUNTSold Out

ආදරයයි කරුණාවයි

Highlights:

ආදරය මෙන්ම කරුණාව ස්ථාවර හෝ තද දෙයක් නොවන බව පැහැදිලිය. හැම මිනිස් සිතකටම ආදරය සහ කරුණාව ජීවන මිහිර විඳින්නට නම් අවැසිමය. හැම මිනිස් සිතකම ආදරය මෙන්ම කරුණාව උපදී. එපමණක් නොව, හැම මිනිස් සිතකින්ම ආදරය සහ කරුණාව ගිලිහීයාම ද ස්වභාවයකි. මට සිතෙන්නේ එය, පිපී දිලුණ මලක් පරව බිම පතිත වීමට සමාන බවයි.

රු396.00
10% DISCOUNTSold Out

පැහැරගෙන යාමට පෙර

Highlights:

නිදහස තරම් වටිනා යමක් තිබේ ද?

ජීවත් වීමට, අදහස් ප්‍රකාශ කිරීමට පමණක් නොව, දරුවන්ට අනාගතයක් උරුම කිරීමට ද, නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ස්ථාපිත විය යුතුය.

මනුෂ්‍ය ජීවිත භීතියෙන් වෙලී තිබීම විදහාපාන්නේ ජිවත් වීමට, අදහස් නොපවතින බව නිල නොවන අයුරින් ප්‍රකාශයට පත් කර තිබීම නොවන්නේ ද?

රු315.00
10% DISCOUNTSold Out

රන් මලක් සේ පිපෙන්නට නම්..

Highlights:

ආලෝකවත් සිතුවිලි තවමත් වැඩකරයි
විශ්වාස කරන්නෙකු වන්න ජයග්‍රාහකයෙකු වන්න
‘නො’ හැක යන්නෙහි ‘නො’ යන්න හළන්න
ඔබට සතුටින් සිටිය හැකි ද?
සියල්ල අයහපත් වූ විට පවා… ඒත්….

රු558.00
10% DISCOUNTSold Out

යටිසිත 2

Highlights:
  • කනස්සල්ල, බය සහ ඍණ සිතුවිලි ජය ගැනීම
  • මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
  • ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍ය අත්පත් කර ගැනීම
  • සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
  • සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම
රු1,350.00
10% DISCOUNTSold Out

මිනිස් දිවියේ අරුත සොයා

Highlights:

මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිට්ස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ අධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන් ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුබවාදී එළැඹුමක් වේ.

“පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය”
-කාර්ල් ආර්. රොජර්ස් (ප්‍රකට මනෝ විද්‍යාඥ)

රු432.00
10% DISCOUNTSold Out

නිහඬ ආදරය

Highlights:

මෙහි දැක්වෙන්නේ වියට්නාම යුද්ධයේ බිහිසුණු අවස්ථාවන්ය. ඇමරිකාව ප්‍රංශය, චීනය සමඟ යුද වදිද්දි එයට බිළි වන වියට්නාම් තරුණියන් බොහෝ දුරට අයාලේ යමින් සිටී. පුවත්වත් කලාවේදියෙක් හා යුද ආධාර නිලධාරියෙක් එකම තරුණියකට පෙම් බඳිද්දී ඔවුන් දෙදෙනා අතර ඇතිවන නිහඬ සටන යුද බිය අතරින් මෙහි කියැවේ.

රු378.00
10% DISCOUNTSold Out

තහනම් කළ දියණී

Highlights:

“මට ලැබෙන්න ඉන්නේ පුතෙක් ද? එහෙම නැත්නම්… දෙවියනි එහෙම වෙන්න නම් එපා.. ඒ දුවෙක් ද?”

අවසානයේ දී, ඊෂාගේ සිතට වද දුන් ඒ පෑනයට පිළිතුර ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයාගේ සායනයේ පරිලෝකන තිරය මත සටහන්වේ. ඒ ගැහැනු දරුවෙකි. දැන් ඊෂා හා නිඛිල් කුමක් කරනු ඇත්ද?

රු2,115.00
10% DISCOUNTSold Out

පූ මල්ලේ අළුත් ගෙදර

Highlights:

ඔන්න ඉතින් පූයි, ඌරු පැටියයි එකතු වෙලා ඉයෝරිට ගෙයක් හදා දුන්නා. ඒක නම් හරිම පුදුම වැඩක්; කියවලාම බලන්නකො.

පූගේ යාළුවො කට්ටියට කොටිරාල එකතු වෙන්නෙත් මේ පොතේදි තමයි. කොටිරාල එක වෙලාවකට හරිම කරදරකාරයෙක්. ආයෙත් එයා හොඳම යාළුවෙක්. හොඳ යාළුවො එක් වුණාම කොච්චර ලස්සන වැඩ කරනවද කියලා “පූ මල්ලේ අළුත් ගෙදර” කියවනකොට ඔයාලට තේරේවි!

රු387.00
10% DISCOUNTSold Out

ආලෝකවත් ජීවිතයකට

Highlights:

අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට පුළුවන. එහෙත් කවර සමාජයක වුවද වැඩියෙන් දක්නට ලැබෙන්නේ දිවිමග නිසරු කරගත් පුද්ගලයන් යැයි කීම නොරහසකි.

මේ විශිෂ්ට ග්‍රන්ථය ලොව පුරා පිටපත් දශලක්ෂ පහළොවකට වඩා වේගයෙන් අලවි විය, අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට මෙන්ම නිසරු ජීවිත සරුකර ගැනීමට අවශ්‍ය ආලෝකය මේ කෘතියෙන් ලබාදෙන ආකාරය සිත් පැහැර ගනී.

රු1,080.00
10% DISCOUNTSold Out

වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

Highlights:

වයිට් ෆෑන්ග් කෘතියෙන් කියැවෙන්නේ වනාන්තරයෙන් ශිෂ්ටාචාරයට සම්ප්‍රාප්ත වීමකි. එහි කතා නායකයා වන වයිට් ෆෑන්ග්, අර්ධ සුනඛ, අර්ධ වෘක ප්‍රාණියෙකි. අකාරුණික, අදාන්ත වනයේ පුත්‍රයකු වූ ඔහුගේ පැවැත්ම වනයේ කුරිරුබව නිසාම තර්ජනයට හසුවෙයි. ක්‍රෑර මිනිස් ඇසුරෙහි ඔහු වඩ වඩාත් දුෂ්ට සත්වයකු බවට පත්වෙයි. අන්තිමේදී ඔහුගේ ජීවිතයේ මැළවී ගිය ශක්තීන්, කරුණාවන්තකමින් ස්පර්ශ කරන දෙවියකු ඇසුරට වැටෙන වයිට් ෆෑන්ග්, මානව දයාව, හිරු කිරණක් මෙන් ඔහු මත පතිත වන්නට වෙද්දී, සරු බිම පිපුණු මලක් මෙන් සමෘද්ධව වැඩෙන්නට පටන් ගනියි.

රු675.00
10% DISCOUNTSold Out

අල්යෝෂා

Highlights:

“විල්හෙල්ම් කයිසරුයි, ඒ රටේ ධනපතියොයි ඒ ගොල්ලන්ව යුද්දෙට යැව්වා. අපේ සාර් රජ්ජුරුවොයි, අපේ ධනපතියො ටිකයි අපිව යුද්දෙට එව්වා. කොහොම බැලුවත් අන්තිමට යුද්දෙන් වාසි ගන්නේ පාලකයො. සොල්දාදු වන්ගෙ ලේවලින් ඒ ගොල්ලො අලුත් බිම් අයිති කර ගන්නව…”

රු360.00
10% DISCOUNT

ආදරණීය දෙමාපියනි

Highlights:

දරුවන් සිටින නූතන දෙමාපියන්, වෙනස් වන සමාජයක ජීවත් වන නූතන දෙමාපියන්, වෙනස් වෙමින් විපරීත වන සමාජයක ජීවත්වන නූතන දෙමාපියන්, තමාගේ භූමිකාව නිවැරදිව හඳුනාගෙන තිබෙන්නේ ද? දරුවන් බිහි කළ ද, දරුවන්ට ඉගැන්වීමට මහන්සි ගත්ත ද, අවසන් දරුවන් දෙයාකාරයකින් අසාර්ථක ඵල ලබන්නේ ය. එක් ඵලයක් නම් දරුවන් අධ්‍යාපනය පමණක් නොව ජීවිතය ද අසාර්ථක කර ගැනීමයි. අනෙක් ඵලය නම් අධ්‍යාපනය සාර්ථක කර ගත්ත ද, ජීවිතය අසාර්ථක කර ගැනීමයි. ඒ මන් ද?

රු477.00
10% DISCOUNT

දරුවන්ට ගහන්න එපා

Highlights:

පාසල සංස්කෘතිය පවරා දෙන තැනකි. දේශපාලන සමාජ හා ආර්ථික වශයෙන් බිඳ වැටුණ සමාජයක පාසලට නිරුපද්‍රිතව පවතින්නට අපහසුය. එහෙත් ආපසු හැරී බලන විට රටක අධ්‍යාපනය හා සංස්කෘතිය කඩාවැටීම සියලු ව්‍යසනයන්ට මුල්වී ඇති බව පිළිගන්නට සිදුවෙයි.

දිනෙන් දින ප්‍රචණ්ඩත්වය ඉහවහා යන වාතාවරණයක අපට ජීවත්වන්නට සිදුවී තිබේ. වෙනත් අයුරකින් පවසතොත් අප ජීවත්වන්නේ – අපේ දරුවන්ට ජීවත්වීමට සිදුවී තිබෙන්නේ වැඩිහිටියන් විසින් බරපතල ලෙස දූෂණය කරන ලද සමාජයකය.

ඇතැම් ගුරු භවතුන් තම මානසික පීඩනය තුනීකර ගැනීමට දරුවන්ට දරුණු ලෙස පහරදීම හා ඒ පහරදීම සාධාරණ බව හුවා දැක්වීමද සිදුවෙයි. දරුවන් අවබෝධ කරගැනීම හා ඔවුන්ට ආදරය දැක්වීම වෙනුවට දරුවන් හික්මවන හොඳම ක්‍රමය ලෙස පහරදීම හඳුනා ගැනීමේ විපාක අද අපට ඇස් පනා පිට විඳින්නට සිදුවී තිබේ. එබැවින් සිවිල් නීති රීති සුරැකීමත්, ඒවායෙන් ප්‍රයෝජන ලැබීමත්, හිංසනය හා කෲරත්වය හෙළා දැකීමත්, උදෙසා සෑම ශිෂ්ට පුරවැසියෙකුම දායකවීම අවශ්‍යවේ. මේ පොත ඒ සඳහා පෙරවදනකි.

රු792.00
10% DISCOUNTSold Out

තාත්තා

Highlights:

“පුතාට අමාරු ද?”
තාත්තා මට ‘පුතා’ යනුවෙන් ඇමතූ පළමුවැනි වතාව එය විය. මට මගේ කන් අදහා ගත හැකි නොවී ය.
“නෑ” මම ඔහුට පිළිතුරු දුන්නෙමි.
තාත්තට අමාරු දැයි ඇසීමට මට ඕනෑ වුවත් මගේ මුවින් එම වදන් පිට වූයේ නැත.
තාත්තා දෙකට නැමී සරමෙන් නළල පිසදා ගත්තේ ය. සරම තවත් ලෙයින් තෙත් විය.

රු252.00
10% DISCOUNTSold Out

දයාබර ගුරුතුමිය වෙතටයි

Highlights:

මේ කෘතිය ඉතාලියේ වස්කනී ප්‍රදේශයේ බාර්බියානාවේ ශිෂ්‍ය‍යන් අට දෙනෙකු විසින් ලියන ලද සත්‍ය කථාවකි. මෙය අධ්‍යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි. තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව, තර්කයෙන්, සංඛ්‍යා ලේඛන මගින්, දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප්‍රබල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ. මේ පුවත සැබැවින්ම හඳ කකියන ඛේදවාචකයකි. දුප්පත් ශිෂ්‍ය‍යන් පිළිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසලකා හැරිය නොහැකිය.

රු324.00
10% DISCOUNTSold Out

කැඩපත් දහයක්

Highlights:

සිරුර දෙපැත්තේ ම නෙරා පෙනෙන අංගෝපාංග පමණට වඩා සොලවමින් ඇවිදින ස්ත්‍රියකගේ ඒ ගමන ඇගේ වයසට නොගැළපෙන්නේ යයි ඩග්ලස්ට සිතුණ ද ඔහු ඒ ඇවිදිල්ල වඩා තියුණු ඇසකින් නිරීක්ෂණය කළේය. දුර දිවීමේ තරගයකට පුහුණු වන්නකු සේ ඇවිදින තවත් අයෙක් අනෙක් සියල්ලන් පසුකරමින් යයි.

** බයිපාස් සොසයිටි **

“මට ඕන වෙලා තියෙන්නෙ මිනිහගෙ තුවාලෙ සනීප කරවලා බෙල්ල කෙළින් කරවලා අරන් හැන්දෑවක අපේ මිදුලෙ අඹ ගහ යට වාඩිවෙලා පොඩි අඩියකුත් ගහන ගමන් කවි ගැන කතාබහ කරන්න. ඒ වගේ දියුණු රසිකයෙක් එක්ක මොන තරම් දේවල් කතා කරන්ඩ පුළුවන්ද?

** රසිකයෙක් සහ කවියෙක්**

රු315.00
10% DISCOUNTSold Out

මිනිපිරියගේ ලියුම

Highlights:

පියෙකුගේ ආදරය රැකවරණය මට අහිමි විය. එහෙත් කිසිම දරුවෙකුට හිමි වී නැති අන්දමේ ආදරණීය මවකගේ සෙනෙහස මට නොමඳව ලැබිණි. දයාව, කරුණාව, ආදරය පමණක් නොව මට මගේ මව උරුම කළේ…….. ඇය අකම්පිත ගැහැනියක ලෙස ජීවත්වීමෙන් මට ජීවිතය ගැන නිහඬව ලබා දුන් අවබෝධය මෙනෙහි කරන විට ඇය සැබැවින්ම පරමාදර්ශී කාන්තාවකි.

මම සීයාට මේ ගැන ලියන්නට කල්පනා කළේ මගේ තාත්තා හා සීයා අතර පවතින ගුප්ත වූ සමානකමත් මගේ අම්මා හා මගේ ආච්චි අම්මා අතර තිබෙන හෘදයාංගම සමානකමත් මට ම වඩාත් හොඳින් පසක් කර ගැනීමටය.

රු216.00
10% DISCOUNTSold Out

දයාබර තාත්තාට

Highlights:

මේ කෙටි නවකතාව වූ කලී දියණියක විසින් පියෙකුට ලියන ලද ලිපියකි. ඒ ලිපිය දියණියගේ ආත්ම භාෂණයකි. එහෙත් ඒ ඔස්සේ දිග හැරෙන්නේ දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවල ස්වභාවය හා ප්‍රමාණයයි. ගැහැණු දරුවෙකු රැක බලා ගැනීම – ඉගැන්වීම – විවාහ කරදීම – විවාහය – පමණක් නොව දෙමාපියන්ගේ ජීවිතයේ පදනම හා එහි ස්වභාවය පිළිබඳව ද පාඨකයා සමඟ හෘදයාංගම වූ සාකච්ඡාවක් සඳහා මේ කෘතිය ඇරයුම් කරයි.

රු270.00
10% DISCOUNT

ආදරණීය ගුරුභවතුනි

Highlights:

දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරන වැදගත්ම ස්ථානය පාසලයි. සැබැවින්ම පාසලක් උතුම් තැනකි. පාසලක සිටින්නේ දැනුම් තේරුම් ඇති වැඩිහිටියන් සහ දැනුමෙන්, කුසලතාවලින් සහ ආකල්පවලින් ටිකෙන් ටික වඩා වර්ධනය කළ යුතු දරුවන්ය. පාසලක සිටින වැඩිහිටියන් හා පාසලක සිටින දරුවන් සතුටින් මෙන්ම ප්‍රීතියෙන් සිටීම අවශ්‍ය වේ. මේ දෙපිරිසට සතුටින් සහ ප්‍රීතියෙන් කාලය ගත කිරීමට අත්‍යාවශ්‍ය වන්නේ අවබෝධයයි. ඒ අවබෝධ සාධනීය අන්දමින් ඇති කර ගැනීමට කල්පනා කළ යුත්තේ ගුරු භවතුන්ය.

රු684.00
10% DISCOUNT

මිහිරි හැඟුම්

Highlights:

සිතට, සැනසුම සතුට ළඟා කර ගැනීමට පෘතග්ජන කොයි කවුරුනුත් කැමති බව කිව යුතු නැත. සැනසුම- සතුට, භෞතික වස්තූන් අත්පත් කර ගැනීම ඔස්සේ සැබවින්ම හිමි නොවන්නේය. සැනසුම-සතුට අදාළ වන්නේ මිනිස් මනසටය.

“මිහිරි හැඟුම්” නමැති මේ කෘතියෙහි ඇතුළත් වන්නේ මිනිස් සිතට සුවය සදන අත්දැකීම්ය. ඒ අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම් නොවන්නේය. සත්‍ය අත්දැකීම් වන්නේය.

රු405.00
10% DISCOUNT

ඇසට නො පෙනෙන සිතට නො දැනෙන

Highlights:

අප ඇසුරු කරන අප දන්නා හඳුනන සම්හර පුද්ගලයන් සිතා මතා, එසේ නැතහොත් කිසිම අදහසක් අරමුණක් නැතිව, කරන කියන දෑ නිසා ‘සිතක් රිදෙන පෙළෙන සැටි’ වටහා ගැනීම අසීරුය. ඇසට නොපෙනෙන, සිතට නොදැනෙන එවන් සත්‍ය අත්දැකීම් මෙහි අන්තර්ගතය. ඒවා ජීවිතය හා සමාජය තේරුම් ගැනීමට උපකාර වේ යැයි කිව හැකිය.

රු612.00
10% DISCOUNTSold Out

අප්‍රමාණ ජීවිතයකට

Highlights:

මානසික වෙහෙස ඉවත් කර ගැනීමේ පළමු පියවර නම් නිදහසේ පහළ වන ඔබේ සියලු ම සිතුවිලි පාලනය කර ගැනීමයි. මනසේ ධනාත්මක ඒවා දැයි පරීක්ෂාකාරී වන්න. විනය ගරුක වීමේ පුරුද්ද භාවිතයට ගෙන ඔබ සතුව විශ්වාස කළ නොහැකී බල සංචිතයක් ඇති බව ද, ඒ මගින් සුබවාදී ධනාත්මක සිතුවිලි පමණක් නිපදවිය හැකි බව ද සිතන්න.

රු522.00
10% DISCOUNTSold Out

ජන සංහාරයේ දින පොත

Highlights:

මෙය ‘නොනා ලිසෝවිස්කජා බැනිස්ටර්’ නම් රුසියානු ඇමරිකානු කාන්තාව විසින් දෙවන ලෝක යුද සමය හා නාසි හමුදා භීෂණයේ තම පෞද්ගලික අත්දැකීම් පදනම් කරගෙන ලියූ සටහන් පෙළකි. නමුත් ඇගේ රහසිගත ජීවිතය පිළිබඳ මෙම සටහන් පෙළ ග්‍රන්ථයක් ලෙස ප්‍රසිද්ධ කෙරුණේ වසර 2004 දී ඇය මිය යෑමෙන් පසු ය.

භාෂා පහකට වඩා දැන සිටි නොනා යුද්ධයට මැදි වීමෙන් පසු පියා විසින් දුන් දින පොත්වල තම අත්දැකීම් ලීවා ය. නොනා දෙවන ලෝක යුද සමයේ නාසි හමුදා අත්තඩංගුවට පත් ව දිවි බේරා ගත් කිහිපදෙනාගෙන් අයෙකු වීම විශේෂත්වයකි.

රු522.00
10% DISCOUNTSold Out

චූටි කුමාරයා

Highlights:

හිටපු ගමන්ම මොකක් හරි දෙයක් ගැන ලොකු සැකයක් හිතට ආව වගේ කුමාරයා එකපාරටම මගෙන් මෙහෙම ඇහුවා.
“බැටළුවො පුංචි පඳුරු ජාති කනවා නේද?”
“ඔව්.. කනවා.”
“හම්මෝ! ඇති යංතං…”
බැටළුවො පුංචි පඳුරු කන එක ඒ තරම්ම වැදගත් දෙයක් වෙන්නෙ ඇයි කියලා මට තේරුණේ නෑ.. කුමාරයා ආයෙමත් මෙහෙම ඇහුවා.
“ඒ කියන්නෙ එයාලා බඕබාබ්සුත් කනවනෙ?”

රු252.00
10% DISCOUNTSold Out

බොබ්සි නිවුන්නු

Highlights:

“හානේ, සටන පටන් ගන්නයි යන්නෙ!” නැන් මහත් උද්‍යෝගයෙන් කෑගෑවා ය.
“දැක්කද ඒගොල්ලො කන්ද උඩට එනවා!”
“ඒගොල්ලො වෙඩි තියයි ද?” ෆ්ලොසී මඳක් චංචලව ඇසුවා ය.
“ඒගොල්ලො වෙඩි තියන්නෙ නෑ.” ෆ්‍රෙඩ් පිළිතුරු දුන්නේ ය. “හිම බෝලවලින් වෙඩි තියන්න පුළුවනෑ?
ඒවා ඇතුළේ වෙඩි බේත් නෑ නෙ.”

රු432.00
10% DISCOUNTSold Out

නිදහසේ රැජින 1 (අඳුරු අධිරාජ්‍ය‍ය පළමු කොටස)

Highlights:

ක්‍රි.පූර්ව 17 වන ශතවර්ෂයයි. හික්සෝවරුන් ඊජිප්තුව යටත් කරගත් අඳුරු කාලපරිච්ඡේදයයි. හික්සෝවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමණයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවැති සාධාරණත්වය, ආදරය, නීතිගරුක බව යන උතුම් ගුණාංග සියල්ල යටපත් විය. කෘෘරකම, ආත්මාර්ථකාමී බව ඉස්මතු විය.

ඊජිප්තුවට බලපෑ මේ ආක්‍රමණික පාලනයෙන් බේරී අවසානයේ ඉතිරි වූයේ තීබසය නම් වූ කුඩා රාජ්‍ය‍ය පමණි. තීබසය පාලනය කළ ටේටි රැජිනගේ දියණිය අහොටෙප් කුමරියයි. ඊජිප්තුව, ආක්‍රමණිකයාගේ කෘෘර හස්තයෙන් ගලවාගැනීමට ඉදිරිපත් වූයේ ආහොටෙප් කුමරියයි.

ඉතින් තම මෑණියක් වූ ටේටි රැජින, සැමියා වු සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා සහ ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද?

රු1,125.00
10% DISCOUNTSold Out

පුතාට ලියමි

Highlights:

“පුතාට ලියමි” අර්ධ නව කතාවකි. දෙමාපියන් හා ගුරුභවතුන් මේ පොතෙහි පාඨකයන් ලෙස සැලකීමට කතුවරයා කල්පනා කරයි.

රු360.00
10% DISCOUNTSold Out

ඩැල්මේෂන් 101

Highlights:

පොන්ගෝට සහ මිසිස්ට සිටි සුරතල් ඩැල්මේෂන් පැටව් පහළොස් දෙනා අබිරහස් ලෙස අතුරුදහන් වෙති. දුෂ්ට අසල්වැසි කාන්තාවක වන කෘවෙලා ඩි විල් ගැන සැක කරන බුද්ධිමත් පොන්ගෝ,මිසිස් සමග සිය පැටවුන් සොයා යයි. බොහෝ අනතුරුවලට මුහුණ දෙන ඔවුහු, අතරමග දී හමු වන මිතුරු සුනඛයින්ගේ සහ වෙනත් සතුන්ගේ උදව්වෙන් අන්තිමේ දී දුෂ්ට සතුරන් පරාජය කර සිය පැටවුන් සමග එක් වෙති.

රු522.00
10% DISCOUNTSold Out

කසුන් ගිර තරණය

Highlights:

‘මට බස් එකේ යන්න සල්ලි නැහැ’
එයාට හිනාවක් ගියා. සාක්කුව ඇදලා මට ශත විසිපහක් දුන්නා.
‘එපා. මට ශත පහළොවක් ඇති’
ටිකට් කවුන්ටරයෙන් ශත විසිපහ මාරු කරලා මට ශත පහළොවක් දීලා ඉතුරු දහය එයා සාක්කුවෙ දා ගත්තා.
‘බොහොම ස්තුතියි’
මම ආයෙත් වරක් දණ ගහලා වැන්දා.
‘හොඳට ඉගෙන ගන්න’
එහෙම කිව්වෙ නැගිටින කොට ඔලුව අතගාලා.

රු450.00
10% DISCOUNT

ගෙදර යන අතරමග

Highlights:

1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ,ඩි ස්මෙට් නගරයේ ඔවුන් ජීවත් වූ නිසව අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දුවිලි ගොඩවල් බවට පත්වී තිබිණි.

වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ. ලෝරා ඒ ගමන් විස්තරය දින පොතක ලීවාය. මේ ඈ ලියූ දින සටහන් පෙළයි.

රු342.00
10% DISCOUNTSold Out

හෙට අලුත් ජීවිතයක්

Highlights:

සාර්ථක ව අධ්‍යාපන කටයුතු සිදු කර ගන්නා තරුණ තරුණියන් අනපේක්ෂිත කාරණා හේතුවෙන් අනාගත අපේක්ෂා බිඳ දමා ගන්නා අවස්ථා අද අපමණය. තරුණ වියේ දී ම විවාහ ජීවිත පටන් ගෙන අවුල් සහගත දිවි පෙවතක් උරුම කර ගන්නා තත්ත්වයන් ද කැපී පෙනේ.ජීවිතය ඉදිරියට ගෙන යෑමට නම්, ජීවන අපේක්ෂා බිඳ වැටුණ විට ඒ ගැන පියවි සිහියෙන් කල්පනා කළ යුතු ය.

මේ පොත තමන් ගැන විචාරශීලී වීමට කැමති කාටත් ඒ සඳහා අවශ්‍ය අත්දැකීම් සංග්‍රහ කරමින් ජීවිතාවබෝධය උදෙසා සම්පාදනය වූවකි.

රු468.00
10% DISCOUNTSold Out

ළමා මනාලියකගේ කඳුළු කතාව

Highlights:

සානියා ක්‍රැවන් එංගලන්තයේ ජීවත්වූ වයස අවුරුදු දහතුනක ගැහැනු ළමයෙකි. පාසල් ගිය. අසල්වැසි පංති මිතුරන් සමඟ ගතකළේ ප්‍රීතිමත් ජීවිතයකි. නමුත් ඇගේ ඉරණම වෙනස් වුයේ පියාගේ මරණයත් සමඟය.

රු504.00
10% DISCOUNTSold Out

සිතුවිලි කළවම

Highlights:

ජීවිතාවබෝධය හා සමාජාවබෝධය පිණිස කවරෙකු වුව සංවේදී විය යුතු ක්ෂේත්‍ර කිහිපයක් ඇත. සාහිත්‍ය කියවීම, කලාව ආස්වාදනය, සමාජ දේශපාලන සංසිද්ධීන් කෙරේ විචාරශීලී වීම ඒ අතර වැදගත් ය. ‘සිතුවිලි කළවම’ ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද කෘතියකි. ජීවිතය හා සමාජය මෙහි ඇතුළත් ය.

රු495.00
10% DISCOUNTSold Out

රිදී නූලේ මායාව

Highlights:

අඟහරුවාදා දිනයක උපන් නිසා, ටියුස්ඩේ නම ලැබූ දැරියක සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛිකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදන්ව ඇතැයි දැන ගන්නා ටියුස්ඩේ, ඈ සෙවීමට වෑයම් කරයි. එහිදී හමුවන විශ්මිත රිදී නූලක් මගින් ඈ අපුරු ලෝකයකට පිවිසේ. එහිදී ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් රැසක් මෙම පොතට පසුබිම් වී තිබේ.

රු441.00
10% DISCOUNTSold Out

සුළු තනිතිත

Highlights:

‘මම ආවෙ කඩේ ගිහින්. නැන්ද ගේන්ඩ කියපු පරිප්පු අවුන්ස දෙකේ කඩදාසි ගොටුව මගේ අතේ තිබුණා. රබර් වත්තෙ වංගුව හරියෙ දි අපේ ගමේ මාළු විකුණන බුට්ටා මගේ පස්සෙන් එනවා මම දැක්කා. උගේ ඔළුව උඩ මාළු පෙට්ටියක් තිබුණෙ නෑ. ඌ මාළු විකුණන්නෙ පරණ ට්‍රන්ක් පෙට්ටියක දාගෙන. මාළු විකුණලා සල්ලි හම්බ කළාට උගේ වයස තාම දහඅටක් නෑ කියලා අපේ මාමා කියනවා මට ඇහිලා තියෙනවා.’

රු495.00
10% DISCOUNTSold Out

මිනිස් දිවියේ අරුත සොයා

Highlights:

මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යා‍යය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

රු432.00
10% DISCOUNTSold Out

මිනිස් මනසේ මහිමය

Highlights:

ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණෙකි. කවර හෙයින් ද යත්, දරුවා මිනිසාගේ ද සමාජයේ ද නිර්මාපකයා වන බැවිනි.

දරුවා සහජයෙන්ම උරුම කර ගෙන ඇති අතිමහත් හැකියා සම්භාරය, නව ලොවක් නිර්මාණය සඳහා උදව් වන පරිදි, පෙර පාසල් වියේ දී උන්නතියට පත් කරනු වස් සහාය විය හැකි අන්දම මෙහි පැහැදිලි කෙරේ.

රු450.00
10% DISCOUNT

ආදරණීය දරුවනි

Highlights:

මෙහි ඇතුළත් වන්නේ කතෘ විසින් විවිධ පාසල්වල දී උසස් පන්තිවල දරුවන්ට පවත්වන ලද දේශන කීපයකි. එහෙත් ඒ දේශන ඒ ආකාරයෙන් ම පිටපත් කර නැත. ඒ දේශන දරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් වන අන්දමට සකස් කර, සංස්කරණය කර, ප්‍රයෝජනවත් අන්දමට නිදසුන් ඇතුළත් කර, විස්‍තාරණය කර තිබේ. මෙහි මුලින් ම ඇතුළත් වන ‘මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත…’ නම් දේශනය සැබවින් ම දේශන කීපයක එකතුවකි.

රු702.00
10% DISCOUNTSold Out

සත්‍ය‍ය ම පමණයි

Highlights:

මඳ වේලාවකට පසු දුරකතනය නාද වීමෙන් හූ අවදි වුණා ය. ඇය අඬමින් ම නින්දට ගොස් තිබුණි.
“හලෝ?” ඇය කීවා ය. ඇඬීම නිසා ඇගේ කට හඬ වියළී තිබුණි.
“මට හූ ඈන් යුවාන් මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් ද? මම බැංකොක් අන්තර්ජාතික විශ්ව විද්‍යාලයෙන් ඩේවිඩ් රයිඩීන් කතා කරන්නෙ.”
හූ ගේ හදවත නැවතුනි. “මම හූ. තාත්ත තවම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ. ඔයා ළඟ එයාගෙ අංකය තියෙනව ද?”

රු270.00
10% DISCOUNTSold Out

තරුසුණු වැස්ස

Highlights:

මගේ සිතිවිලි මගේ ජීවිතයේ ප්‍රීතිමත් ම කාලය වෙත දිව ගියේ ය. කලට් ඩීසා හි සිට මා හර්ජ් වෙතට ගියේ මගේ සැමියා මුණගැසීම සඳහා ය. මට නිමක් නොමැති ව කදුළු හෙළීමට සිදු වන බව එදින මම නො දැන සිටියෙමි. ආදරයෙන් බැඳුණු ළාබාල තරුණියක වන මා මගේ සියලු සිහින සැබෑ වී ඇති බවක් සිතුවෙමි.

රු432.00
10% DISCOUNTSold Out

වන අරණක කුඩා නිවස

Highlights:

“ඔන්න ඉතින්, සීයගෙ ගෙදර තියෙන්නෙ උස කන්දක් බැහැගෙන බාගයක් දුර ගියපු තැන. කන්ද මුදුනෙ ඉඳන් පල්ලෙහාට වැටුණු පාර ගෙදර ඉස්සරහ දොර ළඟින් යනවා. සීත කාලෙට පල්ලෙහාට ලිස්සලා යන්න කියාපු තැන එතන. ඔයගොල්ලන්ට හිතාගත්තැකි නෙව.”

රු810.00
1 2
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping