අතු ඉති මතින්
“ඔව්.. මරනවා මම මේකිවත්. මට ඕන් නෑ මෙහෙම එවුන්. මුන් අපි ගැන හිතනවද.? මුන් මොනවද මේ කරලා තියෙන්නෙ අපර්ණා.? මං උඹට කිව්වා නේද ළමයි ගැන බලන්න කියලා. එකෙක් ගැන නෙමේ හැම එකා ගැනම එක විදිහට බලන්න කියලා මං උඹට කට කැඩෙනකල් කිව්වා. තොපි ඔක්කොම එකයි. විනාස කරා මාව.”
නුඹ නමින්
“ඇයි දැන් ගෑනු ළමයි ආදරේ කිව්වම
ඒකෙ වැලිව් එක අඩු වෙනවද?”
ඇය අථරින පාටක් නැත. රවා බැලුවද
එය දකින්නට ඒ නෙත් තමා මත නැත.
ඉතින් රැවිල්ල අපරාදේ ය.
“හංඟන්න ඕන නරක දේවල්. හොඳ නැති දේවල්.
ආදරේ කියන්නෙ නරක දෙයක්ද?”
ඔහුගේ දෙනෙතේ වූ රැවිල්ල පහව ගියේ
ඒ පැනය අසලය.
නිම්නාගේ ඉතිහාසය
නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09වන දා යි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිගහැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත්, මිත්තනියගේ පරම්පරාවත්, මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු 25 පමණ වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත්‍රියට අනාගතයේ රාත්‍රිය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ අධ්‍යාත්මිකත්වයට අනාගතයේ අධ්‍යාත්මිකත්වය මුණගැසෙන්නට ඉඩ ඇත; අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණගැසෙන්නට ඉඩ ඇත; අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණගැසෙන්නට ඉඩ ඇත; එසේ ම මේ කිසිවක් සිදු නොවන්නට ද ඉඩ ඇත. එසේනම් කොටස් 4කින් පරිච්ඡේද 75කින් හා පිටු 667කින් සමන්විත “නිම්නාගේ ඉතිහාසය” තුළ සිදුවනු ඇත්තේ කුමක් ද?
තුහින පිනි සළු
|
හංසියේ
කර්කෂ ගෙන්දගම් පොළොව මත අවිදරා උපන් ගොදුරු සොයනා උකුසෙකු වූ ඔහු රක්ත වර්ණ රුධිරයේ ගණකම දැන සිටියේ නැත. හංස තටු සලා අහම්බෙන් මෙන් පියඹා ආ හංසිය ඔහුගේ ගොදුරට හසුවනතුරු මිනිස් හදක හද ගැස්ම දැන සිටියේ නැත. ඇගේ උණුසුමේ ඒ තටු අතර සැගව ගිය එකම තප්පරයේ ඔහු ජීවිතය හැදින ගත්තේය. ආදරය හැදින ගත්තේය. හංසියේ … තටු සිදී විනාශ වී යන බව දැන දැනම වෙඩි උණ්ඩය හා වෙලී ගිය ඇගේ අසීමාන්තික ප්‍රේමයයි.
සීමා
රෝස ගසට පෙම් කරන තැනැත්තා
රෝස මල නෙලා නොගන්නා අතර…
රෝස ගසින් වියුක්තව රෝස ගසේ
එක් මලකට පමනක් ප්‍රේම කරන
තැනැත්තා මල නෙලාගන්නා අතර
එය කුනු වී විනාස වුවද පෙති ගිලිහි
වැටුනද වියලි කර්කශව ගියද
ජීවිත කාලයම තමා සතුව තබා
ගන්නේ පෙර ප්‍රේමණිය හැඟිම බිඳකුදු
වෙනස් කර නොගෙනය……..
ඉතින් මේ දිවි දෙවෙනිකොට
රෝස මල රැකගත් මිනිසෙකුගේ
ආදරණිය කතාවයි.