නික්ම නොයන්නෙමි
|
අසනග වැසි
ආලත්ති අම්ම නිසොල්මනේ ඔළුව පහත් කරගෙන හිටිය. පාං එළියට පිටුපාලා නිසා හෙවණැල්ල වැටිල බිත්තියට. ආලත්ති අම්මගෙ නිකටෙන් අල්ලල බිත්තිය පැත්තට හැරෙව්වම තමයි දැක්කෙ හෙවණැලි දෙක නියපොත්තෙන් බිත්තියෙ ඇඳල. දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නව. තමාගෙ හිතේ ඇති පාර පාරා තියෙන දුක බය ගැන වගක්වත් නැහැ. ආලත්ති අම්ම හිතුව කෙළින්ම කතා කරන්න ඕනය කියල.“මහත්තය… අපි දෙන්නම එකතු වෙලා වැරැද්දක් කළා.”
වනස්පතිනිය
“අපිට සර් කනෙං ඇදල, ටොකු ඇනල ඉගැන්නුවේ නැත්නම් අපිට අද මේ තැනට එන්න ලැබෙන්නෙ නැහැ” හැමෝගෙ ම මුවින් පිට වෙන්නේ එවන් වදන් ය. සභාපති මහත්තයාට මේවා ඇහුවම සන්තෝෂ හිතෙනු ඇත. “අනේ මාත් එක්ක ආව නම් එක සුමානයකට හරි” කියමින් ඇය ශෝක වෙයි.
විසඹසර
“රැලි සරැලි නගමින් නිහඬව ගලායන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය. මල්වර වීම, ගැහැනියක් වී, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය, ඇය හෙලන කඳුලු රැගෙන අදද නිහඬව රැලි සරැලි නගමින් ගලායනු ඇය ශෝකයෙන් බලා සිටියාය.”