භාවාත්මක ආත්මභාෂණය
‘ලෝකය කෙළවර වන්නේ ගින්නෙන්’,
එසේ කියති සමහරු,
‘එසේ වන්නේ අයිස්වලින්’
තවත් සමහරු කියති.
ඇල්ම ගැන මා දන්න දේ අනුව
මම එකඟවන්නම්,
ගින්නෙන් යයි කියන අය සමග
එහෙත් දෙවතාවක් විපත්තීන් වේ නම්
මම දනිමි වෛරය ගැන
විනාශය ළං කිරීමට,
අයිස් වුව සමත්වේ.
මහා පරිනිබ්බාන සූත්‍රය
විශාලා නගරයෙන් නික්මුණු උන්වහන්සේ භණ්ඩගම හත්ථිගාම, අම්බගාම, ජම්බුගාම පසුකොට භෝග නගරයට වඩියි. එම නගරයේදී සතර මහා පදේශ දේශනා කළේය. එම නගරයෙන් පිටත් වූ උන්වහන්සේ පාවා නුවර චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ උයනේ නතර වෙයි. මේ බව ආරංචි වී බුදුරදුන් හමුවීමට පැමිණි චුන්ද හෙට දානය සඳහා මාගේ නිවසට වඩින ලෙසට උන්වහන්සේට ආරාධනා කළේය.
පසු දින භික්ෂුන් සමඟ ඔහුගේ නිවසට වඩියි. එහිදී සූකර මද්දව නැමති සිනිදු ආහාරයක් බුදුරදුන්ට පිළිගන්වයි. මෙම සිනිඳු ආහාරය තමාට පමණක් පිළිගන්වා ඉතිරිය වළදමන ලෙසටත් මෙම ආහාරය දිරවිය හැකි වන්නේ තමාට පමණක් බවත් වෙනත් කිසිම පුද්ගලයෙකුට මෙය දිරවන්නේ නැති බවත් උන්වහන්සේ පැහැදිලි කළේය. මෙම සූකර මද්දවය වැළදීම නිසා උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇතිවූ අතර බුදුරදුන් එම අසනීප තත්ත්වය යටපත් කර ගත්තේය. (සමහරු විශ්වාස කරන අන්දමට සූකර මද්දවය යනු ඌරු මස්ය. එය වැරදි විශ්වාසයකි. මද්දවය යන වචනයෙන් සිනිදු යන අදහස ලැබෙයි. ඌරු බිම්මල් හෝ වෙනත් සිනිදු ආහාරයක් මෙයින් අදහස් කරන බව බොහෝ උගතුන්ගේ අදහසයි. සියලු දෙනාටම මෙම ආහාරය දිරවන්නේ නැත.)
ඉන්පසු බුදුරදුන් කුසිනාරා නුවරට වඩියි. අතරමඟදී කලන්තය සෑදී ගසක් මුල වාඩිවෙයි. වතුර පිපාසය සෑදී ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලයි. එම ස්ථානයේ තුබූ ජල මාර්ගයකින් කරත්ත ගමන්කර තිබූ නිසා ජලය බොරවී තිබුණි. තුන් වතාවක් උන්වහන්සේ ආනන්ද හිමිගෙන් ජලය ඉල්ලීය. බොර වතුර පෑදෙන තුරු උන්වහන්සේට ජලය නොලැබුණි. මෙදින ආලාර කාලාමගේ ශ්‍රාවකයෙකු වූ පුක්කුස නැමැත්තා බුදුරදුන් හමුවට පැමිණ උන්වහන්සේ සමඟ කථා කරයි. ඔහු බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේට වස්ත්‍රයක් පූජා කරයි. එම වස්ත්‍රය බුද්ධ ශරීරයට ලංකල විට ශරීරය රන්වන් විය. බුද්ධත්වය ලබන අවස්ථාවේදී හා මෙම අවස්ථාවේදී උන්වහන්සේගේ සිරුර රන්වන් පාට වූ බව පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙයි.
වින්දිතයෝ
තමා රජෙකි යන හැඟීම මුල දී මිත්තසේනට හැඟුනේ විහිළුවක් පරිද්දෙනි. එය විහිළුවක් නොවන බවත් තමා විහිළුකාරයකු නොවන බවත් ඔහුට වැටහෙන්නට පටන් ගත්තේ, රාජභරණයෙන් සැරසී රාජකීය උත්සව ආදියට බිසව ද සමග සහභාගී වෙද්දී ය. එහෙත් සමහර දේ ඔහු අතින් සිදුවන්නේ පුරුද්දට මෙනි. ඔහු මිත්තසේන ව සිටිය දී වැඩිහිටියන් හා ප්‍රභූන් ඉදිරියෙහි නැගී සිට ආචාර කිරීම පුරුද්දක්ව තිබිණි.
ඇට ගැහියං – Ata Gahiyan
අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාර්ථක නීතිඥවරයා…..
ගරුසරුකම්, මුදල් හදල්, යාන වාහන, ගේ දොර සරුවට ඇති,
හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ,
රාත්තල් 256 බර
බිලී හැලෙක්!
තැනින් තැනට යන අහිගුණ්ඨික නඩයක මහලු ගැහැනියක්
ඔහුගේ රථයේ හැපී මියයයි.
කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි.
Nimala Mala – නිමල මල
” නිමල මල – මිය ගිය සොල්දාදුවෙකුගේ නොමියෙන කතාව”
වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදි මෙහෙයුම්වලට සහභාගි වූ ඔස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද සොල්දාදුවෙකුගේ කතාවයි. දෙමළ විමුක්ති කොටි ව්‍යපාරයේ ආරම්භය, සටන් විරාම ගිවිසුම, යුද්ධය හා ජාත්‍යන්තරයේ ක්‍රියාකාරකම් ගැන යළි විමසා බලන එය, වර්තමානයේ දී ජීනීවා යෝජනා ගෙන එන මහා අනතුර සවිස්තරව දක්වා සිටියි. යුද්ධයෙන් හෝ සටන් විරාම ගිවිසුමෙන් හෝ ලබාගත නොහැකි වූ දේ අද ජිනීවා යෝජනා හා ව්‍යවස්ථා සංශෝධන ඔස්සේ ලබා ගැනීමට දරන උත්සාහය ද එමගින් අනාවරණය කෙරෙයි.
.
සිම්පල් සයිමන්
මේක සීරියස් කථාවක් නෙවෙයි. මං වාගේ සිම්පල් කෙනෙකුගෙන් එහෙම සීරියස් කථාවක් බලාපොරොත්තු වෙන එක වැරදියි. මට ඕනේ හොටු පෙරාගෙන කියවන ඇතෙක් බර කථාවක් ලියන්න නෙවෙයි. මට ඕනේ බස් එකේ යනකොට, උණ හෙම්බිරිස්සාව හැදිලා නිවාස අඩස්සියේ ඉන්නකොට. මුණත් එක්කලා තරහා වෙලා නහය කපාගන්න හිතෙනකොට කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති පෙරලලා අරං කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති තැනකින් පෙරලලා අරං කියවන්න පුළුවන් හිත පිරෙන කථා ලියන්න.
නඟුලේ වගතුග
සිංහල නගඟුල, අතීත ශ්‍රී ලාංකික වී ගොවියාගේ අපුර්වතම තාක්ෂණික මෙවලමක් වෙයි. පුරන් වු පොළෝ පස සාරවත් කරගැනීමට භාවිතා කළ හැකි සරල, එමෙන් ම පිරිපුන් තාක්ෂණයෙන් අනුන මෙවලම නඟුල යි. වැවේ හදවත සොරොව්ව නම්; කෙතේ හදවත නඟුල යැයි නො බිය ව කිව හැකි යි. එහෙත්, අද දවසේ නඟුලේ ශ්‍රී විභූතිය අප කෙත්බිම්වලින් ගිලිහී යමින් තිබෙයි.
කමතේ වගතුග ( උරුමය 04 )
කමත, ශ්‍රි ලාංකික වී ගොවියා කාටු – බොල් – රොඩු
පොළා සරු බිජු ඇට හෙවත් බුද්ධබෝග ටික
රැස්කරගත් භූමිය යි. මේ නිසා ම අතිමහත්
ගෞරවයක්, භක්තියක් මුසු උප සංස්කෘතික
කෝෂ්ඨාගාරයක් බවට කමත පත් වී තිබෙයි. කමතේ .
බස් වහර සේ ම ඇවතුම් පැවතුම් සියල්ල ද ඊට ම
ආවේණික වෙයි. එහෙත්, අද දවස වන විට මෙම උප
සංස්කෘතික රටා සමුදාය ගිලිහී යමින් තිබෙයි. අදින්
අඩසියවසකට පෙරාතුව පැවති උප සංස්කෘතික
ලක්ෂණයන්ගේ මුලික හැඩතල මෙයින් විස්තර කෙරේ.
නිරෝධායන චාරිකාව
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මගින්, මෙරට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයන් හි පළ කරන්නට යෙදුණු ඒ අවවාදාත්මක දැන්වීම මගේ මතකයේ ඇත. නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුල්වීමට උත්සාහ කිරීමෙන් වළකින්න. එසේ එන සියලු දෙනා, අත්අඩංගුවට ගෙන අනිවාර්යයෙන් ම ආපසු හරවා යවනු ලැබේ. මිනිස් ජාවාරම්කරුවන්ට නොරැවටෙන්න. ඊට ටික කලකට පසුව, ඕස්ට්‍රේලියානු රජයෙන් පළ කොට තිබු පහත දැක්වෙන දැන්වීම මගේ ඇස ගැටුණේ,අන්තර්ජාලයේ සැරිසරමින් සිටි මොහොතක,අහඹු ලෙසය.
වී බිස්ස ( ජනශ්රැති පර්යේෂණය )
‘වී බිස්ස’ අපේ ඇත්තන්ගේ වී ගබඩා වංසකතාව ය. යල මහ දෙකන්නයේ නෙළාගත් වී අස්වනු එහි බහාලූයේ; මතු රැකගනු පිණිස ය. ගොවිගෙදර දොරකඩ බිහි බැඳීම හෙළ කෘෂික ඌරුවකි. සිරිත් සම්මත පිළිවෙත් අනුව තනන; රකින වී බිස්සට අනන්‍ය වාස්තු සම්ප්රදායක් ද ඇත. බහාලන වියැට ගෙඩියත්, එයින් සුපෝෂිත ජනදිවියත් විදුහුරු ය. භාවිතය සරල හෙයින් වී බිස්ස පරපුරින් පරපුර ලත් මහරු දායාදයකි..
ද මේ කෘතිය වූ කලි හෙළ වී ගොවියාගේ බිස්සෙහි උරුමය මේ යැයි පළමුවරට පහදා දුන් ජනශ්රැති පර්යේෂණයයි.