Product Tag: 978-624-98479-0-3

978-624-98479-0-3

Showing the single result

Show:

මැන්ඩකෝන්ලාගේ නව යටත් විජිතය

Highlights:
කතුවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රදේශයේ කෙනෙකි. ගමේ පාසලෙන් අ. පො.ස (සා.පෙළ) සමත්ව බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරා කොළඹ විශ්ව විද්‍යාල වරම් ලබයි. උපාධියෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසර 2ක් ගුරු වෘත්තියේ යෙදුන අතර 1984 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත්ව අරන්තලාව (මහඔය) ප්‍රදේශයේ උප දිසාපති ලෙස පරිපාලන සේවය ආරම්භ කොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබයි. රත්ගම ප්‍රදේශයේ වාමාංශික දේශපාලන පන්නරයද සමග කතුවරයා කොළඹ විශ්ව විද්‍යාලයේ වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරි පෙළ ක්‍රියාකරුවකු වේ. ඒ හරහා ලබා ගන්නා ප්‍රායෝගික හා න්‍යායාත්මක දේශපාලන දැනුමත්, රාජ්‍ය පරිපාලන සේවයේ විචක්ෂණ රාජ්‍ය සේවාවක යෙදීමෙන් ලද දේශපාලන, පරිපාලනමය, සමාජමය හා ගෝලීය කටයුතු පිලිබඳව දැනුම හා විඥාණය, මෙම ග්‍රන්ථය තුළින් පිළිඹිබු වේ.

දේශපාලන මෙන්ම සංවර්ධන පරිපාලනය නිසි මගට ප්‍රවිෂ්ඨ කිරීම සඳහා දේශපාලන න්‍යායාත්මක කරුණු හා නව යටන් විජිතවාදී උපක්‍රමයන් පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය බව මෙම ග්‍රන්ථය පරිශීලනය කරන්නන් අවබෝධ කරගනු ඇති බව කතුවරයා විශ්වාස කරයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
17 Cart
Close

My Cart

Decoration sticker
Decoration sticker
Decoration sticker