“මහ සයුරේ වික්රමය” නැමති මෙම කතාව Enid blyton ගේ ‘The sea of adventure’ කතාවේ සිංහල පරිවර්තනයයි.
මිත්ර රහස් පරීක්ෂකයෙකු සමග නිරන්තරයෙන් උද්වේගී ක්රියාවන්හි නියැලෙන ජැක් ඇතුළු මිතුරන් මෙවර මුහුණ දෙන්නේ අන් කවරදාටත් වඩා බිහිසුණු අත්දැකීම් පෙළකට ය. පාළු සාගරයේ හුදකලා දුපත් අතර විනෝදය සොයා යන ඔවුහු නොදැනුවත්වම රහසිගත ආයුධ වෙළඳාමකට මැදි වෙති. ත්රාසජනක සිදුවීම් රැසකින් සමන්විත මෙම කතා පුවත පාඨක ඔබගේ සිත් ගනු නොඅනුමාන ය.