මිලී-මොලී-මැන්ඩිගේ තවත් කතාන්දර
එකෝමත් එක කාලයක, එක ලස්සන ගිම්හාන උදෑසනක, මිලී-මොලී-මැන්ඩි හිමිදිරි පාන්දර අවදි වූවා ය.
තාත්තා සහ අම්මා නිශ්චලව නිදමින් සිටින නිසා (මිලී-මොලී-මැන්ඩි ගේ කුඩා ඇඳ ඇත්තේ තාත්තා ගේ සහ අම්මා ගේ කාමරයේ එක මුල්ලක ය) එය හිමිදිරි පාන්දර බව ඇය දැන සිටියා ය. ජනේල තිර වටා ඇති පටු විවර කොතරම් දීප්තිමත් වී ද යත් ඈට ඒ දෙස බලන්නටවත් නොහැකි වූ බැවින්, එය ලස්සන ගිම්හාන උදෑසනක් බව ද ඇය දැන සිටියා ය.
කරදරකාර රමෝනා – 2
රමෝනා කුම්බි ට බාලාංශ පංතිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය. ඈ ඩේවි නම් කුඩා පිරිමි ළමයාට කොතරම් කැමති වීද යත්, ඔහු සිපගන්නට ඇයට ඕනෑ විය. ඈ සූසන්ගේ ලස්සන කොණ්ඩ කැරලි වලට කොතරම් ආස කළාද යත්, බෝයිං ගා පනින අයුරු බැලීම සඳහා ඒ කොණ්ඩ කැරලි වලින් අදින්නට ඈට ඕනෑ විය. නිශ්චලව වාඩි වී සිටියොත් ඈට ප්රසන්ට් එකක් දෙන බව ඇගේ ගුරුතුමිය කීවාය. ! ඉතින් රමෝනා කොහෙත්ම ප්රශ්න ඇති කරගන්නට යන්නේ නැත. ඈ කිසිදාක හිතාමතා කරදරකාරියක වන්නේ නැති බව රමෝනා ගැන දන්නා හැම දෙනාම දැන සිටියහ.
බොබ්සි නිවුන්නු
“හානේ, සටන පටන් ගන්නයි යන්නෙ!” නැන් මහත් උද්යෝගයෙන් කෑගෑවා ය.
“දැක්කද ඒගොල්ලො කන්ද උඩට එනවා!”
“ඒගොල්ලො වෙඩි තියයි ද?” ෆ්ලොසී මඳක් චංචලව ඇසුවා ය.
“ඒගොල්ලො වෙඩි තියන්නෙ නෑ.” ෆ්රෙඩ් පිළිතුරු දුන්නේ ය. “හිම බෝලවලින් වෙඩි තියන්න පුළුවනෑ?
ඒවා ඇතුළේ වෙඩි බේත් නෑ නෙ.”
ඩැල්මේෂන් 101
පොන්ගෝට සහ මිසිස්ට සිටි සුරතල් ඩැල්මේෂන් පැටව් පහළොස් දෙනා අබිරහස් ලෙස අතුරුදහන් වෙති. දුෂ්ට අසල්වැසි කාන්තාවක වන කෘවෙලා ඩි විල් ගැන සැක කරන බුද්ධිමත් පොන්ගෝ,මිසිස් සමග සිය පැටවුන් සොයා යයි. බොහෝ අනතුරුවලට මුහුණ දෙන ඔවුහු, අතරමග දී හමු වන මිතුරු සුනඛයින්ගේ සහ වෙනත් සතුන්ගේ උදව්වෙන් අන්තිමේ දී දුෂ්ට සතුරන් පරාජය කර සිය පැටවුන් සමග එක් වෙති.
ගෙදර යන අතරමග
1894 වසරේදී ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, ඇගේ සැමියා අල්මන්සෝ සහ ඔවුන්ගේ කුඩා දියණිය රෝස් සමග දකුණු ඩකෝටාවේ,ඩි ස්මෙට් නගරයේ ඔවුන් ජීවත් වූ නිසව අතහැර දමා මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් ප්රදේශයේ පදිංචියට ගියාය. අවුරුදු හතක් පුරා වර්ෂාව ලැබී තිබුණේ ඉතා අල්ප වශයෙන් වූ අතර අස්වැන්නක් අස්වැන්නක් ගානේ නිසරු වී ගොස් තැනිතලා දුවිලි ගොඩවල් බවට පත්වී තිබිණි.
වයිල්ඩර් පවුල ඔවුන්ගේ බඩුමුට්ටු ගැලට පටවාගෙන, නෑ හිතවතුන්ගෙන් සමුගෙන, මිසුරියේ අලුත් ජීවිතයක් පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් ගමන් ආරම්භ කළහ. ලෝරා ඒ ගමන් විස්තරය දින පොතක ලීවාය. මේ ඈ ලියූ දින සටහන් පෙළයි.
වන අරණක කුඩා නිවස
“ඔන්න ඉතින්, සීයගෙ ගෙදර තියෙන්නෙ උස කන්දක් බැහැගෙන බාගයක් දුර ගියපු තැන. කන්ද මුදුනෙ ඉඳන් පල්ලෙහාට වැටුණු පාර ගෙදර ඉස්සරහ දොර ළඟින් යනවා. සීත කාලෙට පල්ලෙහාට ලිස්සලා යන්න කියාපු තැන එතන. ඔයගොල්ලන්ට හිතාගත්තැකි නෙව.”
අපේ යාළු දඟ මල්ල
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත්
පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත්
බුම්මාගෙන තරහින් සිටින ඔහු
එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා
හැමවිටම මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු
කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ
නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු
වැඩක් නොවේ….