Product Tag: gaya creations

gaya creations

Showing all 10 results

Show:

නුග අරණ

Highlights:

“නුග අරණේ සැඟවුණු රහසක් ඇතැයි සිතිජයේ සිත නොනවත්වාම කෑ මොර දෙන්නට විය.තමා දුටු ඒ සුදු හැඳි රුව හොල්මනක් නොවන බව ඔහු හොඳින්ම දනී.

දැන් උද්ගතව ඇති තත්ත්වය අනුව එම කැලයේ ඇවිදීමට කාවිංගවත් චරිතවත් නොපැමිණෙන බව ඔහුට සක් සුදක් සේ පැහැදිලිය. ශිවරාජ් වුව ඉන්නේ හොල්මන් ගැන අනියත බියෙනි. එනිසා ඔවුන් කිසිවෙකුටත් නොදන්වා තනිවම නුග අරණට ගොස් තම සැකය දුරු කර ගැනීමට සිතිජ අවසානයේ තීරණය කළේය.”

සේයා

Highlights:

දේදුණු සේයා..

අම්මා මට නම තියලා තිබුණෙ එහෙමයි.දේදුන්න කියන්නෙ මොහොතකට ලස්සන දෙන දෙයක් ඒත් ඒක සේයාවක් වගේම මැකිලා යනවා.අම්මා මට නම තිබ්බෙ ඒ නමේ සැඟවිලා තිබුණ තේරුම කලින් දැනගෙනද…එහෙමනං එයා හරි … දකින අයගෙ ඇස් පිනවන්න තරම් රූපයක් තිබුණට මං ඇත්තටම සේයාවක්…ඉස්කෝලෙ යන කාලෙ යාළුවො මට කතා කලේ වීනස් කියලා.  “ඔයාලා වීනස් දෙව් දුව දැකලා තියෙනවද…?”

වලාවක් සේ

Highlights:

සඳට හඬන එක

බිම්මල් කැකුළක්

නිලඹර වෙත

නෙතු පියන් යොමා…

ඇසිපිය නොහෙලා

බලා හිඳිනවා

සීතල කිඳුළින්

දෑස් තෙමා…

හිරු කිරණින්

ලැබුණත් ආලෝකය

හිරු කුමරුනි මට

වෙන්න සමා…

ලිහිණි පියාපත්

Highlights:

“පොඩ්ඩී…”

බිනර අයියාගේ දෑතේ

ග්‍රහණයට මැදිව උන් මට නවම්ගේ හඬ

ඇසුණේ ඈත ලොවකින් වාගේය.

එසැණින් බිනර අයියා මා අතෑරියේය.

මම වහාම ඔහුගෙන් මිදී නවම් වෙත දිව ගියෙමි.

“නවම් අයියා…”

“මොකද මේ කරුවලට වෙලා කළේ…?

කිසිත් නොදත් ඔහු අසද්දී දැඩි සේ කැළඹී උන් මම ආරක්ෂාව පතා ඔහුගේ සුරතේ වෙළුනෙමි.

සනාතන දහරා

Highlights:

මෙහි පැමිණි පළමු තත්පරයේ සිට මට දැනුණේ සනාතනගේ

ඥාතියෙකුගේ මළ ගමකට පැමිණි බවත් නොව…

මගේම නිවසට ආ බවකි.

“කල්පනාවෙන් ඉන්න දහරා..”

මගේ මිතුරිය ප්‍රතිභා සැලෙන හඬින් කීවාය.

නමුදු එය නොතැකු මම මැද සාලයේ බිත්තියට ආසන්න වන සේ තබා තිබූ

දේහය වෙත ඍජු කයෙන් යුතුව පිය මැන්නෙමි.

අදහන්න.. සුදෝ සුදුවට බැබලුණු සේලයන් අතර නිසසල ලෙස සැතපී

උන්නේ සනාතනගේ සීයා නොව…

ලිහිණි පියාපත් 2

Highlights:

සසරින් සසරට ගෙන එන ප්‍රේමය

සිතෙහි දරා ඔබ වැඩිය සැණින්…

නිසසල සිතිවිල සසල කරන් මම

බලා උනිමි හද කවුළු ඇරන්…

 

අරුමැසි සෙනෙහස හද තුළ රන්දා

මගේ දුකත් ඔබෙ සිතට අරන්…

නිරතුරු මග එළි පෙහෙළි කළා නුඹ

ජය ටැඹ දකිනට දිරිය දෙමින්…

උදාහිරු

Highlights:

“මහත්තයලට මොනවා ගැනද

දැන් දැනගන්න ඕන වෙලා තියෙන්නෙ…?

උගත්කමෙන් රූමත්කමෙන්නම් කිසිම අඩුපාඩුවක් පිහිටලා

නෑ. ඒ අතින් ගත්තම සර්ව සම්පූර්ණයි.”

“දුවට දැන් අවුරුදු විසි හයකුත් ලබනවා ගුරුන්නාන්සෙ…

තාම විවාහයක් හරි යන්නෙ නැහැනෙ…”

“තිබුණු සම්බන්ධතා බිඳිලා ගිහින් නේද…?”

“එහෙමයි….”

“එත් මහත්තයො අතෑරිලා තියෙන්නෙ සංසාරෙ

පතාගෙන ආපු සහකාරයා.

පියවි

Highlights:

“අනේ සජී… බලන්නකො අයියෙ…. මේ… මේ..” කලබලයට පත් සජීත් රියෙන් බැස ගනිද්දී ඒ හා සමාන වේගයකින් බිමට පැනගත් මන්දාරා කෑ ගැසුවේ බිම වැටී උන් මිනිසා ලේ විලක් මැද
දඟලමින් ගැහෙමින් ඉන්නවා දැකය. ඉක්මනට හොස්පිට්ල් එකකට ගෙනියමු බබා තාම පණ තියෙනවා…”
තමාගේ වරද ගැන දහස්වර කම්පාවෙමින් සජීත් එසේ කීව ද ඔවුන් දෙදෙනා සිරුර ළඟට ළං වීමටත් පෙර එහි ගැස්ම එක්වරම නතර වී දේහය නිසල විය.
“මයි ගෝඩ්….”
තමා මුහුණ දුන් සිදුවීමේ අවධානම තේරුම් ගත් සජීත් හිස බදා ගනිත්ම එම පාරේ ඈත කෙළවරකින් ආලෝක ධාරාවක් මතු වනු මන්දාරා දුටුවාය.
“සජී… ඈතින් වාහනයක් එනවා….
මොකද කරන්නේ….?
තමන් දෙදෙනා මේ මොහොතේ අසු වුවහොත් නීතියෙන් ගැළවීමක් නොලැබෙන බව දැනගත් යුවතිය සජීත්ගේ සුරතේ වෙළී හඬ නැගුවාය. “මන්දි… නගින්න වාහනේට…. ඉක්මනට නගින්න…”

වැහි දිය ඡායා

Highlights:

දිනක් මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න තිබූ වෙලාවක
නිසලව තිබූ උදය මාවත දිගේ කටු රාජා ගමන් ගනිද්දී
ඔහුට කිසිවෙකුගේ කෑ ගැසීමක් ඇසිණි. කවුරුන් හෝ
යටි ගිරියෙන් මරහඬ දී කෑ ගැසූ ඒ හඬට රාජාගේ ගතේ
රෝම කූප කෙළින් වූ තරම්ය.

“කවුද යකෝ මේ මහ රෑ බෙරිහන් දෙන්නේ..?”

ඔහු පාළුව යන්නත් එක්ක තරමක උස් හඬින් එසේ කියා
දේවිකාගේ නිවස දෙස සෝදිසියෙන් බැලීය. නමුත් ඒ නිවස
තිබුණේ අඳුරේ ගිලෙමිනි. එහි කිසිවෙකු කෑ ගැසූ බවට
සළකුණක් නැත.

“ඇත්තටම මොකක්ද ඒ සද්දෙ..? මනුස්සයෙක් නෙමෙයිවත්ද..?

එම නිවසේ පමණක් නොව නිවෙස් පේළියේම කිසිදු
හැලහොල්මනක් නොතිබු නිසා රාජාගේ සිතට අමුතුම
බියක් දැනුණි. ඔහුගේ ගතේ රෝම කූප ද කෙලින් විණි.
ඔහු කොයිකයටත් කියා තමන් දන්නා දෙවියන් බුදුන්
සිහි කරගෙන පාරට බරව තිබු ලොකු සමන් පිච්ච
ගාලක් යට ගුලි ගැසී හිඳ ගත්තේ සිදුවන ඕනෑම දේකට
මුහුණ දීමට සිතාගෙන ය.

තුහින

Highlights:

දෙනෙත් පුරා නීති ගලන කදුළු වැල්…

සැගවීමට තව තව වැහැපන්…

මුවගින් ගිලිහෙන සෝක සුසුම් වැල්

නෑසීමට තව ගොරවාපන්…

රතු වූ නිල් නෙතු සගවා ගන්නට

වලාකුලේ ඔය සද වහපන්…

රිදුනු තැවුණු සිත සුවපත් කරන්නට..

පහන් තරුව යළි පායාපන්…

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping