Product Tag: md gunasena

md gunasena

(Showing 301 – 360 products of 718 products)

Show:
20% DISCOUNTSold Out

මාතාභාරි

Highlights:

‘මාතාභාරි‘ යනු දිළිඳු කම නිසා මැදපෙරදිග සේවයට ගොස් සිදු වන අනේක වූ අකටයුතු හමුවේ මානසික ආබාධයකට ලක්ව යළි අප රටට පැමිණෙන එක් කාන්තාවකගේ ඛේදවාචකය නිරූපනය කරනා නවකතාවකි. මෙහි කතුවරයාට හමු වූ මැදිපෙරදිග ගොස් පැමිණුණු විවිධ කාන්තාවන්ගේ අත්දැකීම් සමුදායක් එක් කොට මෙය නිර්මාණය කොට ඇති බව පෙරවදනේ සඳහන් ය. මැදපෙරදිග වහල් සේවය ගැටලුවක්ව පවතින වර්තමානයේ කාන්තාවන් පමණක් නොව සියලුම දෙනා විසින් කියවිය යුතු නවකතාවක් ලෙස මෙය සඳහන් කළ හැකිය.

BUY EBOOK VERSION
රු380.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – වෙස් මුහුණ

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56 න් එකක් වූ The Adventure of the Yellow Face හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.

 

රු80.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් කාමරය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් එකක් වූ The Adventure of Copper Beeches හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි..

 

රු60.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මාරක අශ්වයා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56 න් එකක් වූ The Adventure of Silver Blaze හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි..

BUY EBOOK VERSION
රු80.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රහස් ඔටුන්න

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Beryl Coronet හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ රහස් ඔටුන්න’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. එංගලන්තයේ ජාතික සම්පතක් බවට සැලකෙන ගෝමේද ඔටුන්නක් ඇපයට තබා එක් පුද්ගලයකු බැංකුවකින් මුදල් ප්‍රමාණයක් ණයට ගන්නා අතර බැංකුකරුවා වැඩි පරිස්සමට මේ ඔටුන්න සිය නිවසේ සේප්පුවේ තැන්පත් කරයි. අවාසනාවකට මෙය සොරකම් කෙරෙයි. හෝම්ස් සැබෑ අපරාධකරුවා සොයා ගන්නා ආකාරය මේ කතාවෙන් කියවෙයි.

BUY EBOOK VERSION
රු80.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අතුරුදහන් වූ මනාලිය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් The Adventure of Noble Bachelor හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.

BUY EBOOK VERSION
රු60.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – වෙස් වලාගත් මනාලයා

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ A Case of Identity හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘වෙස් වලාගත් මනාලයා’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. සිය විවාහ දිනයේම සැමියා අතුරුදහන් වූ බව පවසමින් එක් කාන්තාවක් ෂර්ලොක් හොම්ස්ගෙන් උදව් ඉල්ලා පැමිණෙයි. හොම්ස් සිය පරීක්ෂක සඟයා වූ වොට්සන් සමග එක්ව මේ ගැටලුව විසඳන ආකාරය මේ කතාවෙන් කියවෙයි.

BUY EBOOK VERSION
රු60.00
20% DISCOUNT

මාතා

Highlights:

විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.

BUY EBOOK VERSION
රු1,200.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මිනීමරු රෝගියා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Resident Patient හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

BUY EBOOK VERSION
රු80.00
20% DISCOUNT

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මිනිස් කොටියා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන Wisteria Houseහි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

BUY EBOOK VERSION
රු80.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රන් කොල්ලයේ වන්දිය

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Boscombe Valley Mystery හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘රන් කොල්ලයේ වන්දිය’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. රන් මංකොල්ලයක සම්බන්ධ එකිනෙකාට සතුරු දෙදෙනෙකු කලකට පසුව හමුවන අතර එය අවසන් වන්නේ එක් අයකුගේ මරණයෙනි. නමුත් මරණයට හමුවන්නේ වෙනත් පුද්ගලයෙකි. හොම්ස් සිය නුවණ මෙහෙයවා සැබෑ අපරාධකරු සොයා ගනියි.

BUY EBOOK VERSION
රු60.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අද්භූත වාසනාව

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Three Garridebs හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

BUY EBOOK VERSION
රු72.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මරණයෙන් පිබිදුණු සුන්දරිය

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Three Garridebs හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘අද්භූත වාසනාව’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. සොරෙන් මුදල් මුද්‍රණය කරන්නට ගොස් ෂර්ලොක් හොම්ස්ගේ විමර්ශන හමුවේ අතට හසු කරගන්නා ප්‍රකට හොරකු පිළිබඳ කතාවක් මෙයින් කියවේ.

BUY EBOOK VERSION
රු80.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – නිල් පද්මරාගයේ අභිරහස

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Blue Carbuncle හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ නිල් පද්මරාගයේ අභිරහස’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. ප්‍රසිද්ධ සිටුවරියකට අයත් වටිනා මැණිකක් අතුරුදහන් වෙයි. මේ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගන්නට නොලැබෙයි. මේ අතරේ මැණික සොරකම් කළ තැනැත්තා පාත්තයකුට මේ මැණික ගිල්වයි. නමුත් ඔහුගේ උපාය වැරදී යයි.

BUY EBOOK VERSION
රු60.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – හොර කාසි මැෂිම

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of the Engineer’s Thumb හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

BUY EBOOK VERSION
රු80.00
20% DISCOUNTSold Out

ඇදහිය නොහැකි සත්‍ය කතා

Highlights:

එදිනෙදා ජීවිතයේ දී අපට අසන්නට ලැබෙන ඇතැම් සිදුවීම අදහා ගත නො හැකි, විස්මය ජනක දෑ වලින් පිරී පවතී. ලක්බිම පුවත්පතේ රිද්ම අතිරේකයට කතුවරයා විසින් සතිපතා ලියන ලද එවැනි විවිධ කතා රැසක් එකතු කරමින් මෙම කෘතිය සම්පාදනය කොට තිබේ.

BUY EBOOK VERSION
රු440.00
20% DISCOUNTSold Out

ගීයක සැඟවුණු ඇත්ත

Highlights:

ගීතයක් නිර්මාණය වීමට විවිධ හේතු බලපෑ හැකිය. ඒ හේතු අතර සත්‍ය සිදුවීම්වලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. සත්‍ය සිදුවීම්වලින් නිර්මාණය වූ සිංහල ගීත බොහොමයකි. ගීතවලට ප්‍රියකරන්නන්, ඒ සිදුවීම් පිළිබඳ තොරතුරු දැනගන්නට කැමැත්තෙන් පසුවන්නේ එයින් ගීතයේ අරුත තවත් තීව්‍ර කරගත හැකි නිසාය. මේ කෘතිය සම්පාදනය වී ඇත්තේ එවැනි පාඨකයන් උදෙසාය. හැත්තෑව, අසූව සහ අනූව යන දශකවල නිර්මාණය වූ අර්ථාන්තිව සුභාවිත ගීත බොහොමක් පසුපස සැඟවුණු සැබෑ කතා මෙයින් ඉතා රසවත්ව විස්තර කොට තිබේ.

BUY EBOOK VERSION
රු360.00
20% DISCOUNTSold Out

මල් හීන

Highlights:

යොවුන් වියේ ආදර පිළිබඳ කියැවෙන නවකතාවකි.

BUY EBOOK VERSION
රු440.00
20% DISCOUNTSold Out

විනිවිඳින සිතිවිලි

Highlights:

‘විනිවිඳින සිතිවිලි’ යනු ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සිළුමිණ පුවත්පතට මෙනමින්ම කළ තීරු ලිපි පෙළක එකතුවකි. තීරු ලිපියක් යනු ඉතා කෙටියෙන් එක්තරා කාරණයක් පිළිබඳ කරුණු විස්තර කිරීමකි. මේ ලිපි පෙළින් ජීවිතය හා බැඳුණු විවිධ කාරණාවන් ඉතා කෙටියෙන්, රසවත්ව, ඇතැම් විට ගැඹුරින් සාහිත්‍යමය අයුරින් කරුණු පහදයි. ජීවිතයේ මෙතක් නොදුටු පැති මේ තීරු ලිපි මගින් පෙන්වා දෙයි.

BUY EBOOK VERSION
රු360.00
20% DISCOUNTSold Out

හෙදියකගේ නොදුටු දින පොත

Highlights:

සිය වෘත්තීය ජීවිතය හෙදියක ලද සැබෑ අනුවේදනීය අත්දැකීම් අලළා සම්පාදනය කරන ලද කෘතියකි.

BUY EBOOK VERSION
රු460.00
20% DISCOUNT

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – ගුප්ත බාප්පා

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Speckled Band හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ගුප්ත බාප්පා’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. සිය ඥාති දියණියන්ට අයත්ව ඇති දේපළ තමා සන්තක කර ගැනීමට සිතන එක්තරා පුද්ගලයකු යොදන දුෂ්ඨ උපක්‍රමයක් වටා මේ කතාව ගෙතී තිබේ.

BUY EBOOK VERSION
රු80.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – ඇඹරුණු තොල් ඇත්තා

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Man with the Twisted Lip හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ ඇඹරුණු තොල් ඇත්තා ’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. තමන් ජීවත්වන ප්‍රදේශයෙන් බොහෝ දුරින් ඇති ලන්ඩන් නගරයට ගොස් විකෘති මුහුණක් ඇති අයකු ලෙස වෙස්වලාගෙන සිඟමන් යදින පුද්ගලයකු වටා මේ කතාව ගෙතී තිබේ. ඔහු හදිසියේ අතුරුදහන් වීම නිසා ඔහුගේ බිරිඳ ලන්ඩනයට පැමිණෙන අතර එහිදී ඇය ඔහුව අහම්බෙන මෙන් දකී. එතැන් පටන් ඇරඹෙන්නේ අබිරහස් ක්‍රියාදාමයක ආරම්භයකි.

BUY EBOOK VERSION
රු88.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් දොඩම් ඇට

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Five Orange Pips හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ අභිරහස් දොඩම් ඇට’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. පසුගිය සියවසේ මුල් භාගයේ ඇමරිකාවේ ක්‍රියාත්මක වූ ක්ලූ-ක්ලක්ස්-ක්ලෑන් නම් රහස් සංවිධානයට අයත් රහස් ලිපිගොනු සම්බන්ධව සිදුවන අබිරහස් මරණයක් වටා මේ කතාව ගෙතී තිබේ.

BUY EBOOK VERSION
රු80.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රතු ඔළු මිනිස්සු

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Red-Headed League හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ රතු ඔළු මිනිස්සු’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. එක්තරා අපරාධයක් සිදුකරන්නට රතු කෙස් ඇති නිවාස හිමියකු සිය නිවසින් ඈත් කොට තබන්නට අපාරධකරුවන් යොදන උපක්‍රමයක් වටා මේ කතාව ගෙතී තිබේ.

BUY EBOOK VERSION
රු88.00
20% DISCOUNTSold Out

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – සැඟවුණු රැජින‍

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ A Scandal in Bohemia සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘සැඟවුණු රැජින’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. බොහෙමියාව හෙවත් වර්තමාන් ජර්මනියේ සිට එක් රජකු තාමට සිදු වේ යැයි සිතූ අපවාදයකින් ගැලවී යාම සඳහා ෂර්ලොක් හොම්ස්ගේ පිහිට පැතූ ආකාරයට මේ කතාවෙන් ඉදිරිපත් කොට තිබේ.

BUY EBOOK VERSION
රු60.00
20% DISCOUNTSold Out

සසර

Highlights:

ටී.බී. ඉලංගරත්න සූරීන් විසින් ලියන ලද ‘සසර’ නවකතාව තුළින් අනුන්ගේ යහපත උදෙසා පරාර්ථකාමීව කාලය යොදවූ ස්වකීය සමාජ දර්ශනය පිළිබිඹු කිරීමට කතුවරය උත්සාහ කරයි.

BUY EBOOK VERSION
රු360.00
20% DISCOUNT

සැමීගේ කතාව

Highlights:

ග්‍රේෂන් සම්මානයෙන් පුද ලද කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග්‍රීසි බසින් රචිත Sam’s Story කෘතියේ සිංහල පරිවර්තනය ‘සැමීගේ කතාව‘ ලෙසින් ඇම්.ඩී.ගුණසේන සමාගමේ නව මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. 2013 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලේ දී ජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ මේ නවකතාවෙන් නිර්මාණය කරන ලද ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය වෙනුවෙනි.

BUY EBOOK VERSION
රු560.00
20% DISCOUNTSold Out

කුලීකාර කතා වස්තුව

Highlights:

සිංගප්පූරුව ඉංග්‍රීසීන්ට යටත්ව තිබූ සමයේ එරට පැවති සමාජ ක්‍රමය පිළිබිඹු කරමින්, සත්‍ය කතාවක් අනුසාරයෙන් ලියැවුණු නවකතාවක සිංහල පරිවර්තනයයි.

BUY EBOOK VERSION
රු544.00
20% DISCOUNTSold Out

සෙනෙහසක උරුමය

Highlights:

එමිලි බ්‍රොන්ටේ රචිකාවිය විසින් විරචිත ‘වදරින් හයිට්ස්’ ලෝ සුපතල නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙලෙස ‘සෙනෙහසක උරුමය’ නමින් ඉදිරිපත් කෙරේ.

BUY EBOOK VERSION
රු440.00
20% DISCOUNT

රතු රෝස මල

Highlights:

සිංහල කෙටිකතාව පෝෂණය කිරීමෙහි ලා කැපවුණු නිර්මාණකරුවන් අතර ගුණදාස අමරසේකර සුවිශේෂී භූමිකාවක් වෙයි. ඔහු කෙටිකතාවේ වස්තු විෂය මෙන්ම ආකෘතිය, චරිත නිරූපණය අතින් ද නව දිශානතියක් පිළිබඳ අධ්‍යයනය කළේ ය.

BUY EBOOK VERSION
රු560.00
20% DISCOUNT

සාර භූමි

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

පර්ල් එස. බක් නම් ඇමරිකානු කතුවරිය විසින් ‘ගුඩ් අර්ත්’ නමින් නිර්මාණය කරන ලද මෙම කෘතියට 1932 වසරේ දී පුලිට්සර් සම්මානය ද, 1938 වසරේ දී සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය ද හිමි විය. වං ලුං නමැති චීන ගොවියකුගේ චරිතය පසුබිම් කරගත් මේ නවකතාව සමස්ත ආසියාතික ගොවි ජීවිතය දෙස හෙලූ තියුණු බැල්මක් වැනි ය.

රු880.00
20% DISCOUNTSold Out

තුන් වසර

Highlights:

ඉංග්‍රීසි බසින් Three Years නමින් හැඳින්වෙන කෘතියේ සිංහල පරිවර්තනය මෙයයි. ඇන්ටන් චෙකෝෆ් විසින් නිර්මාණය කරන ලද දෙවැනි විශාලතම නවකතාව වන මෙයින් එවක රුසියානු සමාජයේ පැවැති සමාජ ප්‍රගතිය ඍණාත්මක දෘෂ්ටි කෝණයකින් බලයි.

BUY EBOOK VERSION
රු336.00
20% DISCOUNT

ඇනා කැරනිනා

Highlights:

ඇනා කැරනිනා යනු ලෝක ප්‍රකට ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත කෘතියකි. සාර් රජවරුන් රුසියාව පාලනය කළ 1870 වැනි සමයක ලියැවුණු බැවින් මෙහි චරිතවලින් බොහොමයක් ධනවක් පැලැන්තියට හා රජවරුන්ට අයත් වේ. එම සමය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන්නට ද මෙයින් මහඟු පිටිවහලක් ලැබේ.

BUY EBOOK VERSION
රු960.00
20% DISCOUNT

ජයතිස්ස සහ රොස්ලින්

Highlights:

ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.

BUY EBOOK VERSION
රු560.00
20% DISCOUNT

අක්කර පහ

Highlights:

සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත. අඩසියවසක් පුරා පාඨක අවධානය මැනවින් ග්‍රහණය කරගත් මේ නවකතාව විවිධ විභාග සඳහා නිර්දේශ වී ඇති අතර සිනමා සිත්තමට ද නැගුණු අපූරු ගද්‍ය කාව්‍යයකි. 1959 වර්ෂයේ පළ වූ විශිෂ්ටතම නිර්මාණයට හිමිවන දොන් පේද්‍රිස් ත්‍යාගය ද දිනාගන්නා ලදී.

රු720.00
20% DISCOUNT

සාහිත්‍ය මැවූ ගැහැනිය

Highlights:

සාහිත්‍ය සහ ගැහැනිය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක් සිදු කරමින් සම්පාදිත ග්‍රන්ථයකි. මෙහි කතුවරිය වන ලතා ගුරුසිංහ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ද වන්නීය.

BUY EBOOK VERSION
රු280.00
20% DISCOUNT

පද්‍යාවලී

Highlights:

කාව්‍ය ඉතිහාසය විමසා බලන කල්හි සිංහල කවි කෙත සරු කරවූ කවීන් අපට හමුවෙති. කුමාරතුංග මුනිදාස, පී බී අල්විස් පෙරේරා, ඇස් මහින්ද හිමි, සාගර පලන්සූරිය ඉන් කීප දෙනෙකි. පද්‍යාවලිය ග්‍රන්ථය තෝරා ගන්නා ලද කවීන්ගේ පද්‍ය පන්ති සමූහයක් හඳුන්වා දීමට සම්පාදනය කරන ලදී. අර්ථවත් පද මාලාවක් යටතේ ලියවුණු කෘති රැසක් පද්‍යාවලිය වින්දනය කළ හැකිය

රු440.00
20% DISCOUNT

Anyone Can Cook (Hard Cover)

Highlights:

The book ‘Anyone Can Cook’ contains hundreds of different recipes that can be prepared at a low cost. This has been compiled by Dushanthi Madanayake, a popular chef who hosts culinary programs on two television channels in our country.

රු960.00
20% DISCOUNT

Anyone Can Cook (Soft Cover)

Highlights:

The book ‘Anyone Can Cook’ contains hundreds of different recipes that can be prepared at a low cost. This has been compiled by Dushanthi Madanayake, a popular chef who hosts culinary programs on two television channels in our country.

රු580.00
20% DISCOUNTSold Out

Anyone Can Cook – උයන්න බැරි කාටද? (Hard Cover)

Highlights:

අඩු පිරිවැයකින් පිළියෙල කර ගත හැකි, එකිනෙකට වෙනස් වට්ටෝරු සියයකින් Anyone can Cook – උයන්න බැරි කාටද? කෘතිය සමන්විත වේ. මෙය අප රටේ රූපවාහිනි නාලිකා දෙකක සුප්‍රකට සූපවේදී වැඩසටහන් මෙහෙයවන්නා වූ ජනප්‍රිය සූපවේදිනියක වන දුෂාන්ති මදනායක විසින් සම්පාදනය කොට තිබේ.

රු960.00
20% DISCOUNT

Anyone Can Cook – උයන්න බැරි කාටද? (Soft Cover)

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

අඩු පිරිවැයකින් පිළියෙල කර ගත හැකි, එකිනෙකට වෙනස් වට්ටෝරු සියයකින් Anyone can Cook – උයන්න බැරි කාටද? කෘතිය සමන්විත වේ. මෙය අප රටේ රූපවාහිනි නාලිකා දෙකක සුප්‍රකට සූපවේදී වැඩසටහන් මෙහෙයවන්නා වූ ජනප්‍රිය සූපවේදිනියක වන දුෂාන්ති මදනායක විසින් සම්පාදනය කොට තිබේ.

රු580.00
20% DISCOUNTSold Out

සුව රුව ගුණ සපිරි රස ආහාර

Highlights:

පෙර අපර දෙදිග ආහාර පානයන්හි රසයත්, ගුණයත්, නොසිඳ පිස ගැනීමට ගත යුතු පියවරයන් සේම, රසවත් ආහාර පාන රැසක කෑම වට්ටෝරු, විෂයෙහි පරිණත කතුවරියක විසින් මේ කෘතිය සම්පාදනය කර තිබේ.

රු960.00
20% DISCOUNTSold Out

රස ගුණ පිරි ආහාර

Highlights:

පෙර අපර දෙදිග ආහාර පානයන්හි රසයත්, ගුණයත්, නොසිඳ පිස ගැනීමට ගත යුතු පියවරයන් සේම, රසවත් ආහාර පාන රැසක කෑම වට්ටෝරු, විෂයෙහි පරිණත කතුවරියක විසින් මේ කෘතිය සම්පාදනය කර තිබේ.

රු264.00
20% DISCOUNTSold Out

ගුණසේන සූප ශාස්ත්‍රය

Highlights:

ඉවුම්පිහුම් පිළිබඳ උගන්වන ශාස්ත්‍රය සුදු ශාස්ත්‍රයයි. ඈත අතීතයේ පටන්ම පෙරදිග කුල කාන්තාවන් සූප ශාස්ත්‍රයෙහි මනා පරිචයක් ඇතිව සිටි බව බොහෝ ඉතිහාස තොරතුරුවලින් අනාවරණය වේ. වර්තමානයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් හේතුවෙන් සූඵ ශාස්ත්‍රය වඩා දියුණු තත්වයට පත්ව ඇත. මෙම කෘතියෙන් විවිධ ප්‍රභේදවල ආහාර වර්ග රැසක් ක්‍රමානුකූලව රසවත්ව සාදාගන්නා අයුරු පැහැදිළි කර දෙයි. ලාංකීය සූපවේද කෘති අතර ප්‍රමුඛස්ථානය හි ලා සැලකෙන කෘතියකි.

රු540.00
20% DISCOUNTSold Out

1 ශ්‍රේණිය සිංහල භාෂා හුරුව

Highlights:

රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුදැරියන් සඳහා සිංහල භාෂාව හුරු කරවීම පිණිස මෙම පොත සම්පාදනය වී තිබේ. ජාත්‍යන්තර පාසල්වලට ප්‍රයෝජනවත් වන අන්දමට ඉංග්‍රීසි භාෂාවෙන් ද මෙහි වදන් පැහැදිලි කර ඇති බැවින් එය සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුදැරියන්ට ද ප්‍රයෝජනවත් වේ.

රු480.00
20% DISCOUNTSold Out

2 ශ්‍රේණිය සිංහල පද හුරුව

Highlights:

ජාත්‍යන්තර පාසල් සඳහා වන සිංහල විෂයට අදාළව 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සම්පාදනය කෙරෙන ග්‍රන්ථාවලියෙහි දෙවන අදියර වශයෙන් ‘2 ශ්‍රේණිය ජාත්‍යන්තර පාසල් සඳහා සිංහල පද හුරුව’ නමැති ග්‍රන්ථය හඳුන්වා දෙයි. මේ කෘති සියල්ල කිසියම් පිළිවෙලකට ගලා යන අයුරින් නිර්මාණය කෙරෙන අතර වසරින් වසර එය අධ්‍යයනය කරන ජාත්‍යන්තර පාසල් ශිෂ්‍යයා ක්‍රමානුකූලව සිංහල බස ඉගෙන ගනු ඇත.

රු400.00
20% DISCOUNTSold Out

1 ශ්‍රේණිය පස්රූලේ හැඩට ලියමු

Highlights:

නව විෂය නිර්දේශයට අනුගතව රූල් පහ තුළ දරුවන්ට අක්ෂර ලිවීමේ හුරුව ලබාදීමේ මූලික අරමුණෙන් ක්‍රමවත්ව හා විධිමත්ව මෙම කෘතිය සම්පාදනය වී ඇත. එසේම වර්ණවත් සිතුවම් හා සරල අභ්‍යාස දරුවාගේ ලිවීමේ රුචිය වර්ධනය කරවයි.

රු220.00
20% DISCOUNT

ඉබි පැංචා

Highlights:

සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.

BUY EBOOK VERSION
රු280.00
20% DISCOUNT

ගුණසේන පෙර පාසල් වැඩපොත 3

Highlights:

පෙර පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ සම්පාදනය වූ මෙම වැඩපොත් පෙළ 1, 2 සහ 3 වශයෙන් පොත් 3ක් ලෙසට නිර්මාණය වී ඇත. වසරේ සෑම දිනකටම එක් අභ්‍යාසයක් බැගින් නිර්මාණය වූ මෙම පොත් පරිශීලනයෙන් දරුවාගේ ගණිත සංකල්ප දැනුම, හසුරු කුසලතා වර්ධනය මෙන්ම යහපත් ආකල්ප රෝපණය ද සිදු වෙයි. වසරේ තෙවන වාරය වෙනුවෙන් සම්පාදනය වූ ගුණසේන පෙර පාසල් පොත් මාළාවේ තුන්වැන්න මෙය වේ.

රු1,000.00
20% DISCOUNTSold Out

දෙව්ලොව ගිය චුට්ටා

Highlights:

දෙමාපිය වැඩිහිටියන්ට කීකරුව, යහපත් ජීවිත ගත කරන දරුවන්ට දෙවියන් පවා පිහිට වන බව පෙන්වා දෙන ආදර්ශවත් කතාවකි..

රු180.00
20% DISCOUNT

හර්කියුලිස් සහ වෙනත් කතා

Highlights:

ග්‍රීක දේව කතාවලට අනුව හර්කියුලිස් මනඃකල්පිත වීරයෙකි. එහෙත් ඔහු සාහිත්‍ය ලෝකය තුළ ජීවමාන වීර චරිතයක් තරමටම සහෘදයාට සමීපය. හර්කියුලිස්ගේ වීර චරිතයේ වතගොත මේ කෘතියෙන් ඉතා රස බඑ ලෙස හෙළි කරනවා පමණක් නොව ලොව බලවත් ප්‍රබල වීර චරිත රැසක් පිළිබඳ ඉතා දුර්ලභ ජීවන තොරතුරු ද අන්තර්ගතය. මේ චරිත කතා සංග්‍රහය දරුවන්ගේ පෞරුෂයත්, ආත්මාභිමානයත්, විශ්ව දැනුමත් මැනවින් පෝෂණය කරන්නට බෙහෙවින් උපකාරී වනු ඇත.

රු160.00
20% DISCOUNT

හත් පණ (කලු සුදු සංස්කරණය)

Highlights:

කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘හත් පණ ‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.

රු280.00
20% DISCOUNT

මඟුල් කෑම (කලු සුදු සංස්කරණය)

Highlights:

කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘මඟුල් කෑම‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.

රු320.00
20% DISCOUNTSold Out

මහනුවර සොයා ගත් පුංචා

Highlights:

ඓතිහාසික මහනුවර රාජධානිය සොයා ගන්නට හේතු වූ කතා පුවත දරුවන්ට ගැළපෙන ළමා කතාවක් ලෙස මෙයින් ඉදිරිපත් කරයි.

රු180.00
20% DISCOUNTSold Out

Flip – Flap Fun – Amazing Alphabet

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ හෝඩිය පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

රු128.00
20% DISCOUNTSold Out

Flip – Flap Fun – Amazing Animals & Their Babies

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ සතුන් සහ පැටව් පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

රු128.00
20% DISCOUNTSold Out

Flip – Flap Fun – Amazing Opposites

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ විරුද්ධ පද පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

රු128.00
20% DISCOUNTSold Out

Flip – Flap Fun – Amazing Vehicle

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ වාහන පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

රු128.00
20% DISCOUNTSold Out

Flip – Flap Fun – Amazing Colours & Shapes

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ වර්ණ සහ හැඩතල පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

රු128.00
20% DISCOUNTSold Out

Flip – Flap Fun – Amazing Action Words

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ ක්‍රියා පද පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

රු300.00
1 2 4 5 6 7 8 11 12
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping