නෙතු සේයා
“දන්නවාද ජෙනුෂ්… ඔයයි මමයි අහසයි පොලවයි වගේ… කවදාවත් එකතු වීමක් නෑ. ඒත් මම ඔය දඟකාර වැඩ වලට, සත්තයි… පිස්සු වැටිලා ඉන්නේ. ඒ නපුරුකම, ඒ දැඟලිල්ල, ඒ ඊරිසියාව මට කියන්නෙ වෙනමම කතාවක්. ඒත් මගෙ අම්මා වගේ බැඳලාත් තමන්ගෙ මනුස්සයා තමන් ගාව නැති වෙන කොට දැනෙන ඒ වේදනාව දරා ගන්න තරම් මම ශක්තිමත් නෑ. අද මගෙ උත්තරේට ඔයා මොන වගේ ප්‍රතිචාරයක් දුන්නත් ඔයාට දවසක හිතෙයි… මේ මූසල කෙල්ල එදා මගෙ ජීවිතෙන් ගිය එක කොච්චර හොඳද කියලා. මට සමාවෙන්න ජෙනුෂ්…”
අසම්මතයද අහිමි නුඹ
“මොහොකටද අනේ ඔයාලා හිනා වෙන්නෙ.. කවුද සමනලයා…”
මම තරහෙන් එහෙම ඇහුවෙ කේශ්ගෙ හිනාවන් කලින්ට වඩා
ටිකක් වැඩියි කියලා දැක්ක නිසයි…
“ඇත්තමයි කේෂ්.. උඹ කෙල්ලෙක්ව සෙකට්‍රි පෝස්ට් එකට
ගත්තට වඩා හපන් වෙනවා මේකිව ගත්තු එක.. එහෙම උනානම්
අහන්න වෙන්නේ දෑරංගල ඇමතිට හොර ගෑනු ඇත.. කියන පදේ විතරයි..
ඒත් කමක් නෑ… හොර වුනත් ගෑනියෙක්නේ කියල ඉවසන්න පුළුවන්.
ඒත් දැන්. මේකිව දකිද්දි ඔය ගොසිප් කාරයො උඹට හොඳ හොඳ
කතා හදයි ඇමති පුතේ. මට මැවිලා පේනවා.
ගොසිප් පේජ්වල හෙඩ්ලයින් යන හැටි.”
අනුරාගිනී
ඔබ ඔබේ දියණියගේ ආරක්ෂාව පිළිබඳව නැවත සිතන්නට පටන් ගනු ඇතැයි සිතිමි.
තමන්ගේ ස්ත්‍රී පූරුෂ භාවයට අකමැතිව එය වෙනස් කරගන්නට වෙර දරනා මිනිසුන්ගේ කතාවේ ඇතුළාන්තය වටහාගනු ඇතැයි සිතිමි. මින් පසු ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් යැයි සිතන්නට ඔබ පෙළෙඹේ යැයි සිතමි.
දියණිය මෙන්ම ලේලියද දරුවෙකු ලෙසින් පිළිගත හැකි දෙමාපියන් වීමට පුතුන් ලද සියල්ලන් හුරු වනු ඇතැයි සිතමි. සුදු රෙදි කඩක පැල්ලම් සොයනා හුදු පිරිමින් අතරේ ගැහැනියකගේ ආත්මයට ආදරය කළ හැකි පුතෙකු බිහි කරන්නට ඔබලා දිරි ගනු ඇතැයි සිතිමි.
කාවින්ද්‍යා රත්නායක
අපූර්වා මන්දාරි
ජිවිතයේ හැම අයිතියම නුඹට තියෙද්දී
මා නුඹට තවකෙකුගෙ විය…
ජීවිතේ ලැබූ ලොකුම හිමිවීම
අහිමිවීමක් කර නුඹ විඳවන්නේය…
නුඹ නුඹටම ඊරිසියා කර
ඒ ඊරිසියාවේ උපතට නුඹ ආදරය කරන්නේය…
ඉතිං මම නුඹේ බව නොදැන
නුඹ අන්සතු වී හිඳින්නේය..
මන්දාරා…
අත් (අසෙනි වර්ෂා)
“සමාව දීලා හැම දෙයක්ම හරි
ලේසියට අමතක කරන්න මම
දෙවියෙක් නෙමෙයි. මම
මනුස්සයෙක්. ඉතින් සාමාන්‍ය
මිනිස් ආවේග මටත්
තියෙනවා.ඒක පෙන්නන
විදිහෙන් ප්‍රතිචාර දක්වන
විදිහෙන් මම වෙනස්
වෙන්න ඇති. ඒත් ඒකෙන්
අදහස් වෙන්නෑ මට
මගෙම කියලා හැඟීම් නෑ
කියන එක. ඔව්.. මම පළිගත්තා…