Product Tag: Sandamadhavee Publishers

Sandamadhavee Publishers

Showing all 2 results

Show:

මනෝහාරි

Highlights:

ගැහැණු හිතක පතුලකට එබෙන්නට,
ඒ හිත් පතුල හෙමි හෙමින් පිරිමදිමින්
සනසවන්න හැම පිරිමියෙක්ටම බැහැ.
ගැහැණු රුව ළඟ ඇහැරෙන්න
පිරිමින්ට ලේසියි. ඒත් ගැහැනු හිත් ළඟ
ඇහැරෙන්න හැම පිරිමියෙක්ටම බැහැ.
ගැහැනු හිත් ළඟ ඇහැරෙන පිරිමි හරි
සුන්දරයි. ඒ ඇහැරීම කලාවක්.
පිරිමි හිත් අස්සේ සැඟවගත්තු සුන්දර
කලාවක්. එය නිවී ගිය නිද්‍රාශීලි කලාවක්.
ඒ කාලව ඇහැරවාගන්න ඒ කලාවෙන්
ඕනෑම දඩබ්බර දරදඬු නාහෙට නාහන
පිරිමි හිතක සියුමැලි මෘදු බව
අහුලාගන්න පුළුවන්නෙත් එවන් සුන්දර
ගැහැනුන්ටමයි. දෙනෙත් මනහර
වර්ණකුලසූරිය, ඔහු ඇයගේ එකම එක
බැල්මකට, එකම එක ස්පර්ශයකට,
එකම එක සුසුමකට ඇබ්බැහි වෙච්ච
පිරිමියෙක්. ඉතින්, එහෙම පිරිමින්ව
ගැහැනු හිත් මහ හයියෙන් අල්ලාගෙන
ඉන්නේ තමන්ගේ ආත්මයෙන්මයි.

මට පෙර සිටි ඇය

Highlights:

අවශ්‍යතාවයක් සපුරාලීමට මා හා නීත්‍යනුකූල බැඳීමක් ඇති
කරගත්ත ඔහුගෙන් ආදරය හා අවධානය බලාපොරොත්තු වීම
කෙතරම් සාධාරණද? මම කල්පනා කළෙමි. ඔහුගේ හදවතේ
හැමදාටම වෙන ගැහැණියක් සිටින වග එහි ඇති බරපතළකම
පිළිබදව නිශ්චිතව කරුණු විශ්ලේෂණය නොකර මා ඔහු හා
විවාහ වීම පිළිබඳව මටම දොස් නගාගත්තෙමි ඉතින් ගැටළුව
ඇත්තේ ඔහු තුළ නොවේ. ගැටළුව ඇත්තේ මා තුළයි.
මගේ බලාපොරොත්තු තුළයි. ඉමේෂ් කියන වර්ගයේ බැඳීමක්
පිළිබඳව මම දැන නොසිටියෙමි. ආදරය මත නොව නීත්‍යානුකූල
හිමිකරිත්වය සමග පැමිණෙන යුතුකම් හා වගකීම්වලට සීමාවෙච්ච
බැඳීමක් පවත්වා ගන්නෙ කෙසේද කියා මම දැන නොසිටියෙමි.
මම ඔහු හා ආදරයෙන් බැඳෙන්න උත්සාහ කරමින් සිටියෙමි.
මට ඔහුව සම්පූර්ණයෙන් මගේ කරගන්න අවශ්‍ය වුණි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping