අස්ථි නගරය – City of Bones
පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේ පැන්ඩෙමෝනියම් සමාජශාලාව කරා පිටත් වන්නේ, මිනීමැරුමක ඇසින් දුටු සාක්ෂිකාරියක වීමේ අපේක්ෂාවෙන් නොවේ. එය ද අමුතු පව්වා සලකුණු වලින් සිරුර වසාගත් ගැටවරයෝ තිදෙනෙක් සිදුකරන ඝාතනයක් වූ විට.!
පෘථිවියට ඇතුළු වන යක්ෂයින්ව පළවා හැරීමටත්, ඉබාගාතේ යන නරවෘකයින්ව සහ වැමිපයරයන්ව පාලනය කිරීමටත් සිය දිවි කැප කර සිටින සෙවණැලි දඩයක්කරුවන්ව ක්ලැරීට පළමු වරට මුණගැසෙන්නේ එසේය. එමෙන්ම රන්වන් පැහැ කෙස්වැටියක් හිමි, කඩවසමි ජේස්ව ඇය මුලින්ම දකින්නේද එදා ය. ඉන් විසිහතර පැයක් ඉක්ම යන්නටත් මත්තෙන් ක්ලැරීර්ගේ අම්මා අතුරුදන් වන අතර, ක්ලැරීට යක්ෂ ප්‍රහාරයක් එල්ල වන්නේ ඇයවද ඒ සෙවණැලි ලෝකය තුළට ඇද දමමිනි.
එහෙත්, ක්ලැරී වැනි සාමාන්‍ය මනුෂ්‍ය යුවතියක් යක්ෂයින්ගේ අවධානයට ලක් වූයේ කෙසේද?ඇරත්, ඇයට එක්වරම දෘෂ්ටිය හිමි වූයේ කෙසේද?මේවාට පිළිතුරු දැනගන්නට අවැසි වන්නේ සෙවණැලි දඩයක්කරුවන්ටය.
පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය
අර්ධ-සිංහ, අර්ධ-මිනිස් රාක්ෂයන් සමග සටන් කරන්නට ඔයාට
හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති.
ඒත් ඔයා ග්‍රීක දෙවියෙකුගේ පුතෙක් නම්, ඒ වගේ දේවල් සිද්ධ
වෙනවා. ඒ මදිවට දැන් මගේ යාළුවා ඇනබෙත් අතුරුදහන් වෙලා,
දෙවඟනක්ව දම්වැල් දමා හිර කරලා, ඒ වගේම ලෝක විනාශය උදා
කරන රාක්ෂයාව විනාශ කරන ගවේශනයට යන්න ඉඩ ලැබෙන්නේ
අර්ධ-ලෝහිතයො පස් දෙනෙකුට විතරයි.
ඕහ්… ඒ වගේම දන්නව ද වැඩක්. අපි හැමෝටම පණපිටින් ආපහු
එන්න ලැබෙන්නේ නැති බව ඔරැකල් කලින්ම දැකලා තිබුණා…
ඇත්තටම මහා අනාවැකියේ කියවෙන ලෝකය විනාශ කිරීමේ හෝ
බේරා ගැනීමේ තීරණය ගන්න අර්ධ-ලෝහිතයා මම ද… නැත්නම්
තාලියා ද… එහෙමත් නැත්නම්..
පර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන
අවංකවම කියනවා නම්, තවත් ඉස්කොලයක්
පුපුරවා දාන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ.
ග්‍රීක දෙවියෙකුගේ පුතා හැටියට, මම මරණාසන්න
උපද්‍රවවලට ඇති තරම් මූණ දීලා තිබුණා. ඒවා මදිවට
වගේ දැන් මගේ පරම හතුරා ලුක්ට පෞරාණික
වංකගිරියක් හරහා ඇවිත් අපේ කඳවුර ආක්‍රමණය
කරන්න ඕනෑ වෙලා.
එයා සාර්ථක වුනොත්, ලේ පිපාසිත රාක්ෂයෝ දහස්
ගාණක් අපිට පහර දෙයි. ඉතින් වෙන මොනවා කරන්න
ද, අපි හතරදෙනෙක් ඉර එළියට සමු දීලා, බිහිසුණු
අන්ධකාරය තුළට පල්ලම් බහිනවා ඇරෙන්න…