Product Tag: THUNPANEN AMARIKAWATA

THUNPANEN AMARIKAWATA

Showing the single result

Show:

තුන්පනෙන් ඇමරිකාවට

Highlights:
“තුම්පනෙන් ඇමරිකාවට” බටහිර වර්ජිනියාහි භාවනා සමිතියේ නිර්මාතෘ පූජනීය ආචාර්ය හේනේපොළ ගුණරත්නාභිධාන ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවිත කතාවයි. මේ ස්වයං ලිඛිත චරිතාපදානය උන්වන්සේගේ සිය ජීවිතයේ පුරසාරම් කියමින් අත්තුක්කංසනයෙහි යෙදීමට යොදා ගන්නා ලද්දක් නොවේ. හුදෙක් කර්මයේ හැටි මෙයයි එළිදැක්වීම පිණිස ලියන ලද්දකි. ඒ බව පොතේ මුලත් අගත් සදහන් වෙයි. ඒ අනුව වසර හැත්තෑපහක ජීවිත කාලය තුළ තමන් කළ දේ, ලැබූ පලවිපාක, අත්දුටු දුක් දොම්නස්, වදවේදනා, තර්ජනගර්ජන, බියසන්ත්‍රාස, දිළිදු දුප්පත්කම් පැකිළීමෙන්, වසං කිරීමෙන් තොරව අනාවරණය කොට තිබේ. එමගින් උන්වහන්සේගේ නිරහංකාර නිහතමානි බවත් අභිප්‍රායත් මැනවින් ප්‍රකට වෙයි. බෝසත් සිරිතේ මිහිරි පැති මෙන්ම අමිහිරි පැතිත් නොසගවා ඉදිරිපත් කොට කර්මයේ ස්වරූපය දක්වා පශ්චිම ජනතාව තුළ පහන් සංවේගය දැනවීමේ අදහසින් ජාතක කතා නිර්මාණය කළ පෞරාණික බෞද්ධ ආචාර්‍යවරයන්ගේ මග ගනිමින් ආචාර්ය ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය ජීවිත කතාව ගෙනහැර දක්වා ඇති බව කිව යුතුය.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
25 Cart
Close

My Cart