Product Tag: Wasana Book Publication

Wasana Book Publication

Showing all 19 results

Show:

1 ශ්‍රේණිය පරිසරය වැඩපොත

Highlights:

1 ශ්‍රේණිය පරිසරය වැඩපොත

නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇති අතර සියලුම තේමා ආවරණය වන පරිදි අභ්‍යාස රැසක් ද සිසු මනසට ගෝචර වන පරිදි මෙහි ඇතුළත් කර ඇත.

2 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව 2 ශ්‍රේණියට අදාළ නිපුණතා පාදක කර මෙම සිංහල වැඩපොත රචනා කර ඇත්තේ 2 ශ්‍රේණිය මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකූල වන පරිදියි. 2 ශ්‍රේණිය තුළ දරුවකු මව්බස විෂයය තුළ ප්‍රගුණ කළ යුතු විෂය අන්තර්ගතය මේ පොත පරිශීලනය කිරීම තුළින් ඔබේ දරුවාට ලබා ගත හැකි ය. එක් එක් නිපුණතාවලට අදාළ සරල ක්‍රියාකාරකම්වල සිට සංකීර්ණ ක්‍රියාකාරකම් දක්වා මෙම පොතට ඇතුළත් කර තිබේ.

2 ශ්‍රේණිය දැලිස ගණිත කර්ම වේග වර්ධන වැඩපොත

Highlights:

2 වන ශ්‍රේණියේ දරුවනට, දැලිස වේග වර්ධන වැඩපොත මගින් බලාපොරොත්තු වන්නේ එකතු කිරීම (+) නම් මූලික ගණිත කර්මය විශිෂ්ට ලෙස හුරු කරවීමයි.

4 ශ්‍රේණිය පරිසරය වැඩපොත

Highlights:

4 ශ්‍රේණියේ දරුවකු පරිසර විෂය සඳහා ප්‍රගුණ කළ යුතු තේමා සියල්ල ම මෙම පොතට ඇතුළත් කර ඇත. සියලු ම තේමාවලට අදාල සරල ක්‍රියාකාරකම් හා අමතර අභ්‍යාස රැසක් ද මෙම පොත තුළ අන්තර්ගත කර ඇත. ළමා මනසට ගෝචර වන පරිදි ඉතාම සරලව මෙහි කරුණු ඉදිරිපත් කර ඇත.

3 ශ්‍රේණිය ගණිතය වැඩපොත

Highlights:

2018 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූල වන පරිදි 3 ශ්‍රේණියේ ගණිතය වැඩපොත සම්පාදනය කර ඇත. 3 ශ්‍රේණියේ දරුවකු විසින් ගණිත විෂයය තුළ ප්‍රගුණ කළ යුතු නිපුණතා රාශියක් ඇත. ඒ සියල්ල ආවරණය වන පරිදි ළමා මනසට ගෝචර වන ආකාරයට සරල අභ්‍යාස රැසකින් පෙළ පොතට හා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුගතව මෙහි ක්‍රියාකාරකම් ඉදිරිපත් කර ඇත.

5 ශ්‍රේණිය ගණිතය වැඩපොත

Highlights:

2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූල වන පරිදි 5 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුකූලව ගණිතය වැඩපොත සම්පාදනය කර ඇත.

4 ශ්‍රේණිය ගණිතය වැඩපොත

Highlights:

පොතෙහි අන්තර්ගතය

  1. සංඛ්‍යා – 1
  2. එකතු කිරීම – 1
  3. දිග මැනීම – 1
  4. අඩු කිරීම – 1
  5. සංඛ්‍යා රටා -1 …යනාදිය..

2 ශ්‍රේණිය සිංහල, ගණිතය සහ පරිසරය වැඩපොත

Highlights:

2017 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූල වන පරිදි 2 ශ්‍රේණියේ දරුවන් සඳහා සිංහල, ගණිතය හා පරිසරය යන විෂයයන් ඇතුළත් කර මෙම පොත සම්පාදනය කර ඇත.

4 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව මෙම වැඩපොත සකස් කර ඇත. 4 ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව මෙම පොත සම්පාදනය වී ඇත. එහි ඇති සියලු ම ක්‍රියාකාරකම් මෙයට ඇතුළත් ය.

4 ශ්‍රේණිය පරිසරය වැඩපොත

Highlights:

මෙම පරිසරය වැඩපොත 4 ශ්‍රේණිය නව විෂය නිර්දේශය සම්පූර්ණයෙන් මා ආවරණය කරන ලද්දකි. නිපුණතා පාදක ඉගෙනුම් ක්‍රමවේද ඉලක්කගත වන පරිදි මෙහි ක්‍රියාකාරකම් ඇතුළත් කර තිබේ.

1 ශ්‍රේණිය පරිසරය වැඩපොත

Highlights:

1 ශ්‍රේණියේ දරුවන්ගේ විෂය නිර්දේශය තුළ සම්පූර්ණ කළ යුතු පරිසර තේමා 16 ම මෙහි ආවරණය කොට ඉදිරිපත් කර ඇත.

4 ශ්‍රේණිය ගණිතය වැඩපොත

Highlights:

2019 වසරේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව වන පරිදි 4 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අනුකූලව ගණිතය වැඩපොත සම්පාදනය කර ඇත. 4 ශ්‍රේණියේ දරුවකු විසින් ගණිතය විෂයය තුළ ප්‍රගුණ කළ යුතු නිපුණතා රැසක් ඇත. ඒවා සියල්ල ආවරණය වන ලෙස ළමා මනසට ගෝචර වන පරිදි පෙළ පොතට සමගාමීව සරල අභ්‍යාස රැසක් සමගින් ගුරු මාර්ගෝපදේශ සංග්‍රයට අනුගතව මෙම පොතෙහි ක්‍රියාකාරකම් ඉදිරිපත් කර ඇත.

5 ශ්‍රේණිය ඡේද හා පද්‍ය ක්‍රියාකාරකම් වැඩපොත

Highlights:

ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව 5 ශ්‍රේණියේ දරුවන්ට අදාළ වන ඡේද කොටස් මෙහි ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒවා කපා වෙන් කර ගෙන අභ්‍යාස පොතෙහි අලවා ගෙන ඡේද ඇසුරින් පිළිතුරු ලිවීමට පහසු ආකාරයට සකස් කර ඇත.

සිඟිති මගේ පොත 2

Highlights:

පෙර පාසල් දරුවන් වෙනුවෙන්ම කාණ්ඩ දෙකකට සකස් කර ඇති “සිඟිති මගේ පොත 1 හා 2 නැමැති මේ වැඩපොත් දෙක ළමුන්ගේ නිර්මාණාත්මක සංකල්ප හා ගණිතමය සංකල්ප වර්ධනය කිරීමට ඉවහල් වේ.

ඒ අනුව අසර, අවිචලතාවය, මිනුම් සම්බන්ධතාවය, සමමිතිය, එකට එක අනුරූපතාවය, පටිපාටිගත කිරීම, ප්‍රමාණය, සංඛ්‍යා අවබෝධය, නිර්මාණාත්මක ක්‍රියා යන සංකල්පයන් වර්ධනය විය යුතුයි.

මෙම සිඟිති මගේ පොත -2 පරිශීලනය කිරීම තුළින් ඉහත සඳහන් සංකල්ප දරුවාට වර්ධනය කරගත හැක. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් රැසක් මෙහි ඇතුළත් කර ඇත.

02 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

සවන් දීම, කථනය, කියවීම, ලිවීම යනුවෙන් සිවු වැදෑරුම් වූ මව්බස විෂයය දරුවාට සම්ප්‍රේෂණය කිරීමේ දී නොයෙක් ආකාරයේ රටාවන්ට සංවිධානය කළ අභ්‍යාස රාශියක් මෙහි ඇතුළත් ය.

6- ශ්‍රේණිය නර්තනය

Highlights:

හයවන ශේණියෙහි නර්තන විෂයය හදාරන සිසුන් සඳහා රචනා කර ඇති මෙම ග්‍රන්ථය සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට ද එක සේ වැඩදායක වන බව නිසැකය.

3 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:
3 ශ්‍රේණිය සිංහල විෂයට අදාළ මෙම වැඩපොත නිකුත් වන්නේ එම ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශය මනාව අධ්‍ය‍යනය කිරීමෙන් අනතුරුව ය. පාසල් පද්ධතිය තුළ දරුවා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ දී දක්වන පෙරගාමී තත්ත්වයත්, පසුගාම් තත්ත්වයත් අවබෝධ කර ගනිමින් මෙම වැඩපොතේ ක්‍රියාකාරකම් සැලසුම් කර තිබේ. මෙම වැඩපොත තුළ ඇති ක්‍රියාකාරකම්වල දරුවා මනා ලෙස නිරත කරවා ඒවායේ අඩුපාඩු නිවැරදි කිරීම තුළින් දරුවා නිසි පරිදි සංවර්ධනය කර ගත හැකිය. ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ ක්‍රියාකාරකම් සියල්ල ම ඇතුළත් කළ මේ වැඩපොත ඔබේ දරුවාගේ 3 ශ්‍රේණියට අදාළ සිංහල නිපුණතා සංවර්ධනය කරනු නොඅනුමානය.

 

4 ශ්‍රේණිය දැනුම් සයුර වැඩපොත

Highlights:
සිංහල, ගණිතය, පරිසරය, දෙමළ, ඉංග්‍රීසි යන සියලුම විෂයයන් ආවරණය වන ලෙස මෙම පොත නිකුත් කර තිබේ. දරුවා 4 ශ්‍රේණිය දැනුම් සයුර පොත පෙරළා බලමින් තමන් වැඩපොත තුළ ලියූ පිළිතුරු නිවැරදි දැයි විමසා බැලීම මෙහි අරමුණයි. එබැවින් මෙම පොතට පිළිතුරු එකතු කර නැත. එහි දී දරුවා ගවේෂණය තුළින් ඉගෙනීමට පොලඹවාලීම මූලික අරමුණයි.
මෙම වැඩපොත අවසානයේ දරුවා ලබා ගත් දැනුම අවලෝකනය කිරීම සදහා ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ද ඇතුළත් ය. එම ප්‍රශ්න පත්‍රය සදහා ලබා දී ඇති පිළිතුරු පත්‍රය භාවිතයෙන් දරුවා ලබා ගන්නා ලකුණු ප්‍රමාණය තක්සේරු කිරීමට ඔබට හැකියාව ලැබේ.

 

3 ශ්‍රේණිය පරිසරය වැඩපොත

Highlights:
2018 නව විෂය නිර්දේශය වෙනුවෙන් පරිසර තේමා 16 ක් යටතේ සම්පාදිත මෙම වැඩපොත දරුවන්ගේ ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියට මනා පිටුබලයක් ලබා දෙන ලෙසින් සම්පාදිත ය. එක් එක් තේමාව අවසානයේ දී දරුවා උගත යුතු ක්‍රියාකාරකම් පාදක වාචික ඉංශ්‍රීසි වචන ද මෙහි අන්තර්ගත ය. සිසුන්ට සමීප භෞතික, ජෛව, සමාජ පරිසරය කෙරෙහි අවධානය යොමු කර මෙම සියලු ම ක්‍රියාකාරකම් සකස් කොට තිබේ.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping