Authors | |
---|---|
Cover | Soft Cover |
Language | Sinhala |
Pages | 88 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
බෞද්ධ ගෙදරට ආරක්ෂාවට බොදු පිළිවෙත් සහ පිරිත් දේශනා
රු160.00
Price Summary
- රු160.00
- රු160.00
- රු160.00
බෝධි පුජාවක්, සත්බුදු පුජාවක් පවත්වා ගැනීමට අවශ්‍ය ගාථා සහ කවි අත්‍යවශ්‍ය පිරිත් දේශනා, අපල විපත් අඩු කර ගැනීමට – ලෙඩ රෝග සුවකර ගැනීමට සසර වූ වැරදි වලට සමාව ගන්නා අන්දම, රෝග සුව කර ගැනීමට අවශ්‍ය භාවනාවක්, අහිංසාවාදි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය උපදේශන සහ බණ කථා ආදි විවිධ ධර්මෝපදේශ රැසක් මෙවර දහම් පොතට ඇතුළත් කර ඇත.
Notify me when item is back in stock.
Be the first to review “බෞද්ධ ගෙදරට ආරක්ෂාවට බොදු පිළිවෙත් සහ පිරිත් දේශනා” Cancel reply
Related Products
දුක් බිය නැති ජීවිතය
ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
බෝධිපාක්ශික ධර්ම විස්තරය
“ මේ බුද්ධ ජයන්ති කාලයේ ධර්මය සෙවීමට නිවන් සෙවීමට නැමුණු සිත් ඇත්තියවුන්ගේ සංඛාව තරමක් ඉහල නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධි පාක්ෂික ධර්ම පිලිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කරගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. ”
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
පේතවස්තු වර්ණනාව
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
Jesus Lived In India
His unknown life before and after the crucifixion. Why has christianity chosen to ignore its connections with the religions of the east, and to dismiss repeatedly the numerous claims that jesus spent a large part of his life in india? This compelling book presents irrefutable evidence that jesus did indeed live in india, dying there in old age.
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
Recently Viewed
සිරකාරිය
මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුදු කුමන්ත්‍රණ අත්විදීමට වන රොසෙටා හට කෝන්වෝල්හි ප්රතාපවත් සහ ගුප්ත නිවහනක ජීවත් වීමටත් සිදු වේ. ඒ සෑම අවස්ථාවකම, තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකුගේ දිවිය සමඟ බැඳී ඇති බව ඇය සොයා ගනියි.
ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප්‍රායෝගික සහ සර්ව දෝෂදර්ශී පුද්ගලයෙකි. ගුප්ත පුද්ගලයෙක් වන ජෝන් ප්ලේයර් අබිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි. අහඹු ලෙසින් ඔවුන් දෙදෙනා ගම්බද ප්‍ර දේශයේ අසල්වැසියෝය. ආබාධිත ලූකස් බැලීමට යන අතරවාරයේ රොසෙටා හට සත්‍යය හෙළි කිරීමට අවස්ථාවක් ලැබෙයි.
ඇය මෙසේ තමන්ටම පවරා ගත් මෙහෙයුම ඔවුන් මෙතරම් කලක් එකට මුහුණ දුන් ඔීනෑම විස්මයාකාර වික්‍රමයක් සේම භයානකය.
උං ගියාදෙං
ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද
නොපෙනී යන තුරා ජස්ටින් බාලා සිටියේය. ඒ අතර
හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුනේ යන්තමින්
සසල විය. එය දුර ඈත හුමිටිකන්ද මුදුනේ
සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරි නැත.
එහෙත් සසල වු ගොරොක් ගස් මුදුන මොහොතකින්
නිසල විය.
විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වු එකම ප්‍රාණියා ද පොළොව
යටය.කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලු ජස්ටින් උදැල්ල
ගැනීමට පහත් විය.
කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට
තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය.
මස්..ලේ..තෙත.. කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල්
ශේෂව ඇති, වියළි පත්‍රය නො පාගාම ඔහු අඩිය තැබුවේය.
පන්සිය පනස් ජාතකය (ජවහංස – උදකරක්ඛස)
ගුණසේන සමාගම මගින් තනි වෙළුමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පන්සිය පනස් ජාතික පොත කොටස් 10 කට බෙදා කාණ්ඩ වශයෙන් සම්පාදනය කරන ලද කෘති මාලාවෙන් එකකි.
Space Adventure (Brown Watson)
Join Jamie and Penelope as they fly through space on a special mission! Will they save Planet Smiley from the strange creature that has landed?
අඹ යහළුවෝ
ට්.බ්.ඉලංගරත්න සූරින්ගේ නවකතා සමුහය අතරින් අඹ යහළුවො ලබාගෙන අත්තේ සුවශේෂ ස්තනයකි.කන්ද උඩරට පිටිසරබද සුන්දර ගම්මානයකදී අඹ යහළුවො එකිනෙකා හමුවෙති. ඒ සුනිල් හා නිමල්ය. දුප්පත් – පොහොසත් පවුල් දෙකක ඉපෙදුණු මේ දෙදරුවන් කේන්ද්‍ර කොට ගෙන මෙම කතාව ගලා යයි. පාසල් වියෙහි පසු වන ඔහුන්ගේ අශාවන්, දගකාරකම් හා කෙළි කවට සිනහවෙන් එය පිරි ඇත.පවුල් පසුබ්ම මගින් වෙනස් වුවද දරුවන් ගේ සිත් කදුකරයේ ගලා යන සිහිල් දිය කදුරක් වැන්න.එය නොකිලිටිය. බොහො දෙනාගේ ප්රයොඡනය පිණිස පවති. උඩරට ගැමි ඡිවිතය හා විශ්වාසය පිළිබදව ද කියැවෙන මෙහි බස සරල ය. සන්වාද පිරිපුන් ය.
ප්‍රියා සමඟ ඉරිදාවක්
ඇය ජෑම් ගස් සෙවණේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වලාකුළුවලින් බර අහසේ වැහි බීදු සෙව්වාය
මෙලින් මැදුරේ පාලිකාව
තමන්ටම කියා ජීවන මාර්ගයක් නැති කුලකාන්තාවකට විවාහයක් කර ගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත් ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරීකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩ්ලේඩ් නන්දා මාර්තා ලී ට කීවාය. ඒ අනුව ඇය කෝන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලා ගැනීමට ය. මව අන් පුරුෂයකු සමඟ පැන යන්නට උත්සාහ කරද්දී මහා දුම්රීය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප්‍රසිද්ධව තිබුණ ද එසේ මිය ගීයේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත.
Percy Jackson and the Lightning Thief
The lightning thief is a 2005 american-fantasy-adventure novel based on greek mythology, the first young adult novel written by rick riordan in the percy jackson & the olympians series. It won the adult library services association best books for young adults, among other awards.
රොබින්සන් කෲසෝ
ඉංග්‍රීසි ජාතික ඩැනියෙල් ඩෙෆෝ විසින් ලියන ලද රොබින්සන් කෲසෝ නවකතාව වසර 28ක කාලයක් පාලු දූපතක තනිව ගත කළ මිනිසකු වටා ගෙතී තිබේ. මුහුද මැද දී අනතුරට ලක් වන නෞකාවෙන් ජීවිතය ගළවා ගන්නේ ඔහු පමණි. සයුරෙහි පිහිනා ඔහු පැමිණෙන්නේ මේ දූපතටය. ඔහුට තනියට සිටින්නේ අහම්බෙන් හමුවන බල්ලකු පමණි. එක් අවස්ථාවකදි ඔහු මිනී කන්නන්ගේ ප්‍රහාරයකට ද ලක් වෙයි. මෙය සත්‍ය කතාවක් යැයි බොහෝ පාඨකයන් සිතුවත් එය එසේ නොවන බව පැවසේ. කෙසේ නමුත් මේ කතාව සඳහා පාදක වී ඇත්තේ අනතුරකට පත් වූ නෞකාවකින් දිවි බේරාගෙන වසර හතරක් දූපතක තනිවී සිටි ස්කොට් ජාතිකයකු වූ ඇලෙක්සැන්ඩර් සෙල්ක්ර්ක්ගේ කතාව බව ඇතැම්හු පවසති. මුලින්ම 1719 වසරේ ප්‍රකාශයට පත් වූ මේ නවකතාව අදටත් ලෝක සාහිත්‍යය තුළ කැපී පෙනෙන ස්ථානයක වැජඹේ.
BUY EBOOK VERSIONඉංගිලිසියට ලෙහෙහි ම මග
මෙම පොත හදාළ පසු ඉංගිලිසි ශීක්ෂකය වැඩි මහංසියක් නැති ව උගත හැකිය.එයට පසු ඉංගිලිසි ව්‍යාකරණ සිංහලෙන් නම් පොත හොඳට හදාරා ඉංගිලිසි ශබ්දකොෂයෙක උදව්ව ඇතිව නොගැඹුරු ඉංගිලිසි කථා පොත් කීපයක් කියවා එයට පසු චාල්ස් ඩිකන්ස් ආදි ගත් කතුවරයන්ගේ පොත් කියැවීමෙන් ඉංගිලිසියේ ප්‍රවීණයකු විය හැකිය.
Puffin Classics Anne Of Green Gables
The Cuthberts are in for a shock. They are expecting an orphan boy to help with the work at Green Gables – but a skinny red-haired girl turns up instead. Highly spirited Anne Shirley charms her way into the Cuthberts’ affection with her vivid imagination and constant chatter, and soon it’s impossible to imagine life without her. A favourite classic with cover and introduction by the inimitable Lauren Child, award-winning creator of Clarice Bean and the hugely popular Charlie and Lola series.
පරණ තොප්පිය
ළමා කතා බොහෝ ගණනක් ලියා ඇති පියල් උදය සමරවීර මහතා විසින් රචිත මෙය 2011 වසරේ දී හොඳම ළමා කෘතියට හිමි රාජ්‍ය සම්මානය ද දිනා ගන්නට සමත් විය. පරණ තොප්පියක් සහ මී යයළුවන් දෙදෙනෙකු වටා කතාව ගෙතී තිබේ. කතාව අවසානයේ දරුවන්ට කළ හැකි සරල ක්‍රියාකාරකමක් ද අන්තර්ගත ය.
BUY EBOOK VERSIONRead it yourself with Ladybird Level 4 : The Pied Piper of Hamelin
The Pied Piper of Hamelin is a Level 4 Read it yourself title, ideal for children who are ready to read longer stories with a wider vocabulary and are keen to read independently.
ද්විත්ව අවමගුල
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගුවෙන් මිදී පලායයි. පොලිස් නිලධාරියකු ලෙස වෙස්මාරුකරගෙන සිටින ඔහුට චිත්‍රපට තිර කතා රචකයකු වෙන ෆෙරී වෙස්ටන් මුණගැසී ෆෙරීගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැුගෙන යාමට පොළඹවා ගනී. එහි ගිය පසුව, වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජීවිතය ගැනත් පුද්ගලයන් හය දෙනකු මරා දැමූ ආකාරය ගැනත් සියලූ කරුණු හෙළි කරයි. පොලීසියට ඇතිවූ සැකයක් මත ෆෙරීගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි. ඒ අතර වෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිඳ එම නිවාඩු නිවස්නය සොයා පැමිණෙයි. කතාව නව දිසාවකට යොමුවෙන්නේ එතැනිනි. අලූතින් ජීවිතය පටන් ගැනීම සඳහා ලෝගන්ට මුදල් අවශ්‍ය වෙයි. ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කළ ආකාරයටම ඉටුවෙන්නේ ද යන්න සහ වෙස්ටන්ට සහ ලෝගන්ට ද්විත්ව අවමංගල්‍යයක හවුල්කරුවන් වීමට සිදුවෙන්නේ ද යන්න ගැන මොහොතින් මොහොත ත්‍රාසය හා කුතුහලය ජනිත වෙන ආකාරයට මෙය ඉදිරිපත් කර ඇත.
There are no reviews yet.