Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-551-688-4 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
![10088988](https://mdgunasena.com/wp-content/uploads/2023/03/10088988.jpg)
![10088988](https://mdgunasena.com/wp-content/uploads/2023/03/10088988.jpg)
මහ බැද්දේ සුදු වැද්දා
රු500.00
Price Summary
- රු500.00
- රු500.00
- රු500.00
පාඨකයාගේ සිත තුළ
සන්ත්රාසය, කුතුහලය මෙන්ම
සතුට හා ශෝකය ද දනවන
අපූරු සිදුවීම් රැසකින් පිරුණු
මෙම රසබර වෘතාන්තයේ වනසතුන්
හා වැද්දන් ගැන එන විස්තර
අතිශයින්ම චමත්කාරජනකය
වනාන්තරයේ ගහ කොළවල
අතුපතර සෙලවෙන රිද්මය
පමණක් නොව සතා සිව්පාවුන්ගේ
හඬ පවා මෙහි පිටු ආතරින්
අප දෙසවනට ඇසේ.
ශ්රී ලංකාවේ වනගත ජිවීතය හා
ඒ හා බැඳුණු අපූරු චරිත කීපයක්
ඉතාමත් ළගන්නා සුළු අයුරින්
ප්රතිනිර්මාණය වී ඇති
“මහ බැද්දේ සුදු වැද්දා” නම් වූ
යොවුන් නවකතාව පාඨකයාව අමුතුම
චමත්කාරජනක ලොවකට
කැන්දාගෙන යයි.
Notify me when item is back in stock.
Be the first to review “මහ බැද්දේ සුදු වැද්දා” Cancel reply
Related Products
ඇත්දළ දරුවා
ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්රිකයින් අතර ඇති වන ආගමික සංග්රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.
ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්රාමයට මැදි වෙති.
මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.
රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
ගිම්හානයේ පොරොන්දුව
මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.
රස්පුටින් ඝාතනය
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය
දොර දොර කළුවර
|
අන්තිම දුම්රිය
|
ඒක රහසක්
ඔව් ඒක තාත්තලාගෙයී බබාලාගෙයී රහසක්…ඒක කාටවත් කියන්න බෑ…වයස අවුරුදු හතරක් වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය.
උමං සොහොන
මිනී වලවලවලින් මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන ගුප්ත සුර හදන අස්ථි සිත්තරු ගැන ජෝර්ඩානුයී අබීයී එක්ක නිවාඩුවකට නිවි ඔර්ලින්ස් නගරයට ගියාට පස්සෙයී.
රාග ගිනි
|
ඝෝර යාත්රා
|
හන්ටිං පාටි
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
වානේ පන්නරය ලැබු හැටි 2
“මල්ලි, මේ ක්රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්රමයත්,බියගුලු ක්රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!”
There are no reviews yet.